අයිෆා-සීපා සිවුපා බලපෑම්

අයිෆා-සීපා සිවුපා බලපෑම්

ඇත්තෙන්ම ඉන්දියාව අපට ආදරේද?
*මහා සද්දයක් සමඟ අයිෆා අවසන්විය.අයිෆා තානාපති බච්චන් ඇතුළු බහුතරයක් තරකා ලංකාවේ සිනමා රසිකයන් මඟහැරගිය අවසන් නාටකයෙන් අප වියදම්කල කෝටි 110ටවත් ඔය කියන තරම් ප්‍රතිලාභ ලැබේද?ලොව පුරා මිලියන600ක් මේ උළෙල නරඹන නමුත් ලංකාවේ කීර්තිනාමය බැබළේද?යමක් වූවානං ඒ ලංකාව දැන් ඕනම උත්සවයකට-සංචාරයකට සුදුදු රටක් යන අදහස ලෝකයට දිමට හැකිවීමයි.
*දැන් සීපා බලහත්කාරයෙන් පටවන්නට වෙර දරයි.
"ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් බදුවලින් නිදහස් කර නිදහසේ දෙරට අතර ගනු දෙනු කිරීමට ඉඩ සැලසීම මෙම ගිවිසුමේ අරමුණයි. යෝජිත ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ගෙන්වන නිෂ්පාදන 32කටද, සේවා අංශ 20 කටද බදු සහන ලබා දෙන අතර, ඉන්දියාව නිෂ්පාදන 114කටද, සේවා අංශ 80 කටද බදු සහන ලබා දීමට එකඟවෙයි. මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කර්මාන්ත විනාශ කර ශ්‍රී ලංකා ආර්ථිකය ඉන්දීය ආර්ථිකයට පරාධීන කරනු ඇතැයි බොහෝ දෙනා සැක පහළ කරති. ශ්‍රී ලංකාව බදු සහන ලබා දෙන ඉන්දීය භාණ්ඩ අතර හදුන්කූරු, සබන්, බිස්කට් වැනි ශ්‍රී ලංකාවේ නිෂ්පාදනද තිබෙන අතර ඒවායේ බදු අඩු කිරීම නිසා මිල අඩුවී ශ්‍රී ලංකාවේ කර්මාන්ත තර්ජනයකට මුහුණපානු ඇත. ඉන්දියාව විශාල භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් සදහා බදු සහන ලබාදී ඇතත් ඒ අතර ඇත්තේ තඹ නිෂ්පාදන, වානේ යන්ත්‍ර ආදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකරන භාණ්ඩ නිසා මෙමගින් ඉන්දියාවට හානියක් සිදු නොවනු ඇත. මෙම ප්‍රශ්නය නිසා සීපා ගිවිසුමට එරෙහිව 2008 වසරේදී විශාල විරෝධතා මතුවිය."
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    මේ ගැන ගොඩක් විස්තර මම දන්නේ නැහැ ඒත් ලාංකික ව්‍යවසායකයින්ගේ මේ ගැන දැඩි විරෝධයක් තියෙන බව දැනගන්න ලැබුනා.මේ කරුණු අනුව ඒ මොකද කියලත් දැන් පැහැදිලියි.

    අනේ මන්ද ඉතින් මේව නම්, වැටත් නියරත් ගොයම කා නම් කාට කියමුද ඒ අමාරුව :dull:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අයිෆා වලින් වුනු ප්‍රයෝජනය කෙසේ වෙතත් , ඉන්දියාව අපිව හොදට ඇන්දුව එකනම් කියන්න පුලුවන්, ඉන්දියාව කොහෙද අපිට ආදරේ , උන්ට වෙන වැඩ නැතුවට
     
    • Like
    Reactions: shammee

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අයිෆා වලින් වුනු ප්‍රයෝජනය කෙසේ වෙතත් , ඉන්දියාව අපිව හොදට ඇන්දුව එකනම් කියන්න පුලුවන්, ඉන්දියාව කොහෙද අපිට ආදරේ , උන්ට වෙන වැඩ නැතුවට

    :yes::yes::yes:
     
    • Like
    Reactions: shammee
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අයිෆා වලින් වුනු ප්‍රයෝජනය කෙසේ වෙතත් , ඉන්දියාව අපිව හොදට ඇන්දුව එකනම් කියන්න පුලුවන්, ඉන්දියාව කොහෙද අපිට ආදරේ , උන්ට වෙන වැඩ නැතුවට
    :rolleyes::yes::yes:
    උන්ගේ වාසියට
     
    • Like
    Reactions: shammee

    මේ ගැන ගොඩක් විස්තර මම දන්නේ නැහැ ඒත් ලාංකික ව්‍යවසායකයින්ගේ මේ ගැන දැඩි විරෝධයක් තියෙන බව දැනගන්න ලැබුනා.මේ කරුණු අනුව ඒ මොකද කියලත් දැන් පැහැදිලියි.

