අර්ටිෆිශල් ඉන්ටලිජන්ට් එවුන් වරෙල්ලා

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Prompt engineering කියන්නෙ බං හරියට ප්‍රොම්ප්ට් එකක් කොහොමද ලියන්නෙ කියන එකද ?
    නැත්තන් ඒක ප්‍රෝග්‍රැමික් සයිඩ් එකේ වෙනම සබ්ජෙක්ට් එකක් වගේ යනවද දැන්?

    මොකද දැන් ක්‍රියේටිව් වැඩ කරන උන් අතරත් යනව ගොඩක් midjourney වගේ ප්‍රොම්ට් ගහන එක ස්කිල් එකක් විදිහට බලනව කියල.. :(

    AI තියනව කියල සේරම කරගන්න පුළුවන් කියල knowledge එක ඕන නෑ කියල හිතනවා නම් ඒක වැරදී.
    example හිතපන් bug එකක් ආවම මොකේ හරි උබට පුළුවන් වෙන්න ඕන ai එක මේ විදියට කරන්න. ඔහොම හරියන්නෙ නෑ කියල guid කරන්න.
    ඒකට ඕන knowledge එක. github එකේ උනත් 90% වගේ අලුතෙන් තියන codes සේරම ai generated මම දන්න විදියට.

    ඉස්සරහට programming language එකක ලියන විදිය syntax use කරන්න ඕන විදිය ඉගෙන ගන්න එක එක එක language එකට වෙන වෙනම කිසි තේරුමක් නැති වෙනව. අපිට ඕක ලොකු වෙනසක් තේරෙන්නෙ නැත්තෙ අපිට already knowledge එක තියන නිසා.

    අලුතෙන් field එකට එන උන්ට නම් මට හිතාගන්න බෑ. මොකද පට්ට ලේසියෙන් කරගන්න පුළුවන් tool එකක් තියෙද්දී කවුරුත් පුප විකාගෙන ඔලුවෙන් හිතන්න යන්නෙ නෑ. ඒ side එක මොට්ට වෙලා යනවා. හරියට අපි ඉස්කෝලෙ යන කාලේ ටිකක් ලොකු ගණන් එක දිගට 50 විතර ලියල දුන්නොත් අපිට එකතු කරගෙන යන්න පුළුවන් පට පට ගාල. දැන් cal එක use කරන්න ගත්තට පස්සෙ උබ කොලයක් අරගෙන ලියල බැලුවොත් අනිවාරෙන් වරදෙනවා. ටිකක් වෙලා දගලලා අර පරණ එක එනව ඒත් නිතර පුරුද්දක් නැති උනොත් ඕක තමයි වෙන්නෙ. logically හිතන එකටත් ඕකම තමයි වෙන්නෙ. මොට්ට වෙනවා අපිව.

    ගොඩක් පොඩි උන් දැන් exam වල උනත් paper එක චැට් GPT දැම්ම ලිව්වා ආව. අන්න ඒ level එකේ තියෙන්නෙ. ඉස්සරහට හිතපන් කො.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මට මේකෙන් තේරුණ දෙයක් තමයි මගේ ක්‍රියේටිවිටි කියන එක සීමා වේගෙන එනව උගේ අදහස් වලට.. උඹල මොකද හිතන්නෙ මේ ගැන ?
    :yes:

    ට්‍රාන්සිස්ටර් එක එද්දි, විදුලි බලය එද්දි, කාර්මික යුගය එද්දි, කම්පියුටර් එක එද්දිත් මිනිස්සු හිතුවේ රස්සා නැතිවෙනවා කෙළවෙනවා කියලා. ඒත් එහෙම උනේ නෑනෙ. අලුත් විසඳුම් අලුත් ප්‍රශ්න ඇති කරනවා. ඒවට විසඳුම් හොයන්න ආයෙම මිනිස්සු ඕනෙ වෙනවා. ලෝකෙ අලුත් උනත් පුරුදු විදිහට කැරකෙනවා. ඔහොම යමු.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    සිමා වෙන්ව බන් . අත්දැකීමෙන් කියන්නේ .
    මිනිස්සු AI වලට වඩා ක්‍රියේටිව් . මිනිස්සු තමයි අලුත් ට්‍රෙන්ඩ් හදන්නේ .
    AI කරන්නේ පවතින ට්‍රෙන්ඩ් වලින් සොලුෂන් දෙන එක .
    ඕක මත්තෙම හිටියම creativity එක සෑහෙන අඩු වෙන්ව . ගොඩක් කාලයක් එකම මත්තේ හිටියම , කලින් තිබ්බ ක්‍රියේටිව් ප්‍රැක්ටිස් එකත් නැති වෙන්ව

