ගෙදර වහලෙට වැහි පීලි දාන්න කියලා හිතන් ඉන්නෙ. එතකොට ගෙදර වැඩ ටික ඉවරයි. නිදහසේ ඉන්න පුලුවන්.
මම කාලෙකට කලින් නම් තැනකින් ඇහුවා. එතකොට 400ක් විතර කිව්වා අඩියක්. ඒ වෙලාවෙ සල්ලි තිබ්බෙ නෑ. දැන් සල්ලි ටිකක් හොයාගත්තා. ඒත් ඒ ගානට බඩු නැතුව ඇති.
මේකෙ අනික් ත්රෙඩ් බැලුවම 0.47 දාන්න කියලා තමයි ගොඩක් අය කියලා තිබ්බෙ.
හොඳ තැනක් හොයාගන්නෙ කොහොමද?
මොනවද බලන්න ඕනෙ?
තව කොහෙන් හරි බඩු ටික අරගත්තොත් කාට හරි බාස් කෙනෙක්ට දීලා සෙට් කරගන්න පුලුවන්ද? නැත්නම් හොඳ අත්දැකීම් තියෙන එකෙක් ඕනද වැඩේට?
බඩු ගන්න එකටත් ප්රශ්නෙ තියෙන්නෙ ඔය අනම් මනම් කෑලි ගැන දන්නෙ නෑනෙ.

බුකියේ නම් සමහර තැන්වල දැක්කා මිනිස්සු ගහන්න සල්ලි අරන් මාරු වෙලා. තව උන් දාපු මාස දෙක තුන යද්දි මලකඩ කාලා.
