අම්මා වෙනුවෙන් මෙය කියවන්න
..උතුම් මව්වරු ගැන අපිට අපේ රටෙන් මෙන්ම ලොව නන් දෙසින් අහන්නට ලැබේ....ඒ අතරින් ප්‍රංශයේ ගෞරවයට පාත්‍ර වූ නවකතාකරුවෙකු සහ තානාපතිවරයකු වූ "රොමේන් ගැරී" සිය මවට ගෞරවයක් ලෙස මේ කතාව ඉදිරිපත් කරයි....මගේ හිතට කිඳා බහින්නම දැනුණු නිසා මේ විදියට ඔයාල එක්ක බෙදා ගන්නවා. අම්මාගේ ගුණ කියා නිමකරන්නට නොහැක....එහෙත් බොහෝ දෙනාට අම්මාගේ අගය මතක් වෙන්නේ අසරණ වූ විටයි....අපි ලොකු මහත් වෙද්දී දෙමව්පියන් වයසට යන බව අපට අමතක වෙයි....කරුණාකරලා ඔක්කොම හොඳින් කියවන්න....
රජය නිල වශයෙන් යුද්ධය ආරම්භ වන බව ප්‍රකාශ කළ දින මගේ අම්මා හමුදා කඳවුර වෙත පැය පහක් ගෙවා කුලී රථයකින් පැමිණියේ ඇයගේම වචනයෙන් මට ආශිර්වාද කරන්නට ය...මම ඒ වනවිට ගිනි අවි උපදේශකයකු (gunnery instructor) වශයෙන් දකුණු ප්‍රංශයේ "සැලෝන් ඩේ" හි ගුවන් හමුදා ඇකඩමියේ සේවය කරමින් සිටියෙමි. පරණ කබල් ටැක්සි රථයෙන් එලියට බැස සිය හැරමිටියට වාරු වෙමින් ඇය හෙමින් හෙමින් මා වෙත එන අයුරු මගේ වටේ සිටි අනෙකුත් සොල්දාදුවන් අවධානයෙන් යුක්තව බලන්නට වන බව මට වැටහිණි.
මම සෙමින් සෙමින් ඈ වෙත ගියෙමි ....යකාටවත් බය නැති නිර්භීත මෙන්ම තරමක් සැර තරුණ ගුවන් භටයෙක් ලෙස නමක් දිනාගෙන සිටි මා හට එවෙලේ මහත් ලැජ්ජාවක් ඇති විය....
"පුතේ උඹට නිලයෙන් ඉහළටම යන්න පුළුවන්...උඹේ අම්ම කියපු දෙයක් වැරදිලා නෑ"ඇගේ කටහඬ මුළු කඳවුරටම ඇහෙනතරම් ශබ්ද විය....
මට මගේ පිටුපසෙන් සිනා හඬවල් රැව් පිළිරැව් දෙනු ඇසිණි....ඇයටද එය ඇසිණි....ඇය එවෙලේ සිය හැරමිටිය ඔවුන් වෙත දිගුකොට කීවේ.."උඹ නියම වීරයෙක් වෙනව පුතේ...ජෙනරාල් කෙනෙක් වෙනව....ප්‍රංශයේ තානාපති කෙනෙක් වෙනව...මේ මෝඩයො උඹ කව්ද කියල අඳුරන්නේ නෑ."
මම ඇගේ කණට කර මාව ලජ්ජාවට පත් නොකරන්නැයි මදක් සැරෙන් කොඳුරා කීවේ මට ඉවසන්නම බැරි තැන ය....
ඇගේ දෙතොල් වෙව්ලන්නට විය....වේදනා බර දෑසකින් ඈ මා දෙස බැලුවාය...."උඹේ නාකි අම්ම ගැන උඹට ලැජ්ජයිද මයෙ පුතේ.....?"
මගේ රළුබව එයින්ම කුඩු වී ගියේය...මම ඇයව දෑතින්ම මා වෙත තදින් තුරුළු කරගත්තෙමි....තවදුරටත් මට සිනා හඬවල් ඇසුණේ නැත...අප දෙදෙනා නැවතත් අපේ ලෝකයට පැමිණ සිටියෙමු....කුඩා දරුවෙකු මෙන් මම අම්මා හට ආදරයෙන් මගේ පොරොන්දු ලබාදුන්නෙමි.....
වයස 13 දී අප ජිවත් වූයේ ප්‍රංශයේ "නීස්" හි කුඩා හෝටල් කාමරයක ය.....ඇය නගරයේ කඩවල් වලින් එකතු කරගෙන ආ සඟරා සහ කුඩා ආයිත්තම් ෂෝ කේසයක තබා විකුන්නා ය...විකුණු සෑම භාණ්ඩයකින්ම අපට සියයට දහයක කොමිස් මුදලක් ලැබිණි....අප දෙදෙනා ජීවිතය ගැටගහගත්තේ මේ සොච්චම් මුදලිනි...
වසර ගණනකට පෙර රුසියාවෙන් පිටුවහල් කරන ලදුව ඇය ප්‍රංශයට පැමිණියේ සැමියෙකු...ඥාතියෙකු හෝ කිසිදු මිතුරෙකු නොමැතිව ය....අප දෙදෙනාට ජිවත් වීමට මුදලක් ලැබීම සෑම දිනයකම ආශ්චර්යක් විය....අපේ කුලී කාමරයට..මගේ පාසල් ගාස්තු..පාන් ගෙඩියකට ..ඇඳුම්...මේ හැමදෙයක්ම ගන්නට ඇය මහත් වෙහෙසක් දැරුවාය....සෑම දිනකම ඇය මට මස් කැබැල්ලක් පිස දුන්නාය....ඇය මට එය පිළිගැන්වූයේ මහත් සතුටකිනි....ඒ සතුට ආවේ දුප්පත්කමින් මිරිකී සිටියත් තම දරුවා රහට කෑම කෑවා.... යන ධෙයිර්යමත් මවකට එන අභිමානවත් සිතුවිල්ලෙනි.....
කෙසේ වුවද ඇය කිසි දිනෙක මට දෙන මස් ව්යන්ජනයෙන් කෑවේ නැත....ඇය පැවසුයේ ඇය මස් අනුභවයට අකමැති බැවින් නිර්මාංශික ආහාර ගන්නා බවයි....දිනක් කෑම කන අතරතුර මට වතුර තිබහක් ඇති වී කුස්සියට ගියෙමි...එවිට මා දුටුවේ කුස්සියේ බංකුවක වාඩි වී තම දනිස් දෙක අතර මස් උයාපු බඳුන සිර කරගෙන ..බඳුනේ ඉතුරු වී තිබු මස් ඉඳුල් වල තවරාගෙන සෙමින් සෙමින් රස කරමින් කුඩා පාන් කැබලි කන අයුරුයි....මා එනවාත් සමගම ඇය වහාම රෙදි කැබැල්ලකින් බඳුන වසා දැමුවාය....එහෙත් ඇය ප්‍රමාද වැඩි විය.....ඇය නිර්මාංශික වූයේ මන්දැයි මට එදින වැටහිණි.....
අම්මා මාව උසස් තැනකට යවන්න මහත් උනන්දුවෙන් මාව දිරිගැන්වුවාය....මම කෙතරම් පරාජයන්ට මුහුණ දුන්නත් ඇය මා කෙරෙහි මහත් විශ්වාසයක් තැබුවාය...
"අද ඉස්කෝලේ මොකද උනේ ?"...ඇය අසයි...
"ගණන් වලට අදත් බින්දුවයි"
එවිට අම්මා මදක් කල්පනා කරයි....
"ඔය ගුරුවරුන්ට ඕවා තේරෙන්නෙ නෑ පුතේ..." ඇය පවසයි..."උඹේ නම රත්තරං අකුරෙන් ඔය මහලොකු ඉස්කෝලේ ලියවෙන දවසට ඕකුන් කණගාටු වේවි පුතේ...,මම හෙට ඉස්කෝලෙට ගිහින් කියන්නං....මම පුතා ලියපු කවි ඔය මිනිස්සුන්ට පෙන්නන්නන්කෝ....පුතා කවදාහරි "ඇනුශියෝ", "වික්ටර් හියුගෝ" වගේ දක්ෂයෙක් වෙනව....ඔන්න බලන්නකො"....
ඇය වැඩට ගිහින් ආ වෙලාවට මගේ ඉදිරිපිට වාඩිවී මා දෙස මහත් සතුටෙන් බලා සිටී....."පුතා දවසක ප්‍රංශ තානාපති කෙනෙක් වෙනව" ...ඇය කීවාය......එහි තේරුමවත් මම දැන සිටියේ නැත...."හොඳයි" මම එතරම් ගණනකට නොගෙන එවෙලෙට කීවේ එපමණකි...."පුතාට මොටෝ කාර් එකක් ගන්න පුළුවන්....පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ....." ඇය කීවාය....
කුසට හරිහමන් ආහාරයක් වත් නැතිව හිම මිදෙන උෂ්ණත්වයටත් වඩා ශිත කාලගුණයක ඇය වැඩට යයි....ඇය යන්නේ දෙපයින් මිස වාහන වලට ගෙවන්න ඈ හට වත්කමක් නැත...
මට වයස අවුරුදු 16 වෙද්දී ඇයට අප සිටි කුඩා හෝටලයේ කළමනාකාරී තනතුර ලැබිණි....සෑම දිනකම උදේ හයට ඇය අවදිවී පොළට යයි....ඒ ගොස් පලතුරු..මල් ආදිය මලු වලට පුරවාගෙන උස්සගෙන එයි....සෑම දිනකම ඇය අඩුතරමින් විසිවරක් වත් හෝටලයේ පඩි පෙළවල් දිගේ ඉහල පහල දිව්වාය....ඉවුම් පිහුම් කළමනා...පිරිසිදු කිරීම් ...ගල් අඟුරු ගබඩාවට යාම වැනි මෙකී නොකී වැඩ රාජකාරි කෙළක් ඇය සිදු කරමින් අධිකව වෙහෙසුනා ය.....දිනක් ඇය මහත් වෙහෙස වී කාමරයට පැමිණ පුටුවක් මතට ඇද වැටුනා ය....ඇගේ මුහුණ සහ දෙතොල් නිල්පහැ වී තිබිණි....වාසනාවකට ඉක්මනින් දොස්තර කෙනෙක් ගෙන්වාගෙන ඇයට හදිසි ප්‍රතිකාර ලබාදුනි.....
අසනීපයට හේතුව වී තිබුණේ ඉන්සියුලින් අධි මාත්‍රාවක් ලබාගැනීමයි.....ඇය දියවැඩියා රෝගයෙන් පෙළෙමින් වසර ගණනක් සිට ඇති අතර එය මගෙන් වසන්කොට සිට ඇත...ජිවිතේ කෙදිනකවත් නොවූ ලෙස මම එදින බිය උනෙමි....
ඇයගේ බෙල්ල කඩා වැටි තිබු අයුරු....මුහුණ සුදුමැලි වී තිබු අයුරු....ඇය වේදනාවෙන් පපුව අල්ලාගෙන සිටි අයුරු මගේ සිතේ හොල්මන් කරන්නට විය....ඇය ජිවත් වූයේ මා ජිවත් කරන්නටය....මා කෙදිනක හෝ උසස් පුද්ගලයෙක් වෙන අයුරු දකින්නට ය....එහෙත් ඇගේ සිහිනය සැබෑ වෙන්නට පෙර ඇය මෙලොව හැර ගියොත්....ඇය වසර ගණනක් අපමණ දුක් විඳ මා ලොකු මහත් කිරීම වෙනුවෙන් මට ඇගේ ජිවිතයට සාධාරණයක් කරන්න බැරි වුනොත් !
..යන සිතුවිල්ල මා මහත් බියට පත් කළේය....
මා ඉක්මන් විය යුතුව තිබිණි...මට වෙනත් මගක් නොවිණි....1938 වසරේදී මම ගුවන් හමුදාවට බැඳුනෙමි......මම මුලින් කියූ පරිදි රජය යුධ ප්‍රකාශ කළ දිනයේ ඇය මා බලන්නට පැමිණියේ ඇගේ හැරමිටියෙනි....ඈ අපගේ ගුවන් යානා දෙස සුපරික්ෂාකාරිව බැලුවාය....
