අමාත්‍යාංශ රැසක ඇමැති - රාජ්‍ය ඇමැති ගෝරි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් සිටින ඇතැම් අමාත්‍යාංශවල කටයුතු සම්බන්ධයෙන් ඔවුන් අතර මත ගැටුම් නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    එම අමාත්‍යාංශවල කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් අතර ද ඇමැතිවරුන් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් අතරද මෙම මත ගැටුම් ඇතිව තිබෙන බව ද එම ආරංචි මාර්ගවලින් පැවසේ.


    ඇමැතිවරුන් ගණනාවක්ම ඉකුත්දා පැවැති කැබිනට් රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැමිණිලි කර ඇතැයි ද දැනගන්නට ඇත.


    වනජීවි ඇමැති සී. බී. රත්නායක මහතා එහිදී ජනාධිපතිවරයාට පවසා ඇත්තේ තම නිලධාරීන්ට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවය.
    තමාට දී ඇත්තේ හෙණ්ඩුව පමණක් බවත් අලියකු නොමැති බවත් සී. බී. රත්නායක ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි ද සඳහන් වේ.
    මේ සම්බන්ධයෙන් තවත් ඇමැතිවරුන් කිහිපදෙනකු ද අදහස් දක්වා ඇතැයි වාර්තා වේ.
    එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශවල කටයුතු පහසු කර ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් ගැසට් කර ඇතත්, අමාත්‍යාංශවල වගකීම ව්‍යවස්ථානුකූලව ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට බව සඳහන් කර ඇත.


    රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයපථයන් ගැසට් මගින් වෙන් කර දුන්නේ කටයුතු පහසු කර ගැනීමට පමණක් බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.


    තමා මේ බව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා ළඟදීම දැනුවත් කරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි දැනගන්නට ඇත.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    black-guy-hiding-behind-tree-meme-template-u4bd4.jpg