අඹ යාලුවෝ vs. දෙවෙනි ඉනිම

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අඹ යාලුවෝ vs. දෙවෙනි ඉනිම

    කටු අකුලේ මල් ඇහැරුන කාලය දැන් අහවර වෙලා, අපි වයසට ගිහින් දැන් පරම්පරාව මාර ඇඩ්වාන්ස් වෙලානේ කියලා මට දැනෙන්න ගත්තේ දෙවෙනි ඉනිම නාට්‍යයේ කොටස් එහෙන් මෙහෙන් ටි වී එකේ දකින්න ලැබෙනකොට… ඒ හින්දා මමත් බැලුවා… මොකක්ද මේ ඉස්කෝලේ යන ළමයි ඉන්න නාට්‍යය කියලා… මට ඒකේ ඉන්න කෙල්ලෝ ටික දැක්කම මතක් වුණේම අපි ඉස්සර ඉඉස්කෝලේ ගිය විදිය… ඒ අතින් අපි මොනතරම් ගොන් ගස් ද කියලා වෙලාවකට හිතෙනවා… හැබැයි අපිට ඒ ළමයින්ට වගේ ප්‍රශ්න තිබ්බේ නෑ…
    ඉස්සරයි අදයි සන්සන්ඳනය කිරීමක් නෙවෙයි… ඒත් ඉස්සර අපිට තිබුණේ හරිම සරළ ජිවිත…
    ජිවිතේ හැමදෙයක්ම එකම තැන තියෙන්නේ නෑ තමයි හැම දෙයක්ම වෙනස් වෙනවා… අපි ඉස්කොලේ ගිය කාලේ වගේ නෙවෙයි ඒවත් හුඟක් වෙනස් වෙලා… හැබැයි මේ ටි වී වල පෙන්නන තරම් නම් ඉඉස්කෝලේ සිස්ටම් එක වෙනස් වෙලා නෑ තමයි… ඒත් ඒවා විකෘති කරලා ටි වී වල පෙන්නන එකත් ඒ වගේ නාට්‍යය හදන එකත් දරාගන්න හරි අමාරුයි…
    මේ නාට්‍යයයට බනිනවාවත් මේක විවේචනය කරනවාවත් නෙවෙයි ඒත් පොඩ්ඩක් බලන්න… ඔය නාට්‍යයයේ ගෑණු ළමයි ඉස්කෝලේ එන විදිය… මූණවල් ඔක්කොම මේකප් මූණවල්… ඒ මදිවට නිට් එක ශේප් කරපු අයිබ්‍රෝස්… ඇඟටම හැඩ කරලා මහපු යුනිෆෝර්ම් එක… දිගට උලට වවපු නියපොතු… පිරිමි ළමයින්ගේ ජෙල් කරලා පස්සට පීරපු දිග කොණ්ඩේ… දෙයියනේ මට උන්ව දකිද්දි මතක් වෙන්නෙම අපේ ඉස්කෝලේ හිටිය දිල්රුක් සර්ව… අහු වුණා නම් බූ ගාගෙන තමා යන්න වෙන්නේ… පාසල් ළමයෙක්ව රූපවාහිනිය තුළින් නිරූපණය වෙන්න ඕනා විදියටද සමාජයට පණිවිඩය යන්නේ…?
    අපි ඉස්සර වගේම අපේ අම්මලත් තවම ආසාවෙන් බලන අඹ යාළුවෝ නාට්‍යය මට මතක් වෙනවා… ඒ එදා වුණත් ඒ නාට්‍යයේ තිබ්බ සමාජමය වටිනාකම, හරය සහ විනිවිදභාවය අද ඉස්කෝලෙ යන ළමයි වගේ ඇඳගෙන රඟපාන කෙල්ලන්ගේ කොල්ලන්ගේ තියෙනවද…? මොනවා වුණත් සුනිල්ගේ, නිමල්ගේ නපුරු වුණත් මෛත්‍රීගේ මූණවල් තිබ්බ ඒ අහිංසක හුරතල් පෙනුම අද ඔය ළමයි බලන සමල්කලාගේ දෙව්මිලාගේ අනුහස්ලාගේ තියෙනවද…? උන්ගේ මූණවල් වල බේරේන්නේ හද්ද මනමාලකම… ළමයි ඉස්කෝලේ එන මූලිකම දේ ඉගෙන ගන්න එක… ඒක අමතක කරවන දෙවෙනි ඉනිම නාට්‍යය අද ළමයින්ට උලුප්පවලා පෙන්වන්නේ ළමයි අද පාසල් යන්න ඕන කොල්ලෙක් එක්ක කෙල්ලෙක් එක්ක යාළුවෙන්න… ඉස්කෝලේ ගුරුවරුන්ව, ප්‍රින්සිපල්ව බයිට් එකට ගන්න… කොල්ලෝ කෙල්ලෝ බෙදාගන්න බැරිව දෙපැත්තකට වෙලා ඉන්න… ඇනුම් පද කියාගන්න… ඒ අතරේ ඉඩක් ලැබුණොත් මොනවා හරි ඉගෙන ගන්න…

