හැම කොල්ලෙක්ම කියවන්නම ඕන කතාවක්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මගේ බිරිඳ නිත්‍යා මහපාරේ නිරුවතින් ඇවිද ගියාය.

    ඒ පසුගිය පෙබරවාරියේ සීතල උදෑසනකය.මගේ රැකියා ස්ථානයේ මිතුරන් කිහිපදෙනෙකු එකම මේසයකට රැස්ව එක් දුරකතනයකට මුහුණු ඔබාගෙන කුමක් දෝ නරඹමින් සිටි අතර මම ද එතැනට ගොස් ඉහලින් එබී බැලුවෙමි.

    පැහැදිලි දුරකථන තිරය මත අපගේ නගරයේම සුපිරි වෙළඳ සැලක් ඉදිරිපිට මාර්ගයක නිරුවතින් ඇවිද යමින් සිටියාවූද අඩිය තබන තාලයටඅනුව ගැසෙන තට්ටම් හා ඉහළට කර බඳින ලද බොකුටු කොණ්ඩයක් සහිත වූඅ කාන්තාව මගේ දෑසටද හසුවිය.ක්‍රමයෙන් වීඩීයෝව ඉදිරියටධාවනය වන විට මා දුටුවේ ඒ මගේ බිරිඳ බවය. එය සජීවී වීඩියෝවකි.

    මම වහා බැංකුවෙන් එලියට පැන්නෙමි.අදාළ සුපිරි වෙළඳසැල තෙක් දිව්වෙම්.එහෙත් ඈ එතැන නොවීය.මොහොතක් දෙකක් හිසකෙස් අවුස්සාගැනීමටත් මුහුණ තෙරපවා ගැනීමටත්

    ගත කළ පසු සුපිරි වෙළඳසැලෙහි ආරක්ෂක නිලධාරියා වෙත ගොස් "දැං අර මෙතනින් ගිය ගෑනු කෙනා කොහෙදට ගියේ?" යැයි ඇසුවෙමි.

    "මොන ගෑනිද සර්.මෙතනින් දගිය ගෑණුන්ගෙන් මට මතක අර හෙලුවෙන් ගිය ගෑණි විතරයි"

    ආරක්ෂක නිලධාරියා විසින් සඟවා ගත් වලත්ත සිනාව දෑසට නැතත් මගේ මනසට හසුවූ නමුදු එවේලෙහි කෝප වීම මෝඩකමක් බවවටහාගන්නට තරම් මගේ සිහිබුද්ධිය යහපත් තත්ත්වයක තිබුණෙන් මම සන්සුන්ව කතා කළෙම්.

    "ඔව්.එයා තමයි"

    ආරක්ෂක නිලධාරියා කුහුලින් පිරි බැල්මක් හෙලුවේය.

    "ඒ මගේ වයිෆ්"

    "ඕහ්.මහත්තයා.මේ ඒ ගෑනි ..නෝනා අර ඉස්සරහා ෆ්ලෝරා එකේ මිස් ඇතුලට ගත්තා මං දැක්කා"

    මම මල් අලෙවිසැල වෙත දිව්වෙමි.එහෙත් එය වසා දමා තිබිණි. වීදුරු දොර ඇතුළතින් අගුළු දමා තිබූ අතර "වසා ඇත " යනුවෙන් ලියාතිබූපුවරුව සාමකාමී අයුරින් එල්ලී තිබිණි.

    කුමක් කරන්නේදැයි සිතමින් ආපසු හැරී බැලූවිට මල් අලෙවි සැල ඉදිරිපිට නානාවිධ වයස් වූ නානාවිධ මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් තාවර වෙමින් සිටින බව දුටුවෙමි. එසේනම් ඈ නිසැකවම මේ තුළ සිටින්නීය,යන්න සිතින් තහවුරු කරගත් මම ෆ්ලෝරාවේ වීදුරු දොරට තට්ටු කරන්නටවූයෙමි. මගේ නොනවතින හා ක්‍රමයෙන් දැඩි වන තට්ටුවේ ශබ්දයට ඉදිරියට ආ කෙල්ලක ඇතුලතින් අගුලු දමා තිබූ වීදුරු දොර ඇරියාය.

    "දොර කඩන්නද හදන්නෙ?මොකද්ද වෙන්න ඕන"

    "මගේ..වයිෆ්..එයා ඇතුලෙ ඉන්නවද..දැන් ඇවිදගෙන ආවෙ.දැන්"

    මඳක් කල්පනා කළ කෙල්ල වහා දොර වැසුවාය.වසා ඇති වීදුරු දොරෙන් ඇතුලේ සිටි ඇය දොරෙන් එළියේ සිටි මගේ ඡායාරූපයක් ගත්තාය.ඒඇයගේ දුරකථනයෙනි.එලියෙහි සිටින මිනිසුන් දෙස මඳ වේලාවක් බලා සිටි ඈ ඇතුළට ගියාය.මම නැවත වරක් දොරට තට්ටු කරන්නට වූයෙමි. ඇතැම් විට එය තට්ටු කිරීමක් නොව තඩි බෑමක් වූවා වන්නට ඇත. ඇතුළත සිට තවත් කෙල්ලක එලියට ආවාය.

    දොර ඇරිණි.ඈ ෆ්ලෝරාවේ හිමිකාරිය බව වටහාගැන්මට ඇයගේ ශරීර භාෂාව ප්‍රමාණවත් විය.
    එකී තරුණ කාන්තාව " කරුණාකරලා එයාට බනින්න එපා" කියමින් මට ඇතුලට යෑමට ඉඩ හැරියාය.ඇතුළතට යෑමට තිබූ උනන්දුව එකවරහීන වී ගියා බඳු තත්වයකට මුහුණ දුන් මම මද වේලාවක් එතැනම සිටගෙන සිටියෙමි. දැන් මා විසින් නිත්‍යා වෙත දැක්විය යුතු ප්‍රතිචාරයකුමක්දැයි සිතා ගැනීමට මා විසින් එම කාලය ගත්තාදැයි මා දන්නේ නැත. මල් පිරවූ භාජන සහිත කොටස පසු කර ඇතුළතට ගිය විට ඇතුළත වූ විවෘත කුඩා කලාපයක මේසයක් පුටුවක් හා දිග හැරීමටත් අවශ්‍ය නම්අකුලා තබන්නටත් හැකි වර්ගයේ ඇඳකුත් වූ අතර එම ඇඳ මත ඈ හිඳ සිටියාය.ඇයගේ හිස පමණක් පෙනෙන්නට තිබූ අතර දෙපා පවා වැසෙනපරිදි රෙද්දක් පොරවාගෙන සිටියාය. ඇය සිටියේ ඒ නන්නාඳුනන කුඩා ඇඳ මත ගුලිවී හිඳගෙනය.ඒ ගුලිය ඔතා තිබූ රෙද්ද දොර රෙද්දක් බවත්ඇයගේ එක් ඇසකින් අපිළිවෙලට පහළට රූරා තිබුණේ කලු පැහැ ඇස් ආලේපන බවත් දුටුවෙමි. ඇය නිරුවතින් මහ මඟට බැසීමට පෙරඇයගේ මුහුණ සරළ හා පිළිවෙල අයුරින් වත්සුණු තවරා තිබෙන්නට ඇති බව වටහා ගැනීමට එය ප්‍රමාණවත් විය.

    ඒ,වසර හතරක් පුරාවට මා ආදරය කළ මා හා උද්‍යානයන්හී පෙම්වත්වූද මහා මාර්ගයන්හී වමතෙහි එල්ලී ඇවිද ගියාවූද යහනකත නුරා පිරවූවාවූද යුවතියමය. ඒ මිල අධික හා අධ්ක කාලයක් පවත්වා ගතහැකි විලවුන්ද වත්සුණුද සෙවුවා වූද නොයෙකුත් විලාසිතාවන්ගෙන් යුත් ඇඳුම්දආභරණද සොයා ගොස් මිලදී ගැනීමට වරු ගණන් ගත කළ ගැහැනියමය.
    ඕනෑම මොහොතක තම රුව ඇස ගැටෙන ඕනෑම මිනිසෙකුට ප්‍රියමනාප විය යුතු යැයි කියූ ගැහැනියයි.මාහා විවාහ වී තෙවරසක් තෙක්සමාදානයෙන්ද සතුටින්ද මා හා ජීවත් වූ ගැහැනියයි.

