අරක්කු_ජාත්‍යන්තරයට

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අරක්කු_ජාත්‍යන්තරයට

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත 'පොල් අරක්කු' ජාත්‍යන්තරයට ගිය හැටි



_107491005_arrack.jpg



අරක්කු ජාත්‍යන්තර වෙළෙඳපොළට ඇතුළු කිරීමට ගත් උත්සාහයන් මේ වන විට සාර්ථක වෙමින් පවතී



බීබීසී මාධ්‍යවේදිනී අයේෂා පෙරේරාගේ වාර්තාවක් ඇසුරිනි.


පොල් මලේ සාරයෙන් නිෂ්පාදනය කරන අරක්කු සියවස් ගණනාවක් පුරා ශ්‍රී ලාකිකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබේ. මෙම පානය ලෝකය පුරා ප්‍රචලිත කිරීම නිෂ්පාදකයන්ගේ මීළඟ අරමුණ වී ඇත.
මේ වන විට ද ලන්ඩන් නුවර පිහිටි සුපිරි ගණයේ අවන්හල්වලින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අරක්කු මිලදී ගැනීමේ හැකියාව තිබේ. ආහාරපාන සහ සංචාර ගැන ලිපි ලියූ ඇන්තනී බෝඩේන් අරක්කු හඳුන්වා ඇත්තේ, "බර්බන් සහ රම් අතර සිදු වූ කසාදයක් වගේ. හැබැයි බලවත් මෙන්ම පිච්චෙන සැර ගතියක් සහ අමුතු මද්‍යසාර සුගන්ධයක් විහිදෙනවා," යනුවෙනි. පොල්වලින් සෑදූ තද පැහැති රම් වර්ගයකට සමාන අරක්කුවලට මෙතෙක් ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් හෝ අගය කිරීමක් ලැබී නොමැති බව ශ්‍රී ලාංකීය නිෂ්පාදකයෝ පවසති. වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව තුළ පවා වැදගත් පානයක් ලෙස අරක්කු ප්‍රසිද්ධ නොවූ අතර, එය හැඳින්වුණේ "පහළ තත්වයේ" මද්‍යසාරයක් ලෙසිනි. කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශවල දිවි ගෙවන ප්‍රභූ පිරිස් අතර පිටරටින් ආනයනය කරන ස්කොච්, විස්කි, වයින් සහ රම් වඩාත් ප්‍රසිද්ධ වී තිබේ.



_107491007_arrack2.jpg





පොල් ගසෙන් බාගත් සැණින් සුදු පැහැයෙන් දිස්වන රාවල ඇත්තේ මිහිරි මෙන්ම ඇඹුල් මිශ්‍ර රසකි


මේ අතර, බලයේ සිටි සමහර ආණ්ඩුවලින් අරක්කු නිෂ්පාදනයට වෙළෙඳපොළක් නිර්මාණය කිරීම වෙනුවට මද්‍යසාරවලට දැඩි නීති පනවා එය සමාජයට අහිතකර දෙයක් ලෙස හුවා දක්වා තිබිණි. එම තත්වය අරක්කු නිෂ්පාදනයට අහිතකර ලෙස බලපෑවේය. මද්‍යසාර නිෂ්පාදනය විශාල බදු මුදලකට යටත් විය යුතු අතර, වෙළඳ ප්‍රචාරක කටයුතු කිරීම නීතියෙන් තහනම්ය. කෙසේවෙතත්, බාධක මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අරක්කු උසස් තත්වයකට රැගෙන ඒම සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට ඇතුළු කිරීමට ගත් උත්සාහයන් මේ වන විට සාර්ථක වෙමින් පවතී. විශේෂ මිශ්‍රණයකින් සාදා ගත්, මිහිරි රස, වැඩි මිලැති අරක්කු වර්ග ප්‍රවර්ධනය කිරීම තුළින් ශ්‍රී ලංකාව මෙන්ම වෙනත් රටවල් බොහෝමයක වෙළෙඳපොළ ආකර්ෂණය කර ගැනීමට නිෂ්පාදකයන් සමත් වී ඇත. මෙය කලවම් නොකර හෝ 'කොක්ටේල් (cocktail) ලෙස පානය කළ හැකි මද්‍යසාරයක් ලෙස ප්‍රචාරය කිරීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ පැරණිතම අරක්කු නිෂ්පාදකයන් වන 'රොක්ලන්ඩ් ඉස්කාගාරයේ' කළමනාකර අධ්‍යක්ෂ වන අමල් ද සිල්වා විජේරත්න මෙම මද්‍යසාර වර්ගය ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීමෙහි ලා ඉදිරියෙන්ම සිටින පුද්ගලයන් අතරින් කෙනෙකි. උසස් තත්වයේ අරක්කු නිෂ්පාදනවල අඩංගු වන්නේ පොල් මලේ සාරය සහ ජලය බව ඔහු ඉතා උනන්දුවෙන් විස්තර කළේය. අරක්කු නිෂ්පාදනය "මගේ ලේවල තිබෙන දෙයක්" ඔහු පැවසීය.



_107491009_arrack3.jpg





රා වල අඩංගු ස්වභාවික සීනි සහ යීස්ට්වල ක්‍රියාකාරීත්වයෙන් එය ක්‍රමයෙන් මද්‍යසාර බවට පත් වේ





ව්‍යාපාරයක් මට්ටමින් අරක්කු නිෂ්පාදනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමග 1924 දී ගිවිසුමකට එළඹුණු අමල් ද සිල්වා විජේරත්නගේ මුත්තාගේ සහෝදරයෙකු වන ජේ බී එම් පෙරේරාට මෙම මිශ්‍රණය නිර්මාණය කිරීමේ පූර්ණ ගෞරවය හිමි වේ. ප්‍රංශයේ නිෂ්පාදනය කරන ලද මත්පැන් පෙරන විශේෂ කල්දේරමක් ද යොදා ගනිමින් ඔහු කළ නිර්මාණය නිසා නොපැසුණු, රළු මද්‍යසාරයක් සුමට මිහිරි පානයක් බවට පත් කර ගැනීමට හැකි වී තිබේ. එම වටිනා නිර්මාණය අනාගතයට රැගෙන යෑම තමන්ගේ උත්සාහය බව අමල් පැවසීය. මෙහි එක් පියවරක් ලෙස රොක්ලන්ඩ් ආයතනය ඉහළ වෙළෙඳපොළක් සඳහා මද්‍යසාර නිෂ්පාදනය ආරම්භ කර තිබේ. දීර්ඝ කාලයක් බැරල්වල දමා පරණ කරන ලද අරක්කු ලොව පුරා මද්‍යසාර භාවිත කරන්නන් අතර ජනප්‍රිය වෙමින් පවතී. මෙමගින්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අරක්කුවලට ලෝක වෙළෙඳපොළ තුළ දොරටු විවෘත වෙමින් තිබේ. 2002 වර්ෂයේ දී ප්‍රථම වතාවට එක්සත් රාජධානියට අරක්කු හඳුන්වා දී තිබෙන අතර, එය "ලෝකයේ අමාරුම මද්‍යසාර වෙළෙඳපොළ" ලෙස අමල් හඳුන්වයි.
නමුත්, මේ වන විට 'සිලෝන් ඇරැක්' සඳහා ශ්‍රී ලංකාවට වඩා විශාල වෙළෙඳපොළක් එක්සත් රාජධානිය තුළ නිර්මාණය වී ඇති බව ඔහු පැවසීය. වර්තමානයේ දී සිංගප්පූරුව, ජර්මනිය සහ ජපානයට මෙම නිෂ්පාදන ආනයනය කරනු ලබයි. මෙම වසරේ දී ඉන්දියානු වෙළෙඳපොළට ද අරක්කු හඳුන්වාදීමට නියමිතය.



_107491011_arrack4.jpg





"රා මදින්නන්" අනුගමනය කරන ක්‍රම පරම්පරා ගණනාවක් වෙනස් නොවී පවතී




සිංගප්පූරුවේ පිහිටා තිබෙන 'නේටිව්' (Native) නම් අවන්හලේ කොක්ටේල් වර්ගයක් සඳහා සිලෝන් අරක්කු යොදන බවත්, එය එහි වැඩියෙන්ම අලෙවි වන පානය බවට පත් වී ඇති බවත් එහි හිමිකරු විජේ මුදලියාර් පැවසීය. "අරක්කු කියන්නේ ඉතා අගනා මද්‍යසාර වර්ගයක්. එයින් එන්නේ ඉතා නැවුම් සහ පිරිසිදු රසක්. තද පැහැති මද්‍යසාර පරිහරණය කරන අයට පරණ කළ අරක්කු කියන්නේ අනිවාර්යයෙන්ම හොඳ තේරීමක්," ඔහු පැවසුවේය. ශ්‍රී ලාංකිකයන් කොපමණ කලක් අරක්කු පරිහරණය කළේ ද යන්න දැන ගැනීමට මාර්ගයක් නොමැති වුවත්, මෙය ලෝකයේ පැරණිතම මද්‍යසාර වර්ගයක් බව විශ්වාස කෙරේ.
එයට හේතුවක් ලෙස අමල් ද සිල්වා විජේරත්න පැවසුවේ, "පැසවීමේ ක්‍රියාදාමය ගැන දෙවියන් කොහොමත් බලාගන්නවා" යනුවෙනි.
ඔහු මෙයින් අදහස් කළේ රා වල අඩංගු ස්වභාවික සීනි සහ යීස්ට්වල ක්‍රියාකාරීත්වයෙන් එය ක්‍රමයෙන් මද්‍යසාර බවට පත් වීමය.
පොල් ගසෙන් බාගත් සැණින් සුදු පැහැයෙන් දිස්වන රා වල ඇත්තේ මිහිරි මෙන්ම තරමක ඇඹුල් මිශ්‍ර රසකි. නමුත් පැසවීමේ ක්‍රියාවලිය ඉතා වේගයෙන් සිදුවන නිසා පැය කිහිපයක් ඇතුළත එහි මද්‍යසාර ප්‍රතිශතය 6%ක් බවට පත් වේ.



_107491013_arrack5.jpg





ශ්‍රී ලංකාවේ පැරණිතම අරක්කු නිෂ්පාදකයන් වන 'රොක්ලන්ඩ්'



විස්කි හෝ බ්‍රැන්ඩි සාදන ආකාරයටම රා ආසූත (distilled) කරගත් පසු මධ්‍යසාර ප්‍රතිශතය 60%ක් බවට පත් වේ. නමුත්, ජලය එකතු කර ගැනීමත් සමග එය 40% දක්වා අඩු වේ. කෙසේවෙතත්, රා මැදීම වැනි රැකියාවක නියැලීමට ඉතා ශක්තිමත් මනසකින් හෙබි පුද්ගලයෙකු විය යුතුය. "රා මදින්නන්" අනුගමනය කරන ක්‍රම පරම්පරා ගණනාවක් වෙනස් නොවී පවතී. ඔවුන් දිනකට දෙවරක් ඉතා උස පොල් ගස් මුදුනේ පිහිටා තිබෙන නොපිපුණු මල්වලින් රා එකතු කිරීමේ නියැලේ. හොඳින් වැඩුණ පොල් ගසක උස අඩි 200ක් පමණ වේ.



ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ අරක්කු නිෂ්පාදකයන් වන DCSL, IDL, Mendis සහ Rockland යන සමාගම්වලට අයත් විශාල පොල් වතුවල රා මදින්නන් සිය ගණනක් රැකියාවේ නිරත වී සිටී. ඒ සෑම රා මදින්නෙකුටම බලා ගැනීම සඳහා ගස් පෙළක් ලබා දී ඇති අතර, එම ගස් අතර ගමන් කරන්නේ කඳ මුදුනේ බැඳි කඹයක ආධාරයෙනි. පොළොවෙන් උඩ පැය ගණනාවක් සිටින ඔවුහු ගස් අතර ගමන් කරමින් රා එකතු කරති. ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගම් හතර පමණක් විවිධ මිශ්‍රණ සහ විවිධ මට්ටමේ අරක්කු වසරකට ලීටර මිලියන 60ක් නිෂ්පාදනය කරයි. අරක්කුවල ඇති රා ප්‍රමාණය අනුව එහි තත්වය සහ මිල තීරණයේ වේ.



_107491155_arrack6.jpg





ලොව පුරා ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අරක්කු



අනර්ඝ තත්වයේ අරක්කු නිෂ්පාදනය කරන්නේ 100%ක් පොල් මලේ සාරය අසූත කිරීමෙන් වන අතර, "එක්ස්ට්‍රා ස්පෙෂල් ඇරැක්" (Extra Special Arrack) ලෙස නම් කර ඇති මිලෙන් අඩු වර්ග පැණි මණ්ඩිවලින් සාදා ගනු ලබයි. මූලික මට්ටමේ අරක්කුවල රා ඇත්තේ 3%ක් වැනි ප්‍රමාණයකි. තවමත් ශ්‍රී ලංකාව තුළ විකිණෙන අරක්කුවලින් 70%ක් මිල අඩු ඒවා වන අතර, ඉහළ මිල අරක්කු වර්ග පරිහරණය කිරීම ආඩම්බරයට කරුණක් බව බොහෝ දෙනෙක් විශ්වාස කරති.
"මට හමුවෙන සමාගම් ප්‍රධානීන් බොහෝ දෙනෙක් කියන්නේ ලොව පුරා සිටින ඔවුන්ගේ වැදගත් සේවාදායකයන්ට තෑගි කරන්න අරක්කු බෝතලයක් නැතිව යන්නේ නැහැ කියලා," අමල් ද සිල්වා විජේරත්න පැවසීය. අරක්කු ගැන තිබෙන මතවාදය බිඳ හෙළීමේ ක්‍රියාවලිය ඉතා සෙමින් නමුත් ප්‍රතිඑලදායී ලෙස සිදුවන බවත් ඔහු සඳහන් කළේය.
"මේ දේට අවුරුදු ගණනාවක් ගතවෙයි. හැබැයි දිගටම ඇඳගෙන යන්න ඔබට අධිෂ්ඨානයක් තිබිය යුතුයි." "කොහොම වුණත්, අරක්කුවලට ලැබිය යුතු අවධානය සහ පිළිගැනීම ලැබෙන්න තව බොහෝ කාලයක් ගත වෙයි."



BBC NEWS


 

Fordbros

Member
Dec 14, 2018
222
67
0
ශ්‍රි ලංකාව
මත්වීමටත් ප්‍රමාදයටත් (නොසැලැකිල්ලටත්) කරුණු වන සුරාමේරය පානයෙන් වැළැකෙන ශික්‍ෂාපදය සමාදන් වෙමි.
 
  • Like
Reactions: Boomslang

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    දැන් ලංකාවේ හොඳම අරක්කු බොන්නෙත් සුද්දෝ. අපිට ජරාව.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දැන් ලංකාවේ හොඳම අරක්කු බොන්නෙත් සුද්දෝ. අපිට ජරාව.




    හයි ක්ලාස් වල උන්ට බොන්න හදන අරක්කු එකෙයි සාමාන්‍ය ගුණපාල ල ගහන එකෙයි ලොකු වෙනසක් තියනවා. අන්න එකයි ජරාව කියලා කියන්නේ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    බන් ඔය සිලෝන් ඇරැක් එක රුපියල් 10000/= k වෙනවා මෙහේ හුදි ජනයට බොන්න බෑ.
     

    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    Ceylon Arrack patta vidihata brand karala market karanawa. meheta ena suddanta mal kapana thana indan arakku hadana hati kiyaladena excursion un promote karanawa.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම දන්නා තරමින් ලෝකයේ ඉහලම මද්‍යසාර අතරේ මෙන්ඩිස් සමාගම නිෂ්පාදනය කරන මෙන්ඩිස් ස්පෙෂල් සහ මෙන්ඩිස් ඩබල් දිස්රිල් තිබේ.....
    මම සරසවියේ ඉන්න කාලයේ පැමිණි ජපන් මහාචාර්යවරුන් අපට නම ලියා දී ගෙන්වා ගන්නේ මෙන්ඩිස් ස්පෂල්ය.........
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    මත්වීමටත් ප්‍රමාදයටත් (නොසැලැකිල්ලටත්) කරුණු වන සුරාමේරය පානයෙන් වැළැකෙන ශික්‍ෂාපදය සමාදන් වෙමි.

    pala pons