අය වැය ගැන ඔබේ අදහස් .

topkollek

Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජීවිත කාලය පුරා තමාටම සුවිශේෂී වූ වාහන අංකයක් ලබා ගැනීමේ අවස්ථාව සැලසීමට රජය තීරණය කර තිබෙනවා.

    "සුපිරි වාහන අංක තහඩු" යනුවෙන් එය හඳුන්වා දීමට යෝජනා කර ඇති බවයි අයවැය යෝජනාවල සඳහන් වන්නේ.

    ඒ සඳහා එකවර රුපියල් ලක්ෂ 25 ක මුදලක් අය කිරීමට නියමිතයි.
    - See more at: http://offair.nethfm.com/article/29260#sthash.5oIxNaGq.dpuf
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අතට සල්ලි

    ඔවු ඔවු අතට සල්ලි හම්බ වෙනකන් බලන් හිටපන්කෝ... ඔච්චර අතට සල්ලි දිදී ඉන්නවට ලේසි නේද කලින් තිබ්බා ව‍‍ගේ අඩු ගානටම දෙන එක. දැන් ‍පොහොර සහනාධාරෙත් කප්පාදු කරලා ඉවරයි.

    උපරිම මෙච්චරයි කිය කිය ආණ්ඩුව මොන තව්සන්ඩ් ටෝක් දුන්නත්, එළවළු වල අඩු වැඩි වීම් තීරණය කරන්නේ කාලගුණය බන්.

    එළවලු මිල වැඩිවීම තීරණය කරන්නෙ කාලගුනේ නන් ආන්ඩුව ඉන්නෙ මොකටද බන්? ඔක්කොටම අහසට තල්ලු කරලා දාලා නිකන් ඉන්නද?
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    12274423_171714963177966_918400778586434717_n.jpg

    :lol::lol: දෙන්ඩද වවුචරයක්
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    කලින් අතුරැ අයවැයේ වී වලට 50ක සහතික මිලක් දෙනවයි කිවා , එත් දුන්නෙ නැ නේද ? සමහර අවස්ථා වල හාල් 100 කටත් වඩා වැඩි උනා , දැන් ආයිත් කියනවා වී වලට 50 ක මිලක් දෙනවයි කියලා , එතකොට රැපියල් 65 ට හාල් මිලදි ගන්න පුලුවන්ලු . හාල් කිලෝ එකක් හදන්න කොච්චර වී යනවද , ප්‍රවාහන ගාස්තු අරවා මේවා එනකොට 65ට දෙන්න පුලුවන්ද ? කලිනුත් එ ගානට දෙනවා කියලා දුන්නද මේ මිනිස්සු නේ අන්දන්නෙ

    කලින් ආණ්ඩුවේ පරිප්පු කිලෝ එක රු 160 -170 අතර අගයක් ගත්තා,
    මෛත්‍රි ඡනපති උනාට පස්සෙ පරිප්පු කිලෝ එක රු 220 ක් වෙනකල් ඉහල දැම්මා ,
    මෙදාපාර අයවැයෙන් පිරිප්පු මිල 160 ක් දක්වා අඩු කරලා තියනවා ,
    කලින් ආණ්ඩුව දුන්න ගානටමනෙ දෙන්නෙ

    රුපියල් මිලියන 21000 ගමට වෙන් කරපුවම
    එක ග්‍රාම සේවා වසමකට ලැබෙනවා ලක්ෂ 15 ක් ලැබෙනවා
    ලක්ෂ 15 න් ගමේ එකත් යටිමඩි ගහපුවම
    ගමට හදන්න වෙන්නෙ පොදු වැසිකිලියක් තමා
    ගම්වල පොදු පහසුකම් සංවර්ධනය කරනවා කිවෙ එක වෙන්න ඇති

    අනේ මන්ද බන්.. හැමෝම මිනිස්සු අන්දවන එක තමයි කරන්නේ..

    අයවැයේ තියෙන විදිහට නම් කොහොමත් වැඩේ යන්නෙ නැති වෙයි බන්... මුන් තෙල් වලින් තිබ්බ ආදායමත් නැති කරගත්තනෙ ආපු ගමන්

    අතට සල්ලි

    උපරිම මෙච්චරයි කිය කිය ආණ්ඩුව මොන තව්සන්ඩ් ටෝක් දුන්නත්, එළවළු වල අඩු වැඩි වීම් තීරණය කරන්නේ කාලගුණය බන්.

