මේකට නීති පියවර ගත්ත Centre for Environmental Justice කියන ආයතනය මම දන්න එකක්. ලංකාවේ කවුරුත් නොහිතන පැති වලින් මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ආයතනයක්. පට්ට සේවයක් කරන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ හොර වැඩ සහ ජරා වැඩ වලට විරුද්ධව. අවාසනාවට මේ අයට පිරිස් බලය සහ මුදල් අඩුයි ඒ නිසා සමහර නීති කටයුතු එහෙම කරගන්නේ අමාරුවෙන්. නමුත් මේ කරන වැඩේ විශිෂ්ටයි.