    ඇයට කුමනාකාර අතවරයක් කරදරයක් සිදුව තිබුණද ඈ මගේ බිරිඳම මිස අන් යමෙකු නොවේ.කෙසේ වතුදු ඇයගේ මෙම තත්වයට හේතු වූතැනැත්තන් සොයා ඉරා දැමීමට මටම සපථ කළෙමි.

    දෙවසරක් පූර්ණ අපගේ කුඩා දියනිය මගේ සහෝදරියකගේ නිවසේ තබා නගරයට එන බවක් උදෑසන කියූ බවක් මතකයේ ඇතත් ඒ කුමක්උදෙසාදැයි මට මතක තිබුණේ නැත.
    වසර තුනකට පෙර මාගේ විවාහය නිත්‍යා සමඟ සිදුවන ව විට අපි අපගේ ජීවිතය නිවැරදිව සැලසුම් කර තිබුණෙමු.
    අපට අප උදෙසා ඉදිකළ නිවසක්ද මිලදී ගත් ණය වාරික රහිත වාහනයක්ද විය. අප දෙදෙනා සියල්ල ලද්දෝ වූයෙමු.
    අපගේ විවාහයෙන් දෙමසකට පසු මහේ අම්මා නාන කාමරයේ ලිස්සා වැටි ඔත්පොළ වූයෙන් හා මහ ගෙදර රැඳී සිටි ලොකු අයියා හදිසියේ ලත්රැකියා මාරුවකින් බිරිඳගේ ගම තෙක් පදිංචිය වෙනස් කිරීමෙන් මටත් නිත්‍යාටත් මහ ගෙදරට යෑමට සිදුවිය.

    ලොකු අක්කාටත් නංගීටත් මහ ගෙදර පදිංචියට ඒමේ අදහසක් නොතිබූ අතර අම්මා මහ ගෙදර හා ඉඩම මගේ නමට පවරා දුන්නාය. එය අම්මාවිසින් මට දුන් ත්‍යාගයක් නොව මා හසුකරන ලද උගුලක් බව කියූ නිත්‍යාගේ මව මා හැර දමා ගෙදර එන්නැයි නිත්‍යාට බල කළාය.
    නිත්‍යා යනු සාමකාමී හා උත්කෘෂ්ට ගැහැනියකි.ඈ කිසිදා ලෙඩ ඇඳෙහි සිටි මගේ අම්මා රැක බලාගැනීම පැහැර හැරියේ නැත. අම්මාගේ රාජකාරිහා රැකියාවේ රාජකාරි යන දෙකෙන්ම මා වෙහෙසට පත්වීමෙන් මුදාලනු වස් ඈ සිය රැකියාවෙන් ඉවත් වන්නට තීරණය කළේ අපගේ විවාහයෙන්තෙවන මාසයේදීමය.ඉනික්බිති ඈ සුපසන් බිරියක් වූවාය.

    මගේ නිවස සුන්දර කළ ඈ මහ ගෙදරට හිමිවූ උචිතම හා සුන්දරම ලේලිය වූවාය.අයියාත් අක්කාත් දුර බැහැර පදිංචිව සිටි අතර මසකට වරක්පැමිණ අම්මා සමඟ දවසක් ගත කර ගියහ.නංගී අසල්වැසි පදිංචිකාරියක වූ අතර නිත්‍යා තනිව සිටින දිනවල ඇයගේ තනි නොතනියට සිටියේනැගෙනියගේ කුඩා පුතු සචින්තය.

    දරුවන්ට අතිශයින් ආදරය කළ නිත්‍යා අපගේ දරුවාට උපත දීමට තීරණය කළේ සැබැවින්ම මා ඒ පිළිබඳව අවිනිශ්චිත මතයක සිටියදීය.නිත්‍යාමා සමඟ දැඩිව වචන හුවමාරු කරගත් එකම එක අවස්ථාව ලෙස මගේ මතකයේ ඇත්තේද එම දැනට ඒ එළඹි අවස්ථාවමය.

    "ඔයාට දැනටමත් අමාරුයිනෙ.දැනට අපිට පුලුවන් ද බබෙක් හදන්න"

    "දැන් නැතුව කවද්ද?"

    "මං කියන්නෙ අම්මා...."

    "අම්මා මැරුණට පස්සෙ ළමයෙක් හදාගමු කියලද ඔයා කියන්නේ?"

    මම නිහඬ වීමි. අයියලාත් අක්කලාත් නිත්‍යාට සුබ පැතූ අතර තෑගි බෝග රැගෙන ආවෝය.අපගේ නිවස සමකාමී විය. අපගේ බැඳීම් සාමකාමීවිය.මම සාමකාමීව ජීවත් වෙමින් සිටියෙමි. කිසිවෙකු තම බිරිඳගේ අඩුපාඩු කියනු ඇසුණහොත් මම ඔවුනට සිනාසී මගේ බිරිඳ පිළිබඳවආඩම්බරයෙන් කතා කළෙමි.

    "ඔලුව කන්නෙ නැති ගෑනියෙක් ලබන්න පෙර පින් තියෙන්න ඕන" මා කියූවේ අපමණ සැනසීමකිනි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අපගේ සාමකාමී ජීවිතය බිඳ දැමීමට උත්සහ කළ කිසියම් අයෙකු මෙලොව ජීවත් වූවා නම් වූවානම් ඒ නිත්‍යාගේ මවය.

    නිත්‍යා මගේ සතියක ඇඳුම් එකවර මැද තබමින් සිටින විට පැමිණියහොත් "ඇයි ඔය විරාජ්ට බැරිද තමන්ගේ රෙදි ටික වත් මැදගන්න" යැයිඅසයි.

    මා ප්‍රමාද වී නිවසට පැමිණෙන දිනයක් වෙතොත් "ඔයාගෙ මනුස්සයට ඔයත් එක්ක ඉන්න කාලයක් ඇත්තේම නැද්ද? යැයි අසයි.

    අම්මාගේ රෙදි පෙරෙදි සෝදා දමන නිත්‍යා දුටුවහොත් "උඹ කසාද බැන්දේ නාකි ගෑනුන්ගේ කුණු රෙදි අපුල්ලන්නද" යි අසයි.

    සහෝදරයින් පැමිණ සිටින දිනයක පැමිණියහොත් "ආ අදත් ආවද උඹට කියලා උයාගෙන කාලා නිවාඩුවක් ගත කරල යන්න" යැයි අසයි.
    "ඔය මිනිහට ඔහොම බුරුල දීල නං හදාගන වෙන්නෑ.යන්නෙ කොහෙද අහන්නෑ.මොනව කරනවද හොයන්නේ නෑ..මිනිහා බීලා ආවත් කමක්නෑ,ගේන්න කියන හැම එකක්ම අමතක කරලා ආවත් කමක් නෑ ගගා ඉඳලා ඇත්තටම දවසක ඔය මිනිහා උඹගෙ අතින් ලිස්සලා යනවා ඔන්නබලපන්කො"
    සියල්ලටම නිත්‍යාගේ පිළිතුර කෙටි එකකි.

    "අම්මා කියන්නෙ මටත් අම්ම වගේ කැගහල රණ්ඩු කරන්න කියලද.හැම එකටම නීති දාන රණ්ඩු කරල අම්මට පුළුවන් වුනාද තාත්තවතියාගන්න.මට ඕන එයත් එක්ක ජීවත් වෙන්න .එයා සතුටින් ඉන්නවනම් මට එච්චරයි"

    "එතකොට උඹ සතුටින් ඉන්න ඕන නැද්ද?"