"පුතේ ...මේ යානා වල යද්දී හරියට හුලන් වදිනවා...පුතාගේ උගුරෙ සෙම හැදෙයි.".....(එකල ප්‍රහාරක ගුවන් යානා වල තිබුණේ විවුර්ත නියමු කුටි ය - open cockpits)
මෙවන් අවධානම් මෙහෙයුම් වලදී උගුර සවුත්තු වෙලා බේරෙන්න පුළුවන් උනොත් ඒක ලොකු වාසනාවක් බව මම අම්මාට පෙන්නා දුන්නෙමි....එවිට ඇය සිනාසී මා දෙස බැලුවේ එය ප්‍රතික්ෂේප කරන බැල්මකිනි...."පුතාට කිසි දෙයක් වෙන්නෙ නෑ" ඇය කීවේ පරිපුර්ණ විශ්වාසයකිනි...
ඇගේ මුහුණෙන් පිළිබිඹු වූයේ උත්තුංග ආත්ම විශ්වාසයකි....හරියට ජිවිතයේ ඈ විඳි අපමණ දුක් ගැහැට වෙනුවෙන් දෙයිවය ඇගේ පුතාගේ මතු අනාගතය ගැන ඇයට සහතිකයක් ලබා දුන්නාක් මෙනි....
"නෑ අම්මේ....මට මුකූත් වෙන්නෙ නෑ....මම පොරොන්දු වෙනව"
"ඇය මදක් නොසන්සුන් විය....ඈ තුල යම්දෙයක් සිතට වද දෙන බව ඇගේ මුනෙන් පෙනිණි....
"පුතේ...ඕනනං පුතාගේ කකුල තුවාල වෙයි"...ඇය කීවාය...
අපි ජර්මනිය ආක්‍රමණය කරන්නට සති කිහිපයකට පෙර මට විදුලි පණිවිඩයක් ලැබිණි..."මවට අසනීපයි...වහාම එන්න"....
මම නිස් හි සාන්ත අන්තෝනි රෝහල වෙත උදයේම ළඟා උනෙමි....එහි යනවිට අම්මාගේ හිස කොට්ටයකට බර වී තිබිණි...ඇගේ දෙකොපුල් ගිලී ගොස් ය...මුහුණේ දිස් වූයේ දුක්ඛිත බවකි....අම්මාගේ ඇඳ අසල මේසය මත මම 1932 දී නිස් හි මේසපන්දු ශුරයා වීමෙන් ලද පදක්කම තිබිණි....
"පුතේ...පුතාට දැන් තනියට ගෑනු කෙනෙක් ගන්න කාලෙ හරි"
"ඒක ඉතිං කාටද අම්මෙ ඕන නැත්තෙ.." මම එබඳු පිළිතුරක් දුන්නා මතකය...
"ඔව්....ඒත් පුතාට ඒක අනිත් අයට වඩා අමාරු වේවි....ඒක මගේ වැරැද්ද"
අපි දෙන්නා කාඩ් සෙල්ලම් කළෙමු....ඇය වරින් වර මහත් වුවමනාවෙන් සුපරික්ෂාකාරී ලෙස මා දෙස බැලුවා ය....ඇය කිසියම් දෙයක් සැලසුම් කරන බව මට වැටහිණි...එහෙත් ඒ කුමක්දැයි තේරුම් ගන්නට මට හැකියාවක් නොතිබිණි....
මගේ නිවාඩු අවසන් විය...ඇගෙන් වෙන්ව යාම විස්තර කරන්නට මට වචන නැත....මම හොඳ මුහුණක් හදාගෙන අම්මා වෙත ගියෙමි...."ඉතිං...මම යන්නම්"....මම සිනාසී ඇගේ කම්මුල සිප ගතිමි.
..මට සිනාසෙන්නට කෙතරම් වෙර ගන්නට වුනාදැයි දන්නේ ඇය පමණි...මන්ද අම්මා ද එවෙලේ සිනාසුනේ එලෙසින්ම මහත් විර්යක් ගෙන බව මම දන්නා බැවිනි......
"මං ගැන බයවෙන්නෙපා....මට දැන් වයසයි පුතේ ...මම මේ වෙනකං කොහොමහරි අල්ලං ආවනේ....මට තව ටිකක් යන්න පුළුවන්....ඔය තොප්පිය ගලවපන්කෝ."
ඇය මගේ නළලේ කුරුසය ඇඳ "මං පුතාට ආශීර්වාද කරනවා" යයි කීය....
