අයිරින් ද අල්විස්

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අයිරින් ද අල්විස්

    ayrin.jpg


    ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ ගීත රචකයකු වූ හේම ශ්‍රී ද අල්විස් අද අන්ත අසරණ තත්ත්වයට පත් ව ඇති බව මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණා 173, වලපල, පන්සල පාර ,පාණදුර යන ලිපිිනයේ ඔවුන් මේ වනවිට පදිංචිව සිටිනවා.
    අයිරින් ද අල්විස්ගේ ජීවිතය ඇඳට සීමා වෙලා. ඇයට කිසිවක් තනිව කර ගත නොහැකි තරමට ඈ රෝගී වෙලා. ඇඳ මත උඩුකුරුව වැතිර සිටින ඇයගේ සියලු කටයුතු අද සිදු කරනුයේ ඇගේ සැමියා වූ හේම ශ්‍රී අතිනි.

    අයිරින් ඔත්පල වී හමාරය. ඇස් දෙක පවා නොපෙනෙන අත පය පවා සෙලවීමට බැරි තරමට රෝගී වී සිටින ඈ ඇඳ මත උඩු බැලි අතට වැතිර සිටී.

    හේම ශ්‍රී හා අයිරින් අද ජීවත් වනුයේ ද කුලී ගෙයකය. එය ද වැස්සට තෙමෙන වහලය දිරාපත් වූ ගෙයක කාමරයකි. මේ කාමරය පුරාවට ඇත්තේ නිදන ඇඳ හා පුංචි කබඩ් එකක් පමණි. ඉඳ ගැනීමට ප්ලාස්ටික් පුටු දෙකක් හැරෙන්නට වෙනත් කිසිත් ඔවුන් සතුව නැත.

    එදා අයිරින් කියූ ගීත හේම ශ්‍රී අතින් ලියැවුණු ගීත හාර දහසකට වැඩි ප්‍රමාණය ගැන කියමින් ඒ ගැන පිටු ගණනක් ලිව්ව ද වැඩක් නැත. අද මේ යුවලට අවශ්‍යව ඇත්තේ බෙහෙත් ටික ගන්නට මුදල්ය. කුසගින්න නිවා ගන්නට ආහාර ටිකක්ය. හේම ශ්‍රී අතින් ලිය වූ ගීත රචනා අද කොතෙකුත් මාධ්‍ය ඔස්සේ අසෙනු ඇත. ඒ ගී පදවැල්වලට අත්පොඩි ගසා තාලෙ අල්ලන අතපය විසි කරමින් නටන කොතෙකුත් පිරිස් ඕනෑ තරම් ඇත. එදා හේම ශ්‍රී අතින් ලියවුණු ගීත රචනා ගායනා කරන එයින් ජනප්‍රිය වූ ගායක ගායිකාවන් කොතෙකුත් ඇත. ඒත් මේ හැමෝම අද හේම ශ්‍රීව අමතක කරලාය.


    2006 වසරේ සිටම අයිරින් මේ ලෙස රෝගාතුරව සිටියි.

    අද වෙන කොට මම වචනයෙන් කියන්න බැරි තරමට අසරණ වෙලා ඉන්නේ. මෙයාගේ බේත් ටික ගන්න මාසෙකට රුපියල් හාර දහසක් විතර යනවා. ඒ මුදල මට හොයා ගන්න බැරිව මම විඳින දුක දන්නේ මම විතරයි.