    අනේ මන්ද ඉතින් මේව නම්, වැටත් නියරත් ගොයම කා නම් කාට කියමුද ඒ අමාරුව :dull:
    මෙම ගිවිසුමේ ඇති බරපතලම අංශය නම් සේවා ආයෝජනවලට ඉඩ ලබාදිමයි.එනම් උදාහරණයක් ලෙස ඉන්දියානු සන්නාලියෙකුට මෙහි පැමිණ, ව්‍යාපාරිකයෙකු ලෙස ඇදුම් මැසිමේ ව්‍යාපාරයක් ආරම්භ කිරිමටත්, එම ව්‍යාපාරය සදහා සේවයට ඉන්දියාවෙන්ම සන්නාලියන් ගෙන්වා ගැනිමත් කල හැකිය, එමෙන්ම ඔහුටද එම ව්‍යාපාරයේ සන්නාලියෙකු ලෙස සේවය කල හැකිය.
    ඒ යටතේ මෙරටට ඉන්දියානු වෘත්තිකයන්,ගලා එනු ඇත(උපුටා ගැනීමක්)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙම ගිවිසුමේ ඇති බරපතලම අංශය නම් සේවා ආයෝජනවලට ඉඩ ලබාදිමයි.එනම් උදාහරණයක් ලෙස ඉන්දියානු සන්නාලියෙකුට මෙහි පැමිණ, ව්‍යාපාරිකයෙකු ලෙස ඇදුම් මැසිමේ ව්‍යාපාරයක් ආරම්භ කිරිමටත්, එම ව්‍යාපාරය සදහා සේවයට ඉන්දියාවෙන්ම සන්නාලියන් ගෙන්වා ගැනිමත් කල හැකිය, එමෙන්ම ඔහුටද එම ව්‍යාපාරයේ සන්නාලියෙකු ලෙස සේවය කල හැකිය.
    ඒ යටතේ මෙරටට ඉන්දියානු වෘත්තිකයන්,ගලා එනු ඇත(උපුටා ගැනීමක්)
    එතකොට අපේ අය? සුබ අනාගතේ ලබයි වගේ ලඟදිම? :oo:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇත්තෙන්ම ඉන්දියාව අපට ආදරේද?

    නෑ. අපි අපිටම ආදරේ නැතිකොට ඉංදියාව අපිට ආදරේ වෙයිද?



    *දැන් සීපා බලහත්කාරයෙන් පටවන්නට වෙර දරයි.
    "ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් බදුවලින් නිදහස් කර නිදහසේ දෙරට අතර ගනු දෙනු කිරීමට ඉඩ සැලසීම මෙම ගිවිසුමේ අරමුණයි. යෝජිත ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ගෙන්වන නිෂ්පාදන 32කටද, සේවා අංශ 20 කටද බදු සහන ලබා දෙන අතර, ඉන්දියාව නිෂ්පාදන 114කටද, සේවා අංශ 80 කටද බදු සහන ලබා දීමට එකඟවෙයි. "

    මෙහෙමයි, රටවල් දෙකක් අතර මොන ගිවිසුමක් අත්සන් කරත් දෙපාර්ශවයටම යම් යම් වාසි ලැබෙන විදියටනෙ ඒවා සකස් වෙන්නෙ.

    අපිට ලාබ වෙන්නයි, ඉංදියාවට පාඩුවෙන්නයි ගිවිසුම් ගහන්න බෑනෙ. වාසි අවාසි පොදුයි.

    වැදගත් වෙන්නේ ලැබෙන වාසිවලින් ප්‍රයෝජන ගන්න අපි ලෑස්තිද කියන එකයි.



    මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කර්මාන්ත විනාශ කර ශ්‍රී ලංකා ආර්ථිකය ඉන්දීය ආර්ථිකයට පරාධීන කරනු ඇතැයි බොහෝ දෙනා සැක පහළ කරති. "

    මම හිතන්නේ නෑ එහෙම වෙයි කියලා. ඕවා තර්ක විතරයි.

    හොඳ උදාහරණයක් දෙන්නම්........යුරෝපයේ දැන් තියෙන යුරෝ-සෝන් (euro-zone) කියන පොදු යුරෝ මුදල භාවිතා වෙන රටවල් අතර වෙලදාමට කිසිම පාලනයක් හෝ බදු ගැනිල්ලක් නෑ. පෝලන්තයේ ඉඳන් ෆ්‍රන්ශයටත්, ඉතාලියටත් ග්‍රීසියටත් බඩු යවන්න එවන්න විතරක් නෙමෙයි සේවා හා ශ්‍රමය විකුණන්නත් කිසිම බාධාවක් නෑ.