මම දොර වෙත ගොස් නැවත හැරී බැලුවෙමි...අපි දෙන්නම සිනාසුනෙමු....මට මද අස්වැසිල්ලක් දැනිණි....ඈ තුල තිබු ධෙය්ර්යයෙන් කොටසක් මා වෙතද ආරෝපණය වී තිබිණ...එම ධෙයිර්යය සහ අධිෂ්ටානය තවමත් මා තුල වියැකී ගොස් නැත...
ප්‍රංශයේ බිඳවැටීමත් සමගම මා රාජකීය ගුවන් හමුදාවට අනුයුක්ත කෙරිණි....මාගේ මවගෙන් මුල් වරට ලිපියක් ලැබුනේ මා එංගලන්තයට ගොස් නොබෝ දිනකිනි....ඒවා ස්විට්සර්ලන්තය හරහා මට ලැබීමට සලස්වා තිබුණේ ප්‍රංශ හමුදාපති "ඩි ගෝල්" භාරයේය... මම අවුරුදු තුනහමාරකට පසුව නැවතත් සුපුරුදු නීස් වෙත යනතුරුම දිනයක් වෙලාවක් සඳහන් නොවුණු මෙම ලිපි මා පසු පස සෑම තැනකටම එමින් සෑමවිටම මා අස්වැසුවා ය....
අවුරුදු තුනහමාරක් පුරාවට මේ ලියුම් මා තුලට අම්මාගේ ජීවන හුස්ම ලබාදෙමින් මා ජිවත් කළා ය...
එලෙසින් මට වඩා මුහුකුරා ගිය අධිෂ්ටාන ශක්තියක් මා හට ධයිර්යය ලබා දුන්නා ය....මට වඩා බොහෝසෙයින් උත්තුංග වූ අම්මාගේ ශක්තිය මුසුකොට මා වෙත ලියා එවූ ලිපි මගේ ප්‍රාණනාලිය වෙමින් මා ජිවත් කළා ය....
"මගේ ආදරණීය රත්තරං පුතේ..." ඇගේ ලිපි ආරම්භ වුණේ එලෙසිනි....
"අපි පත්තර කියවනවා...බොහොම ආඩම්බරයෙන් සහ අභිමානයෙන්....පුතාල කරන වීරකම් ගැන....පුතාගේ යානා කොලොන්, හැම්බර්ග්, බ්රිමන් වගේ සතුරු දේශ උඩින් පියාඹගෙන යද්දි සතුරෝ බයේ ගැහෙනවලු."
ඇගේ සිතේ මා ගැන පහල වන අදහස් තේරුම් ගැනීමට මට අපහසු වූයේ නැත....රාජකීය ගුවන් හමුදාව කරන සෑම මෙහෙයුමකදීම මා පෙරමුණේ ගමන් කර ඇත.....සතුරන් වෙත එල්ල කෙරුණු සෑම බෝම්බ ප්‍රහාරයක්ම මගේ මෙහෙයවීමෙන් එල්ල කර ඇත....සෑම යුධ පෙරමුණකම මම ඉදිරියෙන් ගමන් කරයි...මා දුටු විට සතුරන් බියෙන් ගැහෙයි.....රාජකීය ගුවන් හමුදාවෙන් බිම හෙලන සෑම ජර්මානු ගුවන් යානාවක්ම බිම හෙළා ඇත්තේ ඇගේ පුතා විසිනි.....
අම්මා එළවලු ගේන්න ගිය පොළේ පිරිස මගේ නම කියල ජය ගෝෂා කරනවලු.....
කල් යත්ම ඇගේ ලියමන් එන්න එන්න කෙටි වන්නට විය....ඒවා කලබලයෙන් පැන්සලෙන් ලියන ලද කුරුටු බලි මෙන් ඇතැම්විට කියවීමට පවා අපහසු විය....ඇතැම්විට මට ලියුම් හතරක් පහක් එකවිට ලැබුණු අවස්ථා ද විය....කෙසේ වුවද ඇය සුවෙන් සිටියා ය...ඇය නිසි වෙලාවට ඇගේ බෙහෙත් ලබාගත්තා ය...
"මගේ රත්තරං පුතේ...මට පුතා ගැන හරි ආඩම්බරයි පුතේ...." ඇය නිරන්තර ව කිවා ය...
