අයිස්_ක්‍රීම්_දානයක්
පොඩි හාමුදුරුවන්ට අයිස් ක්‍රීම් දානයක්
කුඩා සාමණේර හිමිවරුන් පිරිසක් කතරගම කිරිවෙහෙර වැඳ පුදා ගෙන ආපසු වඩිමින් සිටියේ කාෂ්ටක අව්වේ.
කතරගම කිරිවෙහෙරට මහ දේවාලයේ සිට යන එන මාර්ගය දෙපස පාපැදි වලින් පැමිණ අයිස්ක්‍රිම් අලෙවි කරන වෙළෙන්දන්ට මේ හිරු රශ්මිය සුබ ලකුණක්.
තමන්ගේ පාපැදිය මත ඇති සිසිල් පෙට්ටියේ තිබෙන අයිස් ක්‍රීම් සියල්ලම විකුණා ගැනීමට පාරිභෝගිකයන්ගෙන් අඩුවක් නැහැ.
රත් වූ වැලි මළුවෙන් බැස කිරි වෙහෙරේ සිට ආපසු වඩින මේ කුඩා සාමණේරයන් වහන්සේලාට දරා ගත නොහැකි දාහය තේරුම් ගත්තෙත් අයිස් ක්‍රීම් වෙළෙන්දෙක්.
කතරගම ඩබ්.ඩී වික්‍රමසිංහ වසර පහක් තිස්සේ මේ වෙළඳාමෙන් දරුවන් පස් දෙනෙකුගේ බඩ වියත රකින පියෙක්.
එදා වේල සරි කර ගැනීමට පුද බිමට ආ මේ දුප්පත් වෙළෙන්දාට දානමය සිතක් පහළ වූයෙන් සාමණේරයන් වහන්සේලාගේ පහස නිවාලන්නට තමන් සතු අයිස් ක්‍රීම් පූජා කළේ පහන් සිතින්.
‘මහා සංඝ රත්නයට එකවර දානයක් දෙන්න මට වත්කමක් නැහැ. මේ පොඩි හාමුදුරුවරුන්ට අයිස් ක්‍රීම් ටික දුන්නේ හරිම ආශාවකින්.’ ඔහු පැවසුවේ උතුරා යන සතුටකින්.
කතරගම ගාමිණීපුර පදිංචි ඩබ්.ඩී වික්‍රමසිංහ වසර පහක් තිස්සේ මේ වෙළඳාමෙන් දරුවන් පස් දෙනෙකුගේ බඩ වියත රකින පියෙක්.
සාංඝික දානය
පිපාසයෙන් සිටි අවස්ථාවක මේ වෙළඳ මහතා කුඩා හිමිවරුන්ට අයිස්ක්‍රීම් දානය පිළිගැන්වීම මහා සාංඝික දානයක් දුන්නා හා සමානයි.’ පින් පැමිණවූ යාගොඩ පඤ්ඤාදස්සි හිමියෝ, මේ පොඩි හාමුදුරුවරුන් කැටුව වැඩිය ලොකු හාමුදුරුවෝ.
අනුරාධපුරය ගල්කුලම, මිස්සකාරාමය පිරිවෙන් විහාරයේ සිට කතරගමට වැඩම කර වූ සංඝ රත්නයට මෙම දානමය පිංකම සිදු කරන ආකාරය දකින්නට ලැබුණේ, කතරගම වෙළඳුන් සම්බන්ධව ආන්දෝලනාත්මක ප්රවෘත්ති වාර්තා වෙමින් තිබෙන වකවානුවක.

wow.. 