අරුගම්බේ topless ගිහින් තියෙන්නේ පිරිමියෙක්. එතකොට උසාවි නියෝගය...

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    උඩුකය නිරුවතින්
    ආරුගම්බේ ඇවිද්දේ
    පිරිමියෙක්..?

    උඩුකය නිරුවතින් ප්‍රසිද්ධියේ ගමන් කිරීම සම්බන්ධයෙන්, පොතු-විල් මහේස්ත්‍රාත් අධිකරණය, මෙරටට පැමිණ සිටි තායිලන්ත ජාතිකයෙකුට එරෙහිව අත්හිටවූ සිරදඩුවමක් නියම කළේ ය.

    අධිකරණය මෙම තීන්දුව ලබා දී තිබෙන්නේ අදාල සංචාරකයා කාන්තාවක් ලෙස හදුනා ගනිමිනි.

    නමුත්, මෙම සංචාරකයාගේ ලිංගික අනන්‍යතාවය පිළිබදව මේ වන විට ගැටළුවක් මතුව තිබේ.

    “ඔහුගේ” ගුවන් ගමන් බලපත්‍රයට අනුව “ඔහු” “පුරුෂයෙකු” ලෙස පෙනී සිටින අයෙකි.

    එසේනම්, අධිකරණය විසින් ඔහුට ලබා දී තිබෙන අත්හිටවූ සිරදඩුවම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නගින බව පෙනී යයි.

    හේතුව, ලංකාව තුළ උඩුකය නිරුවතින් සිටීමේ තහනමක් පිරිමින්ට නොමැති වීමයි.

    මෙම සංචාරකයාගේ ලිංගික අනන්‍යතාවය කුමක්ද යන්න පැහැදිලි නැතත්, පිරිමි අනන්‍යතාවයෙන් පෙනී සිටින සංක්‍රාන්ති ලිංගිකයන් සිටින අතර, එම පිරිස ට්‍රාන්ස්ජෙන්ඩර් මෑන් හෝ ට්‍රාන්ස් මෑන් ලෙස හදුන්වයි.

    නැතිනම් ඔවුන් ෆීමේල් ටු මේල් ලෙස හෝ සරළව පිරිමි ලෙස හදුන්වයි.


     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    '
    මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව සම්බන්ධ අපැහැදිලි ප්‍රදේශයක් ඉස්මතු කර තිබේ. වර්තමාන ශ්‍රී ලංකා නීතිය ස්ත්‍රී පුරුෂ ද්විමය මූලධර්මය පදනම් කරගෙන ක්‍රියාත්මක වන අතර වෙනත් ස්ත්‍රී පුරුෂ අනන්‍යතා පිළිගැනීමේ නීතිමය රාමුවක් නොමැත.

    සමාජ මාධ්‍ය හරහා මෙම තීන්දුව සම්බන්ධයෙන් විවේචන මතුවී තිබේ.
    විශේෂයෙන්ම අධිකරණය විසින් මෙම පුද්ගලයාගේ ස්ත්‍රී පුරුෂ භාවය තීරණය කරමින් ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ප්‍රශ්න අසනු ලැබී තිබේ. නිල ගමන් ලියවිල්ලේ සඳහන් තොරතුරු සහ අධිකරණ තීරණය අතර ඇති පරස්පරතාවය ගැන අවධානය යොමුවී තිබේ.

    නීති විශේෂඥයින් මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය සම්බන්ධයෙන් පැහැදිලි නීති රාමුවක අවශ්‍යතාවය පෙන්නුම් කරන බව අදහස් දක්වයි. අධිකරණය විසින් කුමන සාධක මත මෙම තීරණය ගත්තේ ද යන්න පැහැදිලි කිරීම අවශ්‍ය බවද ඔවුන් පවසයි.'



    මටත් තියෙන ප්‍රශ්නය මේක. සටහන.උපුටාගැනීමක්.

    උඩු කය නිරාවරණය කරමින් " අශෝභන ලෙස " ගමන් කලාය කියන මෙම තායි සංචාරකයා " පිරිමියෙක් " ලෙසයි ඔහුගේ ගමන් බලපත්‍රයේ සඳහන් වන්නේ ..

    ලංකාවේ 3rd gender එකක් පිලිනොගන්නා රටක් හැටියට නෙයිතිකව ඇත්තේ ගැහැනු හෝ පිරිමි පමණි .
    මෙතන ඇත්තේ " ඔහුගේ " පියයුරු , ( සැත්කමකින් විය හැක ) පොඩ්ඩක් ලොකු වීම පමනි.

    නිකං මට මෙවෙලේ ඔලුවට එන උදාහරණයක් ගත්තොත් ඔය චාමර සම්පත් මන්ත්‍රීතුමා ෂර්ට් එකක් නැතුව ගියොත් මිල්ක් බෝඩ් එකක් වැනි අලි තන් දෙකක් එල්ලෙනු දැකීම නොඅනුමානය ..

    වර්තමාන ජනාධිපතිතුමාටද හිරට අදින නිසා ඔහුටද bra එකක් ඇදිය යුතු තරමේ ගැට සයිස් තන් දෙකක් දැකිය හැක ..

    මෙතන මේ පොතුවිල් මහේස්ත්‍රාත් ඒ.එල්.එම්. හිල්මි, තායි සංචාරකයෙකු තම පපුව ආවරණය නොකිරීම සම්බන්ධයෙන් 'අශෝභන ලෙස නිරාවරණය වීම' සම්බන්ධයෙන් වරදකරු කිරීමෙන් නීතිමය පූර්වාදර්ශයක් සකසා ඇති බව පෙනේ -

    විදේශ ගමන් බලපත්‍රයේ 'පිරිමි' යනුවෙන් සඳහන් වන විට දී මහේස්ත්‍රාත් හිල්මි මෙසේ තීරණය කළේ කෙසේද?

    - පිංතූර ගත්තේ රංග ශ්‍රීලාල් ගෙන්
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    Stray Kids Confuse GIF


    ඔකනෙ අපි කොරියන් ඩ්‍රාම වැඩිය බලන්නෙ නැත්තෙ. කොල්ලො කෙල්ලො වෙන් කරන්නත් බෑ. නලු නිලියො වෙන් කරන්නත් බෑ. පව් අපේ පොලිසීයෙ උන්
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    753
    759
    93
    වර්තමාන ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න සිදු කරපු කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියලත් කිව්ව නේද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ? ෂුවර් එකට gender එක මාරු කරල තියෙන්නෙ NPP ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න 😂😂😂😂
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,003
    113
    වර්තමාන ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න සිදු කරපු කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියලත් කිව්ව නේද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ? ෂුවර් එකට gender එක මාරු කරල තියෙන්නෙ NPP ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න 😂😂😂😂
    සිරාවට බන් :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    සීයවත් හිටියනම් ගාණට මිම්මට ගෑණු පිරිමි බව ඉවෙන්ම ඔප්පු කොරයි...
    පොඩි තට්ටුවක් එහෙම දාලා

    කිරියෙ උන් අතමරලා තියෙන්නේ කොල්ලෙක් දිහා බලාගෙන 🤣
    තනෙත් විකුන්න එකෙක් 5000/= ගානෙ
    ------ Post added on Jul 17, 2025 at 6:44 PM
     
    • Haha
    Reactions: Matsola