අම්$#! හු@#$% ප්‍රමුඛතා මංථීරුව

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    avatar510186_4.gif
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව කරන්න කලින් ලන්කාවේ මාර්ග පද්දතිය දියුනු කරන්න ඕනේ.. අනික පොදු ප්‍රවාහන සේවය.. සල්ලි තියන එකා කොහොම උනත් කාර් එකේ තනියම එනවා.. බස් වල යන මිනිස්සුන්ටවත් හොදක් වෙනවනම් එච්චරයි :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේක හොද වෑඩක්. අඩුපාඩු හදාගෙන ටික ටික ගොඩ දාන්න තියෙන්නේ. දියුනු හෑම රටකම මේ වගේ බස් ලේන් වෙන් කරල තියෙනව. පොදු ප්‍රවාහනය දියුනු වෙන්න මේ වගේ දේවල් ඔනේ
     
    • Like
    Reactions: dilann

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,934
    16,954
    113
    Colombo
    මේක හොද වෑඩක්. අඩුපාඩු හදාගෙන ටික ටික ගොඩ දාන්න තියෙන්නේ. දියුනු හෑම රටකම මේ වගේ බස් ලේන් වෙන් කරල තියෙනව. පොදු ප්‍රවාහනය දියුනු වෙන්න මේ වගේ දේවල් ඔනේ

    Ethkota BUS witarada pare yanne? anith wahana yanne udin da? :P:P:P:P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    වැඩේ හොඳයි හැබැයි පාරවල් තව ගොඩක් ලොකු වෙන්න ඕන. මොකද වෙන රටවල් වල බස් ලේන් එකත් එක්ක එක පැත්තකට ලේන් 5ක් තියෙනව බස් ලේන් එකට එකයි අනික් වාහන වලට 4යි. ඒත් අපේ එක පැත්තකට තියෙන්නෙ ලේන් 2යි. එතකොට ඕක අසාර්තක වෙන ප්‍රතිශතේ වැඩී.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වැඩේ හොඳයි හැබැයි පාරවල් තව ගොඩක් ලොකු වෙන්න ඕන. මොකද වෙන රටවල් වල බස් ලේන් එකත් එක්ක එක පැත්තකට ලේන් 5ක් තියෙනව බස් ලේන් එකට එකයි අනික් වාහන වලට 4යි. ඒත් අපේ එක පැත්තකට තියෙන්නෙ ලේන් 2යි. එතකොට ඕක අසාර්තක වෙන ප්‍රතිශතේ වැඩී.[/QUOT

    ලේන් දෙක තියෙන පාරවල් වලත් බස් වලට ප්‍රමුකතාවය දෙනව. පාරවල් ලොකු වෙන්න ඔනේ. ඒත් තියෙන ඉඩත් හරියට පාවිච්චි නොකරන් එකයි ප්‍රශ්නේ. Google search එකක් දාලා බලපන් කොහොමද වෙන රටවල බස් ලේන් තියෙන්නේ කියල.
     
    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    271
    63
    වීදුරු කාමර වල ආතල් ගන්න පොලිඉසියේ ඉන්න මෝඩ යක්කු මැති ඇමතිලාට පෙනෙන්න වැඩ දානවා. එත් ඒවා ප්‍රයෝගික නැහැ. ඒවායෙන් දුක් විදින්නේ අහිංසක මගී ජනතාව. ඕවා හරි යන්නේ නැහැ. ගුවන් පාලම් වගේ වෙනත් රටවල් බාවිතා කරන ප්‍රායෝගික ක්‍රම වලට යන්න ඕන.
    :dull::dull::dull::dull::dull::dull::dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෑ ගහලා වැඩක් නෑ බන්. ඔය මංතීරුවෙ පරමාර්ථය කාර් එකේ වැඩට යන එකාට කාර් එක එපා කරවලා උන්වත් බස් එකට යොමු කරන එක.