    මෙයා මේ තත්ත්වයට පත් වුණ නිසාම මටත් මොනවත් කරගන්න යන්න බෑ. අඩුම තරමින් ගෙදරක කුලී වැඩක් හරි කරලා මෙයාට බේත් ටික ගන්න බඩගින්න නිවා ගන්න කීයක් හරි හොයා ගන්න මට මේ ගෙදරින් යන්න විදියක් නැහැ. ගෙදරට කොටු වුණ නිසා අතේ තිබුණු සියලු මුදල් වියදම් වුණා. හම්බ කරගන්න කියලා කොහාටවත් යන්න බෑ. මෙයාව බලාගන්න වෙලා තියෙන්නේ මට. මම කාට හරි සිංදුවක් ලියල තමයි කීයක් හරි හොයා ගන්නේ. ඒකත් ලැබුණොත් විතරයි.කැනඩාවේ ඉන්නවා කීර්ති විජේවර්ධන කියලා මහත්තයෙක්. එයා එහෙ ඉඳලා මට කියලා ගීත රචනා ලියා ගන්නවා. ඒ ගී රචනාවලට එයා එහෙ ඉඳලා මගේ එකවුන්ට් එකට මුදලක් දානවා.ඒ ලැබුණ දෙයකින් අපි දෙන්න මොනව හරි දෙයක් කඩෙන් ගෙනත් කාලා ජීවත් වෙනවා.

    මෙයාගේ බෙහෙත්වලට විතරක් මාසෙට රුපියල් හාර දහසක් යනවා. ඉඳිආප්ප දෙකක් ආප්පයක් වගේ තමයි අයිරින් කෑමට ගන්නේ. සමහරදාට එයාට ඉඳිආප්පයක් අරන් දෙන්න මම ළඟ සල්ලි නැහැ. අපි දෙන්නම අනන්තවත් දවස දෙක කෑමක් නැතුව බඩගින්නේ ඉඳලා තියෙනවා. වතුර බිබී මෙයාට වුණත් මම කවන්න ඕනෑ. වතුර වුණත් සූප්පුවකින් පොවන්න ඕනෑ. හරියට පොඩි දරුවෙක් බලා ගන්නව වගේ බලා ගන්න ඕනෑ. අතපය පණ නෑ සැරෙන් සැරේ එහෙට මෙහෙට හරවන්න ඕනෑ. වේදනාවෙන් කෙඳිරි ගානවා එකම විදියට ඉඳලා. සමහරදාට මෙයාට දෙන්න කිරි පැකට් එකක් ගන්න මා ළඟ සල්ලි නැහැ.

    මම කියලා කාගෙන් ඉල්ලන්නද? හැමදාම වුණත් මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන්න පුළුවන්ද ?කවුරු හරි අපේ දුක දැනිලා කීයක් හරි දුන්නොත් බේතක් හරි ගන්න කියලා ඒක තමයි ලැබෙන මුදල. සමහරදාට මම මෙයාට බේත් ටික දෙන්න නැතුව කර කියා ගන්න බැරි දවසක මම දන්න කියන අයට කතා කරනවා. එහෙම කියලා කීයක් හරි මගේ එකවුන්ට් නම්බරේට දාගෙන මෙයාට බේත් අරන් දෙනවා. ඒකත් මට හැමදාම කරන්න බැහැ. ලතා වල්පොල වික්ටර් රත්නායක ලයනල් මුල්ලේරියාව සුජාතා අත්තනායක ඇන්ජලින් ගුණතිලක ශ්‍රීමතී තිලකරත්න සුනිල් එදිරිසිංහ මේ විදියට මම බේත් ටික ගන්න සල්ලි ඉල්ලුවාම කීයක් හරි මගේ එකවුන්ට් එකට දාලා මට උදව් කරලා තියෙනවා. අදටත් මට කර කියා ගන්න දෙයක් නැතුව බේත් ටික ගන්න සල්ලි නැතිනම් ලතා වල්පොලට කතා කරලා ලතා අක්කේ බේත් ගන්නවත් සල්ලි නැහැ කිව්වාම ලතා අක්කා හිටපත් මම එකවුන්ට් එකට සල්ලි කීයක් හරි දාන්නම් කියලා මට මුදලක් දෙනවා.

    ඔය විදියට මම ඉල්ලුවාම දෙනවා කියලා හැමදාම කියන්න බෑ. ඒ මිනිස්සුත් අමාරුවෙන් ජීවත් වන උදවියග අපේ තියෙන මිත්‍රකමට එහෙම හරි උදව්වක් කරන එක මහ පිනක්.

    අපි දෙන්නා පත් වෙලා ඉන්න මේ අසරණභාවය ගැන කියලා ටවර්හෝල් රඟහල පදනමට පවා ලිව්වා. ඒ අය කියනවා ආධාර මුදලක් දෙන්න පුළුවන් වෙන්නේ එයාලා ආධාර දෙන කෙනෙක් මිය ගියොත් ඒ ලිස්ට් එකට නම දාන්න පුළුවන්ලු එතකන් බෑ කියලා.

    මම මේ අසරණකම ගැන කියලා ගිය රජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට පවා ලියුම් ලිව්වාග එතුමා කලාකාරයන්ට බොහොම ලෙන්ගතුයි කියලා කියන නිසාග මම කීප සැරයක් දැක්කා කලාකරුවන් හමු වෙලා එතුමා බොහොම සුහදශීලීව ඒ අයත් සමඟ ගත කරනවා.මමත් අපි දෙන්නාගේ දුක කියලා එතුමාට ලිපියක් ඇරියා. ජනාධිපතිතුමාගේ කලා කටයුතු සම්බන්ධිකාරක මට ලිපියක් එවනවා ඔබේ දුක්ගැනවිල්ල කෙටියෙන් ලියා එවන්න කියලා. මම ඉතිං ඒ විදියට ලියල ඇරියා. ඒත් අද වෙනකන් කෙටියෙන් ඉල්ලපු ලිපියට පිළිතුරුත් නැහැ. සුප්‍රියා අබේසේකරටල අවන්ති නේරංජනාට අයිරින් කිව්ව සිංදු කීපයක් වේදිකාව ගායනා කරන්න අවසර දුන්නා. මොනවා කරන්නද ජීවත් වෙන්න බේත් ටික ගන්න හරි කීයක් හරි හොයා ගන්න හින්දයි එහෙම කළේ. අද ඒ ගීත තිබුණත් අයිරින්ට ගායනා කරන්නත් බැහැ.

    කවුරුන් හෝ ඇවිත් බලලා අපේ දුකට පිහිට වෙනවා නම් ඒක තමයි අපිට ඕනෑ යනුවෙන් හේමශ්‍රී ද අල්විස් ගී පද රචකයා පැවසුවා.

    0775822425, 038-5680233 දුරකථන අංකයන්ගෙන් හේම ශ්‍රීව සම්බන්ධ කර ගත හැකියි.

    මෙම ලින්ක් එකෙන් ඇගේ මියුරු ගීත අහන්න


    http://www.siyapatharana.com/view.php?id=176#.VZpi-vmqqko
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,028
    1
    43,445
    113
    ඒ කාලෙ මොන නැටුම් නටන්ඩ ඇතිද ?
    ඔහොම තමා අනේ අපි කවුරුත් වයසට යනව. ඔත්පල වෙනව. ජරාවට පත්වෙනව. අන්තිමට මැරෙණව.
    ඒ කාලෙ නං ඕව ටිකක්වත් හිතෙන්ඩ නැතුව ඇති..
    දැං ඔය ලක්සෙට කොඩිය දාගෙන ඉන්න අයත් ඒ ටික තේරුම් ගත්තොත් හොඳයි..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ කාලෙ මොන නැටුම් නටන්ඩ ඇතිද ?
    ඔහොම තමා අනේ අපි කවුරුත් වයසට යනව. ඔත්පල වෙනව. ජරාවට පත්වෙනව. අන්තිමට මැරෙණව.
    ඒ කාලෙ නං ඕව ටිකක්වත් හිතෙන්ඩ නැතුව ඇති..
    දැං ඔය ලක්සෙට කොඩිය දාගෙන ඉන්න අයත් ඒ ටික තේරුම් ගත්තොත් හොඳයි..
    :nerd: