රනිල් එක්ක වැඩ කරන්න අමාරුයි. ඌ සෑහෙන්න දැණුමක් තියෙන පොරක්. ඒ නිසා ඌ වැඩේ කරන්න දන්නවා. ඌට ඕනේ ඌ කියන විදියට ඌත් එක්ක වැඩේ කරන්න පුළුවන් මොලේ තියෙන එවුන් ටිකක්. අනිත් උන්ව ටිකක් ඈතින් තියන්න තමා රනිල් ට්‍රයි කරන්නේ. ට්‍රයි කරනවත් නෙමෙයි. ඒක උගේ අතින් නිකංම වෙනවා. හොදම උදාහරණේ කාංචන විජේසේකර. ඌ පොහොට්ටුවේ හිටියාට රනිල් උගේ කැපෑසිටිය දැක්කා. ඒ නිසා ඌට ඇමැති කමක් දීලා රනිලාට ඕනේ වැඩේ කර ගත්තා. උබලා දැක්කාද කාංචන ඇමැතිකම දරපු කාලේ ගොං කතා එහෙම කියනවා? අනික් අතර තිස්සකුට්ටිඅරාච්චි. තිස්සකුට්ටිඅරාච්චිගේ තාත්තා හෙන යූ.එන්.පී. ඒ වුනාට රනිලා ඌව ලඟට ගත්තෙම නෑ. හැමෝටම පේනවානේ උගේ තත්වේ.
අනික් අතට ගම්මන්පිලලා වගේ උන්. ඌට මොලේ තිබ්බාට වැඩ කරන්න බෑ. උන් ඉන්නේ දාර්ශනික ලෙවල් එකේ. රනිල්ට උන්ගෙනුත් වැඩක් නෑ. උන්ගෙන් ගන්න තියෙන උපදෙසක් අරගෙන අයිනකට කරලා තියන්වා.
දැන් දේශපාලනේ ඔය විදියට මොලෙත් තියෙන වැඩත් පුළුවන් අය ඉන්නේ කීපදෙනයි. ගොඩක් උන් දැන් වයසයි. තරුණ උන් නැතිම තරම්. අර ඩී.වී. චානක නම් ටිකක් කෑගහලා එහෙම ඉන්නවා. වැඩකරන්න පුළුවන්ද දන් නෑ.
යූ.එන්.පී. එක 80 ගනන් වල හොදම තැනකට ආවේ මොලෙයි වැඩයි දෙකම පෙන්නපු උන්. ගාමිණි, ළලිත්, රොනි වගේ අය. උන් එක්ක කරට කර ඉන්න ප්‍රේමදාසත් වැඩ කලා. හැබැයි ඌට මොලේ තිබ්බේ නෑ. පස්සේ ඌ යූ.එන්.පී එකේ ජනාධිපති අපේක්ශක කම ඉල්ලුවාම ජේ.ආර්. කැමති උනේ නෑ. ඊළඟට ප්‍රේමදාස කලේ යූ.එන්.පී. එක කඩන්න හදපු එක. ඌ වෙනම පක්ශෙකුත් හැදුවා. ජේ.ආර්. ප්‍රශ්ණේට මැදිහත් උනේ නෑ. පස්සේ අනිත් උන් පක්ශේ දෙකට කැඩෙන නිසා ප්‍රේමදාසට ඉඩ දුන්නා. එහෙම නොකලා නම් සමහරවිට ආයි කොබ්බෑකඩුව දිනන්නත් තිබ්බා. එදා රණසිංහ ප්‍රේමදාස කරපු දේමයි පස්සේ සජිතුත් කලේ. එකම දේ රනිල්ට ඔප්ශන්ස් තිබ්බේ නෑ. රනිල්ගෙන් පස්සේ පක්ශේ දෙන්න හොද වැඩ්ඩෙකුත් නෑ. සජිත්ට දීලා වැඩකුත් නෑ. අන්තිමට රනිල් පක්ශේ තියා ගත්තා. කොහොමත් විනාස වෙන එකේ රනිල් පක්ශේ තියා ගත්තා ආපහු ගොඩ දාන්න පුළුවන් කියන විශ්වාසෙන්. බැරි උනත් නැති වෙන්න දේකුත් නෑනේ.
දැන් ලංකාවේ හැම දේශපාලන පක්ශෙකටම තියෙන ප්‍රධාන ගැටළුව හොද යටිපෙලක් නෑ. හොද මොලේ තියෙන වැඩ්ඩො නෑ. හොද ටීම් එකක් එසෙම්බල් කරගන්න බෑ. ඕක නිසා තමා ජෙප්පෝ ගිය පාර දින්නේ. උන් මිනිස්සුන්ගේ මොලේට දැම්මා උගත් මිනිස්සු පාර්ලිමේන්තුවට ආවොත් උන්ට වැඩ කරන්න පුළුවන් කියලා. හොදම ටීම් එක හොදම උගත්තු කියලයි මාකටිං කලේ. දැං තමා කට්ටියට තේරෙන්නේ උගත් කම විතරක් මදි කියලා.