"අයිසේ ජයමහ මෙහෙ එනවා"

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෝටිපති ව්‍යාපාරික ජෙෆ්රි ඇන්ඩෘස් ඊයේ දිනයේ සිය සුපරි වෙළදසැලේ සේවයට බඳවාගත් ශ්‍රී ලාංකික සේවකයා සිය කාර්යාලයට කැදෙව්වේය.
    ශ්‍රී ලංකාවේ සිය රැකියාවට සමුදී හා හා පුරා කියා ඕස්ට්‍රේලියාවේ රැකියාවට ආ දෙවෙනි දවසේ දී ම තමාට ලැබුණු කැදවීම පිළිබඳ විමතියට පත්වූවත් දැඩි ආත්ම විශ්වාසයකින් ජයමහ සිය ප්‍රධානියා වෙතට ගියේය.
    "කියනව බලන්න තමුන් ඊයේ දවසේ කී දෙනෙක්ට බඩු වික්කද?" ජෙෆ්රි ඇසුවේය.
    "සර්, එක්කෙනෙක්ට" ජයමහ කීවේය.
    "ඔන්න ඕකයි අයිසේ මං ලංකාවේ ඉදලා එන එවුන්ව ජොබ් වලට ගන්නේ නැත්තේ, තමුසෙලා මහ කම්මැලි..ඒකයි තමුසෙලාගේ රට කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ.. බලනව මෙතන ඉන්න අනිත් උන් ඔක්කොම දවසට කස්ටමර්ස්ල විස්සකට තිහකට වඩා බඩු විකුණනවා.. තමුසෙ එකයි.. හොඳ වෙලාවට මං තමුසෙ මගේ වෙන කොම්පැණිවලට දාන්නේ නැතුව මෙතන තියා ගත්තේ.. යනවා යනවා.. සතියක් වැඩ කරල තොලොන්චි වෙලාම යනවා.. කම්මැලි යක්කු.." ජෙෆ්රි බැන වැදී ජයමහ ව පිටත් කළේය.
    නමුත් ජයමහගේ මුහූණේ තිබූ විශ්වාසය දුටු ජෙෆ්රි නැවත ජයමහගෙන්
    "ඉලන්දාරියා.. කියනවා තමුන් කීයක සේල් එකක් ද කලේ?" ඇසුවේය.
    "සර් ඩොලර් 37855 යි (ආසන්න වශයෙන් පනස් ලක්ෂ අසූ හය දහස් නවසිය පනස් පහක්)" ජයමහ කියද්දි ජෙෆ්රි කටට දාගත් වතුර ස්වල්පය බුකාස් ගා එලියට පැන්නේය.
    "මොකක්.. ඔච්චර ගාණකට තමුන් මොනවද වික්කේ!?" ජෙෆ්රි ඇසුවේය.
    "සර් මං බිලී කොක්කක් වික්කා" ජයමහ සතුටින් කීවේය.
    "එක බිලී කොක්කක්?" ජෙෆ්රි ඇසුවේය.
    "නෑ සර් එක බිලී කොක්කක් මදි නේද කියලා මම බිලී කොකූ පෙට්ටියකුයි, බිලී පිත්තකුයි, මාලු අල්ලන්න යන්න හොඳ ඇදුමකුයි වික්කා..
    ඊට පස්සේ මං ඇහුවා දැන් කොහෙද යන්නේ මාලු අල්ලන්න කියලා, කස්ටමර් කිව්වා මොකක්ද මංදා ජලාශයක්.. මං කිව්වා එහෙම මාලු අල්ලන්න යන්න නම් බෝට්ටුවක් ඕන කියලා.. ඊට පස්සේ මං මිනිහව එක්කන් ගියා එහා පැත්තේ සර්ගෙම බෝට්ටු ෂොප් එකට.. එතනින් එක බෝට්ටුවක් වික්කා..
    ඊට පස්සේ මං ඇහුවා දැන් කොහොමද මේක අරං යන්නේ.. කෝ කාර් එක කියල.. මිනිහට තිබ්බේ පොඩි කාර් එකක් සර්.. මං කිව්වා මේකේ පුලුවන්ද බෝට්ටු අරං යන්න කියල.. එක්කන් ගියා සර්ගේ කාර් සේල් එකට.. ගිහින් මිනිහගේ පොඩි වාහනේ දීල ලොකු SUV මොඩල් කාර් එකක් වික්කා..
    ඊට පස්සේ මං ඇහුවා දැන් කොහෙද මාලු අල්ලන්න ගිහින් නවතින්නේ කියල, මිනිහට මෙලෝ අදහසක් තිබ්බේ නෑ සර් ඒ ගැන.. ඊට පස්සේ සර් මං ආපහු මෙහෙ ඇවිත් ලොකු ටෙන්ට් එකකුයි කෑම්පින් බඩු ටිකයි වික්කා.." ජයමහ සිය කතාව අවසන් කළේය.
    මද වේලාවක් ගල් ගැසී සිටි ජෙෆ්රි
    "තමුන් දැන් ඔය ඔක්කොම වික්කේ අර බිලී කොක්කක් ගන්න ආපු මිනිහටද?" ඇසුවේය.
    "නෑ සර් ඇත්තටම මිනිහ ආවේ ඔලුව කැක්කුමට පැරසිටමෝල් පෙති දෙකක් ගන්න.. මමයි කිවේ ඔය ඔලුවේ කැක්කුම්වලට හොඳම වැඩේ මාලු අල්ලන්න යන එක කියල.." ජයමහ එසේ කියද්දී ජෙෆ්රිට කෑ ගැස්සුණි.
    "අයිසේ ජයමහ තමුසෙ මාර මිනිහෙක්නේ ඕයි.. ලංකාවේ දී මොකක්ද කරපු ජොබ් එක?" ජෙෆ්රි ඇසුවේය.
    " සර් මං ලංකාවේ ප්‍රයිවෙට් හොස්පිටල් එකක ඩොක්ටර් කෙනෙක් සර්.. පොඩි හෙම්බිරිස්සාවකට එන ලෙඩෙක්ට බ්ලඩ් ටෙස්ට්, යුරීන් ටෙස්ට්, සීනී, කොලෙස්ටරෝල්, ECO, ECG, CT scan, X-ray, MRI කරවන අපිට මේක සුලු දෙයක් සර්" ජයමහ කියද්දි ජෙෆ්රි සිය පුටුව මත සිහිසුන් වී සිටියේය.

    COPY BY terrance madusanka liyanage
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ක්‍රිකට් තරු

    x8LLF3b.png
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,443
    1
    32,118
    113
    - උඩරට -

    බිලි බාන සීන් කොකු දාන සීන් වලින් තමා මිනිස්සු ගේම් ගහන්නේ ! :lol:
    ලංකාවෙත් එහෙමනේ පොඩි මාලු කෑල්ලක් එක්ක බිලී කොක්ක දාපුවම එක එකා අහු වෙලා විනාශ වෙනවා. :lol:
     
    • Like
    Reactions: D_Mad