මේ ටිකේ හෙන අර්බුද සීන් එකක් යනවනේ.. ගොඩක් අය migration option එහෙම බලනවානේ... ඒකේ හොඳ නරක කෙසේ වෙතත් එහෙම කරන්න මට හිතෙන හැටියට තියෙන්නේ ක්‍රම දෙකයි.
අංක 2 අපිට උනන්දු උනොත් ගොඩ දාගන්න පුළුවන් දෙයක්.
මේ ඔවදන දැනට කැම්පස් ඇතුලේ ඉන්න ළමයින්ට..
~ ජය!
- සල්ලි බාගේ යහමින් තියෙන්න ඕනි කැමති රටකට student visa එකක් හරි දාලා පැනගන්න.
- Academic / Professional qualifications හොඳට හදාගෙන තියෙන්න ඕනි ලෝකේ ඕනෙම තැනක වැඩ කරන්න.
අංක 2 අපිට උනන්දු උනොත් ගොඩ දාගන්න පුළුවන් දෙයක්.
මේ ඔවදන දැනට කැම්පස් ඇතුලේ ඉන්න ළමයින්ට..
- හරියට ඉගෙන ගනින්!
- පිස්සු කෙලියට කමක් නෑ.. හැබැයි වැඩේ ගොඩ දාපං.
- ඔය ක්ලාස් වලින් වැඩක් නෑ වගේ කතා අම්බ පච! scholarship එකක් එහෙම apply කරන්න අදහසක් තියෙනවනම් ඒ ගැන ඇහැ ගහගෙන ඉඳපං!
- අනිවා self learning කරලා තමන් කරන subject වලින් practically වැඩක් ගන්න හැටි දැන ගනින්.
- Research publications එහෙම කරන්න පුළුවන් නම් කරපං!
- කරන project එහෙම වදෙන් පොරෙන් බේරෙන්න නැතිව හරියට කරපං.
- Hackathon එහෙම ගිහිං වැඩ චුට්ටක් තෙම්පරාදු වෙයන්.
- හොඳ Network එකක් හදාගනින්.
- හරිහමං Mentor කෙනෙක් හොයාගනින්.
- 4 year degree එකක් කරන්න පුළුවන් නම් අවුරුද්දක් ගැන හිතලා කම්මැලි වෙන්නේ නැතිව ඇදලා දාපං. අර scholarship සීන් වලට එහෙම මාර වැදගත්.
- පස්සේ කාලෙක හිත හිතා තැවෙන්නේ නැති වෙන්න වැඩ කරපං!
- ඒත් එක්ක පුළුවන් නම් තව දෙන්නෙක් තුන්දෙනෙක් ගොඩ දාපං.
~ ජය!