    එළවළු මිලනම් කොහොමත් එහෙමනෙ බන් ඒවට නම් ඉතින් කරන්න දෙයක් නෑ... තෙල් අඩු කරා කියල බන් කිසිම දෙයක් ඒ සාපේක්ෂව අඩු වුනෙ නෑ... ත්‍රීවිල් කාරයො ගැනම හිතපන් උන් රුපියලක් වත් ගණන් අඩු කරේ ‍නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    * උපයනවිට ගෙවීමේ බද්දෙන් නිදහස්‌ උපරිම ආදායම් සීමාව රුපියල් ලක්‍ෂ 24 දක්‌වා ඉහළට.

    * ක්‍රෙඩිට්‌ කාඩ් මගින් දේශීය මිලදී ගැනීම් කිරීමේදී මුද්දර ගාස්‌තුව ඉවත් කෙරේ. විදෙස්‌ මිලදී ගැනීම් මුද්දර ගාස්‌තුව සියයට 2.5 කින් වැඩි කෙරේ.

    * කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්‌ත ගෑස්‌ සිලින්ඩරයක මිල රුපියල් 150 කින් අඩු කෙරේ.

    මේව නිසා මට නම් මාසෙකට 5000කට වඩා ඉතිරියක් වෙනව ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    ඔවු ඔවු අතට සල්ලි හම්බ වෙනකන් බලන් හිටපන්කෝ... ඔච්චර අතට සල්ලි දිදී ඉන්නවට ලේසි නේද කලින් තිබ්බා ව‍‍ගේ අඩු ගානටම දෙන එක. දැන් ‍පොහොර සහනාධාරෙත් කප්පාදු කරලා ඉවරයි.

    එළවලු මිල වැඩිවීම තීරණය කරන්නෙ කාලගුනේ නන් ආන්ඩුව ඉන්නෙ මොකටද බන්? ඔක්කොටම අහසට තල්ලු කරලා දාලා නිකන් ඉන්නද?

    එළවළු මිලනම් කොහොමත් එහෙමනෙ බන් ඒවට නම් ඉතින් කරන්න දෙයක් නෑ... තෙල් අඩු කරා කියල බන් කිසිම දෙයක් ඒ සාපේක්ෂව අඩු වුනෙ නෑ... ත්‍රීවිල් කාරයො ගැනම හිතපන් උන් රුපියලක් වත් ගණන් අඩු කරේ ‍නෑ

    උබට නම් තේරුනා. ඒත් සමහර ගොන්නුන්ට ඕක තේරුම් ගන්න බැහැ.

    ත්‍රීවීල් කාරයෝ වෑන් කරයෝ කියන්නෙම තෙල් අඩු උනාට ටයර් මිල වාහන කොටස් අඩු උනේ නැහැ. ඒ නිසා අඩු කරන්න බෑ කියනවා. උන් එක්ක තර්ක කරලා වැඩක් නැ. වාසිය අපේ සාක්කුවට නෙවෙයි, උබලෑ සක්කුවට කියලා හිතාගෙන කටවහන් හිටියා බන්. මොනා උනත් අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සුනේ බන්.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර

    මේවට තමි හ*ත inshurance තියෙන්නේ..මිනිස්සු හිතලා හප්පා ගන්නවද?? මුන් දෙගොල්ලොම හිතන් ඉන්නේ ප්‍රදාන පක්ෂ 2 එකට ඉන්න හින්ද මුන්ට අබියෝග කරන්න කවුරුත් නෑ කියලා...ඔයිට වඩා 2/3 ක බලයක් තියාගෙන හිටපු එකෙක්ව ගෙදර යවපු එකේ මුන් මොකුන්ද...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේවට තමි හ*ත inshurance තියෙන්නේ..මිනිස්සු හිතලා හප්පා ගන්නවද?? මුන් දෙගොල්ලොම හිතන් ඉන්නේ ප්‍රදාන පක්ෂ 2 එකට ඉන්න හින්ද මුන්ට අබියෝග කරන්න කවුරුත් නෑ කියලා...ඔයිට වඩා 2/3 ක බලයක් තියාගෙන හිටපු එකෙක්ව ගෙදර යවපු එකේ මුන් මොකුන්ද...

