අමිතාබ් බච්චන් 20දා ශ්‍රී ලංකාවට
ඉන්දීය සුපිරි නළු අමිතාභ් බච්චන් ලබන 20 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වළකින ලෙස කොටි හිතවාදී ද්‍රවිඩ සංවිධාන කළ ඉල්ලීම අමිතාභ් විසින් ප්‍රතික්ෂේප කර ඇත. ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව සමූලඝාතනය කිරීමට ශ්‍රී ලංකා රජය ක්‍රියාකරන බවට සාවද්‍ය ප්‍රකාශ කරමින් තමිල්නාඩු කොටි හිතවාදී ද්‍රවිඩ සංවිධාන විසින් අමිතාභ් බච්චන් සමග සාකච්ඡාවක් කිරීමට කළ ආයාචනයද ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.
අමිතාභ් බච්චන්ගේ ශ්‍රී ලංකා සංචාරය වැළැක්වීම සඳහා මෙරට කොටි හිතවාදීන් ද විද්‍යුත් ලිපි රැසක් යවා ඇතැයි ශ්‍රී ලංකා රජය වෙත හෙළිවී ඇත.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දීය චිත්‍රපට උළෙල සඳහා මූලික සාකච්ඡා ආරම්භ කිරීම පිණිස අමිතාභ් බච්චන් මෙරටට සම්ප්‍රාප්ත වේ.