අමෙරිකානු තීරුබදු සාකච්ඡා සාර්ථකයි - ජනපති අනුර..🔴🔴❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,282
    47,157
    113


    අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපතිවරයා මෙම අදහස් පලකළේ රත්නපුර සීවලී ක්‍රීඩාංගනය අසල අද (23) පස්වරුවේ පැවති ජන රැළියකට එක්වෙමිනි.

    පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කර ජාතික ජන බලවේගය සංවිධාන කරන, ජය නියතයි - ගම අපිටයි" ජන රැලි මාලාවේ තවත් රැලියක් අද පස්වරුවේ රත්නපුරයේදී පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

    එහිදී අදහස් දැක්වූ නාධිපති අනුර කුමාර දිසානායක මහතා,

    "සමහරු අපෙන් අහනවා ඔයාලා සොරකම් නොකලාට කරපු අයට මොකද කරන්නේ කියලා. මම අද උදේත් නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කළා. කොතනද හිරවෙලා තියෙන්නේ කියලා. ඉදිරියේදී නඩු රැසක් මහාධිකරණයේ පවරනවා කියලා දැනුම් දුන්නා. ඉතින් අපිට දැනෙනවා මේ ආයතන ශක්තිමත්. ජනතාව අපිට ඡන්දය දීලා නීතිගරුක රටක් අපේක්ෂා කළා නම් මාලිමා රජය ඒ තත්වය ඇති කරලා තියෙනවා."
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    489961096_710068918253889_9140644434371127494_n.jpg
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඔය කතාවෙන් මේ වගෙ පුසුබක් එනවා👃🦴

    මහින්ද:: ජනාදිපතිවරනෙ 2009

    🙋හාන්දුරුවනේ මේ දැන් සුබ ආරන්චියක් මට ආව, අන්න මන්නාරමේ පලවෙනි බොර තෙල් බෝතලේ ගොඩ අරන්ලු. හාමුදුවනෙ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අපිත් අරාබිය එක්ක කරට කර තෙල් නිපදවන රටක් හාන්දුරුනේ මට ඇඩෙන්න එනවා.. let me cry
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,315
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චේතිය ජාතක කතා විස්තරයට අනුව දුරාතීතයේ බොරුව කුමක් දැයි නොදැන සිටි සමාජයකට මුලින්ම බොරුව හඳුන්වා දී ඇත්තේ චේතිය රජතුමා විසිනි. ජාතක කතාවේ සඳහන් අන්දමට චේතිය රජතුමා උපචාර නම් රජ කෙනකුගේ පුතෙකි. ඔහු සොත්තිය නම් නුවරක විසූ අයකු බව සඳහන් ය. පිය රජු ගේ ඇවෑමෙන් ඒ නුවර රාජ්‍යත්වයට පත්වන චේතියට කපිල නම් පුරෝහිත බමුණෙක් විය. එහෙත්, ජීවිතයේ සන්ධ්‍යා භාගයේ දී ධ්‍යාන වැඩීම මුල් කොට පංච අභිඥා, අෂ්ඨ සමාපත්ති වල පිහිටි කපිල බමුණා චේතිය රජු ගේ පුරෝහිත පදවිය තම පුතුට පවරා හිමාල වනය බලා පිටත් වනුයේ මුළුමනින්ම ආධ්‍යාත්මික දිවියක් ගත කිරීමට ය.

    මෙම චේතිය රජතුමා ද මහත් ආධ්‍යාත්මික බලයක් ඇත්තෙකි. සෘද්ධි බලයෙන් අහසින් ගමන් කිරීමේ ශක්තියක් තිබූ චේතිය රජතුමා හතර වටා අසිපත් හතරක් ගත් ආරක්ෂක දේවතාවෝ සතර දෙනෙක් නිති ආරක්ෂාව සැලසූහ. රජුගේ මුවින් මහනෙල් මල් සුගන්ධය විහිදුණු අතර සිරුරින් සඳුන් සුගන්ධය වහනය විය.

    ලොව පළමු බොරුව අහන්නට ගස්වල මැස්ස බැඳගෙන...
    -----------------------
    බවුන් වැඩීම පිණිස හිමාල වනයට ගිය කපිල පුරෝහිත තුමාට කොරකළඹ නම් බාල සොයුරෙක් විය. ඔහු චේතිය රජතුමා ගේ සමීප මිතුරෙකි. මේ මිතුරුදම මුල් කොට තම පුරෝහිත තනතුර අයථා ලෙසින් කොරකළඹ වෙත හිමි කිරීමේ සිතක් චේතිය රජතුමා තුළ ඇති විණි. එය එවක රාජධර්ම වලට පටහැනි වූවකි. එහෙත්, තම මිතුරා කෙරෙහි ඇති සුහදශීලීත්වය නිසා රටවැසියන් ඉදිරියේ බොරුවක් කියා හෝ ඔහුට පුරෝහිත පදවිය ලබා දීමේ සිතක් චේතිය රජතුමා තුළ පැවතිණ. ඒ අනුව ඔහු නිශ්චය කරගත් දිනයක රටවැසියා අමතන; නූතන ව්‍යවහාරයට අනුව කිවහොත් ‘ජාතිය අමතන’ බව පවසා රට පුරා අණ බෙර යවන ලදී.

    මේ අතර මෙසේ රටවැසියා අමතා චේතිය රජු බොරුවක් කීමට සැරසෙන බව දැන ගත් රටවැසියන් තුළ එම අවස්ථාවට එක්වීම සම්බන්ධයෙන් ඇති වූයේ තදබල කුතුහලයකි. ජාතක කතාවෙහිම දැක්වෙන අන්දමට කිවහොත් ඒ ‘බොරුව යනු රවුම් ද හතරැස් ද නැතහොත් සුදු ද නිල් (කළු) ද යනුවෙන් දැන ගැනීමට ඇති තදබල උනන්දුව පෙරදැරි කර ගනිමිනි. එසේ පැමිණි ජන සන්නිපාතය කොතරම් ද යත් සමහරුන් චේතිය රජුගේ බොරුව ඇසීම පිණිස ගස්වල මැසි බැඳගෙන පවා රැඳී සිටියහ. රාජ ධර්ම වලට අනුව තමන්ට හිමි පුරෝහිත තනතුර එම රාජධර්ම කෙළෙසමින් තමන් ගේ හිතවතකුට දීම පිණිස රටවැසියා හමුවේ ලොව මුල්ම බොරුව කීමට සැරසෙන බව දැනගත් රජුගේ තරුණ පුරෝහිත බමුණා වහා හිමාල වනයට ගොස් ඒ වන විට තවුස් දිවියක් ගත කරමින් සිටි තම පියා වන කපිල බමුණාට දැන්වීය. යම් යම් තනතුරු සඳහා සුදුස්සන් සිටිය දී අයථා ක්‍රම අනුගමනය කරමින් ඒ සඳහා නුසුදුස්සන් පත් කළ ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස ද ඒ අනුව චේතිය රජතුමා හැඳින්විය හැක.

    බොරුවත් සමග සිදු වූ දේ..
    -----------------------
    චේතිය රජතුමා ජාතිය හෙවත් රටවැසියන් අමතමින් බොරු කියන දිනය හා මොහොත ළඟා විය. එසේ කීමෙන් චේතිය රජු පත්වන විපත්තිකාර තත්වය වටහා ගෙන ඔහු ඉන් මුදා ගැනීම පිණිස කපිල තාපසයා සෘද්ධි බලයෙන් එහි පැමිණුනි. ඒ වන විට චේතිය රජ තුමන් සතු සෘද්ධි බලයෙන් අහසේ රැඳී සිට බෞද්ධ සාහිත්‍යයට අනුව මෙලොව මුල්ම බොරුව වන “කොරකළඹ බමුණා කපිල බමුණාට වඩා වැඩිමල්” යැයි කී ය. ඊට හේතුව එසේ කොරකළඹ වැඩිමල් වූයේ නම් එවක රාජධර්ම අනුව චේතිය රජුගේ පුරෝහිත තනතුර කොරකළඹ බමුණා හට හිමි විය යුතුව තිබූ බැවිනි. ඒ අනුව මෙම ජාතක කතාවෙන් අපට පැහැදිලිව පෙනෙන දෙයක් තිබේ. එනම් ලොව මුල්ම බොරුව පවසන ලද්දේ; එසේත් නැතහොත් ලොවට බොරුව මුලින්ම හඳුන්වා දී ඇත්තේ රජුන් නැතහොත් දේශපාලනඥයන් විසින් බව ය. මෙහි දී මෙම බොරුව කෙසේවත් ජනතාව හමුවට ඉදිරිපත් නොකරන ලෙස කපිල තවුසා කියා දුන් උපදෙස ද නොතකා චේතිය රජු බොරුව එම පවසත්ම එතෙක් ඔහු ගේ ආරක්ෂාවට සිටි දේවතාවෝ සිව් දෙනා තමන් ගේ අත්වල තිබූ අසිපත් රජු ගේ දෙපා මුල හෙළා පලා ගියහ. එබැවින් කපිල තවුසා රජුගෙන් ඉල්ලා සිටියේ දැන්වත් ඔය බොරුව නතර කරන ලෙස ය. එහෙත්, තවුසා ගේ කීම පිළිබඳව කිසිදු තැකීමක් නොකළ චේතිය රජතුමා “කොරකළඹ බමුණා කපිල බමුණාට වැඩිමල් ය” යන එම බොරුව දෙවන වරට ද කීය. එවිට රජු සතු සෘද්ධි බලය සිඳී ඔහු මහ පොළොව මතට පතිත වී මුවින් නිකුත් වූ මහනෙල් මල් සුගන්ධයත් සිරුරින් නිකුත්වුණු සඳුන් සුගන්ධයත් අතුරුදන්ව ඒ වෙනුවට රජු කෙරෙන් අශුචි දුර්ගන්ධය හමන්නට විය “දැන් වත් ඔය බොරු කීම නතර කරන්න” එවිට සෘද්ධිමත් කපිල තවුසා චේතිය රජුගෙන් යළි ඉල්ලා සිටියේ ය. නමුත් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකළ චේතිය රජ තුමා “කොරකළඹ බමුණා කපිල බමුණාට වඩා වැඩිමල්ය” යන බොරුව යළි ජනතාව හමුවේ තැබීය. එවිට පොළෝ ගැබ විවර වී රජු ගේ දෙදන දක්වා එරී ගිය අතර දැන්වත් ඔය බොරු කීම නතර කරන ලෙස කපිල තවුසා නැවතත් රජුට අවවාද කළේය. එහෙත්, තම බොරුව ජනගත කොට තම මිතුරු කොරකළඹට අයථා පත් වීමක් ලෙස පුරෝහිත තනතුර ලබා දීමේ අරමුණින් සිටි චේතිය රජු නැවතත් එම බොරුව එලෙසින්ම කීය. එවිට පොළෝ ගර්භය තුළ රජුගේ උකුල තෙක් සහ ඊළඟ අවස්ථාවේ එලෙස ළමැද දක්වා ද ගිලී ගියේ ය.

    අවසන් අවස්ථාවේ එනම් හත්වන වර හෝ එම බොරුව කීමෙන් වැළකී සිටින ලෙස කපිල තවුසා නැවත චේතිය රජු ගෙන් ඉල්ලා සිටි මුත් තම කූට අරමුණ සිත තුළ දැඩිව ධාරණය කර ගත් චේතිය රජු හත් වන වරටත් එම බොරුවම කීය. එවිට රජුට සිදු වූයේ කුමක්ද යන්න සඳහන් කරන ජාතක කතාවේ එය දැක්වෙනුයේ සෙනෙහෙබර මවක් තම දරුවා රත් පැහැ පළසකින් වෙළා රැගෙන යන්නාක් මෙන් පොළොව තුළින් මතු වූ රත් පැහැ ගිනි දළු මඟින් චේතිය රජතුමා අවීචි මහා නරකය වෙත රැගෙන ගිය බවකි.

    source
     
    • Love
    Reactions: Wickybro

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ""... සෙනෙහෙබර මවක් තම දරුවා රත් පැහැ පළසකින් වෙළා රැගෙන යන්නාක් මෙන් පොළොව තුළින් මතු වූ රත් පැහැ ගිනි දළු මඟින් චේතිය රජතුමා අවීචි මහා නරකය වෙත රැගෙන ගිය බවකි""

    Ehema Apaaye giya am dan mey inna Cheythiya mokaada? kohe ekekda... Port citiye dapu Kalugak unu wena Tom pacha e kiyanne 😂
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    ජෙප්පොවත් මේවා බම්ප් කරන්නේ නෑ කියන්නේ උනුත් දන්නවා මේ යකා පචමයි ගහන්නේ කියලා..:lol:
     
    • Haha
    Reactions: monson

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    නුවර ගිහින් පාරේ වැසිකිලියන මුගෙ audience එකට මෙවා ඇත්ත....