අයවැය_සංශෝධන

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යොජනාවලියේ ඇතුලත් කරුණු කිහිපයක් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහතා අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. ඊට එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන පක්ෂ නායකයන්ද සහභාගී වී තිබෙනවා.

    මෙවර අයවැයෙන් ඉදිරිපත් කෙරුණු ඇතැම් යෝජනා සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බැවින් එම කරුණු වලට යම් යම් සංශෝධන එක් කිරීමටයි එහිදී තීරණය වී තිබෙන්නේ. රුපියල් පන්දහසක් දක්වා වැඩි කෙරුනු දුම් පරීක්ෂණ ගාස්තුව සංශෝධනය කිරීම සහ විදුලි බලයෙන් දාවනය කෙරෙන වාහන සඳහා පැනවූ බද්ද සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

    එමෙන්ම තෝරාගත් භාණ්ඩ කිහිපයක් වෙනුවෙන් වැඩි කරන ලද බදු සංශෝධනය කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති බවයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේ. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන බදාදා පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි. එම අවස්ථාවේ මෙම සංශෝධන ඉදිරිපත් කරනු ඇති.


    Source
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    hapoi 3/2 katat wada balayak tiyagenat yahapalana anduwa dekata nemenawada, ah okkotama wada votes tika wedagathne toyyange enisa pudumekut ne uk walata nemenawa un walata nemenawa dekata 3ta nemila nemila gatta anduwane ban den oka rekaganna wennet ohomama tama ranilatai my3 tai :lol::lol::lol: