අයවැය~කාට කියන්නද මේවා
- ශාමින්ද වත්තේගෙදර
2014 අයවැය විසර්ජන පණත් කෙටුම්පත නොබෝදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. පෙනෙන හැටියට නම් එය කවදත් කෙරෙන ආකාරයට ණය වෙන හැටි රටට කියා දෙන ලියැවිල්ලකි. පණත අනුව රජයේ වියදම රුපියල් ට්‍රිලියන 1.54 කි.
කලින් වසරට සාපේක්ෂව සියයට 15.5 කින් රජයේ වියදම වැඩි වී තිබේ. වියදම සම්පූර්ණ කර ගන්නට රුපියල් ටි්රලියන 1.15 ක ණය ගන්නට රටට සිදුවනු ඇත. මෙහෙම ණය ගන්නේ දුගී දුප්පතාට රුපියල් හත්සිය පණහක සමෘද්ධි ගෙවන අතර පාලකයන්ගේ රාජ්‍ය පවත්වාගෙන යන්නට උවමනා අඩුවැඩිය වෙනුවෙනි. කිසිම බරක් පතලක් නැතිව, තැනක් නොතැනක් බලා ණය ගන්නා ආණ්ඩුව අන්තිමේදී පැවැත්ම උදෙසා ලෝකයේ වානිජ බැංකුවලින් ගිනි පොලියට ණය ගෙන සංවර්ධනයේ උදාරම් බව කියන්නට පටන්ගෙන තිබේ.
යුද්ධයක් තිබුණ කාලයේ ආර්ථීක සංවර්ධනය 6% කට වැඩි අගයක් ගත් බව කියවේ. මිනිස්සු එදා වේල කා බී තැන තැන පිපිරෙන බෝම්බ වලට බියෙන් මහ මග නතර නොවී ගෙවල් දොරවල් බලා ගියහ. යුද්ධය හමාර වී අවුරුදු තුනක් ගිය තැන ද සංවර්ධන වේගය සියයට හයකි. මල්ටි බැරල් වලට ගෙවන හෙයින් හිත හදා ගත් මිනිස්සු දැන් අතේ පිච්චියක් නැතිව කොන්ක්‍රීට් ඇලවූ පදික වේදිකාවේ ඉබාගාතේ යමින් සිටිති. යුද්ධයෙන් පසු රටට හොඳ කලක් උදා වෙනු ඇතැයි තිබූ මහා බලාපොරොත්තු දුගී දුප්පත් ජනතාවගේ හිත් තුළ පිපිරෙමින් තිබේ.
සංවර්ධනය ගැන කී පුරාජේරු හැබෑ නොවූ කල එයට උත්තර වශයෙන් ආණ්ඩුව කැසිනෝ ව්‍යාපාරය පටන් ගන්නට යයි. ණය ගන්නට තැනක් නැති අතරමං වූ ජනයා උදේ පාන්දර සිට සූරන ලොතරැයි කූඩු වලට වී තමුන්ගේ වාසනාව හුරා බලන ආකාරයට ආණ්ඩුව කැසිනෝවලින් වාසනාව කරකවා ගන්නට ප්රයත්න දරමින් සිටී. එහෙම කරන්නේ අය වැය පියවා ගන්නට නොහැකි තරමට අසරණ වූ පසුවය.
මෙතෙක් කල් ආණ්ඩුවේ අය වැයට කිහිලිකරු වූ දුම්කොල බද්ද සහ මත්පැන් බද්ද දිග මදි වන තරමට ආණ්ඩුව වක ගසා ඇති බව මෙයින් වටහා ගත යුතුය. 1990 අවුරුද්දේ සිගරට් සහ දුම්කොලවලින් මිලියන 5,461 ක බදු උපයා ගත් ආණ්ඩුව 2012 වන විට රුපියල් මිලියන 53,565 ක් උපයා ගෙන තිබේ. මේවා මහජනතාව ගෙවන බදුය. මත්පැන්වලින් 1990 අවුරුද්දේ ආණ්ඩුව අය කරගෙන තිබූ බදු මුදල රුපියල් මිලියන 2,617 කි. 2012 වන විට එය රුපියල් මිලියන 60,086 ක් තෙක් වැඩි වී ඇත. 2012 අවුරුද්දේ අය වැයට කලින් සහ අය වැය මගින් දුම් කොල සහ මත්පැන් බදු වැඩි කෙරිණ.
