අය්යා පස්සෙන් ජනාධිපති

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    සිංහලයන්ට එකක්, දෙමලුන්ට එකක්, මුස්ලිම්වරුන්ට තව එකක්….. දිව තුනේ මහින්දලාගේ තුප්පහි කතා මෙන්න…. මහින්දානන්ද මහනුවරදි මුස්ලිම් ඡන්ද හිඟාකයි!

    Published on- Nov 9, 2019 බලයට ඒමට ඕනෑම සක්කිලි වැඩක් කරන රාජපක්ෂ කඳවුර ජනාධිපතිවරණය ආසන්න වෙත්ම පරාජය වන බව හොදින්ම දැන ගෙන පරාජයියෙන් වියරු වැටි ඡන්දය දෙනවා නම් අම්මා අප්පා පවා විකුණන තත්ත්වයට පත් ව තිබේ.

    පාස්කු ප්‍රහාරය දඩමීමා කර ගෙන පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූ අසරණ ජනතාවගේ මල මිනි මතින් දේශපාලනයට, ජනාධිපති වීමට පැමිණි ගෝඨා තමා විසින් කිරි පොවනු ලැබූ බොදුබල සේනා, මහසෝන් බලකාය, මධුමාධාව අරවින්ද, විමල් වීරවංශම් උදය ගම්මන්පිල වැනි ජාතිවාදි අන්තවාදි නරුමයන් හරහා ලංකාවේ මුස්ලිම් විරෝධයක් ගොඩ නගමින් ලංකාව තවදුරටත් මුස්ලිම් ජනතාව ආරක්ෂිත රටක් නොවේ යන මතය සෑදීමට උත්සහ කළ ආකාරය රහසක්නොවේ .

    මුස්ලිම් කඩ වර්ජනය කිරීමට, මුස්ලිම් කඩ සාප්පු ගිනි තැබීමට, වද බෙහෙත් දා ඇති බවට අසත්‍ය ප්‍රචාර යැවීම ආදි වූ ජාතියක් ජන්මයක් නැති වැඩ කරමින් රටේ සිංහල බෞද්ධ ජනතාවට පොහොට්ටු කල්ලිය පෙන්වා දුන්නේ ඔවුන්ගේ පරම හතුරා වන්නේ මුස්ලිම් ජනතාව බවය.

    අදටද විමල් වීරවංශ ලා වැනි ඇට නැති දිව ඇත්තෝ ප්‍රසිද්ධ වේදිකාවල ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයින්ට අවමන් කරමින් පවසන්නේ තම අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂට ජයග්‍රහණය කිරීමට මුස්ලිම්, දෙමළ ඡන්දය අවශ්‍ය නොවන බවයි. විමල් වීරවංශ ට අනුව සියළු මුස්ලිම් හා දෙමළ ජනතාව ත්‍රස්තවාදීන් වේ.

    ලෝකෙට පේන්න විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව තුළ මුස්ලිම් විරෝධයක් ඇති කරමින් සිංහල බෞද්ධ ජනතාවගේ විශ්වාසය ගෝඨාභය වෙත දිනා ගැනීමට රඟපාන රාජපක්ෂවරුන් හා පොහොට්ටු වන්දිභට්ටයන් හක්කේ බුදුරැස් තිබුණට බොක්කේ ඇත්තේ දඩ මස් බව තැන තැන පොකට් රැස්වීම් තබමින්, කුඩා සම්මන්ත්‍රණ තබමින් මුස්ලිම් ඡන්දය හිඟාකමින් පෙන්වා දී ඇත.

    පසුගිය අප්‍රේල් , මැයි මාස වල බෞද්ධයාගේ මුදුන් මල්කඩ මහනුවර බවට පවසමින් මහනුවරින් මුස්ලිම් ජනතාව ඉවත් කළ යුතු බව, මුස්ලිම් පාසල් නැති කළ යුතු බව, මහනුවර මුස්ලිම් ආපන ශාලාවක් හෝ තැබිය යුතු නැති බව පවසමින් මහා දේශප්‍රේමින්, බෞද්ධයන් විදියට පෙනි සිටි පොහොට්ටු කල්ලියේ මහින්දානන්ද අලුත්ගම මහනුවරට ගොස් මුස්ලිම් ජනතාවට මහනුවර නගර මධ්‍යයේ මුස්ලිම් පාසලක් පවා ආරම්භ කරන බවට ප්‍රතිඥා දෙමින් මහනුවර ගෝඨාභය 10%ක් ව ඇති මුස්ලිම් ඡන්ද ප්‍රමාණය 25% කර දෙන ලෙස ඉල්ලා සිටින ආකාරය දැක්වෙන විඩීයෝ පටයක් අපට ලැබි ඇත.


