අම්මා

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    මුලින්ම මම උබලගෙන් ඉල්ලන්නෙ විනාඩි 2 ක් වෙන් කරල මේක කියවපල්ල බන් :dull::dull:


    552675_470556626290013_1813176384_n.jpg



    මොන මගුලක්ද :P

    මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ.. :growl::frown:


    ඔබ එන්න සුළඟේ දැවටිලාමම ඉන්නෙ ඔබ දැන් එයි කියා
    :love::love::love::love:

    ඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.:baffled:

    මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ..මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..
    හරිනෙ බොලේ දැං මතක් උනේ..අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ.පරක්කු උනොත් වසල හමාරයි..මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව.. :oo:

    අම්මේ..අම්මේ නැගිටින්න..මට අද පංති
    උදේ පාන්දරම අම්මට බොරුවක් කියල නැගිට්ටෙව්ව..:rolleyes:


    මූන කට සෝදන් ලෑස්ති වෙලා අම්ම උයල තිබුන කිරි හොද්දයි බතුයි එක්ක බත් ටිකක් ගිල්ල ටක් ගාල..
    හවස් වෙනවද පුතේ එනකොට ?
    ඔව් අම්මෙ,හවස 5ටනෙ ඉවර වෙන්නෙ
    එහෙනම් ඉන්න පුතේ.මං ටක් ගාල තව එළවලුවක් රත් කරල දවල්ට කන්න බත් එකක් බඳින්නම්.. ඔය කඩවල ජරාව කන්න හොඳ නෑ මේ දවස්වල මට මුකුත් කියන්න ඉඩක් නොතියම අම්ම උයන්න ගියා.:dull:.

    කීක් කීක් කීක් කීක්
    patio,api ada lunch eka florance cafe 1n ganimu..welawata
    anna.nathnam mm yanawa..ummmmmmma.


    හරිනෙ ඉතිං.අදත් අම්මගෙ බත් එක විසි කරන්න තමයි වෙන්නෙ.. දවල් කෑමටත් සුපිරි වියදමක් යාවි..මං හැදුවෙ අද කෙල්ලත් එක්ක ෆිල්ම් එක බලන්න.නැහෙම උනොත් සල්ලි මදි වෙනවනෙ..
    අම්මේ අද පංතියට සල්ලි ඕන.. තුන්වෙනි සතියනෙ.කාඩ් ගන්නෙ නැතුව ඇතුලට යන්න දෙන්නෙ නෑ :rofl::rofl:

    සල්ලි නෑ පුතේ..හෙට පොලේ යන්න රුපියල් 1000 ක් ඇති.එහෙනම් ඒකවත් ගෙනියන්න.මොනව කරන්නද ? :dull::dull:

    හ්ම්ම්ම් එහෙනම් ඒකත් හරි මම ආපහු ලෑස්ති වෙන්න කාමරේට ආව.. හෙයා ක්‍රීම් ටිකක් ගාල කොන්ඩෙ කෙලින් කරා.. කෝ මේ සෙන්ට් බෝතලේ ? කෙල්ල පපුවට තුරුල් වෙලා ෆිල්ම් එක බලද්දි ගඳ ගැහුවොත් හද්ද නෝන්ඩියනෙ..මම කණ්නාඩියෙන් පේන මගේ ප්‍රතිබිම්බය දිහා බලං මහ වනචර හිනාවක් දැම්ම.. :rolleyes:

    අනිත් උන් කෑලි එක්ක රූම් ගානෙ යනව නම් මම ෆිල්ම් එකක් බැළුවම මොකද? මම මූණ එක එක විදියට හැදුව කණ්නාඩියෙන් බලං..මම කණ්නාඩියෙ මට විරිත්තුවඌත් මට විරිත්තුව..මම එරෙව්ව..ඒත් මූ විරිත්තන්ම ඉන්නව.. :rofl::rofl:

