අර්ජුන්_නිදහස්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අර්ජුන්_නිදහස්

    අර්ජුන් ඇලෝසියස් ඇප මත නිදහස්

    arjun-aloysius.jpg

    පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් ආයතනයේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.

    ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ඔවුන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බණ්ධනාගාරගත කරනු ලැබීය.

    එක් අයෙක් සදහා රුපියල් ලක්‍ෂ 10ක් වූ මුදල් ඇප හා ලක්‍ෂ 20ක් බැගින් වූ ශරීර ඇප හතරක් මත මොවුනට ඇප නියම වී ඇති අතර රටින් පිටවීම තහනම් කර සෑම ඉරිදා දිනයේම රහස් පොලිසියේ අත්සන් කිරීමටද නියෝග කර ඇත.

    මෙහි ප‍්‍රධාන සැකකරුවෙක් වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් මේ වන විට රටින් පැන ගොස් ජාත්‍යන්තර පොලීසියටද සොයා ගත නොහැකි සේ සැගව සිටී.
     
    • Like
    Reactions: saja

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අර්ජුන් මහේන්ද‍්‍රන් මේ වන විට රටින් පැන ගොස් ජාත්‍යන්තර පොලීසියටද සොයා ගත නොහැකි සේ සැගව සිටී. :lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජනාධිපතිගේ විධායක බලය ඕනේ නෑ. පොලිස් බලය සහ ඔඩිටර් ජෙනරල් ඩිපාට්මන්ට් එක ඇති ප්‍රධාන සැකකරු නැතුවහරි නඩුව කතාකරන්න. මුන් ඇප එක්ක නිදහස් වෙන්නේ හැමදාම ප්‍රධාන සැකකරු ගෙන්වන්න ට්‍රයි කියලා බයිලා කිය කිය කල් යවන නිසා වෙන්නැති. රනිල්ට මේ ගැන ජනාධිපති මූණ දිහා බලන් කිව්වා වගේම නඩුව ඒකපාර්ශවිකව අහන්න කියලාඔඩිටර් ජෙනරල් එකට තට්ටුවක් දාලා කියන්නනේ තියෙන්නේ.
    මහින්ද අගමැතිකම ගත්තු ගමන් එදිනෙදා නඩු අහන්න ලෑස්ති උනු නඩු ටික කල් දාගත්තා. ඒවා උසාවියේ විනිශ්චයකාරයින්ගේ ප්‍රශ්න නෙවෙයිනේ. විනිසුරුවන්ට නටන පුලුවන් වේදිකාව හදුවොත් විතරයි. ඔඩිටර්ගේ වැඩේ වේද්කාව හදන එක මිසක් කඩා බිඳදමන එක නෙවෙයි. මේ විදියට ප්‍රධාන දේශපාලන භූමිකා රඟද්ඩක්වද්දි වැරදි කරන්න ඉන්න උන් බලටි ගගාහා ගසාකන්නේ