අර්ජුන රට හෑල්ලු කළේ ය
ක්‍රිකට් ක්‍රීඩකයන් තානාපතිවරුන් නම් ඔවුන් එතෙරදී ක්‍රියා කළ යුත්තේ ශ්‍රී ලංකාවේ අභිමානය සහ ගෞරවය ආරක්ෂා වන පරිදිය. එවැනි තානාපතිවරුන් රූපවාහිනියක් ඉදිරියේ ලෝකයටම පේන්නට නිරුවතින් නටන්නේ නම් එය ඉතාමත් අප්‍රසන්න සිද්ධියක් වනු ඇත. ශ්‍රී ලංකාව තානාපති මට්ටමින් වසර කිහිපයක් නියෝජනය කළ අජ්ජුන රණතුංග ද ඉන්දියාවට ගොස් එන් ඩී ටී වී රූපවාහිනී කැමරාව ඉදිරියේ ශ්‍රී ලංකාව බින්දුවට බස්සමින් කතා කළේ ය. ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන තරගයට දින දෙකකට පෙර කළ මෙම ප්‍රකාශයත් ශ්‍රී ලංකාව පරාජයට පත්වීමත් අවාසනාවන්ත සිදුවීමය. අවසාන තරගයට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායමට දෙන අවවාදය කුමක්දැයි එන් ඩී ටී වී නිවේදකයා අර්ජුනගෙන් ඇසූ විට ඔහු ලැජ්ජාවක් බයක් ආත්ම ගරුත්වයක් නැතිව කියා සිටියේ කණණ්ඩායමට උපදෙස් දෙන්නේ තමා නොව ජනාධිපතිතුමා බවයි.
රටේ රාජ්‍ය නායකයා ලෙස ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනයට බොහෝ දේ කළ බව අර්ජුන නොදන්නවා නොවේ. ලෝක ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට වාතාවරණය සකස් කළ ජනාධිපතිතුමා ජාත්‍යන්තරයට අලුතින් ක්‍රීඩාංගන දෙකක් සහ නවීකරණය කළ ක්‍රීඩාංගණයක් පරිත්‍යාග කළ බව අර්ජුන රණතුංග නොදන්නවා නොවේ. මේ පුද්ගලයා රූපවාහිනිය හමුවේ නිරුවත ප්‍රදර්ශනය කිරීමත් මීට පෙර අවස්ථා කිහිපයකදී ක්‍රියා කළ ආකාරයත් අපට මතකය. මෙහිදී අපට ආනන්ද විදුහලේ මීට වසර ගණනාවකට පෙර 1976 දී පමණ සිදුවූ සිද්ධියක් සිහිපත් වේ. අවුරුදු 13 න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ටිප් කැච් එකකින් අවුට් විය. ක්‍රීඩාගාරයට පැමිණ ඔහු ග්ලව්ස් දෙක සහ බැට් එක විසිකොට අඩන්නට පටන් ගත්තේය. ඇයි පුතා අවුට් නැද්දැයි ක්‍රීඩා පුහුණුකරු ප්‍රශ්න කළේය. නෑ සර් බැට් එකේ බෝලය යාන්තම් ගෑවුනා පමණයි ක්‍රීඩකයා කීය. එය මෝඩ කතාවකි.
මෙවැනි මෝඩ කතා වලට දේශපාලන කුහකම් ඊර්ෂ්‍යාව එකතු වූ විට එය ගොන් කතා ගණයට වැටේ. ඊට කලින් 2007 දී එවැනිම කුහකකමකින් අර්ජුන රණතුංග කීවේ අපේ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි වටයටවත් නොයෙන බවය. අර්ජුන රණතුංග ක්‍රීඩා පිටියේ දී උගත් විනය සංයමය සහ ක්‍රීඩාශීලිත්වය ප්‍රදර්ශනය කළ තවත් අවස්ථාවක් අපට සිහිපත් වේ. මරදාන අශෝක විද්‍යාලයේ කොල්ලෝ පිරිසක් බෝල ගසමින් සිටියහ. බෝලයක් අර්ජුනගේ මවගේ වත්තට වැටුණේ ය. බෝලය තුන්වරක් වැටුණු විට අර්ජුන ඇතුළු පිරිසක් පැමිණ ෂෝ එකක් දැම්මේය. කොල්ලන් අට දෙනෙකු රෝහල් ගත කෙරිණ. එක් කොලුවෙක් තවමත් මානසික ආබාධයෙන් පෙළේ. මේ අනුව අර්ජුන රණතුංග එන් ඩී ටී වී නොව සී එන් එන් ගියත් කුහකකම ඊර්ෂ්‍යාව ප්‍රදර්ශනය කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනය සමඟ පටලවා ගත් විටය. කෙසේ හෝ ඔහුගේ අරමුණ ඉටුවී 2011 ලෝක කුසලාන තරගයෙන් ශ්‍රී ලංකාව පැරදුණේ ය. අර්ජුන රට හෑල්ලු කළේය.

mama anduwata kade yanne naha machan.