    ඕකට සරල උත්තරයක් නෑ.
    දෙපැත්තක් තියනවා.
    ai එකේ prompt ඒකටම කියල අපි කිසිම දෙයක් හිතන්නෙ නැතුව ඒක මත depend වෙනවා නම් ඔව් ඕක වෙනව.
    creativity කියන එක ඇගෙන් එන දෙයක්. ඒක ඇවිල්ල AI use කරාද නැද්ද කියල ඒක නැති වෙන්නෙ නෑ.

    example paiting එකක් අපි ඇදගෙන යනව. අපිට color combinations බලාගන්න ඕන.
    ඕක අපි අතින් කර කර බලනවට වඩා ai එකක් දාල හොදම එක අරන් එතන ඉදන් කරගෙන යන්න පුළුවන්. මැනුවලි කරානම් කවදාවත් හරිම combination එක එන්නෙ නැතුව යන්න පුළුවන්.

    programming උනත් එච්චරයි කොහෙ හරි උනොත් තව paths ගොඩක් open කරගන්න පුළුවන් ඒ paths වල දැනුම අඩු උනත්.
    වෙනම ඔය හැම එකක් ම ඉගෙන ගන්න ගියොත් සෑහෙන වෙලාවක් කැප කරන්න ඕන. ඒ time එක නැතුව tool එක පාවිච්චි කරලා ඒ දේ කරගත්තම තව ඊට වඩා හොදට දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නෙ තමන් stuck වෙලා හිටපු තැනින් තමන්ගේ creativity එක පාවිච්චි කරලා ඊට වඩා හොද දෙයක් කරන්න පුළුවන්.

    AI creativity එක අනිවාරෙන් වැඩි කරනව average users ලට.

    එතනින් එහාට ගිහින් මිනිසාගෙ creativity එකත් එක්ක AI වල creativity එක compare කරන එකක් නෙවේ මේ කරන්නෙ. එහෙම කරනවා නම් හෙන ගොන් නෙ.
    AI එක image එකක් generate කරත් code එකක් ලිව්වත් අනික් ඕනෑම වැඩක් කරලා දුන්නත් කරන්නෙ දැනට තියන existing මිනිස්සුම create කරපු දේවල් වලින් මිසක් අලුතෙන් හිතල කරන දේවල් වලින් නෙවේ නෙ. මිනිහගෙ creativity එක එක්ක ඒක compare කරන්න බෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,659
    14,285
    113
    Creative දේවල් ගැන නම් දන්නේ නෑ, හැබැයි කෙනෙක් හිතනවා නම් SE කෙනෙක්ගේ job එක GPT එකකට කරන්න පුළුවන් කියල ඒකෙ තේරුම ඒ කෙනා මෙච්චර කල් ඇත්තටම SE කෙනෙක් විදිහට කරන්න ඕනේ දේවල් කරලා නෑ කියන එක.

    Tool එකක් විදිහට පාවිච්චි කරන එක එකක්, සම්පුර්ණයෙන්ම replace වෙන එක තව දෙයක්.
     
    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    මටනම් එහෙම දෙයක් නෑ. හිතෙන දේවල් කරන්න AI වලින් ලොකු උදව්වක් ගන්න පුළුවන්. හිතන ප්‍රොසෙස් එක ඩිවලොප් උනා ගොඩක් දුරට AI නිසා. ඒ වගේම අළුත් අළුත් දේවල් ට්‍රයි කරන එක වැඩි උනා.
     
    • Like
    Reactions: Robinhood wage ekek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,942
    113
    එකමත් එක රටක
    ඕකට සරල උත්තරයක් නෑ.
    දෙපැත්තක් තියනවා.
    ai එකේ prompt ඒකටම කියල අපි කිසිම දෙයක් හිතන්නෙ නැතුව ඒක මත depend වෙනවා නම් ඔව් ඕක වෙනව.
    creativity කියන එක ඇගෙන් එන දෙයක්. ඒක ඇවිල්ල AI use කරාද නැද්ද කියල ඒක නැති වෙන්නෙ නෑ.

    example paiting එකක් අපි ඇදගෙන යනව. අපිට color combinations බලාගන්න ඕන.
    ඕක අපි අතින් කර කර බලනවට වඩා ai එකක් දාල හොදම එක අරන් එතන ඉදන් කරගෙන යන්න පුළුවන්. මැනුවලි කරානම් කවදාවත් හරිම combination එක එන්නෙ නැතුව යන්න පුළුවන්.

    programming උනත් එච්චරයි කොහෙ හරි උනොත් තව paths ගොඩක් open කරගන්න පුළුවන් ඒ paths වල දැනුම අඩු උනත්.
    වෙනම ඔය හැම එකක් ම ඉගෙන ගන්න ගියොත් සෑහෙන වෙලාවක් කැප කරන්න ඕන. ඒ time එක නැතුව tool එක පාවිච්චි කරලා ඒ දේ කරගත්තම තව ඊට වඩා හොදට දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නෙ තමන් stuck වෙලා හිටපු තැනින් තමන්ගේ creativity එක පාවිච්චි කරලා ඊට වඩා හොද දෙයක් කරන්න පුළුවන්.

    AI creativity එක අනිවාරෙන් වැඩි කරනව average users ලට.

    එතනින් එහාට ගිහින් මිනිසාගෙ creativity එකත් එක්ක AI වල creativity එක compare කරන එකක් නෙවේ මේ කරන්නෙ. එහෙම කරනවා නම් හෙන ගොන් නෙ.
    AI එක image එකක් generate කරත් code එකක් ලිව්වත් අනික් ඕනෑම වැඩක් කරලා දුන්නත් කරන්නෙ දැනට තියන existing මිනිස්සුම create කරපු දේවල් වලින් මිසක් අලුතෙන් හිතල කරන දේවල් වලින් නෙවේ නෙ. මිනිහගෙ creativity එක එක්ක ඒක compare කරන්න බෑ.
    තමන්ගේ ideas improve කරන්න , වැඩේ ඉක්මනට කරන්න , repeat වෙන process එකක් බොරුවට ආයිත් කරන්නේ නැතිව කරන්න වගේ ඕක පාවිච්චි කරනවා නම් හොදයි .
    වැඩේ මුල ඉදලම AI ට බාර දුන්නනම රිසල්ට් එකක් නම් ලැබෙයි හොද . හැබැයි අර තමන් කලින් තනියම කරපු දේවල ටික ඒ විදියට ආයිත් කරන්න බැරි වෙන්ව . ටක් ටක් ගාල රිසල්ට් ගන්න හොදයි .
    creativity එක වැඩි කර ගන්න පුලුවන් අලුත් , තමන්ට හිතුනේ නැති සොලුෂන් ගැන හිතල ඒවත් තමන්ගේ දැන් තියන ඒවාට එකතු කරගෙන ගියොත් . ඌ මත්තෙම හිටියොත් නම් ඕන එකෙක්ට ගන්න පුලුවන් රිසල්ට් එක්ක තමයි ඌ ටත් ලැබෙන්නේ ඌ ට අනිත් උන්ට වඩා AI නැතුවත් වැඩ කරන්න පුලුවන් වෙලා තිබ්බත් ඉස්සර . දැන් ඌ තවත් එකෙක් විතරයි . .
    උබ ඔය උදාහරනේ ට ගත්ත color combination එක මම උඩ කියපු රිපීට් ප්‍රොසෙස් එකක් කරනවා වෙන්වට AI පාවිච්චි කරන එක . එතන අන්තිම ඩිසිෂන් එක ගන්නේ මනුස්සය . උගේ ක්රියෙටිවිටි එක අනුව තමයි තේරීම වෙන්නේ sample වලින් .
    මම කිව්වේ වෙනස් විදියට හිතල දෙයක් කරන කෑල්ල මොට වෙන්ව ඕක මත්තෙම හිටියම .
    Dr.Sheldon_Suprakata

    දැන් හිතපන් මේ වගේ style එකේ වැඩ එළියේ නැත්නම් , ඌට AI එකෙන් මේ වගේ රිසල්ට් ලැබෙන්නේ නෑ . ඌ තනියම හිතල හිතල තමයි මේ වගේ style එකක් කරන්න පුලුවන් කියලා හිතෙන්නේ . තියන style වල sample ම රිසල්ට් විදියට ගත්ත එකෙක්ට මෙහෙම එකක් එන්නේ නෑ .
    අනිත් එක AI ආර්ට් ලස්සනට බැලුව ගමන් පෙනුනට ඒවා වල dynamic ගතිය , ආර්ට් එකේ අනිත් දේවල් එක්ක එකට යන්නේ නැති ගතිය , flow එක lines වලින් සමහර දේවල් express වෙන්නේ නැති එක තියනව . අර්ටිස්ට් හිතල කරද්දී ඒ ඒ වෙලාවට පොඩි වෙනස් කම් කරනවා වැඩේ හැටියට , තියරි පවිච්චි කරනවා experience එකෙන් ආපු .. අරු ඒවා කරන්නේ නෑ . AI තාම එක ෆ්‍රේම් එකක් ඇතුලේ ඉන්නේ .

    coding උනත් ඒවගේ කෑල්ලක් ගන්න පුලුවන් ඇති .
     
    • Like
    Reactions: Robinhood wage ekek

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මේක ගැන ලිපියක් දාන්න ලියාගෙන යනගමන් ඉන්නේ. සම්පූර්ණ මිනිස්සුන්ගේම knowledge එක improve වෙන් නැති එකයි අපි ළග තියෙන සමහර language skills නැති වෙලා යන එකයි තමා ඔතන ප්‍රශ්නේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    AI තියනව කියල සේරම කරගන්න පුළුවන් කියල knowledge එක ඕන නෑ කියල හිතනවා නම් ඒක වැරදී.
    example හිතපන් bug එකක් ආවම මොකේ හරි උබට පුළුවන් වෙන්න ඕන ai එක මේ විදියට කරන්න. ඔහොම හරියන්නෙ නෑ කියල guid කරන්න.
    ඒකට ඕන knowledge එක. github එකේ උනත් 90% වගේ අලුතෙන් තියන codes සේරම ai generated මම දන්න විදියට.

    ඉස්සරහට programming language එකක ලියන විදිය syntax use කරන්න ඕන විදිය ඉගෙන ගන්න එක එක එක language එකට වෙන වෙනම කිසි තේරුමක් නැති වෙනව. අපිට ඕක ලොකු වෙනසක් තේරෙන්නෙ නැත්තෙ අපිට already knowledge එක තියන නිසා.

    අලුතෙන් field එකට එන උන්ට නම් මට හිතාගන්න බෑ. මොකද පට්ට ලේසියෙන් කරගන්න පුළුවන් tool එකක් තියෙද්දී කවුරුත් පුප විකාගෙන ඔලුවෙන් හිතන්න යන්නෙ නෑ. ඒ side එක මොට්ට වෙලා යනවා. හරියට අපි ඉස්කෝලෙ යන කාලේ ටිකක් ලොකු ගණන් එක දිගට 50 විතර ලියල දුන්නොත් අපිට එකතු කරගෙන යන්න පුළුවන් පට පට ගාල. දැන් cal එක use කරන්න ගත්තට පස්සෙ උබ කොලයක් අරගෙන ලියල බැලුවොත් අනිවාරෙන් වරදෙනවා. ටිකක් වෙලා දගලලා අර පරණ එක එනව ඒත් නිතර පුරුද්දක් නැති උනොත් ඕක තමයි වෙන්නෙ. logically හිතන එකටත් ඕකම තමයි වෙන්නෙ. මොට්ට වෙනවා අපිව.

