අමුතුම කොන්ඩමයක් ළඟදීම

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අමුතුම කොන්ඩමයක් ළඟදීම

    අමුතුම කොන්ඩමයක් ළඟදීම

    Condom.jpg


    ලිංගික උත්තේජනයන් ලබා දෙන කොන්ඩමයක් තව නොබෝ දිනකින් වෙළඳ‍පොලට එනු ඇතැයි ලිංගාශ්‍රිත රෝග සහ එච්අයිවී ඒඩ්ස් මර්දන වැඩ සටහනේ ජ්‍යෙෂ්ඨ ‍ලේඛකාධිකාරී වෛද්‍ය ප්‍රගීත් ප්‍රේමදාස මහතා පැවසීය.
    දැනටමත් ඒ සම්බන්ධයෙන් විදේශීය විශේෂඥවරුන් පර්යේෂණ පවත්වන බවත් එම පර්යේෂණයන් සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇති බවටත් තොරතුරු වාර්තා වන බව ද හෙතෙම පැවසීය.
    ඔහු මේ බව සඳහන් කළේ කොන්ඩම් භාවිතයේ වැදගත්කම පිලිබඳව මාධ්‍ය දැනුවත් කරමින් පසුගියදා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
    ලිංගික උත්තේජනයන් ලබා දෙන ඇතැම් ඖෂධයන් වෛද්‍ය නිර්දේශවලින් තොරව පුද්ගලයින් ලබා ගැනීම හේතුවෙන් ජීවිත අවදානම් පවා සිදු තිබෙන බැවින් මෙවැනි ඖෂධීය කොන්ඩමයක් භාවිතයෙන් සිදුවිය හැකි ජීවිත අවදානම අවම කර ගැනීමට හැකි වෙතැයි ද පර්යේෂකයින් පවා සඳහන් කර ඇතැයි වෛද්‍ය ප්‍රේමදාස මහතා පැවසීය.
    කෙසේ නමුත් අප රට තුල කොන්ඩම් භාවිතය ඉහළ යාම හේතුවෙන් ලිංගාශ්‍රිත රෝග සහ එච් අයි වී ආසාදිතයින්ගේ සංඛ්‍යාව බොහෝ දුරට අවම කර ගැනීමට අපට හැකි වී ඇතැයි වෛද්‍යවරයා අවදාරණය කළේය.


    Source
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සාමන්‍යයෙන් කොන්ඩම් පළඳින්නෙ සෘජු වුනාට පස්සෙ නේ, ඉතින් මේකෙ හැටියට සෘජු වෙන්න කලින් දාන්න වෙනවනේ... එතකොට ඇතුලෙ හුලං පිරෙනව නේ..., එහෙම නැත්නම් පළඳින්න කලින් ඒක ශිෂ්ණය වටේ ගාගන්න වෙයි, අනේ මන්දා ඒකත් මේ ගෑණි ඉස්සරහ නෝන්ඩිවෙන ගේමක්ද දන්නෙ නැහැ.