    මගේ යාළුවො දෙන්නෙකුත් කිව්වා බස් නම් ඉක්මන් කියලා. හැබැයි කාර් වලට යන්න අමරු ඇති. ත්‍රීවීල් වලටත් මොනා හරි නීතියක් දානවනම් ගොඩක් වටිනවා

    හරිහමන් බස් සේවයක් තියෙනවනම් මිනිස්සු වාහන වල යන්නේ නෑ බන්.ඔය බස් එකක ගිහින් බැහැපුවාම ඇඟේ කෑලි ටික තියෙනවද,කලිසම තියෙනවද ,ශර්ට් එක තියෙනවද කියලා බලන්න ඕනි.බහිනකොට කලිසම කොහෙවත් ශර්ට් එක කොහෙවත් බෙල්ට් එක තව කොහේවත්.ඒකයි මිනිස්සු අමාරුවෙන් හරි වාහනයක් අරන් යන්නේ.අඩුම තරමේ AC බස් එකක්වත් තියෙනවද අතරමගින් නගින මිනිහෙකුට ඉඳගෙන යන්න පුලුවන් විදියට?ඒවත් ඔෆිස් ටයිම් වලට ෆුල් ලෝඩ්.ඔන්න ඕවත් හැදෙන්න ඕනි.එතකොට මිනිස්සු වාහන දාලා බස්වල යයි.
     
    • Like
    Reactions: aggregate and gnome

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795

    උබ කියන කතාව ඇත්ත. ගොඩක් පැතිවලට ac බස් නෑ. ඒත් කමක් නෑ සාමාන්‍ය බස් එකක වත් කිසිම නිදහසක් නෑ. ඔෆිස් ටයිම් එකේ හිටගෙන ගියොත් උබ කිව්ව ප්‍රශ්න ඔක්කෝම තියෙනවා. ඒ කට්ට නම් දැන් පුරුදුයි. ඒ විතරක් නෙවෙයි විනාඩි 20 ගමන පැයටත් වඩා යනකොට ඇඟේ දාන දහඩියයි පට්ට රස්නෙයි රස්තියාදුවයි වටිනාකාලයයි ඔක්කෝම ඉතිරියි බස් ටික ඉක්මන් උනොත්. ඒ නිසයි මම මේ ක්‍රමය අනිත් පැතිවලටත් දානවට කැමති. කාර් වල යන්න එකම හේතුව උබ කියපු ශාරීරික අපහසුතා විතරක්ම නෙවෙයි. සමහර උන් ඉන්නවා හෙන මහන්තත්ත සීන් එකෙන් ඉන්නේ. අල්ලපු ටේබල් එකේ එකා කාර් එකෙන් එද්දි බස් එකේ යන්න ටිකක් අවුල් වගේ උන්ට. එහා ගෙදර එකා වාහනෙන් යද්දි හෝල්ට් එකේ බස් එකට අතපාන්න අවුල්. අපි නොසලකා හැරියට ඕවත් හේතු තමා.

    කාර් තුනක් කියන්නෙ බස් එකෙක ඉඩනේ. කාර් තුනේ උපරිම 15ක් යයි. තනියම නම් 3යි. තව එකෙක් එක්ක නම් 6යි කියමුකෝ. ඒ ඉඩේ බස් එකක ආතල් එකේ මිනිස්සු 60ට යතහැකි. හිරවෙලා නම් 80+ වගේ යන්න පුළුවන්. ඕවනේ බන් අපරාධ.