    "එයාගෙ සතුට තමා මගෙ සතුට"

    ඒ සෑම සංවාදයක් ම අවසන් වන්නේ නිත්‍යා ගේ මව විසින් "ගොන් කතා.උඹ නම් මහ මෝඩ ගෑනියෙක්" කියමින් අපගේ නිවසෙන් පිටවී ගිය පසුය.
    සැබැවින්ම නිත්‍යා සිටිනුයේ සතුටින්දැයි දැනගැනීමට මට අවශ්‍ය විය.

    "ඔයා සතුටින් ද?"

    මම ඒ ඇයගෙන් ඇසුවෙමි.

    "ඔව්.මට මොනවද නැත්තෙ?"

    "ඔයාට හුඟක් වැඩ වැඩි"

    "වෙන කරන්න කෙනෙක් නෑනෙ"

    අපගේ දරුවා උපන් විට ඇයගේ මව දෙසතියකට අපගේ නිවසට පැමිණි අතර මමද දෙසතියක නිවාඩුවක් ගත්තෙමි.ඉනික්බිති නිත්‍යා නැවතසියල්ල තනිව කර ගැනීමට පටන් ගත්තාය.

    මෙවර ඈ පෙර සිටි සුකුමාල යුවතිය නොවූවාය. නගරයට ගිය විට නිවෙසේ වන බිල් ගෙවීම් ද අම්මාගේ ඖෂධ මිලදී ගැනීම් ද එළවළු සහල් මිලදී ගැනීම ඇතුළු සියලු දේ තනිව කිරීමට පටන් ගත් ඈ, උසස් වීමෙන් පසු මට රැකියාවේ තිබූ පීඩනය අඩු කර ගැනීමට මහත් රුකුලක් දුන්නාය.

    "දැන් අපි බබාලා නෙමෙයිනේ ජීවිතේ මූණ දෙමු" ඈ කියූවාය.

    එය කාලයත් සමඟ අනුවර්තනය වීමකි.එකී අනුවර්තනය වීම මගේ අපමණ ප්‍රීතියට හේතු විය සැබැවින්ම එය ප්‍රීතියක් නොව කිසියම් ආකාරයකමානසික නිදහසකි.

    අම්මා සුපුරුදු පරිදි ලෙඩ ඇඳේ සිටියාය.අක්කාත් අයියත් මසකට වරක් පැමිණ ගියහ.නංගිගේ පුතු සචින් පාසල් යාමට පටන් ගෙන තිබූ අතර ඈඇයගේ දියණිය තුල්‍යා අපගේ දරුවා සමග අපේ නිවසේ තබා ගියාය.

    නිත්‍යා ගේ මව ගේ පැමිණීම ක්‍රමයෙන් අඩු ව ගොස් නැත්තට ම නැති වී ගිය අතර එයට හේතුව කුමක්දැයි දැනගැනීමට මම උත්සාහනොකලෙමි.මන්ද යත් කුමන කාරණාවෙන් හෝ ඇයගේ නොපැමිණීම මගේ සතුටට හේතු විය.

    ඇය නිරුවතින් මහ පාරේ ඇවිද ගිය ඒ උදෑසන පවා සුපුරුදු පරිදි මගේ ඇඳුම තෝරා තෝරාදුන් නිත්‍යා මගේ කෑම පාර්සලයද බෑගයට දමාදුන්නාය.පුරුදු පරිදි අම්මාගේ තේ කෝප්පය සාදා දුන් බවද ඇසුණු බව මතකය.මා නිවසින් පිටවන විටත් අපගේ දරුවා සිටියේ නින්දේය.

    පිටවීමට පෙර ඇයගේ නලලත සිප ගන්නා විට "පරිස්සමින් ඩ්‍රයිව් කරන්න.පරිස්සමින් ගිහින් එන්න" යැයි මට කියූ නිත්‍යා එතරම් අපරීක්ෂාකාරීව නිරුවතින් මහ මඟ ඇවිද ගියේ ඇයි?
    බස් රියකදි පාරකදී නැති රෙදිපිළි අලෙවිසැළක දී ඇයට කිසියම් කරදරයක් සිදු වූවාද? බොහෝම යමක් සිදු ව සිදුව ඇත්තේ එතනදී බව වටහාගත් මම ඇයගෙන් ඒ පිළිබඳව විමන්නට උත්සුක වූයෙමි.
    හදිසියේ මල් අලෙවි සැල වෙත පැමිණි පොලිස් නිලධාරියෙකු නිත්‍යා හිඳ සිටි ඇඳ සහ මා සිටගෙන සිටි තැන අතර සිට ගත්තේය.තවමත් වික්ශිප්තව ඈ දෙස බලා සිටගෙන මම වහා ඇඳ මත හිඳ ගෙන ඇයව වැළඳ ගතිමි.ඈ කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

    "අපිට කෝල් එකක් ආවා ග්ලෝරියා ෆැෂන් එක ඇතුලෙ ඉඳන් ගෑනු කෙනෙක් ඇඳුම් නැතුව එලියට ගියා කියලා .මේ එයානෙ?"

    "සර්.පාරේ ඇවිදගෙන යනකොට මිනිස්සු වීඩියෝ කරනවා දැක්කා ඒක නිසයි මම ඇතුළට ගත්තේ"මල් අලෙවි සැලෙහි තරුණියක කීවාය.
    පොලිස් නිළධාරියා සහ මල් අලෙවිසැල යුවතියන් මට මගේ බිරිඳ සමඟ තනිව කතා කිරීමට අවස්ථාව උදාකර දුන් විට මම ඇයගෙන් ප්‍රශ්න වැලක්සෙමෙන් සෙමෙන් ඇසීමි.

    "මොකද වුණේ කියන්නකො.කවුද ..ඔයාට මොකද්ද කළේ?ඔයා බයවුණාද?"

    "ගෙදර යමු" මා කියූ විට කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වූ ඈ කිසිවෙකුගේ කිසිඳු වදනකට හෝ ක්‍රියාවකට ප්‍රතිචාර දැක්වූයේ නැත.

    තවත් මඳ වේලාවකට පසු

    "අපි එයාව බලෙන් වගේ ඇතුළට ගන්නකොට තමයි එයාට තේරුනෙ එයා ඉන්නෙ ඇඳුම් නැතුව කියලා.පස්සෙ එයා මල් බාස්කට් අස්සෙහැංගුනා.ඊට පස්සෙ තමයි අපි කර්ට්න් එක ගලවලා ඇඳගන්න දීලා එලියට ගත්තෙ" මල් අලෙවිසැලෙහි හිම්කාර තරුණිය කියූවාය.

    "නිත්‍යා..නැගිටින්න..අපි ගෙදර යමු මැණික"

    නිත්‍යා සෙළවුණේ වත් නැත. මඳ වේලාවකට පසු ඇඳ මත ඈ අසළ හිඳගත් මල් අලෙවිසැලෙහි හිමිකාර තරුණිය ඇයට බීමට වතුර වීදුරුවක්දුන්නාය.නිත්‍යා එය ගැනීමට වත් දෑත් දිගු කිරීමට මැලි වූ බව පෙනුණෙන් එකී තරුණිය සියතින්ම වතුර වීදුරුව නිත්‍යාගේ මුවට ළං කළාය.නිත්‍යාඑයින් උගුරක් දෙකක් බීමෙන් පසු තරුණිය නැගී සිටියාය.ඇයගේ අතේ වූ දුරකථනය ඇඳ මත තිබිණි.එය අතට ගත් නිත්‍යා එයින් ඇමතුමක්ගැනීමට අවශ්‍ය බව හැඟවූවාය.තරුණිය වහා සිය දුරකථනය අතට ගෙන ඇඟිලි සලකුණ තබා අවහිරය ඉවත් කර දුන්නාය.