    සුදු ගවුමකට පාසල් නිළ ඇඳුමකට ගෞරවයක් එකතු කරගත යුත්තේ තමන් විසින්මයි… ඒත් අද යන නාට්‍යය වලින් පාසල් සිසු සිසුවියන්ගේ මනස අමු අමුවෙ දූෂණය කරන හැටි මම මේ නාට්‍යයෙන් දැක්කා… අම්මලා තාත්තලා ඉස්කෝලේ යන ළමයින්ට මඟුල් තීන්දුත් කරලා මේක දෙයියන්ටම ඔප්පුවෙච්ච රටක් කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි…

    අපි ඉස්සර කිව්වේ ළමා ගීත… මල් පිපිලා දෙනෙත් හැරෙන විට සුවඳ හමපු ළමා කාලය දෙවෙනි ඉනිමෙන් අද ළමයින්ගේ ළමා කාලය ගඳ ගස්සලා ඔලුව මනස්ගාත වලින් පුරවන්න අද ඉස්සරහින්ම අංක එකේ ටෙලි නාට්‍යය බවට පත් වෙලා තියෙනවා…

    පරණ වුණත් අපි අදටත් ආසාවෙන් බලන්නේ අඹ යාලුවෝ… ඒත් ඉස්කෝලේ සිලබස් මාරු වුණාට ඉස්කෝලේ යන ළමයා ළමයම තමයි කියලා ඔය හැමෝම මතක තියාගන්නවා තමා හොඳ… අපිට ටි වී වල යන නාට්‍යය වෙනස් කරන්න බෑ හැබැයි අපිට ඒවා නොබල ඉන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න… සුනිල් ලා නිමල්ලා වගේ සමල්කලා, දෙව්මිලා, අනුහස්ලට කවදාවත් හිතේ කොනකවත් ඉන්න බෑ ආන්නේකයි…

    1491284319cover_deweni_inima3-1120x413.jpg

    ea8830d979043333e81e5ae122bb1a53_XL.jpg
     
    Last edited:
    • Like
    Reactions: djfordj

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මීහරක්ට ඔනෙ තණකොලනෙ...ඒව සපයනව....අපේ මීහරක් ඒව කනව...මොනා කරන්නද...මොලේ කලදක් නැති මරි මෝඩ...බුදිය ගත්ත නිසා දෙමාපිය උන ගොන්නු...ලමයි එක්ක එකට ඉදගෙන කටවලුත් ඇරගෙන බලනව....රටකට ගිය කලක්...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    දෙරණ කියන්නේ කොහොමත් මීහරක් චැනල් එකක්. කොපි කරන්න විතරයි උන් දන්නේ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,283
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    Kathawa aeththa..

    oka wela tiyenney ada kale kohoma kohoma hari ammawa hari wikunala salli hoyanna ne...

    sadachare ballata gihilla....

    Adu kule aya loku putu walta giyahama ohoma thama...
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    දෙරණ කියන්නේ කොහොමත් මීහරක් චැනල් එකක්. කොපි කරන්න විතරයි උන් දන්නේ

    ඔව් සිරස බලපන් එ්ක පට්ට :lol::lol:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මීහරක්ට ඔනෙ තණකොලනෙ...ඒව සපයනව....අපේ මීහරක් ඒව කනව...මොනා කරන්නද...මොලේ කලදක් නැති මරි මෝඩ...බුදිය ගත්ත නිසා දෙමාපිය උන ගොන්නු...ලමයි එක්ක එකට ඉදගෙන කටවලුත් ඇරගෙන බලනව....රටකට ගිය කලක්...
    :yes:

    Kathawa aeththa..

    oka wela tiyenney ada kale kohoma kohoma hari ammawa hari wikunala salli hoyanna ne...

    sadachare ballata gihilla....
    :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මීහරක්ට ඔනෙ තණකොලනෙ...ඒව සපයනව....අපේ මීහරක් ඒව කනව...මොනා කරන්නද...මොලේ කලදක් නැති මරි මෝඩ...බුදිය ගත්ත නිසා දෙමාපිය උන ගොන්නු...ලමයි එක්ක එකට ඉදගෙන කටවලුත් ඇරගෙන බලනව....රටකට ගිය කලක්...
    true
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මීහරක්ට ඔනෙ තණකොලනෙ...ඒව සපයනව....අපේ මීහරක් ඒව කනව...මොනා කරන්නද...මොලේ කලදක් නැති මරි මෝඩ...බුදිය ගත්ත නිසා දෙමාපිය උන ගොන්නු...ලමයි එක්ක එකට ඉදගෙන කටවලුත් ඇරගෙන බලනව....රටකට ගිය කලක්...