    මහනුවර තෙල් දෙණියේ හා දිගන දී ජාතිවාදී කලබල ඇති කිරීමට නාමල් කුමාරලා, ගලබොඩත්තේ ඥාණසාරලා, ඩෑන් ප්‍රියසාද් ලා මෙහෙයවූ රාජපක්ෂලා ඡන්දය වෙනුවෙන් ලබා දෙන පොරොන්දු හා ඔවුන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය ට මෙම විඩියෝව එක් උදාහරණයක් පමණි.

    පොහොට්ටු වේ මධ්‍ය ස්ථරය වන මන්ත්‍රිවරුන් මෙලෙස පොරොන්දු ලබා දෙනව නම් තවමත් රටට ආවරණය වී ඇති හිස්බුල්ලා, පිල්ලෙයාන්, වරදරාජා, කරුණා අම්මාන් වැන්නන් sසමග මහින්ද, ගෝඨාභය රාජපක්ෂ ඇති කරගෙන ඇති ගිවිසුම් වලින් මොන මොනවා පොරොන්දු වී ඇති ද යන්න දන්නේ ඔවුන්ම පමණි.

    එබැවින් මෙවැනි ජඩ,අමන බලලෝභි දේශපාලුවන් මේ රටෙන් සදහටම තුරන් කිරීමේ අවස්ථාව ජනතාව විසින් හොදින් ප්‍රයෝජනයට ගත යුතු බව අපගේ හැගීමයි.


    http://lankanewsweb.org/archives/21348
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    73375636_2588598217855238_1851483925117927424_n.jpg
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ගෝඨාභයගේ 11 වැනිදා හිරු ටීවී සජීව විකාශය අද රූගත කරයි :lol:

    ada.jpg


    එළැඹෙන 11 වැනිදා හිරු ටී.වී. නාලිකාවේ සජීව රූපවාහිනී සංවාදයක් ලෙස හඳුන්වමින් විකාශය කිරීමට නියමිත විශේෂ ‘සලකුණ’ දේශපාලන වැඩසටහන අද (08) උදෑසන එම නාලිකා පරිශ්‍රය තුළ දී රූගත කළ බව වාර්තා වනවා.

    හිරු එෆ්.එම්. නාලිකාවේ සේවය කරන කාවින්ද කෞෂල්‍යගේ ෆේස්බුක් ගිණුමේ, ගෝඨාභය රාජපක්ෂ මහතා හිරු ටී.වී. නාලිකාවේ සේවක කණ්ඩායම සමඟ සිටින ඡායාරූපයක් පළකර තිබූ අතර මේ වනවිට එම ඡායාරූපය ඉන් ඉවත් කරගෙන ඇත.
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ‘සලකුණ’ සංවාදය ඊයේ දිනයේ රූගත කොට සංස්කරණය කිරීමෙන් පසුව සජීව විකාශයක් වශයෙන් අද දිනයේදී (08) හිරු නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිතව තිබේ. එම වැඩසටහනේ රූගතකිරීමේදී මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවූ යම් යම් දෝෂයන් අවස්ථා 25කදී සංස්කරණය කොට ඉවත් කළ බවද වාර්තා වනවා.
    සාමාන්‍යයෙන් සජිව දේශපාලන සංවාදයක් සේ සැලකෙන්නේ ඒ මොහොතේදී යොමුවන ප්‍රශ්න සඳහා ඒ මොහොතේදීම පිළිතුරු ලබාදීම වුවද, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ රූපවාහිනි සංවාදවල පවතින අංග චලනමය සහ වාචික දුර්වලතා නිසා මෙලෙස එය කලින් රූගත කොට, සංස්කරණය කිරීමෙන් අනතුරුව පළ කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    :no::no::no::no:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨාභයගේ 11 වැනිදා හිරු ටීවී සජීව විකාශය 8 රූගත කරයි :lol:

    75220642_2571425826225964_4925629212729016320_n.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ද්විත්ව පුරවැසි ලිපි ගොනුව නෑ.
    හමුදාවෙන් ඉවත් වුණු ලිපි ගොනුව නෑ.
    පාස්පෝට් ලිපි ගොනුව නෑ.