    "අම්මා ඇවිත් මාව එක්ක යන්න"

    තරුණියගෙන් ස්ථානය දැනගත් ඇයගේ මව පැමිණීමට තවත් පැය භාගයක් ගත වූ අතර ඒ මුළු කාලය ම ඈ එක් වචනයක් වත් කතා කළේ නැත.
    ඇයගේ මව පැමිනියේ ඇය උදෙසා ඇඳුමක් ද රැගෙනය.මවගේ පැමිණීමත් සමඟ තරුණියන් කීප දෙනා එතැනින් ඉවත් වූ අතර මම ද ඉවත්වූයෙමි.ඉනික්බිති විනාඩි කිහිපයක ඇවෑමෙන් සිය මවගේ අතින් අල්ලා ගත් නිත්‍යා මල් අලෙවිසලේ තරුණිය වෙත ගොස් දොර රෙද්ද ඇය අත තබාඇයව වැළඳගත්තාය.ඉන් ඉක්බිති ඈ මා පසුකර ගියේ කිසිදා දැන නොසිටි ආගන්තුකයෙකු පසුකර යන විලාසයකිනි.

    කතාව කෙටි එකකි නිත්‍යා මා හැර ගියාය.
    අදාළ රෙදිපිළි වෙළඳසැල තුළදි තමන්ට කිසිඳු හිරිහැරයක් හෝ අපහසුතාවයකට ලක්වීමට සිදු නොවූ බව ඇයම කියූවෙන් පොලිසියේ මැදිහත්වීම එතෙකින් නැවතිණි.
    නිත්‍යා මගේ දුරකථන ඇමතුමකට වත් ප්‍රතිචාර නොදැක්වූ අතර ඇයගේ මම විසින් කියා සිටියේ අපගේ විවාහය දික්කසාදයකින් කෙළවර වීමට යනබව ය.අම්මාගේ කටයුතු දරුවාගේ කටයුතුත් මැද දැඩි අසීරුතාවයකට පත් වූ මට රැකියාවද නැතිනම් නිවසද යන්න තෝරා තෝරාගත යුතුසන්ධිස්ථානයක් පැමිණියේය.දරුවා මව ඉල්ලා හඬන්නට වූ විට කළ යුත්තේ කුමක් දැයි වටහා ගත නොහැකි වූ මම නැගෙනියගෙන් උදව් ඉල්ලාසිටිය ද ඇයගේ ප්‍රතිචාරය යහපත් නොවීය. අම්මා උදෙසා මෙහෙකාරියක සොයා ගතිමි.නමුදු ඇය දරුවා බලා ගැනීම ප්‍රතික්ෂේප කළාය.
    සුමානයකට පසු එක් එක් උණුසුම් දහවලක හදිසියේ කඩා පාත් වූ නිත්‍යා සහ ඇගේ මව විසින් දරුවා රැගෙන යන ලදී.සැබැවින්ම එය මට මහත්අස්වැසිල්ලක් වූ අතරම මගෙන් ඇයට සිදු වූ සිදුවූ වරද කුමක්දැයි දැනගැනීමේ අවශ්‍යතාවයෙන් දැවුණෙමි.අනෙක් අතට ඒ නිරුවතින් මහ මඟඇවිද ගිය වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමෙන් දැඩි අපහසුතාවයට ද පත්ව සිටියෙමි. නිත්‍යා විසින් එය දැක ඇති ද.ඒ සම්බන්ධයෙන්ඇයගේ ඇගේ ප්‍රතිචාරය කුමක්ද..

    නිත්‍යා ගේ මිතුරියක වූ මිහිරානීගේ දුරකථන අංකය සොයාගෙන ඇයව ඇමතූ මම නිත්‍යා ගේ වත්මන් තත්වය පිළිබඳව සොයා බලා මටදන්වන්නැයි ඉල්ලීමක් කළෙමි.

    "හොයලා බලන්න දෙයක් නෑ මම තත්වෙ දන්නවා"

    එසේ කියූ මිහිරානී නිත්‍යා ඇයට යැවූ දුරකථන පණිවිඩයක් මා වෙත එවුවාය.

    "ඇදුම් දෙකක් අරන් ගියා ඇතුළට.එකක් ඇන්දම බඩ පපුව පෙනුන විදිය දැකලා මට පුදුම හිතුණා.මම ඒ තරම් කැත වෙලා බව මම දැනගනහිටියෙ නෑ..ඒ ඇඳුමට වෙන්න ඇති කියලා හිතලා අනිත් එකත් ඇන්දා .ඒ ගවුම කලු පාටයි. අත් කොටයි.එතකොට මට පෙනුනා මගෙ මූන..අත්දෙක.අත් වල පාට දෙකක්..මම කන්නාඩියට ලංවෙලා බැලුවා.මූන ලංකරලා බැලුවා.තොල් වේලිලා. අර ඇඳුමට නෙවෙයි මේ ගවුමටත් මම කැතයිතමයි.ගවුම ගලවලා බලනකොට මගේ ඇඟ ...හැම ඇත්තටම හැරි හැරී මම බැලුවා.ඒ මම....කාලෙකින් මට මාව එහෙම බලන්න හම්බුනේනෑ.මට එවෙලේ තේරුණා මගේ ආයෙ ගන්න දෙයක් නෑ කියලා.මම ඒ වෙලාවෙ හිතුන දැන් නං ජීවත් උනා ඇති කියලා.මට මේ මොකද වෙලාතියෙන්නෙ කියලා හිතුනා.මුල ඉඳන් හැම දෙයක්ම චිත්‍රපටියක් වගේ මට මැවිලා පෙනුනා. මට මතකයි මම ෆිටෝන් රූම් එකේ බිම ඉඳගත්තා.ඊටපස්සේ ඔහේ ඇඬුණා.ටික වෙලාවකින් මතක් වුණා නංගි ගෙදරින් යන්න ඉස්සර බබාව ගන්න ඕන නේද කියලා.මට මතක එච්චරයි මිහිරි.මමඇත්තටම දන්නෑ මම එතනින් එලියට ගියාද කොහොම ගියාද කොහෙට ගියාද කියලා"

    එය කියවා නිම කරන විට මා සිටියේ කම්පනයකට පත්වය.
    ඉනික්බිති නිත්‍යාගේ මව විසින් ඇයව මනෝවෛද්‍ය ප්‍රතිකාර උදෙසා යොමු කරන ලද බව ආරංචි විය. එකී මනෝවෛද්‍යවරිය වෙනත් නගරයකසිය සේව ස්ථානය පවත්වාගෙන ගිය ප්‍රසිද්ධිය උදෙසා වෙහෙස නොවන තැනැත්තියක බව දැනගැනීම මගේ සතුටට හේතු විය.

    කෙසේ හෝ නිත්‍යා හෝ ඇයගේ මව බලාපොරොත්තු නොවූ පරිදි එකී මනෝවෛද්‍යවරිය මගේ මිතුරෙකුගේ බිරිඳක වූවාය. නිත්‍යා ඈ වෙත පැමිණිදිනයේම "ඔයාට මතකද අර පාරෙ ඇවිදන් ගිය ගෑනු කෙනා..ඇඳුම් නැතුව .අන්න එයා අද ආව මගෙ ළඟට" යනුවෙන් ඈ සිය සැමියාට පවසනලදින් කාරණාව මගේ කන දක්වා පැමිණියේය.
    මනෝවෛද්‍යවරිය මාර්ගයෙන් මා දැනගත් පරිදි නිත්‍යා නිවසින් එළියට නොයයි.නිවසේ සිටියද ඇයගේම මව සමඟ හෝ කතා බහනොකරයි.දරුවා ඇයගේ මව සමඟ කාලය ගත කරන අතර නිත්‍යා තවමත් සිටිනුයේ නැවත ගොඩනැගීමට උත්සාහ කරමිනි.ඇයගේ තත්වය යම්තාක් දුරකට යහපත් වන තෙක් ඇයව හමුවීමට උත්සහ නොකරන ලෙස මටද උපදෙස් ලැබිණි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    තුන් මසකට පසු ඈ විසින් ගන්නා ලද පළමු දුරකථන ඇමතුම මට මඟ හැරී ගියේය.දෙවැන්න ඕනෑකමින් මඟ හරින්නට සිදු විය.ඒ එවෙලෙහි මාඅම්මාට තේ පොවමින් සිටි නිසාය. තෙවන වරක් ඇයට වෙහෙසීමට ඉඩ නොතැබූ මම ඇමතුමක් ගතිමි.

    "නිත්‍යා"

    "හොඳ වයිෆ් කෙනෙක් වෙන්න හුඟක් උත්සහ කළා .බැරිවුණා.මට සමාවෙන්න.මාත් එක්ක තරහ වෙන්න එපා"

    "ඔයා හැමදාමත් හොඳ වයිෆ් කෙනෙක්.ඇත්තටම මම හැම මොහොතකම හිටියෙ සැනසීමෙන් සතුටින්.ඔයා ඇයි හිතන්නෙ ඔයා හොඳ වයිෆ්කෙනෙක් නෙවෙයි කියලා"

    ඇයගෙන් පිළිතුරක් නොවීය.

    "ගෙදර එන්න නිත්‍යා"

    "අපිට ආයෙ එකතු වෙන්න බෑ"

    "ඇයි ? මගෙන් වුණ වරද මොකද්ද?"

    "වරදක් කියන්න මම දන්නෑ.ඒත් ඔයාට පුලුවන් කමක් නෑ මට හොඳක් කරන්න.ඔයාට කරන්න ඕන වුණත් කරන්න විදියක් නෑ.කොයි විදියට හිතලාබැලුවත් ඔයාට කරන්න දෙයක් නෑ.ඔයා පව්.මමත් පව්.අපි වෙන්වෙමු"

    "වෙන්වෙන්න දෙයක් නෑ.දැනටමත් අපි වෙන්වෙලානෙ ඉන්නෙ.ඔයා මාත් එක්ක මොකුත්ම කතා නොකර වෙන්වෙලා ගියා"

    "ඔව්.අපි වෙන්වෙලා.හැබැයි අපි වෙන්වුනෙ එකට ඉද්දිමයි.ඒක මට තේරුනෙ නෑ"

    "ඒ කියන්නෙ?ඔයයි මමයි හිටියේ සතුටින්නේ.අපි අතරෙ මොකුත් ප්‍රශ්නයක් තිබුණෙ නෑනේ"

    "ඔයා හිටියේ සතුටින්.ඔයාට කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ.ඒක නිසා ඔයාට අනිත් අයගෙ ප්‍රශ්න පෙනුනෙ නෑ..උදේට තේ එක හදාගත්තට බොන්නවෙන්නෑ.කැත කුණු ජරාව අතගෑවම කන්න බෑ.ඒ මදිවට හැමවෙලේම ගෙදරට කවුරු හරි එනවා.උයන්න ඕන තේ හදන්න ඕන.මොන වැඩකන්දරාවක්ද..මොන ජීවිතයක්ද?"

    "නිත්‍යා ඔයා ඒ හැමදේම කරේ සතුටින්නෙ.ඔයා කවදාකවත් මට කිව්වෙ නෑ ඔයා ජීවත්වෙන්නෙ අසතුටින් කියලා.මම ඇහුවමත් ඔයා කිව්වෙ නෑ"
    " මිනිස්සු තමන්ට අමාරු බව තමන්ගේ ම කටින් කියනකං අනිත් අය හිතාගෙන ඉන්නේ එයාට කිසිම අමාරුවක් නෑ කියලා.ඇත්තටම කියන්නමඕන නම් තේරුම් ගන්න අපිට කසාදයක් මොකටද විරාජ් .ඉල්ලලාම නම් පහසුකම් ගන්න අපිට කසාදයක් මොකටද මම ට්‍රයි කළා.ඔයාට සැනසීමවිතරක් ගේන ගෑනියෙක් වෙන්නයි මට ඕන වුණේ.ඒ මම ජීවත්වුණා නෙවෙයි.දරාගන හිටියා.ඔයාටත් ඕන වුණා නම් ඔයා මේ දින සැනසීම ම මමත්විඳිනවා දකින්න .ගෙදර හැමදේම සාමකාමීව තියෙනවා කියන්නේ ඔක්කොම හොඳින් කියන එක නෙමෙයි.ඔයා හොඳින් කියන එක විතරයිවෙන්නත් පුළුවන්.ඒවා දැන් කතා කරලා වැඩක් නෑ"

    එපමණකි. ඈ නැවත කතා කථා නොකළාය.

    තවත් මාස හයක් ගතවිය.දිනෙක මම ඇයගේ මවගේ නිවසට ගියෙමි.

    "නිත්‍යා මෙහෙ නෑ"

    "මට එයාවයි ළමයවයි බලන්න ඕන.ඉන්න තැනක් කියන්න.මම යන්නම්"

    "ඇයි ඔය ළමයි හදාගත්ත ගෙයක් තියෙන්නෙ.දැන් මාස හතරක ඉඳන් එයා එහෙ ඉන්නෙ තනියම"
    මටම යැයි මා ඉදිකල මගේම නිවසක් ඇති බව මට මතක් වූයේ ද එවිටය.මම ගෙදර ගියෙමි.ඔවු..මම මගේ ගෙදර ගියෙමි.
    නිත්‍යා සන්සුන්ව දොර ඇරියාය.කිසිවක් නෑසුවාය. උදෑසන නිවසින් ගේ සැමියා සවස ගෙදර ආ විටෙක මෙන් තේ කෝප්පයක් සාදා ගෙනවිත්දුන්නාය.

    ඇය පෙර මෙන් රෝස පැහැයට හැරෙමින් සිටියාය.ඇයගේ දෙපා වල පෙර මෙන් කියුටෙක්ස් ගල්වා තිබිණි.ඇයගේ හිසකෙස් වල අතීත දීප්තියඑසේම විය.

    ඒ, මා දකින්නට ආශා කළ ඇයමය.ඒ අතීත දීප්තිය විසින් මට මතක් කර දෙන ලද්දේ ඇයට ඇය මඟ හැරී යෑමට පටන් ගත් දා පටන් මටද මාමඟ හැරී ගොස් ඇති බවය.
    "මේක අපේ ගෙදර.ඔයා කැමති වෙලාවට එන්න යන්න.මහ ගෙදර ඔයාගෙ මහ ගෙදර මිසක් මගේ මහගෙදර නෙවෙයිනෙ.මම එහේ එන්නෙ නෑ"
    සැබෑවකි.එය මගේ මහගෙදර මිස ඇයගේ මහගෙදර නොවේ.එබැවින් ඇය එහි වැළලිය යුතු නැත.ඇයට එහි වැළළීමට ඉඩහැරීමට මටඅයිතියක් නෑත.මගේ මහ ගෙදරදී මා අභිමානයෙන් හා සංතෝෂයෙන් ජීවත් වීම උදෙසා ඇයට ඇයව මඟහැරීම සිදු විය යුතුම නම් මා පවා කළයුත්තේ එම මහ ගෙය හැර යාම නොවේද.

    කලයකට පෙර කළ යුතුව තිබූ දෙය කළෙමි.දින ක් හැර දිනක් මහ ගෙදර යමි.මෙහෙකාරිය අම්මා සමඟ සිටී.දැන් අයියලා අක්කලා නංගිලාකිසිවෙකු මහ ගෙදර එන්නේ නැත.අම්මා ඔවුන් එනතුරු මඟ බලන්නේද නැත.අම්මාගේ එකම බලාපොරොත්තුව "නිත්‍යා" විසින් ඇයගේ තේවාවන්ඉටු කරනු දැකීමය. ඇය කෙරෙහි ශෝකවෙමි.නමුදු මම තවත් වරක් නිත්‍යාට මෙහි එන්නැයි නොකියමි.

    තවත් වරක් මගේ බිරිඳ නිරුවතින් මහ මඟ ඇවිද යනු දැකීමට මගේ කැමැත්තක් නැත.

