අඹේ​ෙවලින් ඔහියට කෝච්චි පාර දිගේ

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    අඹේ​ෙවලින් ඔහියට කෝච්චි පාර දිගේ


    අඹේ​ෙවලින් ඔහියට කෝච්චි පාර දිගේ







    කෝච්චිය, කෝචිචි පාර කියන්නේ රසවත් මාතෘකාවක්. ඒ වාගේම ගොඩක් විස්තර, තොරතුරු කතා කරන්න පුළුවන් විෂයයක්. පසුගිය ලිපියකින් අපි ඉදල්ගස්හින්න ඉඳලා බදුල්ලට තියෙන දුම්රිය බිංගෙවල් ගැන කතා කළා. ඒ නිසා අද අපි තෝරා ගත්තේ අඹේවෙල හා ඔහිය දුම්රිය ස්ථාන අතර කෝචිචි පාරේ තොරතුරු ටිකකින් ඔබ දැනුම්වත් කිරීමයි.


    කොළඹ කොටුවේ ඉඳලා කිලෝමීටර් 222.96 ක් දුරින් වාගේම මීටර් 1827.77 ක උසකින් තමයි අඹේවෙල දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ. අඹේවෙල දුම්රිය ස්ථානය තමයි දෙවනුව උසින් පිහිටා තියෙන දුම්රිය ස්ථානය ලෙසට පිළිගැනෙන්නේ. මෙම දුම්රිය ස්ථානය පටන් ගන්නේ 1893 වර්ෂයේදී. උඩරට දුම්රිය මාර්ගයේ 65 වන දුම්රිය ස්ථානය අඹේවෙල දුම්රිය ස්ථානයයි. අඹේවෙල ප්‍රසිද්ධ වන්නේ ශ්‍රී ලංකාවේ තියෙන සරු සාර තණ බිම් යායයන් නිසාය. ඒ වාගේම අඹේවෙල සහ නවසීලන්ත ගොවිපොළ නිසාය.


    අඹේවෙල හා පට්ටිපොළ දුම්රිය මාර්ගය දෙපසම ඇත්තේ එළවළු වගා කරන ලද බිම්ය. ඒවා අතර බීට්, කැරට්, ගෝවා, අර්තාපල් ප්‍රධාන තැනක් ගන්නවා. දුම්රිය මාර්ගය එක් පසකින් හග්ගල රක්ෂිතයටත් අනෙක් පසින් හෝර්ටන්තැන්න රක්ෂිතයටත් මායිම් වෙනවා. මෙම රක්ෂිත දෙකේම ශ්‍රී ලංකාවට ආවේණික සතා සිව්පාවා හා ගහකොළ තියෙනවා. පට්ටිපොළ දුම්රිය ස්ථානය ආසන්න වෙනකොටම අයිස් පීල්ල නමින් හඳුන්වන වතුර පීල්ලක් තියෙනවා. ඒ වාගේම පට්ටිපොළ දේශීය ඖෂධ උද්‍යානය ද ඒ අසලම තමයි තියෙන්නේ.


    පට්ටිපොළ දුම්රිය ස්ථානය දුම්රිය ඉතිහාසයේ ඉතා වැදගත් දුම්රිය ස්ථානයක්. ඒ ඇයි කියලා ඔබ දන්නවාද? ඔබ උත්තර දෙයි උසින්ම පිහිටා තියෙන දුම්රිය ස්ථානය කියලා. ඔව්. ඒක හරි. ඒ උනාට තවත් දුම්රිය ඉතිහාසයේ වැදගත් දුම්රිය ස්ථානයක්. ඇයි මම එහෙම කියන්නේ? ඒ තමයි දුම්රිය ඉතිහාසයේ එක් යුගයක පට්ටිපොළ දුම්රිය ස්ථානය ත්‍රිකෝණාකාර දුම්රිය ස්ථානයක් වීමයි. ත්‍රිකෝණාකාර දුම්රිය ස්ථාන අතළොස්සක් ලංකාවේ තියෙනවා. ඒවායින් පේරාදෙණිය දුම්රිය ස්ථානය දුම්රිය ත්‍රිකෝණයකට හොඳම උද‌ාහරණයක්.


    පට්ටිපොළ දුම්රිය ස්ථානය පිහිටා තියෙන්නේ කොළඹ කොටුවේ ඉඳළා කිලෝමීටර් 224.92 දුරින්. ඒ වාගේම මීටර් 1897.56 ක් උසින් ඒ කියන්නේ ලංකාවේ තියෙන උසින්ම පිහිටලා තියෙන දුම්රිය ස්ථානය. මෙම දුම්රිය ස්ථානය ආරම්භ වෙන්නේ 1893 වර්ෂයේදී. පැරණි දුම්රිය ස්ථානය පසු කාලයකදී නවීකරණය වෙලා. ගල් අගුරු දුම්රිය එන්ජින් ලංකාවේ භාවිතයෙන් ඉවත්වෙලා ඩීසල් බලැති දුම්රිය එන්ජින් ලංකාවට ගෙනාවට පස්සේ අර මම ඉස්සෙල්ලා කිව්ව දුම්රිය ත්‍රිකෝණය භාවිතයෙන් ඉවත් වෙලා තියෙනවා. අදටත් එහි නටබුන් දැකබලා ගන්න පුළුවන්. මෙම දුම්රිය ත්‍රිකෝණය භාවිතයට අරගෙන තියෙන්නේ වාෂ්ප බලැති දුම්රිය එංජිම හරවා ගැනීම සඳහායි.







    දුම්රිය මාර්ගයේ උසම තැන මුහුදු මට්ටමේ සිට මීටර් 1897ක් උසින් පිහිටා ඇත




    පට්ටිපොළ දුම්රිය ස්ථානය ආසන්නයේ වෙඩි බෙහෙත් ගබඩා කර තිබූ වෙඩි බෙහෙත් ගබඩා දෙකක්ම තියෙනවා. ඒ වාගේම තමයි පට්ටිපොළින් තමයි හෝර්ටන්තැන්නට යන එක් මාර්ගයක් වැටිලා තියෙන්නේ. ඔන්න මට තව එක දෙයක් කියන්න අමතක වුණා. ඒ තමයි පට්ටිපොළ දුම්රිය ස්ථානයේ තියෙන පයිනස් ගහක එල්ලලා තියෙන උෂ්ණත්වමානය. එවැනි උෂ්ණත්ව මානයක් වෙනත් දුම්රිය ස්ථානයක දැක බලා ගැනීමට නොමැති නිසා එය විශේෂයි.


    අපි දැන් පට්ටිපොළ දුම්රිය ස්ථානයෙන් ඔහිය දුම්රිය ස්ථානය දෙසට යමු. පට්ටිපොළ දුම්රිය ස්ථානයෙන් කිලෝ මීටර් දෙකක් විතර ගියාම උඩරට දුම්රිය මාර්ගයේ උච්චතම තැන හෙවත් සමිට් ලෙවෙල් පිහිටලා තියෙන්නේ. ඒක කොළඹ කොටුවේ ඉඳලා කිලෝමීටර් 225.93 ක් දුරින් හා අඩි 6226 ක් (මීටර් 1897) උසින් තමයි තියෙන්නේ. කවුරුත් උඩරට දුම්රිය මාර්ගයේ යනකොට මෙතැනින් ඔලුව එළියට ද‌ාලා එහි තියෙන පුවරුව බලන්න ප්‍රියතාවක් දක්වනවා.


