ඕක ගැන එච්චර හිතන්න එපා. පොඩි කාලේ ඉදන් හොද අම්මල තාත්තල ඉදල හොද පරිසරයක හැදිලා හොදට ආදරේ විදපු අය තමන් විදපු ඒ හොද මතකය තමගේ හැකියා පාවිච්චි කරලා සින්දුවක් විදිහට කවියක් විදිහට එලියට දානව එහෙම හැකියාවක් නැති අය තමන් විදපු ඒ සුන්දර මතකයන් සින්දුවක් අහල ආයෙත් විද ගන්නව. හැබැයි ඕකෙම අනික් පැත්තත් වෙනවා. තමන්ට පොඩි කාලේ සුන්දර මතකයන් නොතිබිච්ච අය විවිද අපයෝජන වලට ලක් වෙච්ච අයට ආයෙත් ඒ මතකයන් අලුත් වෙන දේවල ඇහෙනකොට පේනකොට දිරවන්නේ නැ. ඉතින් ඒකෙත් යම් හැකියාවක් තියෙන එකා සින්දුවක් හදයි නැත්තම් මොකක් හරි රැප් එකක් හදල එලියට දායි නත්තම් මේ වගේ හැල්ලක් ලියයි. හැකියාව නැති එකා ඒවට හුරේ දානව නැත්තම් තනිවම පැසව පැසව ඉන්නව එහෙම නැත්තම් තමන් විදපු ඒ අමිහිරි අතිතය නිසා තව කෙන්ක්ගේන් පලි ගන්නව.
එහෙම මිනිස්සුන්ට අපු අනුකම්පා කරන්න ඕනි.