    =========

    සුජාතා මැණිකේ ඉහළගෙදර

    පසු සටහන :-

    FB එකේ පහලට යනකොට දැක්කෙ මේ කතාව. බුකියෙ හෑලි කාරයොන්ගෙ හෑලි සාමාන්‍යයෙන් කියවන්නෙ නැති උනාට මේක කියවන්න හිතුනා මොකක් හරි හේතුවකට. කියෙව්වට පාඩුවක් උනේ නෑ. කිරියෙත් ඉන්න බැදලා වයිෆ් එක්ක මහගෙදර පදිංචියට එන්න හිතාගෙන ඉන්න කොල්ලන්ට, බැදලා මහගෙදර ඇවිල්ලා ඉද්දි වයිෆ් රන්ඩු කරලා ගෙදර ගියා කියලා මේකෙ ත්‍රෙඩ් දාන කොල්ලන්ට, ඒ වගේ ත්‍රෙඩ් වලට දැන් කාලෙ හැදෙන වේසියො ඔයවගේ තමයි බං ඒකට අපේ අම්මලාගෙ කාලෙ.. see more ගාල කමෙන්ට් දාන කොල්ලන්ට, ඒ වගේම දැනටමත් බැදලා වයිෆ් එක්ක මහගෙදර පදිංචි වෙලා ඉන්න වයිෆ් තමන්ගෙ වැඩයි තමන්ගෙ අම්මලා තාත්තලගෙ වැඩයි සහෝදරයන්ගෙ වැඩයි ඔක්කොම බලලා ගෙදර හැම වැඩක්ම හොයලා බලලා කරන එක ගැන පට්ට ආඩම්බරෙන් ඉන්න කොල්ලන් ගෙයි පහන් සංවේගය උදෙසා Mr. Unknown විසින් එළකිරියේ නැවත පලකරන ලදී.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    එතකොට මේකෙන් කොල්ලොන්ට කියන්නෙ ගෑනු ගන්නයි මේන්ටේන් කරන්නයි එයැයිලගෙ හිතේ තියෙන දේ එර්දියෙන් දැනගන්නයි කාලෙයි සල්ලියි ජීවිත කාලයයි වියදං කරල අන්තිමේ ඔළුවෙ අමාරුවකුත් හදාගන්න වෙලාවෙ හිතේ සැහැල්ලුවෙං ඉන්න ටිකේ තනියම ඉඳිං කියල නේත. :unsure:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,887
    113
    ප*යාගල
    sorry.com
    එතකොට මේකෙන් කොල්ලොන්ට කියන්නෙ ගෑනු ගන්නයි මේන්ටේන් කරන්නයි එයැයිලගෙ හිතේ තියෙන දේ එර්දියෙන් දැනගන්නයි කාලෙයි සල්ලියි ජීවිත කාලයයි වියදං කරල අන්තිමේ ඔළුවෙ අමාරුවකුත් හදාගන්න වෙලාවෙ හිතේ සැහැල්ලුවෙං ඉන්න ටිකේ තනියම ඉඳිං කියල නේත. :unsure:
    Yes
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    එතකොට මේකෙන් කොල්ලොන්ට කියන්නෙ ගෑනු ගන්නයි මේන්ටේන් කරන්නයි එයැයිලගෙ හිතේ තියෙන දේ එර්දියෙන් දැනගන්නයි කාලෙයි සල්ලියි ජීවිත කාලයයි වියදං කරල අන්තිමේ ඔළුවෙ අමාරුවකුත් හදාගන්න වෙලාවෙ හිතේ සැහැල්ලුවෙං ඉන්න ටිකේ තනියම ඉඳිං කියල නේත. :unsure:
    ගෑනිගෙ පැත්තෙන් හිතලා බලහන්කො 😒
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ගෑනිගෙ පැත්තෙන් හිතලා බලහන්කො 😒
    ගෑනිටත් එච්චර තමයි කොහෙවත් ඉන්න එකෙක්ගෙ ගෙදර වැඩ ඔක්කොම නොමිලෙ කරල දෙන්න කාලෙයි මහන්සියයි වියදම් කරල ළමයිනුත් හදල අන්තිමේ පාරෙ හෙළුවෙනුත් යන්න ඕන නෑනෙ ඔය කුටුම්බෙකට කර ගැහුවෙ නැත්නම්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    සමරිය දාපල්ල කවුරු හරි
    compile වෙන්නෙ නෑ, මේ වෙලාවෙ

    ගෑනියෙක් මිනිහගෙ මහ ගෙදර වැඩපල කරල වැඩ වැඩි වෙලා පිස්සු තදවෙලා හෙලුවෙන් පාරෙ ඇවිදගෙන ගිහින් ලු, මිනිහත් ඒකෙන් පාඩමක් ඉගෙන ගෙන දැන් ගෑනි මහගෙදර යවන්නැතුව ඉන්නවලු

    ටිපිකල් කුටුම්බ ඉශූස් ටෝල්ඩ් ඉන් සුජීව ප්‍රසන්න ආරච්චි ස්ටයිල්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,312
    113
    34
    Kalutara
    ඉතින් යකෝ ගෑනිගෙන් මිනිහා ඇහුවනේ ඔයා සතුටින්ද කියලා. ගෑනිට කට ඇරලා කියන්න තිබ්බනෙ අපි වැඩ කාරයෙක් ගමු එතකොට මට මේ කරන වැඩ ටික අඩු කරගන්න පුලුවන් කියල. ආයෙ පම්කක්ද ඒ ගෑනි කියන්නෙ මම ගැන හෙව්වෙ නෑ කියල. පිරිමියත් වැරදියි ගෑනිත් වැරදියි ඔතන.

    කසාද බඳිනව කියන්නෙ ගෙදරට වැඩ කාරයෙක් ගේනව කියන එක නෙමෙයි.
    අනික තමා පිරිමි කියන්නෙ ගෑනුන්ගෙ හිතේ තියෙන දේවල් මනෝමයෙන් දකින්න පුලුවන් අමුතු ජාතියකුත් නෙමෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් යකෝ ගෑනිගෙන් මිනිහා ඇහුවනේ ඔයා සතුටින්ද කියලා. ගෑනිට කට ඇරලා කියන්න තිබ්බනෙ අපි වැඩ කාරයෙක් ගමු එතකොට මට මේ කරන වැඩ ටික අඩු කරගන්න පුලුවන් කියල. ආයෙ පම්කක්ද ඒ ගෑනි කියන්නෙ මම ගැන හෙව්වෙ නෑ කියල. පිරිමියත් වැරදියි ගෑනිත් වැරදියි ඔතන.

    කසාද බඳිනව කියන්නෙ ගෙදරට වැඩ කාරයෙක් ගේනව කියන එක නෙමෙයි.
    අනික තමා පිරිමි කියන්නෙ ගෑනුන්ගෙ හිතේ තියෙන දේවල් මනෝමයෙන් දකින්න පුලුවන් අමුතු ජාතියකුත් නෙමෙයි.

    අන්න ඒකයි
     
    • Like
    Reactions: chethana kalan

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මගේ බිරිඳ නිත්‍යා මහපාරේ නිරුවතින් ඇවිද ගියාය.

    ඒ පසුගිය පෙබරවාරියේ සීතල උදෑසනකය.මගේ රැකියා ස්ථානයේ මිතුරන් කිහිපදෙනෙකු එකම මේසයකට රැස්ව එක් දුරකතනයකට මුහුණු ඔබාගෙන කුමක් දෝ නරඹමින් සිටි අතර මම ද එතැනට ගොස් ඉහලින් එබී බැලුවෙමි.

    පැහැදිලි දුරකථන තිරය මත අපගේ නගරයේම සුපිරි වෙළඳ සැලක් ඉදිරිපිට මාර්ගයක නිරුවතින් ඇවිද යමින් සිටියාවූද අඩිය තබන තාලයටඅනුව ගැසෙන තට්ටම් හා ඉහළට කර බඳින ලද බොකුටු කොණ්ඩයක් සහිත වූඅ කාන්තාව මගේ දෑසටද හසුවිය.ක්‍රමයෙන් වීඩීයෝව ඉදිරියටධාවනය වන විට මා දුටුවේ ඒ මගේ බිරිඳ බවය. එය සජීවී වීඩියෝවකි.