    ගොඩක් පොඩි උන් දැන් exam වල උනත් paper එක චැට් GPT දැම්ම ලිව්වා ආව. අන්න ඒ level එකේ තියෙන්නෙ. ඉස්සරහට හිතපන් කො.
    :yes:

    ට්‍රාන්සිස්ටර් එක එද්දි, විදුලි බලය එද්දි, කාර්මික යුගය එද්දි, කම්පියුටර් එක එද්දිත් මිනිස්සු හිතුවේ රස්සා නැතිවෙනවා කෙළවෙනවා කියලා. ඒත් එහෙම උනේ නෑනෙ. අලුත් විසඳුම් අලුත් ප්‍රශ්න ඇති කරනවා. ඒවට විසඳුම් හොයන්න ආයෙම මිනිස්සු ඕනෙ වෙනවා. ලෝකෙ අලුත් උනත් පුරුදු විදිහට කැරකෙනවා. ඔහොම යමු.

    Creative දේවල් ගැන නම් දන්නේ නෑ, හැබැයි කෙනෙක් හිතනවා නම් SE කෙනෙක්ගේ job එක GPT එකකට කරන්න පුළුවන් කියල ඒකෙ තේරුම ඒ කෙනා මෙච්චර කල් ඇත්තටම SE කෙනෙක් විදිහට කරන්න ඕනේ දේවල් කරලා නෑ කියන එක.

    Tool එකක් විදිහට පාවිච්චි කරන එක එකක්, සම්පුර්ණයෙන්ම replace වෙන එක තව දෙයක්.

    තමන්ගේ ideas improve කරන්න , වැඩේ ඉක්මනට කරන්න , repeat වෙන process එකක් බොරුවට ආයිත් කරන්නේ නැතිව කරන්න වගේ ඕක පාවිච්චි කරනවා නම් හොදයි .
    වැඩේ මුල ඉදලම AI ට බාර දුන්නනම රිසල්ට් එකක් නම් ලැබෙයි හොද . හැබැයි අර තමන් කලින් තනියම කරපු දේවල ටික ඒ විදියට ආයිත් කරන්න බැරි වෙන්ව . ටක් ටක් ගාල රිසල්ට් ගන්න හොදයි .
    creativity එක වැඩි කර ගන්න පුලුවන් අලුත් , තමන්ට හිතුනේ නැති සොලුෂන් ගැන හිතල ඒවත් තමන්ගේ දැන් තියන ඒවාට එකතු කරගෙන ගියොත් . ඌ මත්තෙම හිටියොත් නම් ඕන එකෙක්ට ගන්න පුලුවන් රිසල්ට් එක්ක තමයි ඌ ටත් ලැබෙන්නේ ඌ ට අනිත් උන්ට වඩා AI නැතුවත් වැඩ කරන්න පුලුවන් වෙලා තිබ්බත් ඉස්සර . දැන් ඌ තවත් එකෙක් විතරයි . .
    උබ ඔය උදාහරනේ ට ගත්ත color combination එක මම උඩ කියපු රිපීට් ප්‍රොසෙස් එකක් කරනවා වෙන්වට AI පාවිච්චි කරන එක . එතන අන්තිම ඩිසිෂන් එක ගන්නේ මනුස්සය . උගේ ක්රියෙටිවිටි එක අනුව තමයි තේරීම වෙන්නේ sample වලින් .
    මම කිව්වේ වෙනස් විදියට හිතල දෙයක් කරන කෑල්ල මොට වෙන්ව ඕක මත්තෙම හිටියම .
    Dr.Sheldon_Suprakata

    දැන් හිතපන් මේ වගේ style එකේ වැඩ එළියේ නැත්නම් , ඌට AI එකෙන් මේ වගේ රිසල්ට් ලැබෙන්නේ නෑ . ඌ තනියම හිතල හිතල තමයි මේ වගේ style එකක් කරන්න පුලුවන් කියලා හිතෙන්නේ . තියන style වල sample ම රිසල්ට් විදියට ගත්ත එකෙක්ට මෙහෙම එකක් එන්නේ නෑ .
    අනිත් එක AI ආර්ට් ලස්සනට බැලුව ගමන් පෙනුනට ඒවා වල dynamic ගතිය , ආර්ට් එකේ අනිත් දේවල් එක්ක එකට යන්නේ නැති ගතිය , flow එක lines වලින් සමහර දේවල් express වෙන්නේ නැති එක තියනව . අර්ටිස්ට් හිතල කරද්දී ඒ ඒ වෙලාවට පොඩි වෙනස් කම් කරනවා වැඩේ හැටියට , තියරි පවිච්චි කරනවා experience එකෙන් ආපු .. අරු ඒවා කරන්නේ නෑ . AI තාම එක ෆ්‍රේම් එකක් ඇතුලේ ඉන්නේ .

    coding උනත් ඒවගේ කෑල්ලක් ගන්න පුලුවන් ඇති .
    මං ඕක ගැන ඇත්තටම කල්පනා කරා දවසක්...
    මම ඉගෙන ගත්තෙ ඩිසයින්.. දැන් ඒක AI වලින් කරන්න පුලුවන් වේගෙන එනව ලේසියෙන්ම.. (තාම නං සම්පූර්ණයෙන් බෑ, ඩිසයින් සයිඩ් එකට ගොඩක් ඇඩ්වාන්ටේජසුත් තියෙනව AI වලින්)

    අනාගතේ ඇත්තටම ඔය ස්කිල්ස් කියල අපි දැං ගන්න ටෙක්නිකල් ස්කිල්ස්(Design වල නං සොෆ්ට්වෙයාර් දැනුම, programming වල නං languages දැනුම) වලට වඩා ක්‍රියේටිවි තින්කින්ග් තමයි මටත් හිතෙන විදිහට ඉස්සරහට එන්නෙ.. ඒ කිව්වෙ, දැන් AI පාවිච්චි කරල ඕන එකෙක්ට කරන්න පුලුවන් වැඩක්, හැබැයි හැමෝගෙම අදහස් එක වගේ නෙවෙයි නේ. අන්න ඒ සෙට් එකක් ක්‍රියේටිව් අදහස් තියෙන උන්ට ගේමක් ගහ ගන්න පුලුවන්.. ඔතන එතකොට ටෙක්නිකල් ස්කිල් එක වෙන්නෙ අර හොඳ අදහස් කොහොමද AI වලට ප්‍රොම්ට් දීල හදාගන්න එක .. සිරාවට.. අනාගතේ කොහොම වෙයිද දන්නෙ නෑ
     
    • Like
    Reactions: Honda.putha

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේක ගැන ලිපියක් දාන්න ලියාගෙන යනගමන් ඉන්නේ. සම්පූර්ණ මිනිස්සුන්ගේම knowledge එක improve වෙන් නැති එකයි අපි ළග තියෙන සමහර language skills නැති වෙලා යන එකයි තමා ඔතන ප්‍රශ්නේ.
    අඩේ සුපිරි.. ලියල මේකෙත් දාහන් බලන්න :D

    උදාහරණයක් විදිහට මේ ඇඩ් එක ලඟදි මං ටීවි එක බලං ඉන්නකොට දැක්කෙ.. සිරාවටම පුදුම උනා.. මට නං මේක ෆේල් ටීවී කොමර්ශල් එකක්.. Air time එකේ තප්පර 15ක් බලං ඉන්න මේක කැරිම බෝරින් නෙ බං ? :baffled: හැබැයි මුන් ඇත්තටම කරල තියෙන්නෙ හරියට ගත්තොත් හොඳ ට්‍රෙන්ඩ් එකක් ෆලෝ කීරීමක්.. මුන් කොහොම හරි ටාගට් ඕඩියන්ස් එක අල්ලනව AI කියන නීච් එකෙන්..
    ------ Post added on Sep 19, 2024 at 7:44 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේක ගැන ලිපියක් දාන්න ලියාගෙන යනගමන් ඉන්නේ. සම්පූර්ණ මිනිස්සුන්ගේම knowledge එක improve වෙන් නැති එකයි අපි ළග තියෙන සමහර language skills නැති වෙලා යන එකයි තමා ඔතන ප්‍රශ්නේ.
    සමාජයේ දැනුම් ගැප් එක වැඩි වෙනවා නේද?

