අමු ගවයා හොඳේ 🥴🥴

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,866
    28,757
    113
    මිනිහ ශේප්. මටත් නිකමට හිතිල තියනව ඕක. කාලයක් ඉදල සැරසුනා එක්කනෙ. කවුරු එක්කද එන්නෙ? පරන් සූඩයො සෙට් එකම එක්ක ආවොත් අවුල් යයි. UNP , සජබ කොල්ලො ටිකයි, මොලේ තියන හර්ශල වගේ උන් සෙට් උනොත් නම් ගේමක් තියෙයි. නාකි සෙට් එක නම් ගන්න දෙයක් නෑ දැන්
    SLPP (Namal) wenama yai kiyela hithenewa kohomath…
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,520
    113
    අම්බෝ බන්, ඌ සජියගෙ මොලේ පොඩ්ඩක් තියෙන version එකනේ. ඌ හිතන්නෙත් ඌට වඩා දන්න උන් නෑ කියලා. කැරිම ego එකක් තියෙන්නෙ. සරත් ෆොන්සේකා ලෙවල් පිස්සු හුකන්නෙක්
    හොදම නෑ. සජිය replace වෙන්නෙ මුගෙන් නම් මං නං කැමති. ඕක කපටිය වැඩේ කරගන්න හරි නාඩියෙන් ඉදි. රනිල තරම්ම ඒගෝ නෑ නේ? ලොකුවටම දන්නෙ නෑ ඌව ලගින්

    SLPP (Namal) wenama yai kiyela hithenewa kohomath…
    නාමලාගේ ජාතිකවාදී strategy එකෙන් ගැලවිල්ලක් නෑ උන්ට. ඒක විතරයි උන් දන්න්නෙ. උන්ගෙ දේශපාලනේ ඔය ගානෙන් ම කාලයක් යයි. ලොකුවට grow කරන්න අමාරුයි ඔහොම නම් මට හිතෙන විදිහට
    ------ Post added on Mar 7, 2026 at 4:06 PM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,866
    28,757
    113
    අම්බෝ බන්, ඌ සජියගෙ මොලේ පොඩ්ඩක් තියෙන version එකනේ. ඌ හිතන්නෙත් ඌට වඩා දන්න උන් නෑ කියලා. කැරිම ego එකක් තියෙන්නෙ. සරත් ෆොන්සේකා ලෙවල් පිස්සු හුකන්නෙක්
    Pissuda bung…potha patha kiyewana meter ekak kiyela nan penewa….

    Kapati , awasthaawaadi kiyelath penewa…apitanan awlak na owa 🥱
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,199
    1,997
    113
    රනිල් එක්ක වැඩ කරන්න අමාරුයි. ඌ සෑහෙන්න දැණුමක් තියෙන පොරක්. ඒ නිසා ඌ වැඩේ කරන්න දන්නවා. ඌට ඕනේ ඌ කියන විදියට ඌත් එක්ක වැඩේ කරන්න පුළුවන් මොලේ තියෙන එවුන් ටිකක්. අනිත් උන්ව ටිකක් ඈතින් තියන්න තමා රනිල් ට්‍රයි කරන්නේ. ට්‍රයි කරනවත් නෙමෙයි. ඒක උගේ අතින් නිකංම වෙනවා. හොදම උදාහරණේ කාංචන විජේසේකර. ඌ පොහොට්ටුවේ හිටියාට රනිල් උගේ කැපෑසිටිය දැක්කා. ඒ නිසා ඌට ඇමැති කමක් දීලා රනිලාට ඕනේ වැඩේ කර ගත්තා. උබලා දැක්කාද කාංචන ඇමැතිකම දරපු කාලේ ගොං කතා එහෙම කියනවා? අනික් අතර තිස්සකුට්ටිඅරාච්චි. තිස්සකුට්ටිඅරාච්චිගේ තාත්තා හෙන යූ.එන්.පී. ඒ වුනාට රනිලා ඌව ලඟට ගත්තෙම නෑ. හැමෝටම පේනවානේ උගේ තත්වේ.

    අනික් අතට ගම්මන්පිලලා වගේ උන්. ඌට මොලේ තිබ්බාට වැඩ කරන්න බෑ. උන් ඉන්නේ දාර්ශනික ලෙවල් එකේ. රනිල්ට උන්ගෙනුත් වැඩක් නෑ. උන්ගෙන් ගන්න තියෙන උපදෙසක් අරගෙන අයිනකට කරලා තියන්වා.

    දැන් දේශපාලනේ ඔය විදියට මොලෙත් තියෙන වැඩත් පුළුවන් අය ඉන්නේ කීපදෙනයි. ගොඩක් උන් දැන් වයසයි. තරුණ උන් නැතිම තරම්. අර ඩී.වී. චානක නම් ටිකක් කෑගහලා එහෙම ඉන්නවා. වැඩකරන්න පුළුවන්ද දන් නෑ.

    යූ.එන්.පී. එක 80 ගනන් වල හොදම තැනකට ආවේ මොලෙයි වැඩයි දෙකම පෙන්නපු උන්. ගාමිණි, ළලිත්, රොනි වගේ අය. උන් එක්ක කරට කර ඉන්න ප්‍රේමදාසත් වැඩ කලා. හැබැ‍යි ඌට මොලේ තිබ්බේ නෑ. පස්සේ ඌ යූ.එන්.පී එකේ ජනාධිපති අපේක්ශක කම ඉල්ලුවාම ජේ.ආර්. කැමති උනේ නෑ. ඊළඟට ප්‍රේමදාස කලේ යූ.එන්.පී. එක කඩන්න හදපු එක. ඌ වෙනම පක්ශෙකුත් හැදුවා. ජේ.ආර්. ප්‍රශ්ණේට මැදිහත් උනේ නෑ. පස්සේ අනිත් උන් පක්ශේ දෙකට කැඩෙන නිසා ප්‍රේමදාසට ඉඩ දුන්නා. එහෙම නොකලා නම් සමහරවිට ආයි කොබ්බෑකඩුව දිනන්නත් තිබ්බා. එදා රණසිංහ ප්‍රේමදාස කරපු දේමයි පස්සේ සජිතුත් කලේ. එකම දේ රනිල්ට ඔප්ශන්ස් තිබ්බේ නෑ. රනිල්ගෙන් පස්සේ පක්ශේ දෙන්න හොද වැඩ්ඩෙකුත් නෑ. සජිත්ට දීලා වැඩකුත් නෑ. අන්තිමට රනිල් පක්ශේ තියා ගත්තා. කොහොමත් විනාස වෙන එකේ රනිල් පක්ශේ තියා ගත්තා ආපහු ගොඩ දාන්න පුළුවන් කියන විශ්වාසෙන්. බැරි උනත් නැති වෙන්න දේකුත් නෑනේ.

    දැන් ලංකාවේ හැම දේශපාලන පක්ශෙකටම තියෙන ප්‍රධාන ගැටළුව හොද යටිපෙලක් නෑ. හොද මොලේ තියෙන වැඩ්ඩො නෑ. හොද ටීම් එකක් එසෙම්බල් කරගන්න බෑ. ඕක නිසා තමා ජෙප්පෝ ගිය පාර දින්නේ. උන් මිනිස්සුන්ගේ මොලේට දැම්මා උගත් මිනිස්සු පාර්ලිමේන්තුවට ආවොත් උන්ට වැඩ කරන්න පුළුවන් කියලා. හොදම ටීම් එක හොදම උගත්තු කියලයි මාකටිං කලේ. දැං තමා කට්ටියට තේරෙන්නේ උගත් කම විතරක් මදි කියලා.