    මේ ක්‍රමය හරි ගියොත් බස් එකේ යන කාලය අඩුවෙනවා. හැබැයි පරන කට්ටම තියේවි. බස් ගාන වැඩි කරොත් සෙනග බෙදිලා ගියාම ඒ කරදරෙත් ඉවරයිනේ. සියළුම ප්‍රශ්න එකපාරම විසඳ ගන්න බෑ. මම නම් එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යහපාලනෙන් කාර් ගන්න බලන් හිටල බැරි උන තැන බනින උන්ට දැන් සැපට බස් එකේ යන්න අවස්ථාවක් ලබාදීල තියෙන්නෙ.:rolleyes:
     
    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    උබ කියන කතාව ඇත්ත. ගොඩක් පැතිවලට ac බස් නෑ. ඒත් කමක් නෑ සාමාන්‍ය බස් එකක වත් කිසිම නිදහසක් නෑ. ඔෆිස් ටයිම් එකේ හිටගෙන ගියොත් උබ කිව්ව ප්‍රශ්න ඔක්කෝම තියෙනවා. ඒ කට්ට නම් දැන් පුරුදුයි. ඒ විතරක් නෙවෙයි විනාඩි 20 ගමන පැයටත් වඩා යනකොට ඇඟේ දාන දහඩියයි පට්ට රස්නෙයි රස්තියාදුවයි වටිනාකාලයයි ඔක්කෝම ඉතිරියි බස් ටික ඉක්මන් උනොත්. ඒ නිසයි මම මේ ක්‍රමය අනිත් පැතිවලටත් දානවට කැමති. කාර් වල යන්න එකම හේතුව උබ කියපු ශාරීරික අපහසුතා විතරක්ම නෙවෙයි. සමහර උන් ඉන්නවා හෙන මහන්තත්ත සීන් එකෙන් ඉන්නේ. අල්ලපු ටේබල් එකේ එකා කාර් එකෙන් එද්දි බස් එකේ යන්න ටිකක් අවුල් වගේ උන්ට. එහා ගෙදර එකා වාහනෙන් යද්දි හෝල්ට් එකේ බස් එකට අතපාන්න අවුල්. අපි නොසලකා හැරියට ඕවත් හේතු තමා.

    කාර් තුනක් කියන්නෙ බස් එකෙක ඉඩනේ. කාර් තුනේ උපරිම 15ක් යයි. තනියම නම් 3යි. තව එකෙක් එක්ක නම් 6යි කියමුකෝ. ඒ ඉඩේ බස් එකක ආතල් එකේ මිනිස්සු 60ට යතහැකි. හිරවෙලා නම් 80+ වගේ යන්න පුළුවන්. ඕවනේ බන් අපරාධ.

    මේ ක්‍රමය හරි ගියොත් බස් එකේ යන කාලය අඩුවෙනවා. හැබැයි පරන කට්ටම තියේවි. බස් ගාන වැඩි කරොත් සෙනග බෙදිලා ගියාම ඒ කරදරෙත් ඉවරයිනේ. සියළුම ප්‍රශ්න එකපාරම විසඳ ගන්න බෑ. මම නම් එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නෑ.

    💪💪💪💪👍👍👍👍👍👍

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    කොළඹ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස අත්හදා බැලූ බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරුව හඳුන්වාදීමේ වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේ ද යන්න සම්බන්ධයෙන් අද (20) සවස තීරණය කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් සමග එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවත් දැනට ලැබී ඇති වාර්තා අනුව බස් රථ සඳහා රාජගිරිය මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා ක්‍රියාත්මක කළ ප්‍රමුඛතා මංතීරු වැඩපිළිවෙළ සාර්ථක බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග සැලසුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන් විදානපතිරණගේ මහතා පැවසීය.

    පසුගිය මාර්තු 12 වැනිදා සිට සතියක කාලයක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණු අතර මුල් දිනවලදී වෙනත් වාහන බස් මංතීරුවට ඇතුළු කළද ක්‍රමයෙන් එම වැඩපිළිවෙළට නැඹුරුවූ රියදුරන් විනයක් සහිතව ධාවනය කළ අයුරු දැකිය හැකිවූ බවද ඒ මහතා කීවේය. එමෙන්ම සතියේ දිනවල පෙරවරුවේ වෙනදා එම පෙදෙසේ ඇතිවන රථවාහන තදබදය අවම මට්මක පැවැති බවට තමාට බොහෝ පිරිසක් දැනුම් දුන් බවද ඒ මහතා කීවේය.