    මම වහා බැංකුවෙන් එලියට පැන්නෙමි.අදාළ සුපිරි වෙළඳසැල තෙක් දිව්වෙම්.එහෙත් ඈ එතැන නොවීය.මොහොතක් දෙකක් හිසකෙස් අවුස්සාගැනීමටත් මුහුණ තෙරපවා ගැනීමටත්

    ගත කළ පසු සුපිරි වෙළඳසැලෙහි ආරක්ෂක නිලධාරියා වෙත ගොස් "දැං අර මෙතනින් ගිය ගෑනු කෙනා කොහෙදට ගියේ?" යැයි ඇසුවෙමි.

    "මොන ගෑනිද සර්.මෙතනින් දගිය ගෑණුන්ගෙන් මට මතක අර හෙලුවෙන් ගිය ගෑණි විතරයි"

    ආරක්ෂක නිලධාරියා විසින් සඟවා ගත් වලත්ත සිනාව දෑසට නැතත් මගේ මනසට හසුවූ නමුදු එවේලෙහි කෝප වීම මෝඩකමක් බවවටහාගන්නට තරම් මගේ සිහිබුද්ධිය යහපත් තත්ත්වයක තිබුණෙන් මම සන්සුන්ව කතා කළෙම්.

    "ඔව්.එයා තමයි"

    ආරක්ෂක නිලධාරියා කුහුලින් පිරි බැල්මක් හෙලුවේය.

    "ඒ මගේ වයිෆ්"

    "ඕහ්.මහත්තයා.මේ ඒ ගෑනි ..නෝනා අර ඉස්සරහා ෆ්ලෝරා එකේ මිස් ඇතුලට ගත්තා මං දැක්කා"

    මම මල් අලෙවිසැල වෙත දිව්වෙමි.එහෙත් එය වසා දමා තිබිණි. වීදුරු දොර ඇතුළතින් අගුළු දමා තිබූ අතර "වසා ඇත " යනුවෙන් ලියාතිබූපුවරුව සාමකාමී අයුරින් එල්ලී තිබිණි.

    කුමක් කරන්නේදැයි සිතමින් ආපසු හැරී බැලූවිට මල් අලෙවි සැල ඉදිරිපිට නානාවිධ වයස් වූ නානාවිධ මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් තාවර වෙමින් සිටින බව දුටුවෙමි. එසේනම් ඈ නිසැකවම මේ තුළ සිටින්නීය,යන්න සිතින් තහවුරු කරගත් මම ෆ්ලෝරාවේ වීදුරු දොරට තට්ටු කරන්නටවූයෙමි. මගේ නොනවතින හා ක්‍රමයෙන් දැඩි වන තට්ටුවේ ශබ්දයට ඉදිරියට ආ කෙල්ලක ඇතුලතින් අගුලු දමා තිබූ වීදුරු දොර ඇරියාය.

    "දොර කඩන්නද හදන්නෙ?මොකද්ද වෙන්න ඕන"

    "මගේ..වයිෆ්..එයා ඇතුලෙ ඉන්නවද..දැන් ඇවිදගෙන ආවෙ.දැන්"

    මඳක් කල්පනා කළ කෙල්ල වහා දොර වැසුවාය.වසා ඇති වීදුරු දොරෙන් ඇතුලේ සිටි ඇය දොරෙන් එළියේ සිටි මගේ ඡායාරූපයක් ගත්තාය.ඒඇයගේ දුරකථනයෙනි.එලියෙහි සිටින මිනිසුන් දෙස මඳ වේලාවක් බලා සිටි ඈ ඇතුළට ගියාය.මම නැවත වරක් දොරට තට්ටු කරන්නට වූයෙමි. ඇතැම් විට එය තට්ටු කිරීමක් නොව තඩි බෑමක් වූවා වන්නට ඇත. ඇතුළත සිට තවත් කෙල්ලක එලියට ආවාය.

    දොර ඇරිණි.ඈ ෆ්ලෝරාවේ හිමිකාරිය බව වටහාගැන්මට ඇයගේ ශරීර භාෂාව ප්‍රමාණවත් විය.
    එකී තරුණ කාන්තාව " කරුණාකරලා එයාට බනින්න එපා" කියමින් මට ඇතුලට යෑමට ඉඩ හැරියාය.ඇතුළතට යෑමට තිබූ උනන්දුව එකවරහීන වී ගියා බඳු තත්වයකට මුහුණ දුන් මම මද වේලාවක් එතැනම සිටගෙන සිටියෙමි. දැන් මා විසින් නිත්‍යා වෙත දැක්විය යුතු ප්‍රතිචාරයකුමක්දැයි සිතා ගැනීමට මා විසින් එම කාලය ගත්තාදැයි මා දන්නේ නැත. මල් පිරවූ භාජන සහිත කොටස පසු කර ඇතුළතට ගිය විට ඇතුළත වූ විවෘත කුඩා කලාපයක මේසයක් පුටුවක් හා දිග හැරීමටත් අවශ්‍ය නම්අකුලා තබන්නටත් හැකි වර්ගයේ ඇඳකුත් වූ අතර එම ඇඳ මත ඈ හිඳ සිටියාය.ඇයගේ හිස පමණක් පෙනෙන්නට තිබූ අතර දෙපා පවා වැසෙනපරිදි රෙද්දක් පොරවාගෙන සිටියාය. ඇය සිටියේ ඒ නන්නාඳුනන කුඩා ඇඳ මත ගුලිවී හිඳගෙනය.ඒ ගුලිය ඔතා තිබූ රෙද්ද දොර රෙද්දක් බවත්ඇයගේ එක් ඇසකින් අපිළිවෙලට පහළට රූරා තිබුණේ කලු පැහැ ඇස් ආලේපන බවත් දුටුවෙමි. ඇය නිරුවතින් මහ මඟට බැසීමට පෙරඇයගේ මුහුණ සරළ හා පිළිවෙල අයුරින් වත්සුණු තවරා තිබෙන්නට ඇති බව වටහා ගැනීමට එය ප්‍රමාණවත් විය.

    ඒ,වසර හතරක් පුරාවට මා ආදරය කළ මා හා උද්‍යානයන්හී පෙම්වත්වූද මහා මාර්ගයන්හී වමතෙහි එල්ලී ඇවිද ගියාවූද යහනකත නුරා පිරවූවාවූද යුවතියමය. ඒ මිල අධික හා අධ්ක කාලයක් පවත්වා ගතහැකි විලවුන්ද වත්සුණුද සෙවුවා වූද නොයෙකුත් විලාසිතාවන්ගෙන් යුත් ඇඳුම්දආභරණද සොයා ගොස් මිලදී ගැනීමට වරු ගණන් ගත කළ ගැහැනියමය.
    ඕනෑම මොහොතක තම රුව ඇස ගැටෙන ඕනෑම මිනිසෙකුට ප්‍රියමනාප විය යුතු යැයි කියූ ගැහැනියයි.මාහා විවාහ වී තෙවරසක් තෙක්සමාදානයෙන්ද සතුටින්ද මා හා ජීවත් වූ ගැහැනියයි.

    ඇයට කුමනාකාර අතවරයක් කරදරයක් සිදුව තිබුණද ඈ මගේ බිරිඳම මිස අන් යමෙකු නොවේ.කෙසේ වතුදු ඇයගේ මෙම තත්වයට හේතු වූතැනැත්තන් සොයා ඉරා දැමීමට මටම සපථ කළෙමි.

