සුපිරි පන්තියේ ආහාරයක් නොවූවද තෙලට, කිරට, මිරිසට පිස ගත් විට අළුකෙසෙල් වෑංජනය හොඳ රසවත්. ගුණය ඊටත් වැඩිය. මදය විතරක් ගෙන ඉවත දමන අළුකෙසෙල් ලෙල්ලත් එහෙමය. තෙලට පිසගත්තම දිවට හොඳ කටගැස්මක් වූ අළුකෙසෙල් ලෙල්ල සම්බෝලයටත් හොඳ අපූරුයි. කාන්තාවන්ගේ උදර ආබාධවලට සහනය දෙන අර්ශස්වලට ගුණ ගෙන දෙන අළුකෙසෙල් ලෙලි විටමින් බහුල ලෝහ, ලවණ සහ කෙඳි සහිත ආහාරයකි.
මේ සඳහා අවශ්‍ය දේ :
සාදා ගනිමු :
පළමුව අළුකෙසෙල් පොතු සෝදා පිරිසුදු කර තම්බා පසුව සිහින්ව ලියා ගන්න. එයට පසුව පොල්, සුදුලූනු, අමු මිරිස්, කරපිංචා හොඳින් අඹරා ගන්න. අනතුරුව රතුලූනු, අබ, උම්බලකඩ සියල්ල බඳුනකට දමා දෙහි යුෂ සහ ලුණු මිශ්‍රකර අඹරා ගත් දෑ සමඟ හොඳින් මිශ්‍රකර අනා ගන්න. අවසානයේ තම්බා ලියාගත් අළුකෙසෙල් ලෙලිද එයටම එක්කර මිශ්‍ර කරගන්න.
මේ සඳහා අවශ්‍ය දේ :
- අළුකෙසෙල් ලෙලි - ග්‍රෑම් 200
- රතුලූනු (ලියා ගත්) - ග්‍රෑම් 30
- අබ (අඹරා ගත්) - තේ හැඳි 01යි
- පොල් (බැද ගත්) - ග්‍රෑම් 25
- කරපිංචා කොළ (ලියා ගත්) තේ හැඳි 01
- සුදු ලූනු (ලියා ගත්) - තේ හැඳි 01
- උම්බලකඩ කුඩු - තේ හැඳි 01
- දෙහි යුෂ - තේ හැඳි 02
- ලුණු - තේ හැඳි 1/2
- අමුමිරිස් කරල් (ලියාගත්) - තේ හැඳි 03