වියදම් කිරීමේ කලාව විනා ආදායමක් උපයා ගන්නා ක්‍රමයක් ගැන නොදන්නා පාලකයෝ තමන්ට අත මිට හිගවන හැම විටකම අත තියන්නේ සිගරුට්ටුවට හා අරක්කු බෝතලයටය. දැන් සාමාන්‍ය මිනිහෙකුට හිත හදා ගන්නට අරක්කු බෝතලයක්වත් මිලදී ගන්නට බැරි තරමට ඒවායේ බද්ද වැඩිය. මැති ඇමැතිවරුන් මතට තිත තියමින් විස්කි ජින්වලින් සප්පායම් වන අතර දුප්පතුන්ට ඉතිරි ව ඇත්තේ හොරට පෙරන මත්පැන්ය. හොර පාරේ ගෙන එන සිගරට්ය. මේවා බහුලව පැතිරෙන හෙයින් තමන්ගේ ආදායම ද වැටී ඇතැයි දුම්කොල සමාගමත්, අරක්කු වෙළෙන්දනුත් කියන්නට පටන්ගෙන තිබේ. තවත් බදු වැඩි කළහොත් පොදු ජනතාව තව තවත් නීති විරෝධී මත්පැනට නැඹුරු වනු නිසැකය.
සුරා ආදායම නැති වෙන තැනට ලකුණු පහළ වෙන විට අය වැය පියවන්නට දූ කෙළියට සූදානම් වෙති. මේවා පිරිහෙන ලකුණු බව නොකියා බැරිය. ආර්ථීක වර්ධනයක් ඇති කරන ආකාරයට අයවැය සැලසුම් නොකිරීම අද අපට දැක ගත හැකි දෙයයි. ආණ්ඩුවට එකතුවන ආදායම කලින් ගත් ණය හා පොලිය ගෙවා, තම තමන්ගේ අමාත්‍යංශවල වියදමත් පියවා ගත් කල ඉතිරි වන යමක් නැත. අය වැය පියවන්නට තව තවත් ණය ගන්නා අතර එයද කළ නොහැකි තරමට හිරවන කල දුරාචාරයෙන් හෝ හරි හම්බ කරන්නට පෙළැඹීම ප්රමුඛ අවශ්‍යතාවයකි.
ලංකාවේ සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ එයයි. කළින් වසරට වඩා රජයේ වියදම් වැඩිවීම සාමාන්‍යයෙන් සිදුවිය හැකි දෙයකි. මෙම වියදම අලූතින් කර්මාන්ත ව්‍යාපාර ආරම්භ කරන්නට ද? නැත. පුරුදු පරිදි ආණ්ඩුව සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කරන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට හයක පමණ ප්රමාණයකි. ආර්ථීක පර්යේෂකයන්ගේ මතය මෙම ආයෝජනය අඩුම තරමින් තුන් ගුණයකින් වැඩි කළ යුතු බව ය. එදා වේල පියවා ගන්නට ආදායමක් නැති තැනට පත්ව ඇති අවස්ථාවක ආයෝජනය කරන්නට ධනය උපයා ගන්නේ කෙසේ ද?
විසර්ජන පනත් කෙටුම් පත අනුව වියදම් වලින් වැඩිම කොටසක් වෙන් කර ඇත්තේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්යාශයටය. එය රුපියල් බිලියන 253 කි. 2013 වසරේ රුපියල් බිලියන 289 ක් වෙන් කර තිබුණි. නමුත් මෙවර යම් ප්‍රමාණයකින් කපා හැර ඇත. මේවා ආදායමක් උපයන්නේ නැති තැන්ය. නාගරික සංවර්ධනය සිදුවන නමුත් පාරේ මිනිහෙකුට හදිසියකට යන්නට වැසිකිළියක් නැත.
ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය රුපියල් බිලියන 11 කින් ඉහළට නැග බිලියන 85 ක් වී ඇත. දුම්කොල හා මත්පැන්වලින් බිලියන 113 ක් උපයන විට එයින් හතරෙන් තුනක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නඩත්තුවටය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 138 කි.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 148 ක් වෙන් කර ඇති අතර සෞඛ්‍ය වියදම රුපියල් බිලියන 117.6 කි. මුදල් අමාත්‍යාංශයට රුපියල් බිලියන 165 ක්. වරාය සහ මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 144 ක්, අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 38 ක්, උසස් අධ්‍යාපනයට රුපියල් බිලියන 29 ක් සහ අධ්‍යාපන සේවා අමංත්යාංශයට රුපියල් බිලියන 9 ක් වෙන් කර තිබේ. කෘෂිකර්මය වෙනුවෙන් රුපියල් බිලියන 43 ක් සහ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් බිලියන 105 ක් වෙන් කර ඇත.
මේවා වෙන් කරගත් ආකාරය දෙස බලන විට යම් පමණකින් හෝ අවබෝධයක් ඇති අයෙකුට එහි පදනම ප්‍රශ්න කරන්නට සිදුවනු නිසැකය. විසර්ජන පණත් කෙටුම්පත අනුව 2014 වසරේ දී අය වැය හි`ගය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 5.2 ක් දක්වා අඩුකරගත හැකි වෙතැයි කියති. කියන නමුත් කෙරුවාව එහෙම නොවේ. අවුරුද්ද අවසන් වන විට අතිරේක ඇස්තමේන්තු මගින් අය වැය පියවනු ලැබේ.
එවිට තව තවත් ණය ගැනීම සිදුවේ. අය වැය යෝජනා ඉදිරි පත් කරන නමුත් හැම අවුරුද්දකම අය වැය යෝජනාවට පිටින් කරන ලද වියදම් රටට අනාවරණය කළහොත් ආණ්ඩුව කරන ප්‍රෝඩාවේ තරම වැටහෙනු නියතය. මුදල් අමාත්‍යාංශයේ වාර්තා අනුව 2013 වසරේ පවා ආදායම බිඳවැටී වියදම වැඩිවී තිබේ.
වසරේ මුල් මාස හතර තුළ රජයේ ආදායම රුපියල් බිලියන 314.2 කි. රුපියල් බිලියන 365.2 ක් වෙතැයි අපේක්ෂා කර තිබූ ආදායම එපමණකට අඩු වූ විට අය වැය සැලසුම් බිඳ වැටේ. ගෙවුණ මාස හතරක කාලයේ වියදම රුපියල් බිලියන 658.4 කි. අපේක්ෂිත මට්ටමට වඩා රුපියල් බිලියන 16 කින් වියදම ඉහළ ගොස්ය.
මේවාට වන්දි ගෙවන්නේ දුගී දුප්පත් ජනතාවයි. ලොකු ලුනු කිලෝවක් රුපියල් එකසිය හැත්තෑවක් වන විට එයින් රුපියල් හතළිහක් ආණ්ඩුව බදු අය කර ගෙන තිබේ. අර්තාපල් කිලෝව රුපියල් එකසිය අසූවක් වන විට එයින් අය කළ බද්ද රුපියල් හැටකි. හාල් මැස්සන් කිලෝව රුපියල් පන්සියය ඉක්මවා ඇත්තේ ආණ්ඩුවේ බදු සමගය. ඉගෙනුමට, ඛෙහෙත් පෙත්තට හෝ පාරට බස් එකක් දාන්නට ධනය නැති ආණ්ඩුවක් මිනිසුන්ට ඇවිදින මං තීරු හදමින් සිටී. රටේ ආදායම තවත් පහළට වැටෙන කල ඒවායෙන් ද කීයක් හෝ අය කරන ක්‍රමයක් ගැන හෙට අනිද්දා කතා කරනු ඇත.

meka thamai ban siraa seen eka..