මේවාට ගොඩාක් එවුන්ට රිදෙනවා. මොකද ඒ රිදෙන උන් දන්නවා උනුත් දූෂිතයෝ කියලා. මමත් විශ්වාස කරනවා වෙනසක් ඕනේ කියලා. ඒත් ඒ මේ වගේ වෙනසක් නොවෙයි. ගොඩාක් එවුන් හිතාගෙන ඉන්නේ ජාතික ආරක්ෂාව කියන්නේ ආරක්ෂක හමුදාව විතරක් කියලා. ඊටත් ඉහලින් තීන්දු තීරණ ගන්න පිරිසක් ඉන්නවා කියලා මුන් දන්නේ නෑ. තමන්ට අඩුවට කන්න ලැබෙනවානම්, වාහනයක් අරගෙන, එහෙමත් නැත්නම් හවසට පාටියක් දාලා ආතල් එකේ ඉන්න ඕනේ කියන එක විතරයි මේ පිරිස දන්නේ. ලෝක දේශපාලනය ගැන මෙලෝ දෙයක් මුන් දන්නේ නෑ. හැබැයි ඒ සියල්ල ගැන ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයෙක් මොනවාහරි කිවුවොත් මුන් බූමිතෙල් ගෑවුන ගැරඩි වගේ දගලනවා. (නලින් ද සිල්වා කියන නමටත් මුන් මාර බයයි.)මොකද තමන්නේ තියෙන ආතල් එක නැති වෙයි කියලා.
අනිවා මචන්...නලින් ද සිල්වා කියන නම දැක්කම වෙවුලන කට්ටියක් ඉන්නවා... මොකද ඒ තර්ක වලට උත්තර දෙන්න ගියොත්, තමන් දාගෙන ඉන්න කොළ පාට කණ්නාඩිය ගලවන්න වෙන නිසා... ඒ කණ්නාඩිය ගලවනටව වඩා රටට හෙණ ගහන එක ඒ මිනිස්සුන්ට සැපයි... අනික මට හිතා ගන්න බැරි, සිංහල ජාතිය ගැන කතා කරන මිනිහෙක් ගැන සිංහල උන්ටම රිදෙන්නේ ඇයි කියල? එක්කෝ නමට සිංහල උනාට කොහේ හරි upset කොනක් ඇති, සිංහලකම ගැන කතා කරන කොට රත් වෙන... එහෙම නැත්නම් ඉතින් අර කන්නාඩි ප්‍රශ්නේ තමයි...








