ඔන්න තවත් කතාවක් හරිය.
පියදාස තම කාර්යාලය කිට්ටුව පිහිටි බැංකුවකට ගොඩවුණේ චෙක්පතක් මාරු කරගන්නා අදහසිනි. චෙක්පත පිරික්සා බැලු කවුන්ටරයේ සිටි නිලධාරියා පියදාස දෙස බලා සර් ඔයා ගෙ අයිඩෙන්ටි කාඩ් එක දෙන්න. යනුවෙන් කීවේ හැඳුනුම්පත පරීක්ෂා කරන අදහසිනි.
අනේ අයිඩෙන්ටිය ගේන්ඩ මට අමතක උනානේ පියදාස කීවේ ලැජ්ජාශීලී සිනාවක් මුවට නංවා ගනිමිනි.
හොඳයි එහෙනං, සර්ව හඳුනාගන්න මොකවත් සර් ළඟ තියෙනවද? නිලධාරියා කාරුණිකව ඇසීය.
මඳක් කල්පනා කළ පියදාස ලැජ්ජාවෙන් සිනාසී මෙසේ කීවේය.මගෙ දකුණු කලවේ උපන් ලපයක් තියෙනවා.