    මේ ළඟදි වයිෆ්ට භාෂා විභාගෙකට යන්න කරුණු වගයක් හොයනවා. මම කළේ කෙලින්ම Chatgpt වලින් හොයලා ඩොකියුමන්ට් එකක් හදලා දීපු එක. හැබැයි ඉතින් එකපාර ලේසියට මුළු එකම ජෙනරේට් කරගත්තෙ නෑ. මමයි ඒක ගයිඩ් කලේ. එතකොට සෑහෙන්න නිවැරදි.

    තව ක්ලාස් එකකත් මම ටියුටර්ගෙන් අහන්නෙ නැතුව Chatgpt බලනවා.

    ඉතින් ඕක දන්නෙ නැති පාවිච්චි කරන්නේ නැති එකා සෑහෙන කාලයක් ශ්‍රමයක් යොදවන්න ඕනනෙ.
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Digital Marketing වැඩවලට අමතරව, පුරුද්දක් විදිහට ChatGPT තව වැඩ කීපයකට දිනපතා පාවිච්චි කරනවා මචන්ලා.

    1) දැන් සැහෙන කාලෙක ඉදන් ChatGPT කරන නිසා ඌ මැන් ගැන ගොඩක් දේවල් දන්නවා. ඒක නිසා මම පොරගෙන් මට සෙට් වෙන Daily Advice එකක් ගන්නවා. හැමදාම උදේට "Hey what's your advice today?" කියලා අහන්න විතරයි තියෙන්නෙ. ඉස්සෙල්ලම උගෙන් "What do you know about myself now?" කියලා අහලා බලපන්. ඌ උබ ගැන දන්න දේවල් මදි වගේ නම් තව දේවල් add කරපන්.

    2) උබ ටිකක් ෆැෂන්වලට බර කෙනෙක් නම්, හොද කිටක් ඇන්ද වෙලාවට, ෆොටෝ දෙකක් අරන් ChatGPT එකට දාලා, "How is my look today?" කියලා අහලා බලපන්. පොඩි කික් එකක් එනවා. ;)

    pY7am3f.png

    3) උබලා කැමති, ප්‍රයෝජනවත් හෝ නොදන්න විෂයකට අදාල eBooks, articles වගේ දේවල් සෙට් එකක් add කරලා, දවස ගානේ ChatGPTගෙන් පොඩි ඇඩ්වයිස් එකක් හෝ ටිප් එකක් ගනින්. eBooks පනහක් හැටක් වුනත් add කරන්න පුලුවන්.

    fqAflq0.png
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මිනිස්සු AI වලට වඩා ක්‍රියේටිව් . මිනිස්සු තමයි අලුත් ට්‍රෙන්ඩ් හදන්නේ .
    AI කරන්නේ පවතින ට්‍රෙන්ඩ් වලින් සොලුෂන් දෙන එක .
    මේක සහතික ඇත්ත .
     
    • Like
    Reactions: Robinhood wage ekek

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    සිංහල්ලු දැන් දේශපාලනේ දැකල දැකල ඇති වෙලා.. පොඩ්ඩක් වරෙල්ල Ai ගැන කතා කරන්න..
    මං ඉන්නෙ Advertising, Content Creation සයිඩ් එකේ.. මේ පහුගිය අවුරුද්දට මං ChatGPT, Elevenlabs විතරක් පාවිච්චි කරල සෑහෙන වැඩ ටිකක් ලේසියෙන් කරගත්ත.. ඉස්සර කරන්න එච්චර උනන්දුවක් තිබ්බෙ නැති ඒව පවා..

    ChatGPT හින්ද මට තේරුන එක negative effect එකක් තමයි.. ඉස්සර මට මොකක් හරි වැඩක් ආවම, ටිකක් ඉඳගෙන අයිඩියාස් කල්පනා කරනව.. හීනියට හරි පොඩි Brain storming පාරක් යනව.. දැන් ඒක ටික ටික අඩු වෙනව.. ඕන ප්‍රශ්නයක් ආවොත් ගොඩක් වෙලාවල් ඇවිල්ල තියෙනව නිකං ChatGPT එකේ ගහල බලනව ඌ මොනාද දෙන අයිඩියාස් කියල.. මට මේකෙන් තේරුණ දෙයක් තමයි මගේ ක්‍රියේටිවිටි කියන එක සීමා වේගෙන එනව උගේ අදහස් වලට.. උඹල මොකද හිතන්නෙ මේ ගැන ?