    මොකක් ? මම දිව ඇද්දා.ඒත් කණ්නාඩියෙ මම ඉස්සෙල්ල විදියටම විරිත්තන් ඉන්නව..
    මොකද උඹ මට විරිත්තන්නෙ ?
    මම කණ්න්නඩියෙ ඉන්න මගෙන් ඇහුව..
    නෑ.. මට උඹ දැක්කම හිනා ගියා
    ඒ මොකද උඹ මට හිනා වෙන්නෙ ?
    උඹ නපුංසකයෙක්
    මොකක් ? ගහනව මූසලය කුඩු වෙන්න..මගේ කෙල්ලගෙන් අහපන් මම කවුද කියල
    උප්පැන්නෙ පුරුෂ කියල තිබුනට, ඔය පිරිමි අවයවේ තිබුන කියල උඹ මිනිහෙක් වෙන්නෙ නෑ

    :yes::yes::yes:

    මොකක්ද උඹ කියන්න හදන්නෙ ? බණක් නම් සොරිම තමයි.මට ඕවට වෙලා නෑ.මං එනකම් කෙල්ල බලං ඉන්නව
    ඉතිං පලයං..හැබැයි යන්න කලින් මෙකත් අහපං..උඹ අර අහිංසක අම්මට බොරු කරනවට උඹට හෙන ගහනව..ඒ මනුස්සය හිතන් ඉන්නෙ උඹ පංති ගිහින් හොඳට ඉගෙන ගන්නව ඇති කියල..තමන්ගෙ දරුව මහන්සි වෙලා පවුල ගොඩ දාවි කියල.ඒත් උඹ උඹේ පවුල එක්ක ෆන් ගන්න යනව.කවද හරි තේරෙයි උඹට..ඒත් එදාට අර අහිංසක අම්ම විඳවල මැරෙයි උඹ වගේ කාලකණ්නියෙක් බිහි කරපු වරදට..ලැජ්ජ නැද්ද මිනිහෝ,ගෙදර උන් කිරි හොද්දයි බතුයි කනකොට උඹ කොහෙවත් ඉන්න එකියක් එක්ක ෆයිඩ් රයිස් ගිලිනව. උඹට වදපු අම්මට රහට කන්න ටිකක් දෙන්න බැරි උනා..:rolleyes:


    තරුණ කාලෙ එහෙම තමයි..ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයිනෙ
    ඔව් වැරදි නෑ..ඒත් පිට උන්ට ලව් කරන්න කලින් තමන් වදපු අම්මට ලව් කරපං.. උඹ කෙල්ල එක්ක රංඩු උනාම ඒකිගෙ මූන ලෙව කකා හුරතල් කරනව..ඔලුවෙ අත තියල දිවුරල පොරොන්දු දෙනව.අහස තරන් ආදරෙයි කියනව.මට කියපන් කවදද උඹ් තමන්ගෙ අම්මගෙ මූන ඉඹල මහෙ රත්තරං අම්මට මම ගොඩක් ආදරෙයි..මම අම්මගෙ හැම හීනයක්ම හැබෑ කරනව කියල කිව්වෙ ? කවදාවත් උඹ එහෙම කියල නෑ..ඇයි උඹට අම්මගෙ රැලි වැටුන වයසක මූන ඉඹින්න අප්පිරියද ?
    පිස්සුද ? ඒ පොඩි කාලෙ අම්මලව ඉඹින්නෙ..දැන් ඕව කරන්න ලැජ්ජ නැද්ද ? :dull:


    එතකොට දැන් ඉඹින්න ඕන කෙල්ල්ලොන්වද ? අනේ පලයං බං යන්න.. උඹල කොල්ලොත් එක්ක බෝතලයක් බිව්වම තමයි වීරයො.ගෙදර උන්ට බොරු සේරම කියල තියෙන තුට්ටු දෙකත් හොරකන් කරන් එක්කො කෙල්ලො එක්ක ෆන් ගන්න කියල යයි,නැත්නම් කොල්ලොත් එක්ක සෙට් වෙයි.ඕකනෙ උඹ්ලගෙ ජීවිතේ..උඹලගෙ ලෝකෙ වීරයො කොහෙ හරි ඉන්න තව රස්තියාදු කාරයෙක්,නැත්නම් බේබද්දෙක්..මිනිහො දහ දුක් විඳල උඹලට කන්න අඳින්න දෙන,උඹලට ෆන් ගන්න සල්ලි හොයල දෙන උඹගෙ තාත්තව උඹට ඈණයක්.. උඹව වලට ඇදල දාන කොල්ලො සෙට් එක උඹට බොක්කට වඩා වටිනව නේ.. අනිත් එක උඹේ ඔය ගෑණි.හැදිච්ච කෙල්ලෙක් නම් කොච්චර ලව් කරත් ඕවයි රිංගන්න එන්නෙ නෑ.. උන් ලව් කරන්නෙ හදවතින්.. කොල්ලට පොඩි ආතල් එකක් දීල ඌ හිඳෙනකං නැති කරන ගෑණුන්ට කියන්න වෙන නමක් තියෙනව
    කට වහපං..තව වචනයක් හරි එයාට කිව්වොත් ම්ං තෝ මරණව
    -ඇයි උඹට දුකයිද ?

