අය_වැය_රජයේ සේවකයින්ට

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අරක්කු වලට මක්කෙයි බන් උනේ??? තැබෑරුම් වලට නම් බදු ගැහුවා හෙන ගහන්න වගේ... අසරණ ගල් බෝතලේ 1500 ට යයිද දන්නේ නෑ.... :(

    hichchi wahana adu kala. 1000cc parana vitz ekak ganna one kade yanna:dull:

    1000 cc adu wenne na sinhalu mata hithenne.
    eeta adu ewa adu wenne.
    one nam naduwak daala balapan puluwan wei
    owa 1000 CC kiwwata eta wada tikak aduine.

    :rofl::rofl::rofl::dull::dull::dull:
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0

    මීට අමතරව, දෙමුහුන් මෝටර් රථ ආනයනයේදී ක්ෂ්‍යවීමේ වගුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය.

    15:04 – Taxes imposed on vehicles less than 1000 CC to be reduced by 15% , Taxes imposed on hybrid vehicles to reduce ; Min. Ravi Karunanayake

    http://newsfirst.lk/english/2015/01/live-text-statement-hon-minister-finance-parliament/74828
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    ජනපති කාර්යාල වියදම කෝටි 8000 ගණන කින් කපයි..!!

    ජනාධිපති ලේකම් කාර්යාලයයේ වියදම 2015 වසරට රුපියල් කෝටි 9000 ගණනක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබුණ ද, ජනපති නියමයෙන් එම මුදල රුපියල් කෝටි 256 දක්වා අඩු කර ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.
    එහි වාසිය ජනතාවට හිමි වන බව ද ඔහු පවසයි.