    ඕනකමින් හිතලා හප්පගන්නේ නෑ තමයි.හැබැයි අනතුරු බොහෝමයකට මූලික හේතුව නොසැලකිල්ල.මාර්ගනීති උල්ලංගනය කිරීම. අනතුර සිදු වීමට හේතුවන පාර්ශවයෙන් ඕක ගත්තාටනම් කමක් නෑ.
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Diyunu wenna hadana minissunta diyunu wena ekanam lesi wenne naha me aya wayen. Diyunu wenna hithanawatath tax gahala. Apitath samurdiya denna wei wage me tax tika gewanna. Salli karayantai duppath minissuntanam aulak naha. Samahara tax fair naha motor bike three wheel Rs. 2500 Other Rs. 5000 Other kiyana category ekata BMW lamborginith watenawa neda. Wahane valuation ekata tax gahuwanam honda nadda? Nano ekak padina minihatath sorryma thamai.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙදා පොටේ උබලාව වලෙනුත් වලටම වැට්ටුවා

    මෙන්න උබලාට බොහොම කලින් කියපුවා

    ශ‍්‍රී ලංකා මුදල් අමාත්‍ය රවි කරුනානායක ඊලඟ වසර සඳහා වන අයවැයට පෙර, ඔක්තෝබර් 23 දා ඉදිරිපත් කල විසර්ජන පනත් කෙටුම්පතින්, ආරක්ෂක වියදම් සඳහා පෙර නොවූ විරූ රුපියල් බිලියන 306 (ඇ. ඩොලර් බිලියන 2.2) ක මුදලක් වෙන් කර තිබේ. අයවැය යෝජනා නොවැම්බර් 20 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ආරක්ෂක හමුදා සඳහා මෙම වෙන්කිරීම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය විසින් සකස් කෙරුනු මේ වසර සඳහා වූ ප‍්‍රතිපාදන හා සසඳන කල සියයට 7 ක වැඩිවීමකි. ලබන වසරට පොලීසිය සඳහා අමතර රුපියල් බිලියන 60 ක් වෙන් කර ඇති අතර එය මේ වසර හා සැසඳීමේදී සියයට 18 ක වැඩිවීමකි. හමුදා සහ පොලීසිය සඳහා වෙන් කල මුලූ අයවැය, අධ්‍යාපන හා සෞඛ්‍යය සඳහා වෙන් කල පිලිවෙලින් බිලියන 186 හා බිලියන 174 වඩා වැඩිය.

    අධ්‍යාපන වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 දක්වා අනුක‍්‍රමිකව පහත හෙලීමෙන් අනතුරුව මෙම ඉහල දැමීම සිදු විය. ලබන වසරේදී අධ්‍යාපන වියදම් හතර ගුනයකින් ඉහල නංවන බවට ආන්ඩුවේ ඇමතිවරු කයිවාරු ගැසූහ. අඩු පහසුකම් ගැන විරෝධය පල කරන විශ්ව විද්‍යාල හා පාසැල් සිසුන් අතර පවතින කෝපය වෙනතකට හැරවීම මෙම ඉහල දැමීමේ අරමුනයි.

    මෙම සන්දර්භය තුල, නොවැම්බර් අය වැයෙහි රුදුරු කප්පාදු පියවරයන් ඇතුලත් වන බවට දැඩිව අනුමාන කල හැක. සුභසාධන කටයුතු වැනි අත්‍යවශ්‍ය සමාජ සේවා කපා හැරීම, කම්කරු පීඩිත ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා බදු ඉහල දැමීම මීට අයත් වනු ඇත.

    නිදහසේ පා වීමට ඉඩ හරිමින් ආන්ඩුව දැනටමත් රුපියල අවප‍්‍රමානය කර ඇති අතර එය ජාමූඅ පැසසුමට ලක් විය. මහ බැංකුව සැප්තැම්බරයේදී රුපියල පා වීමට හැරීමෙන් පසුව සියයට 4.4න් එහි අගය ක්ෂනිකව පහත වැටුනු අතර, පසුගිය මාස 10 තුල එහි අගය සියයට 7න් කඩා වැටී ඇත.