    උඹට මාව මරන්න බෑ.මොකද මං උඹේ හෘද සාක්ෂිය. උඹට තමන්ගෙ හෘද සාක්ෂියට මරන්නත් බෑ.බොරු කරන්නත් බෑ.. තේරුම් ගනිං.ඔය වගේ කෙල්ලෙක් එක්ක කොහොමද අවුරුදු 50 ක් 60ක් එකට ජීවත් වෙන්නෙ.. අනික උඹ මොනව කිව්වත් ඕකි නරක කෙල්ලෙක්..තමන්ගෙ හැඟීම් දැන් පාලනය කර ගන්න බැරි නම් කොහොමද උඹව බැන්දම පාලනය කර ගන්නෙ ? සාර්ථක ජීවිතයක් ගෙනියන්න පූලූවන්ද ඔහොම කෙනෙක් එක්ක?
    :baffled::baffled:

    මං දන්නෑ. උඹ මාව පිස්සු වට්ටවනව
    පිස්සු හැදෙන්නෙ උඹ තනි උන දවසට.අම්ම,තාත්තට පූළුවන් කාලයක් උඹට කන්න දෙයි. ඊට පස්සෙ කොහොමද උඹ කන්නේ ? යාළුවො ගෙනත් දෙනවද ? ඔය කෙල්ල හම්බ කරල දෙනවද ? නෑ උඹට එදාට කවුරුවත් නෑ.. එදාට තනියම විඳවන්න වෙනව උඹට.. හොරකම් කරල හරි මංකොල්ල කාල හරි තමයි ජීවත් වෙන්න වෙන්නෙ එදාට.. බල්ලෙක් වගේ පාරක මැරිල යන්න තමයි වෙන්නෙ..
    :nerd::nerd:
    දැන් වත් හැදියන්.. තාම පරක්කු නෑ.. මිනිහෙක් වෙයන්..නියම පිරිමියෙක් වෙයන්.. උඹේ දහඩිය මහන්සියෙන් හම්බ කරල ඒකෙන් ගෙදර මිනිස්සුන්ට බඩ පිරෙන්න කෑම වේලක් අරන් දියන්.. එදාට මං පිලි ගන්නම් උඹ නියම පිරිමියෙක් කියල..
    මං ගෙදර මිනිස්සු ගැන හිතන්නෑ කියලද උඹ කියන්නෙ ?
    කොල්ලෙක් අම්ම මතක් කරල කුණුහර්පයක් කිව්වම ඌත් එක්ක මරා ගන්න එකට නෙවෙයි කැක්කුම කියන්නෙ.. උඹ එයාටල ඇත්තටම ආදරේ නම් ඒක ඔප්පු කරපං.. නැත්තන් උඹේ අම්ම තාත්ත මැරුණම පාංසුකූලෙ දෙන්නවත් උඹට බැරිවෙයි..
    :yes::yes:

    ඇති..ඇති..දැන් හොඳටම ඇති..නවත්තපං ඕක
    මම බිත්තියෙ එල්ලල තිබුන කණ්නාඩිය ගලවල අරං පොළවෙ ගැහුව..ඒක පොඩි පොඩි කෑලිවලට කැඩුණ..ඒ අතරින් මගේ රූපයත් බොඳ වෙලා පෙනුන..:angry::angry::angry::angry:

    මොකක්ද පුතේ බිඳුනේ ? හා කණ්නාඩිය කුඩු වෙලා නේ ද ? ඉන්න මං අස් කරන්නම්.පුතා දැන් යන්න,පරක්කුත් වෙලානෙ.මෙන්න බත් එක
    අම්ම බිඳුන කණ්නාඩියෙ කෑලි ඇහිදීනව..ඒ අතරෙ මගේ ෆෝන් එකත් රිංග් වෙනව..මං ෆෝන් එක ඕෆ් කරා..
    අම්මෙ මගේ ඔළුව රිදෙනව. අද යන්න බෑ :dull:



    මේක ලිව්ව එකාට ගොඩක් ස්තුති වෙනව අපිත් මෙහමයි නේද අද ඉදන්වත් හැදෙන්න බලපියව් :angry:
    :yes::dull::dull::oo::frown::nerd::growl:


    අම්මා කියන ගැහැනිය මේ ලෝකෙ කොහෙන්වත් අපට හොයගන්න බැහැ ඒක අපට තෙරුම් යන්නෙ අම්මා නැති වුන දවසටයි:yes::yes::yes::yes::D:D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ළමයි කියන්නෙ අම්මලා තාත්තලගෙ අවයවක් නෙමෙයි බන් :no::no:



    කොහොමවුනත් ++රෙප්ස්
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    bokkenma kiyanne pattai..Mamanam kohomath ammata aadre wadi chrithayak..amma kiyana eey uthum wasthuwa kawda kiyala mma hodata therum aran inne (eekai mata pana wage love karapu kellawath epa kiwwe amma epa kiwwa nisa...eeke hoda prathipalath mama dan dakka..kello jathiyanam wishwasa karannama epa bolaw) ape amata mama boru karanne naha mokada lokaye lokuma papayen ekak apiwa wadhapu amata api wancha karanwa kiyanne.eyalage hitha asathutin api karana oonama deyak kawadaawath hari yanne naha.eeka 1000000%kma gurantee.kawadawathma ammata nam dukak denna epa machanla..eey pawa api jeewitha kaaletama widhinna wenawa. +rep watinaama thread ekakata
     
    • Like
    Reactions: 1118lakmalkumara

    sisisumee

    Member
    Jul 18, 2012
    22
    2
    0
    with ek friends
    me kiyana kathawa nam math godak wishwasa karana deyak. e mage athdekeemak nisa. man jeewithetath wada adare karapu boy mawa rewettuwa. adare karana kale eya try kale mawa ammagen eeth karanna. eth antimata eya mawa ath eriya. wenasak une nethiwa adath eda wagema denenne ammage adare thamai. man den puluwan welawata ammage weda karala denawa. man ammata me kathawe wage boru godak nokala eka gena ada sathutu wenawa. eth kisima hethuwakata jeewithedi dennekuta adare karnne ne kiyala man gaththu theerane nisa kellek gedarakata barak kiyana wedanawen amma hemadatama windawanawa. eth monawa karannada?
    :(:(:(
     
    • Like
    Reactions: wijendra

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    me kiyana kathawa nam math godak wishwasa karana deyak. e mage athdekeemak nisa. man jeewithetath wada adare karapu boy mawa rewettuwa. adare karana kale eya try kale mawa ammagen eeth karanna. eth antimata eya mawa ath eriya. wenasak une nethiwa adath eda wagema denenne ammage adare thamai. man den puluwan welawata ammage weda karala denawa. man ammata me kathawe wage boru godak nokala eka gena ada sathutu wenawa. eth kisima hethuwakata jeewithedi dennekuta adare karnne ne kiyala man gaththu theerane nisa kellek gedarakata barak kiyana wedanawen amma hemadatama windawanawa. eth monawa karannada?
    :(:(:(

    අම්ම ගැන මේ කියලා තියෙන දේවල් ඇත්තනම්.. දරුවෙක් පවුලකට බරක් වෙන්න විදියක් නෑ...

    So mother's love just a fantasy
    :D:D
     

    sisisumee

    Member
    Jul 18, 2012
    22
    2
    0
    with ek friends
    අම්ම ගැන මේ කියලා තියෙන දේවල් ඇත්තනම්.. දරුවෙක් පවුලකට බරක් වෙන්න විදියක් නෑ...

    So mother's love just a fantasy
    :D:D

    methanadi barak kiwwe kanna deela bala ganna eka gena newei. amma kenek hithanne eya nethi dawasata daruwa thani wenawa neda kiyana de genai. mage ammath duk wenne e gena thamai. e wagema genu daruwekuta arakshawa sapayana eka ada kale amaru nisai wayasaka demawpiyo genu daruwanwa barak kiyala salakanne. ehema nethiwa loke kata epa unath amma kenekuta kawadawath daruwek epa wenne ne. daruwo wisi karana ammala ada kale innawa thamai. eka samasthayak widiyata ammalage heti newei.
     
    • Like
    Reactions: 1118lakmalkumara

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    :yes:

    මම කිවුවෙ දෙමපියන්ට ලමයින්ගෙ ජීවිත පාලනය කරන්න අයිතියක් නෑ කියන එක


    උබ හරි ශෝක් පුතෙක් බන්
    අයිතියක් නම් නැ තමයි. ඒත් අයිතියක් තියෙනව වගේ ඉදහන්.
     
    • Like
    Reactions: 1118lakmalkumara

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    දෙමව්පියන්ගෙ ලෝකය

    :yes:

    මම කිවුවෙ දෙමපියන්ට ලමයින්ගෙ ජීවිත පාලනය කරන්න අයිතියක් නෑ කියන එක
    නෑ...මචං....
    ඒක පට්ට වැරදි අදහසක්.:no:
    දෙමව්පියන්ට දරුවො තමයි එයාලගෙ ලෝකය.
    කෙල්ලගෙ ආදරය වෙනුවෙන් දෙමව්පියන්ගෙ ලෝකය විනාශ කරන පව ගෙවන්න කාලයක් එනවා.
    ගොඩක් කෙල්ලො කොල්ලා ලවා කරවන්නෙත් ඒකම තමයි.
    ඒ උනාට කෙල්ලට ඕන විදිහට පාලනය වෙලා දෙමව්පියන්ට දුන්න දුක කොහොම වෙන්න ඇතිද කියලා දැනගන්න වෙන්නෙ තමනුත් දෙමව්පියන් වෙන දවසක තමයි.
    සමහර විට ඒ වෙනකොට ගොඩාක් ප්‍රමාද වෙලා ඉන්නත් පුළුවන්.
    හොඳ දෙයක් හරි විදිහට පහදලා දෙන්න පුළුවන් නම් ඕනම දේකට දෙමව්පිය ආශීර්වාදය නොලැබී යන්නෙ නෑ.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෑ...මචං....
    ඒක පට්ට වැරදි අදහසක්.:no:
    දෙමව්පියන්ට දරුවො තමයි එයාලගෙ ලෝකය.
    කෙල්ලගෙ ආදරය වෙනුවෙන් දෙමව්පියන්ගෙ ලෝකය විනාශ කරන පව ගෙවන්න කාලයක් එනවා.
    ගොඩක් කෙල්ලො කොල්ලා ලවා කරවන්නෙත් ඒකම තමයි.
    ඒ උනාට කෙල්ලට ඕන විදිහට පාලනය වෙලා දෙමව්පියන්ට දුන්න දුක කොහොම වෙන්න ඇතිද කියලා දැනගන්න වෙන්නෙ තමනුත් දෙමව්පියන් වෙන දවසක තමයි.
    සමහර විට ඒ වෙනකොට ගොඩාක් ප්‍රමාද වෙලා ඉන්නත් පුළුවන්.
    හොඳ දෙයක් හරි විදිහට පහදලා දෙන්න පුළුවන් නම් ඕනම දේකට දෙමව්පිය ආශීර්වාදය නොලැබී යන්නෙ නෑ.

    ඔය දෙක දෙකක් බන් කොහොමටවත් සමාන කරන්නවත් එකක් හොඳයි අනික නරකයි කියන්නත් අයිතියක් නෑ,
    :D