අන් කවරදාටත් වඩා අමෙරිකානුවන් ලිංගිකව හැසිරීම, එක්ව ජීවත් වීම සහ විවාහ වීමේ ඉඩකඩ බෙහෙවින් අඩු වී ඇතැයි සී.එන්.එන්. පුවත් සේවය පවසයි. එහි සෞඛ්‍ය අංශය විසින් සකස් කරන ලද වාර්තාවක මේ බව දැක්වේ.
මූලාශ්‍රය : https://cnn.it/3JKdnyP
2020 දී අවුරුදු 18ට වැඩි ජනගහනයෙන් 50% ක්ම ලිංගික එක්වීම් සිදුකර ඇත්තේ මසකට එක් වතාවක් හෝ ඊට අඩුවෙනි. එහෙත් එය1989 දී 35%කි. මෙය දශක තුනක් තුළ 15%ක අඩුවීමකි. නමුත් බොහෝ දෙනෙක් සිතා සිටින්නේ තාක්ෂණයේ දියුණුව නිසා කවරදාටත් වඩා දැන් මිනිසුන් ලිංගික එක්වීම් වල නිරත වන බවයි.
2021 දී විවාහක යුවලවල් වලින්ද 26% ක්ම ලිංගික එක්වීම් සිදුකර ඇත්තේ මසකට එක් වතාවක් හෝ ඊට අඩුවෙනි. විවාහ වී එකට දිවි ගෙව්වද ඔවුන් වසරකට 12 වතාවක්වත් ලිංගිකව එක්වී නැත.
තවත් බොහෝ දෙනෙක් විමතියට පත්කළ හෙළිදරව්වක් වන්නේ 2021 ඇමරිකාවේ විවාහකයන් ප්‍රමාණයයි. එය වැඩිහිටි ජනගහනයෙන් 53%ක් වන අතර විවාහ නොවී එකට ජීවත් වන ප්‍රමාණය 9%කි. 1990 දී මෙය පිළිවෙලින් 67%ක් හා 4%ක් විය. මෙලෙස විවාහ වී හෝ නොවී එකට ජීවත් වන ප්‍රමාණය අඩුවීමට හේතුව ලෙස අධ්‍යාපනය හා මූල්‍ය ස්වාධීනත්වය හේතුවක් විය හැකි යයි සිතා සිටියද සංඛ්‍යා ලේඛන අනුව එය අසත්‍යයකි. එනම් විවාහ වී හෝ නොවී සහකරුවෙකු සමඟ ජීවත් වන්නේ වඩා ඉහල අධ්‍යාපනයක් ලැබූ හා හොඳ ආදායම් මාර්ගයක් තිබෙන අයයි. බොහෝ දෙනෙක් විවාහ නොවීමට හා එකට ජීවත් නොවීමට තීරණය කරන්නේ ඔවුන්ට මූල්‍යමය වශයෙන් එය දැරීමට අපහසු යයි සිතෙන නිසාවෙනි.
කෙසේ වෙතත් අවුරුදු 55ට වැඩි ජනතාව අතර විවාහකව සිටීම, එකට ජීවත්වීම හා ලිංගික එක්වීම යන ප්‍රමාණයේ කිසිදු වෙනසක් පසුගිය දශක තුන තුල සිදු වී නැත. ඒ අනුව පැහැදිලි වන්නේ, ලිංගිකව එක් නොවීම, විවාහ නොවීම වැනි දෑ නව පරම්පරාවේ ප්‍රශ්නයක් බවයි.