.
ඔබ දන්නවා සාම්ප්‍රදායික ක්‍රමවේදය ගැන කළකිරිල හිටපු ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් ගොඨභය රාජපක්ෂ ට සිය චන්දය ප්‍රකාශ කලා.ඒ පුද්ගලික ප්‍රයෝජන බලාපොරොත්තු වෙන් නෙවේ.
නමුත් ගෝඨාභය කියන්නෙත් එම ක්‍රමයේම එක් නියෝජිතයෙක් කියල දැනගත්තට පස්සෙ ඔවුන්ම ගෝඨාභයට එරෙහිව ඉදිරියට ආවා.
නමුත් අර ක්‍රමය ඇතුලෙ තමන්ගේ ජීවිකාව සපයාගත්ත පිරිස්... ගෝත්‍රික ජාතිවාදී , ආගම්වාදී අදහස් තුල ජීවත් වෙච්ච පිරිස් මෙම වෙනස එක්ක එකතු උනේ නෑ.
අරගලයෙන් පස්සෙ ඔවුන්ගේ හිත හදාගන්න පාවිච්චි කරන ප්‍රධානම නිදහසට කරුණ තමයි අරගලයෙන් රනිල් ආවා කියන එක. පාර්ලිමේන්තු චන්දයකදී රනිල්ව තෝරාගත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් බලය තියන පොහොට්ටුවමයි කියල කල්පනා කරන්නවත් ඔවුන්ට දේශපාලන සාක්ෂරතාවයක් නැහැ.
කෙතරම් දැනුවත් කරත් මේ පිරිස වෙනස් කරන්නත් බැහැ. මොකද ඒ නොදැනුවත් කම නෙවේ... ඒ ඔබුන්ගේ ජීවනෝපාය... ඒ ඔවුන් මෙම ක්‍රමයෙන් ම යැපෙන්නන් නිසා. සමාජ මාධ්‍ය හසුරවන්නාගේ ඉදන්... ගමේ කසිප්පු පෙරන පුද්ගලයා දක්වා එතන ඉන්න පුලුවන්.
ඊතින් ආයෙ කවුරු හරි සංවේගයට පත් පාක්ෂිකයෙක් රනිල් ගැන කියන්න ආවොත් මේ වීඩියෝව පෙන්වන්න.