    ඕවා මචන් ටෙලි ඩ්‍රාම, ඇත්ත නෙවි. ඇත්තම බලන්න ඕනි නම් ඩොකියුමෙන්ට්‍රි බලන්න. ටිකක් හරි ලඟින් යනවා.

    ඔය කියන විදියට අර සුපර් හීරොස් මූවිස් එහෙම.... අනේ මන්ද.

    ඇත්ත ම ඕනි නම් ටීවී එක අරන් තියල පාරට බැහපල්ල.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කටු අකුලේ මල් ඇහැරුන කාලය දැන් අහවර වෙලා,

    1491284319cover_deweni_inima3-1120x413.jpg

    ea8830d979043333e81e5ae122bb1a53_XL.jpg

    මචං අඹ යාලුවො එකේ අර ගෙදරින් පැනල යන සීන් එකෙන් එහෙම මාර ආදර්ශයක් නේද දෙන්නෙ සමාජෙට. පට්ට!
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචං අඹ යාලුවො එකේ අර ගෙදරින් පැනල යන සීන් එකෙන් එහෙම මාර ආදර්ශයක් නේද දෙන්නෙ සමාජෙට. පට්ට!

    ඇයි ඒවා සමාජේ වෙන්න බැරිද? පාසල් යන කාලේ ඕන තරම් ඕවා වෙන්න පුලුවන්.. නමුත් දැන් වෙන්නේ කොහොම හරි අක්කා කෙනෙක්ට හරි අනින්නේ කොයි වෙලේද කියන සෙක්ස් මානසිකත්වයෙන් ඉන්න එක
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඇයි ඒවා සමාජේ වෙන්න බැරිද? පාසල් යන කාලේ ඕන තරම් ඕවා වෙන්න පුලුවන්.. නමුත් දැන් වෙන්නේ කොහොම හරි අක්කා කෙනෙක්ට හරි අනින්නේ කොයි වෙලේද කියන සෙක්ස් මානසිකත්වයෙන් ඉන්න එක

    ඒක තමයි කියන්නෙ, එතකොට අඹ යාලුවො හොඳයි දෙවෙනි ඉනිම නරකයි වෙන්නෙ කොහොමද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒක තමයි කියන්නෙ, එතකොට අඹ යාලුවො හොඳයි දෙවෙනි ඉනිම නරකයි වෙන්නෙ කොහොමද?

    ඔයාගේ මානසිකත්වය වෙනස් බ්‍රෝ. ඒක තේරුම් කරලා දෙන්න මට උවමනාවක් නෑ.. කුක්කු බබා එක්ක මම එකගයි නමුත් වර්තමානයේ මිනිස්සු සල්ලි උපයන්න නොකරන දෙයක් නෑ.. මේ කිව්වා වගේ අපේ ඒ සුන්දර පාසල් කාලේ කාලීන සෙක්ස් ආශාවෙන් පුරවන්න උන් හොද වෑයමක් අරන් තියෙනවා.

    මම අදුරන වයසක වගේම 2,3 වසරේ ලමයි පවා මේ ඉලව්ව බලන්නේ රෑට කන එකත් නවත්තලා.

    සැයු: මම ඕකේ එකම එපිසෝඩ් එකක්වත් බලලා නෑ.. එහෙන් මෙහෙන් දැක්ක ඒවා තමා.
     
    • Like
    Reactions: akilaperera2014

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමයි කියන්නෙ, එතකොට අඹ යාලුවො හොඳයි දෙවෙනි ඉනිම නරකයි වෙන්නෙ කොහොමද?

    මෙහෙමයි සමහර පොල් බූරුවො ඉන්නව...උන්ට කියුවට මෙලෝකෙ දෙයක් තේරෙන් නැ...කියන්ඩ කනගාටුයි උබත් ඒ ජාතියෙ පොල් බූරුවෙක්....
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    සැයු: මම ඕකේ එකම එපිසෝඩ් එකක්වත් බලලා නෑ.. එහෙන් මෙහෙන් දැක්ක ඒවා තමා.
    මම බැලුවා දවසක්. උන්ගේ රග පෑමත් මරු ඈ :baffled::baffled:
     
    • Like
    Reactions: The_Killer

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    දෙරණ කියන්නේ කොහොමත් මීහරක් චැනල් එකක්. කොපි කරන්න විතරයි උන් දන්නේ