    දෙවසරක් පූර්ණ අපගේ කුඩා දියනිය මගේ සහෝදරියකගේ නිවසේ තබා නගරයට එන බවක් උදෑසන කියූ බවක් මතකයේ ඇතත් ඒ කුමක්උදෙසාදැයි මට මතක තිබුණේ නැත.
    වසර තුනකට පෙර මාගේ විවාහය නිත්‍යා සමඟ සිදුවන ව විට අපි අපගේ ජීවිතය නිවැරදිව සැලසුම් කර තිබුණෙමු.
    අපට අප උදෙසා ඉදිකළ නිවසක්ද මිලදී ගත් ණය වාරික රහිත වාහනයක්ද විය. අප දෙදෙනා සියල්ල ලද්දෝ වූයෙමු.
    අපගේ විවාහයෙන් දෙමසකට පසු මහේ අම්මා නාන කාමරයේ ලිස්සා වැටි ඔත්පොළ වූයෙන් හා මහ ගෙදර රැඳී සිටි ලොකු අයියා හදිසියේ ලත්රැකියා මාරුවකින් බිරිඳගේ ගම තෙක් පදිංචිය වෙනස් කිරීමෙන් මටත් නිත්‍යාටත් මහ ගෙදරට යෑමට සිදුවිය.

    ලොකු අක්කාටත් නංගීටත් මහ ගෙදර පදිංචියට ඒමේ අදහසක් නොතිබූ අතර අම්මා මහ ගෙදර හා ඉඩම මගේ නමට පවරා දුන්නාය. එය අම්මාවිසින් මට දුන් ත්‍යාගයක් නොව මා හසුකරන ලද උගුලක් බව කියූ නිත්‍යාගේ මව මා හැර දමා ගෙදර එන්නැයි නිත්‍යාට බල කළාය.
    නිත්‍යා යනු සාමකාමී හා උත්කෘෂ්ට ගැහැනියකි.ඈ කිසිදා ලෙඩ ඇඳෙහි සිටි මගේ අම්මා රැක බලාගැනීම පැහැර හැරියේ නැත. අම්මාගේ රාජකාරිහා රැකියාවේ රාජකාරි යන දෙකෙන්ම මා වෙහෙසට පත්වීමෙන් මුදාලනු වස් ඈ සිය රැකියාවෙන් ඉවත් වන්නට තීරණය කළේ අපගේ විවාහයෙන්තෙවන මාසයේදීමය.ඉනික්බිති ඈ සුපසන් බිරියක් වූවාය.

    මගේ නිවස සුන්දර කළ ඈ මහ ගෙදරට හිමිවූ උචිතම හා සුන්දරම ලේලිය වූවාය.අයියාත් අක්කාත් දුර බැහැර පදිංචිව සිටි අතර මසකට වරක්පැමිණ අම්මා සමඟ දවසක් ගත කර ගියහ.නංගී අසල්වැසි පදිංචිකාරියක වූ අතර නිත්‍යා තනිව සිටින දිනවල ඇයගේ තනි නොතනියට සිටියේනැගෙනියගේ කුඩා පුතු සචින්තය.

    දරුවන්ට අතිශයින් ආදරය කළ නිත්‍යා අපගේ දරුවාට උපත දීමට තීරණය කළේ සැබැවින්ම මා ඒ පිළිබඳව අවිනිශ්චිත මතයක සිටියදීය.නිත්‍යාමා සමඟ දැඩිව වචන හුවමාරු කරගත් එකම එක අවස්ථාව ලෙස මගේ මතකයේ ඇත්තේද එම දැනට ඒ එළඹි අවස්ථාවමය.

    "ඔයාට දැනටමත් අමාරුයිනෙ.දැනට අපිට පුලුවන් ද බබෙක් හදන්න"

    "දැන් නැතුව කවද්ද?"

    "මං කියන්නෙ අම්මා...."

    "අම්මා මැරුණට පස්සෙ ළමයෙක් හදාගමු කියලද ඔයා කියන්නේ?"

    මම නිහඬ වීමි. අයියලාත් අක්කලාත් නිත්‍යාට සුබ පැතූ අතර තෑගි බෝග රැගෙන ආවෝය.අපගේ නිවස සමකාමී විය. අපගේ බැඳීම් සාමකාමීවිය.මම සාමකාමීව ජීවත් වෙමින් සිටියෙමි. කිසිවෙකු තම බිරිඳගේ අඩුපාඩු කියනු ඇසුණහොත් මම ඔවුනට සිනාසී මගේ බිරිඳ පිළිබඳවආඩම්බරයෙන් කතා කළෙමි.

    "ඔලුව කන්නෙ නැති ගෑනියෙක් ලබන්න පෙර පින් තියෙන්න ඕන" මා කියූවේ අපමණ සැනසීමකිනි.
    Fb eke dekala kiyawalaa EK pette aawama udama thread eke eekama tiyenawa dekkma confuse unaa bokka
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඉතින් යකෝ ගෑනිගෙන් මිනිහා ඇහුවනේ ඔයා සතුටින්ද කියලා. ගෑනිට කට ඇරලා කියන්න තිබ්බනෙ අපි වැඩ කාරයෙක් ගමු එතකොට මට මේ කරන වැඩ ටික අඩු කරගන්න පුලුවන් කියල. ආයෙ පම්කක්ද ඒ ගෑනි කියන්නෙ මම ගැන හෙව්වෙ නෑ කියල. පිරිමියත් වැරදියි ගෑනිත් වැරදියි ඔතන.

    කසාද බඳිනව කියන්නෙ ගෙදරට වැඩ කාරයෙක් ගේනව කියන එක නෙමෙයි.
    අනික තමා පිරිමි කියන්නෙ ගෑනුන්ගෙ හිතේ තියෙන දේවල් මනෝමයෙන් දකින්න පුලුවන් අමුතු ජාතියකුත් නෙමෙයි.
    මේක නං ඇත්තක්. ගෑනුන්ගෙ හිත කියවන්න බෑනෙ පිරිමින්ට. ඒත් මේකෙ ඒකි ඒක කියලා නැත්තෙ පිරිමියගෙ හිත රිදෙයි කියලයි මිනිහග්‍ර් හිතේ තියන පර්ෆෙක්ට් වයිෆ් ෆැන්ටසිය කැඩෙයි කියන අවුලටයි නෙහ්?

    ගෑනියෙක් මිනිහගෙ මහ ගෙදර වැඩපල කරල වැඩ වැඩි වෙලා පිස්සු තදවෙලා හෙලුවෙන් පාරෙ ඇවිදගෙන ගිහින් ලු, මිනිහත් ඒකෙන් පාඩමක් ඉගෙන ගෙන දැන් ගෑනි මහගෙදර යවන්නැතුව ඉන්නවලු

    ටිපිකල් කුටුම්බ ඉශූස් ටෝල්ඩ් ඉන් සුජීව ප්‍රසන්න ආරච්චි ස්ටයිල්
    අඩෝ අඩෝ සුජීවයට බැනලා මාව යකා කරගන්න එපා හරි 😡😡

    මේකෙ සමරිය බැදලා මහගෙදර ඉන්න එපා ලොවෙත් කෙලවෙනවා කියන එක @Solo Rider
    ------ Post added on Apr 2, 2023 at 1:30 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    මේකෙ සමරිය බැදලා මහගෙදර ඉන්න එපා ලොවෙත් කෙලවෙනවා කියන එක @Solo Rider
    මහගෙදර අම්මට ළමයි තුන හතර හදල ලොකු කරන්න වියදං වෙච්ච සල්ලියි උන්ට දුන්න දෑවැදි දේපළ etc යි FD එකක් වත් දැම්මනං වැඩකාරයො තුං හතරදෙනෙක් ගෙදර තියං ඉන්න තිබ්බ :lol: කොහොමත් අන්තිමේ එච්චරයි නෙ :yes:
    කලකට පෙර කළ යුතුව තිබූ දෙය කළෙමි.දින ක් හැර දිනක් මහ ගෙදර යමි.මෙහෙකාරිය අම්මා සමඟ සිටී.දැන් අයියලා අක්කලා නංගිලාකිසිවෙකු මහ ගෙදර එන්නේ නැත.අම්මා ඔවුන් එනතුරු මඟ බලන්නේද නැත.