    අවප‍්‍රමානය මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද ඇතුලූ සියලු ආනයන භාන්ඩ වල මිල ඉහල ගියේය. පරිප්පු, වියලි මිරිස්, කව්පී, වියලි හාල්මැස්සන්, කඩල, ලූනු හා අල වැනි ආහාර ද්‍රව්‍යවල මිල ද ඉහල දැමුනු අතර අල, සීනි, පරිප්පු, කුරක්කන්, මාගරීන් හා ග‍්‍රීන් පීස් වැනි ආහාර ද්‍රව්‍යවල බදු ඉහල දැමීම් මූදල් අමාත්‍යාංශය මෑතදී නිවේදනය කලේය. අය වැය විසර්ජන පනත ඉදිරිපත් කිරීමට සති තුනකට පෙර මධ්‍යසාර හා දුම්කොල සඳහා බදු සියයට 10න් ඉහල දැමිනි.

    ජාමූඅ ද රජයට අයත් ව්‍යවසායයන් සඳහා ප‍්‍රධාන ප‍්‍රතිව්‍යුහගත කිරීමක් නියම කර තිබේ. එහි සැප්තැම්බර් ප‍්‍රකාශනයට අනුව ” (මිල නියම කිරීම් ද ඇතුලු) මූල්‍ය තීන්දු ගැනීම සඳහා ඉඩ දෙමින් රාජ්‍ය ව්‍යවසායයන් වානිජමය පදනමක තැබීම හා ඒවා ඉහල මූල්‍ය විනයකට යටත් කිරීම මගින් අය වැයට හා මූල්‍ය පද්ධතියට පවතින අවදානම අඩු කර ගත හැකිය.”

    ලංකා විදුලි බල මන්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය හා ශ‍්‍රී ලංකා ගුවන් සේවය මෙම ව්‍යවසායයන්ට අයත්වේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මෑතදී සඳහන් කලේ මෙම සියලුම රාජ්‍ය ව්‍යවසායයන් පිලිබඳ වගකීම දැරීම සඳහා සිංගප්පූරුවේ ටෙමාසෙක් වැනි ව්‍යවසායක් ඇති කරන බවයි.

    එය මෙම ව්‍යවසායයන් මූලික ප‍්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා වන සූදානමකි. ඉන් අදහස් වන්නේ නව වටයකින් රැකියා කප්පාදු හා වැටුප් හා වැඩ කොන්දේසි මත එල්ල කෙරෙන ප‍්‍රහාරයකි.

    http://www.wsws.org/sinhala/2015/2015nov/slgo-02n.html
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    රවියගේ අම්මට හදපු අයවැයක් තමා:angry::angry::angry:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඕනකමින් හිතලා හප්පගන්නේ නෑ තමයි.හැබැයි අනතුරු බොහෝමයකට මූලික හේතුව නොසැලකිල්ල.මාර්ගනීති උල්ලංගනය කිරීම. අනතුර සිදු වීමට හේතුවන පාර්ශවයෙන් ඕක ගත්තාටනම් කමක් නෑ.
    එකටනේ බන් රථවාහන නීතියක් තියෙන්නේ... කිසිම කෙනෙක් කැමැත්තෙන් රිය අනතුරක් සිදු කරන්නේ නැනේ... වන්දි ගන්න ක්‍රමයක් දැනටමත් තියනවනේ..... අපි insurance දාන්නේ ඒවටත් එක්කනේ... මුන් මහා සක්කිලි ආණ්ඩුවක්...ඇත්තටම ඔය budjet එකේ පෙන්නන්න දේ නෙමෙයි තියෙන්නේ... ඔය අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය වල මිල එක ගැසට් එකකින් වෙනස් කරන්න පුළුවන් තව මස 3 4කින් එක වෙනවා...
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    Regaining Sri Lanka 2 වගේ...

    අරව මේවා කරනවා කිව්වට වැඩක් නෑ... ඒවා කොරල පෙන්නන්න එපෑ.

    පැහැදිලි සංවර්ධන අරමුණක් නැති අයවැයක්....

    හරියටම හරි මචං :) :) :)
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    සොහොන;19321086 said:

    :):):):):):)