අමුතු රසවින්දනයක් තියන Films - 04 (Korean Edition)

AcIId

Active member
  • Dec 25, 2016
    51
    152
    33
    Korean Films කියන්නේ ටිකක් විතර වෙනස් විදිහේ කතා තියන අමුතුම සීන් එකක්. (Korean Drama ගැන නෙවෙයි ) පහල තියන්නේ මට සෙට්වුන Mystery, Thriller, Action, Comedy Genre එකේ ජනප්‍රිය පට්ට ෆිල්ම්ස් ටිකක්. හදිසියට බලන්න එපා නිවිසැනසිල්ලේ බලන්න එතකොට තමා Film එක තෙරෙන්නේ. Download කරලම බලන්න.. ලින්ක් එකත් දාල තියෙනව. මේ Films එකකවත් මම Details ලොකුවට කියන්න යන්නේ නෑ.. කිව්වොත් වැඩක් නැතිවෙනව.. පුළුවන්නම් Trailer එක බලන්නේ නැතුව ෆිල්ම් එක බලන්න
    දැනට 10ක් ගැන කියන්නම්,,, වෙන Genre වල Films ගැන පස්සෙ කියන්නම්

    10. The king’s case note

    The_King's_Case_Note_poster.jpg


    තමන්ගේ රාජධානියේ සාමයට තර්ජනයක් වන අමුතුම ආකරයේ කුමන්ත්‍රණයක් ගැන හොයන්න රජතුම සහ ඔහුගේ ලේඛනාගාර නිලධාරියා ගන්න උත්සහය ගැන තමා ෆිල්ම් එක තියන්නේ. රහස් පරීක්ෂක කතාවක් වගේ තමා යන්නේ. කම්මැලි නැතුව බලන්න පුලුවන් Mystery, Thriller, Comedy, Actionත් පොඩ්ඩක් විතර තියනව.

    Link :- https://mega.nz/file/king's_case_note

    09. Man of Men

    Man_of_Men-p01.jpg


    ඉහළ පෙළේ නීති ආයතනයක ලොක්කෙක් වන ජැං-සූට ජීවත් වීමට වැඩි කාලයක් නැතිබව හෙලිවෙනවා. ඔහුව බලා ගැනීමට අහම්බෙන් එන සාත්තු සේවකයකු වන ජියැන්-ජි නිසා දෙන්නගෙම ජිවිත වල වෙන වෙනස්කම් ගැන පට්ට විදිහට මේ ෆිල්ම් එකෙන් පෙන්නල දෙනවා

    Link :- https://mega.nz/file/man_of_men

    08. Extreme Job

    Extreme_Job_poster.jpg


    පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක උනිට් එකෙන් සංවිධානාත්මක අපරාධකරුවන් කණ්ඩායමක් විනාශ කිරීමට උත්සාහ කිරීම සඳහා ඔවුන්ගේ Cover එක ලෙස Chiken Restaurant එකක් යොදාගෙන ඔත්තු බැලීමේ කටයුතු සිද්ධකරමින් සිටී. හදිසියේම ඔවුන්ගේ නව Chicken වට්ටෝරුව නගරයේ ජනප්‍රියම අවන්හල බවට පරිවර්තනය වීමත් සමඟ අනපේක්ෂිත අන්දමින් සිඳුවන වෙනස්කම් ගැන තමා කතාව ගලාගෙන යන්නේ .

    Link :- https://mega.nz/folder/extreme_job

    07. The Gangster, the Cop, the Devil

    The_Gangster,_The_Cop,_The_Devil.jpg


    2005 වසරේ සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් තමයි මේ Film එක හදල තියනව කියන්නේ, කොරියන් Gangster කෙනෙක් සහ පොලිස් පරික්ෂක කෙනෙක් එකතුවෙලා Serial Killerගෙන් නගරය බේරා ගැනීමට ගන්න උත්සහය ගැන තමයි මේ Film එක තියන්නේ. Don Lee එහෙම නැත්තං Ma Dong-seaok කියන සිරා නලුව තමයි මේකේ Gangsterට රගපාන්නේ

    Link :- https://mega.nz/file/the_gangster_the_cop_&_the_devil

    06. Midnight Runners

    Midnight_Runners.jpg


    පොලිස් සේවට අලුතෙන් සම්බන්ද වුන තරුණයින් දෙදෙනෙක්, හදිසියේම දකින පැහැරගැනීමක් හා එය විසදීම වටා මේ Film එක ගෙතී ඇත. එහිදී ඔවුන් මුහුණ දෙන අකරතැබ්බ හා එවාට මුහුනදීමේදි ඇතිවන ගැටළු ගැන නියමෙටම කතා කරල තියන Film එකක්. කෙටියෙන්ම කිවහොත් උසස් ආශ්වාදයක් සහ පොඩ්ඩක් විතර Comedy Seen තියන චිත්‍රපටයක්

    Link : - https://yts.mx/movies/midnight-runners-2017

    05. The Chase

    The_Chase_(2017_film)_-_poster.jpg


    තරමක් රළු ගති ඇති මහල් නිවාස අයිතිකරුවෙකු විසින් ඔහුගේ මහල් නිවාසයේ සිදුවු මිනිමැරුම් කිහිපයක් නිසා අවුරුදු 30 කට පෙර සිදු වූ මිනීමැරුම් දාමයක රහස් හෙලිදරවු කරගැනීමට පුලුවන් වේද යන්න මෙම චිත්‍රපටයෙන් ඉදිරිපත් කෙරේ.

    Link :- https://mega.nz/file/the_chase

    04. Forgotten

    fdggf.jpg


    දින 19කට කලින් නැතිවු මතකය සමග නැවත් ගෙදර එන ජින්-සියොක් හදිසියේම තම සොහොයුරාව පැහැරගෙන යන ආකාරය දකිනු ලබයි. නමුත් ටික දිනකින් නැවත ගෙදර පැමිනෙන සිය සහෝදරයාගේ අමුතු හැසිරීම් නිසා ජින්-සියොක් විසින් අද්භූත පැහැර ගැනීම පිටුපස ඇති සත්‍ය පසුපස හඹා යයි. අවසානයේ කරකවල ඇත් ඇරෙන අවසානයක් තියන Film එකක් කියල කියන්න පුළුවන්

    Link : - https://mega.nz/file/forgotten

    03. Recalled

    Recalled_film.jpg


    මේ Film එකත් අර කලින් කිව්ව Forgotton ෆිල්ම් එක වගේ මතකෙ අමතක වුන film එකක්. එක්තරා අනතුරක් නිසා මතකය නැති වුන සියෝ-යෙජි කියන සුරුපි තරුනිය අලුතෙන් husband එක්ක ජිවිතේ පටන් ගන්න යද්දි නැවත ඒ පරන මතක එලියට එනකොට, ගත කරන අලුත් ජිවිතේ ගැන අයෙත් හිතන්න පටන් ගන්නව. තමන්ගේ පරණ ජිවිතය ගැන හිතාගන්නවත් බැරි රහසක් අනාවරණය කරගන්න විදිහ තමයි ෆිල්ම් එකේ තියන්නේ.

    Link :- https://mega.nz/file/recalled

    02. Innocence

    105929_2_large.jpg


    තරුණකාලේ තමන්ගේ හීන ඉටුකරගන්න ගෙද්‍රින් පැනල ගිහින්, හොඳට ඉගෙනගෙන් රටේ නමගිය නිතීඥයෙක් වුනාට පස්සේ, හදිසියේම දැනගන්න ලැබුනොත් තමන්ගේ අම්මා, තාත්තව මැරුව කියල සැකපිට අත් අඩංගුවට ගත්ත කියල. දුවට පුලුවන් වෙයිද අම්මව බේර ගන්න

    Link :- https://mega.nz/file/innocence

    01. The Call

    220px-Call_poster.jpg


    ගෙදර එකට ආපු කෝල් එක අතීතයෙන් ආවොත් කොහොමට හිටීවිද. ඒ ආපු කොල් එක නිසා තමගේ ජීවිතේ හිතා ගන්න බැරි විදිහට වෙනස් වුනොත්. අතීතයේ ඉන්න කෙනා වර්තමානයේ තමන්ගේ ජිවිතේ තීරනාත්මක සාධකේ උනොත් කොහොමට හිටිවිද..

    Link :- https://mega.nz/folder/the_call

    අමුතු රසවින්දනයක් තියන Films - Part 01
    අමුතු රසවින්දනයක් තියන Films - Part 02
    අමුතු රසවින්දනයක් තියන Films - Part 03
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    363
    595
    93
    මේ ලින්ක්ස් වලින් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්ද?
    Thanks for sharing.
     
    • Like
    Reactions: JohnSnow and NRTG

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    7,150
    7,452
    113
    නිකන් ටැමිල් ෆිල්ම් වයිබ් එකක් එන්නෙ නැද්ද ! එහෙම නැති එකකට තිබ්බෙ පැරස්යිට් විතරයි ( මම බලපු ඒවයින්) අන්තිම 2නම් හොඳයි වගේ