ඇගේ ලියුම් වලින් යම් සැකයක් ඇති නොවුනත් ඇගෙන් අලුතෙන්ම ලැබුණු ලියුමේ වූයේ ශෝකජනක බවකි....
"ආදරණීය පුතේ......මම පුතාගෙන් බැගෑපත්ව ඉල්ලනවා මං ගැන හිතන්න එපා කියල....මං ගැන වද වෙන්න එපා කියල....දිරිමත් වෙන්න....මතක තියාගන්න...පුතාට තවදුරටත් ජිවත් වෙන්න මාව අවශ්‍ය නෑ....පුතා දැන් ලොකු මිනිහෙක්...පුතාට දැන් පුතාගෙම දෙපයෙන් හිටගන්න පුළුවන්....ඉක්මනට විවාහයක් කරගන්න...මගේ සෞඛ්‍ය තත්වය යහපත්....දොස්තර මහත්තය මට හොඳට සාත්තු කරනව....එයත් පුතාට සුබ පතන්න කිව්ව....ශක්තිමත් වෙන්න...මම බැගෑපත් වෙනවා...ධයිර්යමත් වෙන්න....අම්මා."
මගේ සිතට මහා බරක් දැනෙන්නට විය....කුමක් හෝ වරදක් ඇත....ඒ ලියුමේ නොකී යමක් ඇත....එහෙත් ඇය ජිවත් වීමම මට ප්‍රමාණවත් විය....ඒ නිසා හැකි ඉක්මනින් මගේ රාජකාරි සම්පුර්ණ කොට නැවත අම්මා බලන්නට යාමේ අභිප්‍රාය දිනෙන් දින ශක්තිමත් විය....
මිත්‍ර හමුදා ගොඩ බැසීමත් සමග අම්මාගෙන් ලැබෙන්නට වූ ලියුම් වල වඩාත් නිරවුල් සහ සතුටුදායක බවක් ගැබ්ව තිබිණි....හරියට අපේ ඉලක්කය දෑස් මානයට පැමිණ ඇති බව ඇයට දැනුනාක් මෙනි....ඒ අතර ඇගෙන් මට තවත් විශේෂ ලියුමක් ලැබිණි....ඒ තුල ගැබ්ව තිබුණේ ආදරය මුසු වේදනාවක් ද ආයාචනයක්ද ....සමාව ඉල්ලිමක් දැයි මට තේරුම් ගැනීමට අපහසු විය....
"මගේ ආදරණීය පුතේ....අපි දැන් අවුරුදු ගානක් තිස්සෙ වෙන් වෙලා...මම හිතනවා දැන් පුතාට මම නැතුව ඉන්න පුරුදු ඇති කියල....කොහොමත් පුතේ මම හැමදාම මේ ලෝකෙ ඉන්නෙ නෑනෙ....මතකතියාගන්න...මට කවදාවත් එක අල්ප මාත්රයකින්වත් පුතා ගැන සැකයක් තිබිල නෑ...පුතා නැවත ආවම මම හිතනවා හැම දෙයක්ම තේරුම් අරගෙන මට සමාව දේවි කියල...මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ පුතේ..."
අම්මට මගෙන් සමාව ඉල්ලන්න තරං අම්ම කරල තියෙන වැරැද්ද මොකද්ද ? මම කෙතරම් කල්පනා කරත් මට හේතුවක් සිතාගත නොහැකි විය...
පැරිසිය දැන් මුදා ගැනීමට ඉතාම ආසන්න තත්වයේ තිබිණි....මගේ අදහස වූයේ ඉක්මනින් දකුණු ප්‍රංශයට පැරෂුටයක් අධාරයෙන් ගොඩබැස එහි හමුදා සමග එක්වීමයි....හැකි ඉක්මනින් ගෙදර යාමට තිබූ නොඉවසිල්ල නිසා මගේ ලේ රත් වී තිබිණි.... මා පුල පුලා බලා සිටි අවස්ථාව බලාපොරොත්තු වුනාට වඩා ඉක්මනින් උදා විය....මට නැවතත් මගේ අම්මා ළඟට යන්නට දැන් හැකි ය...
