අය කරන්නෙ කොහොමද?

badyfady

Member
Nov 22, 2010
1,146
198
0
අය කරන්නෙ කොහොමද?

මං මොනවා කරන්නද?


හොර සුරා පෙරීමේ වරදට තමා හමුවට පමුණවනු ලැබූ විත්තිකරු දෙස තියුණු බැල්මක් හෙළූ විනිශ්චයකරු ගැඹුරු හඬකින් මෙසේ කීය.
”එක අවුරුද්දක් ඇතුළත තමා එකම වරදට මේ උසාවියෙදි මා ඉදිරියට ආ 5 වැනි වතාව මේක. ඇත්තටම තමාට මේ ගැන ලැජ්ජා හිතෙන්නෙ නැද්ද?”
”තමුන්නාන්සෙ වෙන උසාවියකට මාරුවෙලා යන්නෙ නැතුව මෙහෙම ඉන්නවට ඉතින් මං මොනවා කරන්ඩද?” විත්තිකරු, නඩුකාරවරයා දෙස බලා හිස කසමින් කීවේය.:shocked:
අය කරන්නෙ කොහොමද?


අජිත් පුවත්පත් කන්තෝරුවේ දැන්වීම් කවුන්ටරය වෙත ගියේ තම මවගේ මරණ දැන්වීමක් ඊට පසුදින පුවත්පතේ පළකර ගැනීමේ අදහසිනි.
”නෝනා, මරණ දැන්වීමකට කීයක් අයකරනවද?”
කවුන්ටරයේ සිටි තරුණ කාන්තාවගෙන් හේ විමසීය.
”අඟලකට රුපියල් 20 ක් ගන්නවා.” ඈ පිළිතුරු දුන්නාය.
”මළා... අපේ අම්මා අඩි පහයි අඟල් හයක් උසයිනෙ.” අජිත් ඔළුවේ අත ගසා ගනිමින් කීවේය.

හොඳ වෙලාවට


”ඊයෙ මම තනියම අර පාළු පාර දිගේ එනකොට එකපාරටම හොරෙක් ඇවිත් මගෙ ඔරලෝසුවයි, පර්ස් එකයි උදුර ගත්තනෙ.” නෙවිල් තම මිතුරු මනෝජ් සමඟ කීවේය.
”ඇයි තමුසෙ ගාව පිස්තෝලයක් තිබුණා නේද?” මනෝජ් ඇසුවේ පුදුමයෙනි.
”තිබුණා තමයි. හොඳ වෙලාවට හොරාට ඒක අහුවුණෙ නැහැ.” නෙවිල් පිළිතුරු දුන්නේ ආඩම්බරයෙනි.