අයෝමය කැන්ගරු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලෝකයේ ලක්‌ෂ සංඛ්‍යාත පිරිසකගේ අවධානය යොමුවූ අයෝමය කැන්ගරු ලෙස හඳුන්වනු ලැබූ රොජර් මියගොස්‌ ඇත.

    මියයන විට රොජර්ගේ වයස අවුරුදු 12 කි. රොජර්ගේ මව රිය අනතුරකින් මියයැමෙන් පසු ඔස්‌ට්‍රේලියාවේ කැන්ගරු රක්‍ෂිතයක ජිවත් විය.

    මියයන විට රොජර්ගේ උස මීටර් 2 කි. බර කිලෝ 89 කි.

    රොජර් හැදී වැඩුණු කැන්ගරු රක්‍ෂිතයේ සේවක ක්‍රිස්‌ බාන්ස්‌ පැවසුවේ රොජර්ගේ මව පාරේ මැරී වැටි සිටියදී ඇගේ උදර මල්ලේ සිටි පැටියාව බේරාගත් බවයි.

    රොජර් සහ මා අතර මිත්‍රත්වයක්‌ තිබුණා. එහෙත් රොජර්ට මා සමග සටන් කරන්න ඕනෑ වුණා යයි ඔහු කීවේය.

    මෙම අයෝමය කැන්ගරුවා ආතරයිටිස්‌ සහ දෘෂ්‍යාබාධයකින් පෙළෙමින් සිටි බවද වාර්තා විය.

    කැන්ගරුවකුගේ උපරිම ආයු කාලය වයස 14 කි. රොජර්ගේ සිරුර කැන්ගරු රක්‍ෂිත භූමියේම වළදමා තිබේ. රොජර්ගේ මරණය සම්බන්ධයෙන් ඔස්‌ට්‍රේලියාවේ විශාල සංඛ්‍යාවක්‌ දැඩි ශෝකයට පත්වී ඇත. රොජර් රූපවාහිනී චිත්‍රපට කිහිපයකද පෙනී සිටි බව වාර්තා විය.

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    කැන්ගරුවකුගේ උපරිම ආයු කාලය වයස 14 කි. රොජර්ගේ සිරුර කැන්ගරු රක්‍ෂිත භූමියේම වළදමා තිබේ. රොජර්ගේ මරණය සම්බන්ධයෙන් ඔස්‌ට්‍රේලියාවේ විශාල සංඛ්‍යාවක්‌ දැඩි ශෝකයට පත්වී ඇත. රොජර් රූපවාහිනී චිත්‍රපට කිහිපයකද පෙනී සිටි බව වාර්තා විය.

    එකෙක් මැරුණහම දැඩි ශෝකයට පත් වෙලා ඒ උනාට කැන්ගරුවෝ ලක්ෂ ගානක් දැනට මරලා ඇති ඕස්ට්‍රේලියාවේ උන්ගේ කෑම මේසෙට.

    j636wXQ.png