    අනික් එක මට තේරුණ දෙයක් තමයි ඉස්සරහට IT සෙක්ටර් එකේ ඉස්සරහට යන උන්ට AI දැනුම තියෙනව නං හොඳ තැනක් තියෙනව වගේ..

    උඹල හිතන්නෙ ඉස්සරහට මේ සයිඩ් එකේ මොන වගේ දේවල් ඉගෙන ගන්න එකද හොඳ ? මොකද මට දැන් හිතෙනව මගේ දැනුම අප්ඩේට් වෙනව මදි.. ඉස්සරහට ඕක ප්‍රශ්නයක් වෙයි කියල..

    මොන වගේ AI සර්විසස් ද ඉස්සරහට වැඩිපුර කැපී පේන්න පුලුවන් ?
    කොහොමද මේ ෆීල්ඩ් එකේ අප්ඩේට් වෙවී ඉන්නේ ?
    Magenam creative idea lesiyenma karaganne ai valin thamayi .....
    Mama vadakarsnne computer ekata one vidiyta nemeyi
     
    • Like
    Reactions: Robinhood wage ekek

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    ai කියන්නෙ කෝමා එකක ඉන්න කෙනෙක්ගෙ සුපිරි මොලයක් උබ පාවිච්චි කරනවා වගේ වැඩක්. ඕකට තර්ක කරල වැඩක් නෑ.

    AuzMzHq.png

    එහෙම නැත්නම් මෙන්න මෙහෙම තියෙන සුපිරි මොලයක්. ඉතින් ඒකෙන් අපි වැඩ ගන්නයි තියෙන්නෙ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Digital Marketing වැඩවලට අමතරව, පුරුද්දක් විදිහට ChatGPT තව වැඩ කීපයකට දිනපතා පාවිච්චි කරනවා මචන්ලා.

    1) දැන් සැහෙන කාලෙක ඉදන් ChatGPT කරන නිසා ඌ මැන් ගැන ගොඩක් දේවල් දන්නවා. ඒක නිසා මම පොරගෙන් මට සෙට් වෙන Daily Advice එකක් ගන්නවා. හැමදාම උදේට "Hey what's your advice today?" කියලා අහන්න විතරයි තියෙන්නෙ. ඉස්සෙල්ලම උගෙන් "What do you know about myself now?" කියලා අහලා බලපන්. ඌ උබ ගැන දන්න දේවල් මදි වගේ නම් තව දේවල් add කරපන්.

    2) උබ ටිකක් ෆැෂන්වලට බර කෙනෙක් නම්, හොද කිටක් ඇන්ද වෙලාවට, ෆොටෝ දෙකක් අරන් ChatGPT එකට දාලා, "How is my look today?" කියලා අහලා බලපන්. පොඩි කික් එකක් එනවා. ;)

    pY7am3f.png

    3) උබලා කැමති, ප්‍රයෝජනවත් හෝ නොදන්න විෂයකට අදාල eBooks, articles වගේ දේවල් සෙට් එකක් add කරලා, දවස ගානේ ChatGPTගෙන් පොඩි ඇඩ්වයිස් එකක් හෝ ටිප් එකක් ගනින්. eBooks පනහක් හැටක් වුනත් add කරන්න පුලුවන්.

    fqAflq0.png
    අඩේ සුපිරි නේ..
    උබ මචන් හැමදාම එකම චැට් එකද continue කරන්නෙ ? ඒ කිව්වෙ අර tabs වගේ ඕපන් වෙන එක ? නැත්තන් උබ ඕපන් කරන හැම චැට් එකකම ඩේට ඌ මතක තියන් ඉන්නවද බං ? මං උගෙන් ඇහුවම , මං ගැන සාපේක්ශව විස්තර ටිකක් කිව්ව, හැබැයි ගොඩක් මගේ චැට්ස් ඌට මිස් වෙලා තිබ්බ