    10409308_730906673683803_5397666330916223146_n.jpg
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    නව රජයේ අතුරු අයවැය
    2014 අවසානයේ රජයේ ණය රු. බිලියන 8800 ඉක්මවන අතර සමස්ත ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 84.9%ක්.
    මිලදී ගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා වැටුප් වැඩි කළ යුතුයි.
    පෙබරවාරි මස සිට රජයේ සේවකයින්ට රු. 5000ක්. ජූනි මාසයේ තවත් රු. 5000ක් ලෙස වැටුප් ඉහළට
    පුද්ගලික අංශයේ වැටුප් රු. 2500කින් වැඩි කරන ලෙස ඉල්ලීමක්
    පසුගිය රජය සමයේ වසා දැමූ කර්මාන්ත යළි ආරම්භ කිරීමට පියවර
    විශ්‍රාමික වැටුප් අප්‍රේල් මස සිට රු. 1000කින් ඉහළට
    සමෘද්ධි දීමනාව අප්‍රේල් මස සිට 200%කින් ඉහළට
    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු ගිණුම් සඳහා 15%ක පොළියක්
    ගර්භණී මාතාවන්ට රු. 20000ක දීමනාවක්
    වී සඳහා රු. 50ක සහතික මිලක්
    අඩු මුදලකට අත් ට්‍රැක්ටර්
    පොහොර සහනාධාරය තවදුරටත්
    නැවුම් කිරි ලීටරයක් මිලදී ගැනීමේදී රු. 10කින් ඉහළ දැමේ
    කොළඹ යළි පදිංචි කළ පවුල් සඳහා වන්දි මුදල් ඉහළට
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ විමධ්‍යගත අරමුදල 100%කින් එනම් රු. මිලියන 10ක් දක්වා ඉහළට
    සෞඛ්‍ය සේවය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 3%ක් දක්වා ඉහළට
    රෝහල්වල බාහිර රෝගී අංශය පැය 24 ම ක්‍රියාත්මක කෙරේ
    වකුගඩු රෝගීන් වෙනුවෙන් විශේෂ අරමුදලක්
    අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කෙරේ
    භූමිතෙල් මිල තවත් රු. 6කින් පහළට. භූමි තෙල් ලීටරයක නව මිල රු. 59යි
    සූර්ය බලශක්ති ඒකක පිහිටුවා විදුලි බල වියදම් අවම කරයි
    අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩු කෙරේ
    අද මධ්‍යම රාත්‍රී සිට සීනි මිල රු. 10කින් අඩු කෙරේ
    අද මධ්‍යම රාත්‍රී සිට කිරි පිටි ග්‍රෑම් 400 මිල රු. 325 දක්වා අඩු කෙරේ
    අද මධ්‍යම රාත්‍රී සිට තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රු. 12.50කින් අඩු කෙරේ
    අද මධ්‍යම රාත්‍රී සිට හාල්මැස්සන් කිලෝ ග්‍රෑමයක මිල රු. 15කින් අඩු කෙරේ
    අද මධ්‍යම රාත්‍රී සිට ටින් මාළු මිල රු. 60කින් අඩු කෙරේ
    අද මධ්‍යම රාත්‍රී සිට කොත්තමල්ලි කිලෝග්‍රෑමයක මිල රු. 150කින් අඩු කෙරේ
    අද මධ්‍යම රාත්‍රී සිට උම්බලකඩ කිලෝවක මිල රු. 200කින් අඩු කෙරේ
    අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කිරීමට පොරොන්දු වුණ ත් 13ක අඩු කළා
    අද මධ්‍යම රාත්‍රී සිට ගෑස් සිලින්ඩරයක මිල රු. 300කින් අඩු කෙරේ
    රාජ්‍ය බැංකුවල රු. ලක්ෂ 2ට අඩු උකස් කළ ස්වර්ණාභරණ සඳහා වන පොළිය කපා හරී
    උපයන විට ගෙවීමේ බද්දෙන් මුල් රු. ලක්ෂ 6 ඉවතට
    අද මධ්‍යම රාත්‍රී සිට ධාරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා වන බදු 15%කින් අඩු කෙරේ
    අද මධ්‍යම රාත්‍රී සිට දෙමුහුන් වාහනවල බදු අඩු කෙරේ
    අද මධ්‍යම රාත්‍රී සිට සිමෙන්ති මිල රු. 90කින් අඩු කෙරේ
    කැසිනෝ ව්‍යාපාරිකයින්ගෙන් රු. මිලියන 1000ක බද්දක්
    මත්පැන් අලෙවි හල්වලින් එක් වරක රු. 250000ක බද්දක්
    රු. 5000ක්ව පැවති විවාහ ලියාපදිංචි ගාස්තුව රු. 1000 දක්වා අඩු කෙරේ
    චන්ද්‍රිකා මධ්‍යස්ථාන භාවිත කරන්නන්ගෙන් එක් වරක් ගෙවන රු. මිලියන 1000ක බද්දක්
    සන්නිවේදන කුළුණු 5කට වැඩි ක්‍රීඩා පමණක් පෙන්වන රූපවාහිනී ආයතන සඳහා එක් වරක රු. මිලියන 1000ක බද්දක්
    රජයේ අබලන් වාහන වෙන්දේසි කර රු. මිලියන 1000ක් ඉපයීමට පියවර
    ආබාධිත රණවිරුවන්ට රු. ලක්ෂ 5ක උපරිමයක ණය මුදලක්
    මහපොළ ශිෂ්‍යාධාරය පෙබරවාරි සිට රු. 5000ක් දක්වා ඉහළට
    විදුලි බල සහ ජලසම්පාදන වැනි ආයතනවල වසර 7කට වැඩි කාලයක් සේවය කරන අනියම් සේවකයින් ස්ථිර කරයි
    පාඩු අවම කිරීම සඳහා මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් ඒකාබද්ධ කෙරේ
    ආරම්භක මුදලක් නොමැතිව බැංකු ගිණුමක් ආරම්භ කිරීමට අවස්ථාව
    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 50%කින් බස් ගාස්තු අඩු කරයි
    සියලු ධීවරයින්ට රු. මිලියනයක ජීවිත රක්ෂණයක්
    ණය පත් (ක්‍රෙඩිට් කාඩ්) සඳහා පොළී අනුපාතය 30%ක් දක්වා පහලට
    රජයේ වියදම්වලින් දේශපාලකයින්ගේ දැන්වීම් පළ කිරීම වහා නතර කළ යුතුයි.