    යුරෝපයේ සමහර මිනිස්සු, විශේෂයෙන් ප්‍රංශයේ, ඉතාලියේ, ජර්මනියේ මිනිස්සු මේකට තදින් විරුද්ද වුනා අපේ රටවල් වල ආර්ථිකය මේ Euro-zone නිදහස් වෙළඳ ගිවිසුම් නිසා විනාසවෙයි කියලා.

    ඒත් ඇත්තටම අද යුරෝපය අමෙරිකාවට, ජපානයට හොඳ තරරඟයක් දෙනවා.

    රස්සාවල් නැතිවෙනවා වෙනුවට වැඩිවුනා, කර්මාන්ත විනාසවෙනවා වෙනුවට දියුණුවුනා.


    [
     
    එතකොට අපේ අය? සුබ අනාගතේ ලබයි වගේ ලඟදිම? :oo:
    ඇත්තෙන්ම දේශපාලන උප්පරවැට්ටි කොහොම වුනත් අහිංසක ලාංකික තරුණ පිරිස මේ හරහා ලොකු රැකියා අර්බුධයකට වැටෙන එකනං සිකුරුයි.මම හිතන්නෙ නෑ ජනාධිපති මේ උඟුලේ අහුවෙයි කියලා.
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    තරගකරී වෙළදපොලක් හැදෙන එක හොද දෙයක්, නමුත් අපි එහෙම දෙයක් කරන්න ගිහින් අපිට අවසියක් කරගන්නවනම් එක මොඩ තකතීරු වැඩක්......සමන්යෙන් මේ වගෙ ගිවිසුම් ගහන්න දියුණු රටක් දුප්පත් රටකට උදවු කරන්න එහෙමත් නැත්තම් රටවල් දෙකටම අර්ථික සහන සලස ගන්න (වින් වින්)......එත ඉන්දියව මෙකෙන් කරන්න හදන්නෙ මේ දෙකම නෙමෙ කියල පැහදිලී......එයලට ඕනෙ අපෙ වෙලදපොලත් එයලගෙ යටතට ගන්න..........

    අනික ඉන්දියන් අයත් එක්ක වැඩ කරල තියන අය දන්නව ඇති උන් එක්ක වැඩ කරන්න තියන අමරුව......උන් මහ කපටියො.....අර කලින් වෙළද ගිවිසුම අනුව ලංකව යවන සමහර භාන්ඩ වලට ඉන්දියවෙ හොද වෙලද පොලක් හැදෙනකොට ගිවිසුම කඩල උන්ට ඕනෙ ඕනෙ නීති දානවලු එවා සීමා කරන්න......අනික එහෙ කස්ටම් එකන් බඩු එලියට ගන්න ගියම වාත කරනවලු.....නමුත් අපි පොඩි රටක් හින්ද ඕක අනිත් පැත්තට අපිට වෙනකොට මුකුත් කරන්න අපිට හයියක් නෑ......
     
    • Like
    Reactions: coolkasun

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ape government eke inne gonnu??? IIFa Thibbe Tourist la adda ganna?? awada?? bambuwa thama.... free Air ticket dunna un awa... free hotels wala hitiya giya....

    okata name eka denna thibbe.... " Charity to India by Hosting IIFA in Sri Lanka"...

    absolute joke !

    india wen lankawa ena ungen kisima income ekak ne...

    un bittara omlet ekak wath ganna loba kamat iron eka rath karala ekata dala beda gannawa... ( mewa boru nemei... attata un dewal)...

    itin ehema un enawata wada hodai.... lankawe alule local unta promote karana eka kawruth enne nettam...

    anika india un enne mehe wiyadam karanna nemei... kiyak hari hoyan yanna...
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අපි හැමදාම හැම දේකටම බයයි.

    දෙමල මිනිහෙක් මුස්ලිම් මිනිහෙක් පොලීසියට ගන්න බයයි, ඌ ආයුදයයි ට්‍රේනින් එකයි ගත්තට පස්සේ රට බෙදන කල්ලියකට වැඩ කරයි කියලා.

    ඒත් ඇත්තටම ලංකාවේ බුද්ධි අංශ බිහිකරපු දක්ශම ඔත්තු සේවා නිළධාරින් වැඩිදෙනෙක් මුස්ලිම්.

    ජනාධිපති, අගමැති,ආරක්ශක ලේකම්, හමුදාපති යන එන ගමන් විස්තර සල්ලවලට විකුනුවේ, මරාගෙන මැරෙන බෝම්බ කාරයෙඔ චෙක් පොඉන්ට් වලින් පන්නගෙන කොළබට ගෙන්ල්ලා ආරක්ශාසහිතව කොළඹ තියාගෙන හිටියේ කවුද?

    සිංහල ගහලයෝ.

    ඕකයි ඇත්ත.
     
    • Like
    Reactions: shammee