    සමිට් ලෙවෙල් ඉඳන් පොඩ්ඩක් දුර ගියාම උඩරට දුම්රිය මාර්ගයේ අංක 18 දුම්රිය බිංගෙය පිහිටා තියෙනවා. ඒ බිංගෙය මීටර් 321.95 ක දිගකින් යුක්ත අඳුරු බිංගෙයකි. මෙම බිංගෙ​ෙයහි භාගයක් පමණ දුරින් තමයි වියළි කලාපයේ හා තෙත් කලාපයේ, ඌව හා මධ්‍යම පළාතේත්, බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මායිම් වැටිලා තියෙන්නේ. මෙම බිංගෙය 1951 වර්ෂයේදී කඩාවැටීමට ලක්වෙනවා. ඒ නිසා සති ගණනාවක් දුම්රිය ගමනා ගමනය නවතිනවා. ඊට පසුත් නිතර නිතර මෙම බිංගෙය කඩාවැටීම නිසා, ඒ ආසන්නයේ විෂ්ණු, කතරගම හා සමන් දෙවියන් වෙනුවෙන් දේවාලයක් ඉදිකර පුද පූජා පවත්වන්න පටන් ගන්නවා. ඒ 1981 වර්ෂයේදී. එම දේවාල ඉදිකිරීමෙන් පසු බිංගෙය කඩා වැටීම නතර වූ බව දුම්රිය සේවකයෙකු මා සමග පැවසුවා. අංක 18 දරන මෙම දුම්රිය බිංගෙය ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ ඇති තුන්වෙනුව දිගම බිංගෙය යැයි ද පැවසෙනවා.
    අංක 18 දරන දුම්රිය බිංගෙය පහුඋනාම දකින දර්ශනයෙන් කවුරුත් මුසපත් වෙනවා. නමුත් බිංගෙය අවසානයේදී අපව රැගෙන යන්නේ වියළි කලාපයටයි. බිංගෙයට ඉදිරියෙන් පෙනෙන්නේ වැලිමඩ සානුවයි.
    ඊට පස්සේ අංක 19 දරන දුම්රිය බිංගෙය හමුවෙනවා. එය මීටර් 19.2 ක් දිගැතිය. අංක 20 දරන දුම්රිය බිංගෙය මීටර් 18.29 දිගැතිය. අංක 21 දරන දුම්රිය බිංගෙයට ඉදිරියෙන් ඇත්තේ යකඩවලින් නිර්මාණය කර ඇති පාලමකි. පාලම ආසන්නයේ ඇත්තේ හෝර්ටන්තැන්න රක්ෂිතයයි. අංක 20 දරන දුම්රිය බිං​ෙගය මීටර් 80.48 දිගැතියි. මෙම දුම්රිය බිංගෙය තනි කෙළින් පිහිටා ඇති දුම්රිය බිංගෙයකි.


    අංක 20 දරන දුම්රිය බිංගෙය පසුවී කිලෝ මීටරයක් විතර ගියාම 1893 දී සාද‌ා නිමකරන ලද ඔහිය දුම්රිය ස්ථානය හමුවෙනවා. හෝර්ටන්තැන්නට පිවිසෙන ප්‍රධානතම මාර්ගය පිහිටා තියෙන්නේ ඔහියේ සිටයි. ඔහිය කුඩා ගම්මානයක්. දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ ඉඳලා කිලෝ මීටර් 231.40 දුරකින් තමයි පිහිටලා තියෙන්නේ.












    බණ්ඩාරවෙල
    ඉන්දක කරුණාද‌ාස
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Rail tracks wala yana eka full athal machan

    mamath Ohiya - Idalgashinna, Idalgashinna - Haputale, Ella - Demodara, Greatwestern tracks wala gihin tiyanawa
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    තහනම් නැද්ද බන්??
    බිං ගේකදි කෝච්චියක් ආවොත් අයින් වෙන්න ඉඩ තියෙනවා ද?
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ow ida thiyenawa.. podi spaces hadala thiyenwa inna puluwan... track eka repair karana ayath enawane ... eyala inne ee space wala thamayi , train eka enakota


    පෝරිසාදයා;23605134 said:
    තහනම් නැද්ද බන්??
    බිං ගේකදි කෝච්චියක් ආවොත් අයින් වෙන්න ඉඩ තියෙනවා ද?