මම ගෙදර බලා මහත් උද්යෝගයෙන් පැමිණෙමින් සිටියෙමි...මගේ පපුව මත කොළ සහ කළු වර්ණයෙන් අලංකෘත ගුවන් හමුදා කුරුසය පැළඳ තිබිණි....ඊට ඉහළින් තවත් පදක්කම් හයක් පමණ දිදුලමින් ඇත...නිලධාරි පටි මගේ උරහිස් මත අභිමානවත් ව ඇත...අලංකාර කළුපැහැති නිල ඇඳුමින් මම සැරසී හමුදා තොප්පිය මදක් ඇහැ දෙසට පහත් කර ...නිකට ඔසවා .පපුව ඉදිරියට දමා ..මම මහත් අභිමානයෙන් මගේ අම්මා බලන්නට ගියෙමි...මම වැඩිපුරත් එක්ක සැර පෙනුමක් ආරෝපණය කරගත්තෙමි ..
..ඈ මා මෙලෙසින් දුටු විට කෙතරම් සතුටු වනු ඇද්ද ...
.හමුදා සේවය අතරතුර මවිසින් ලියන ලද නවකතාවක ප්‍රංශ සහ ඉංග්‍රීසි පිටපත් මගේ මල්ල තුල තිබිණි...බලාපොරොත්තුවෙන් මගේ මුළු සිරුරත් සිතත් පිරී ඉතිරී තිබිණි....
මගේ කතාවේ අවසන් කොටස මම සම්පුර්ණ කරන්නෙ ලොකු වේදනාවකිනි....
අප නැවතී සිටි පැරණි හෝටලයට ගිය විට මාව පිළිගන්නට එහි කිසිවෙක් සිටියේ නැත.....
එහි සිටි කිසිවෙක් මගේ මවගේ හැඩහුරුකම් සහිත වයසක කාන්තාවක් ගැන යන්තමට අසා තිබුණත් ඇය සිටි තැනක් ගැන දැන සිටියේ නැත ...
මගේ අම්මා මීට අවුරුදු තුනකුත් මාස හයකට පෙර මෙලොව හැර ගොස් තිබිණි....එහෙත් ඇය නැති බව දැන දැන මට යුධ බිමේ දෙපයින් නැගී සිටීමට වාරු නැති බව ඇය දැන සිටියා ය...ඇගේ ශක්තිය මට අවශ්‍ය බව ඇය දැන සිටියා ය...ඒ අනුව අම්මා සියල්ල සැලසුම් කර තිබිණි....
අම්මා මිය යන්නට පෙර අවසන් දින කීපයේදී ඇඳේ සිට ඇය මා වෙනුවෙන් ලියුම් 250 කට ආසන්න ගණනක් ලියා ඇත...පසුව අම්මා ඒවා ඇගේ ස්විට්සර්ලන්තයේ සිටින මිතුරියක වෙත යවා ඇගෙන් ඉල්ලා ඇත්තේ කාලයෙන් කාලයට ඒවා මා වෙත තැපැල් කරන ලෙසයි...එවිට ඇය ජිවතුන් අතර නොසිටියත් මා නැවත එනතුරු මගේ ලොව තුල ඇය ජිවතුන් අතර සිටිනු ඇත .. එදා මම අවසන් වරට ඇය බැලීමට ගිය දිනයේදී අම්මා මෙය සැලසුම් කරන්නට ඇත....
ඉතිං මගේ අම්මා මෙලොව හැරගිහින් අවුරුදු තුනකට වඩා කාලයක් ගත වී තිබුණත් යුධ බිමේදී මා සමගම සිටිමින් ඇගේ ශක්තිය ..ආදරය සහ උණුසුම මට මෙසේ ලබා දෙමින් මා අසළම සිටියා...ඇය ජිවතුන් අතර නොසිටියත් අම්මාගේ සෙනෙහස මම ළගින්ම ජීවත්ව ඉඳිමින් මාව ජිවත් කලා ආරක්ෂා කළා............
මේක මම පරිවර්තනය කරේ Reader's Digest සඟරාවේ 1962 අප්‍රේල් කලාපයේ පළවුණු "Courage and Farewell" කියන ලිපියෙන්....හිතට බොහොම තදින් දැනුණු නිසා ඔයාල එක්ක බෙදාගන්න හිතුනා....(අසංක්ෂිප්ත පරිවර්තනයක්)

Last edited:

BUMP