අරුණ, එළකිරිය හා ලංකාව

අරුණ, එළකිරිය හා ලංකාව

මේ දවස් වල එළකිරිය පැත්තේ අරුණයා හා එයාගේ හම්බ විරෝධී (අරුණ ගේ වචන වලින්ම කිව්වොත්) වැඩපිළිවෙල ගැන සෑහෙන කසුකුසුවක් තියෙන හින්දා මෙහෙම කියන්න හිතුවා.

මම පිළිගන්නවා මේ දවස් වල එළකිරියට එන එක මෙලෝ රහක් නැති වැඩක්. ආපු ගමන් ෆෝරම් එකේ තියෙන්නේ කුණු හරුප පද වැල් එක්ක එන මුස්ලිම් විරෝධී රැල්ල. ඒකේ මුල් තැනක් ගන්න පොර තමයි අරුණයා. ඌට ඒකට හෙන සපෝටර්ලා සෙට් එකකුත් ඉන්න විත්තිය හොඳාකාරවම පේනවා. ඒක අමු අප්පිරියා තත්වයටම පත්වෙලා තියෙනවා.

අරුණයා කිසිම අවුලක් නැතිව මේ විදිහට හැසිරෙද්දි මේ ෆෝරම් එකට ඇඩ්මින් කෙනෙක් හිටියද කියලත් හිතුනා. ෆෝරම් එකේ තත්වය ආරත්ෂා කරන එක එම පුද්ගලයා ගේ වගකීම. සාමාන්‍ය යෙන් මේ වගේ ෆෝරම් එකක කුණු හරුප භාවිතය, ජාති වාදය ඇවිස්සීම,ආගම් වාදය ඇවිස්සීම වගේ ඒවා තහනම් කරනවා. වෙනත් රට වල තියෙන මේ වගේ ෆෝරම් වල එහෙමයි.
ඒක ඒ ෆෝරම් වල පැවැත්මට වැදගත් වෙන හිනදා ත් වෙන වැඩක් ඇති දෙයක් කතා කරන්නත් වැදගත් වෙනවා. මේ ටික අපේ ඇඩ්මින් උන්නැහේ ට වැටහෙන්නැති එක අපේත් එළකිරියෙත් අවාසනාවක්.

ඒ වගේම මේක සිංහල භාෂාව පාවිච්චි කරන කාටත් අයිති තැනක්. මෙතන බෞද්ධ නොවන අය ඉන්න නිසා, ඒ ගොල්ලන්ටත් මේ ෆෝරම් එක පාවිච්චි කරන නිසා ජාති වාදය, ආගම් වාදය ඇවිස්සෙන් නැති විදිහට මේ ෆෝරම් එක තියා ගන්නවා නම් තමයි හොඳ.

අපි මෙතන එළකිරියේ රණ්ඩු කරද්දි අපිට මේ තැන අපිටත් රටටත් හොඳ විදිහට පාවිච්චි කරන්න තියෙන චාන්ස් එක මිස් වෙනවා. අපේ රටේ කොච්චර ප්‍රශ්න තියෙනවා ද? අපේ රටේ ලෝකේ අපිට බලපාන දේවල් කොච්චර තියෙනවා ද? කොච්චර දැනුම අපිට බෙදා හදා ගන්න පුළුවන් ද? අපේ රටේ දේශපාලනය ගැන කතා කරන්න, ආර්ථිකය ගැන, අපේ රටේ සිද්ධ විය යුතු වෙනස් කම් ගැන කතා කරන්න අපිට මේ ෆෝරම් එක කොච්චර නම් පාවිච්චි කරන්න පුළුවන් ද?

අනික අපි රටක් හැටියට කොච්චර නම් අභියෝග වලට මුහුණ දෙනවාද? අපි ඒවා ගැන කතා කරමු. මේ රටේ 20% ක් වකුගඩු රෝගීන් ලු. අපිට ඒ ගැන කතා කරලා අපිට පුළුවන් සේවයක් ඒ අයට ලබා දෙන්න බලමු. අපිට තියෙන යූ.එන් එකේ එන බලපෑම්, ඒ කට මොනවාද කරන්න ඕනි, අපේ රටේ යුද්ධය ගැන, ඇයි අපිට එහෙම දේකට මූණ දෙන්න වුණේ කියන එක ගැන කතා කරමු.

අපිට පිටි පස්සේ හිටපු කොරියාව අපිව පහු කරලා, අපි අද ඉන්දියාවට හිනා වෙනවා. තව ටික දවසකින් උන් අපිව පහු කරලා. අන්තිමට අප්‍රිකාවත් දියුණු වෙලා, ආසියාවේ අප්‍රිකාව වෙන්නද ඕනි?

අපේ එවුන් 90% සාක්ෂරතාව කියලා කිව්වට අපේ රටේ වැඩි හරියක් ඉන්නේ අමු ගොන්නු බං. දේශපාලනයක් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. දන්න මෙලෝ රෙද්දක් නෑ හරියකට.

මෙතෙන්දි තමයි අපි ලෝකේ පරදින්නේ. දේශානුරාගය කියන්නේ PROUD to BE SLn කියලා හැම තැනම කියන එන වත් ක්‍රිකට් මැච් එකක් වෙලාවේ කොඩිය උස්සන් උඩ පනින එකත් නෙමෙයි. එතනට ඊට වඩා කැපවීම, අවබෝධයක් තමන් ගේ රට ගැන රටේ මිනිස්සු ගැන ආදරයක් තියෙන්න ඕනි.
ඒ වගේ දේකට කොච්චර නම් මේ ෆෝරම් එක පාවිච්චි කරන්න පුළුවන් ද?
 
Last edited:
  • Like
Reactions: GuneBhai and erozan

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඕගොල්ලන්ගේ ෆීඩ් බැක් එකක් තියේ නම් හොඳයි. ලංකාවේ issues, current affairs ගැන කතා කරන්න අපිට මේ ෆෝරම් එකෙන් වැඩක් ගන්න බැරිද?

    පුලුවන් මචන්... open forum එකේ ඕන දෙයක් ගැන කතා කරන්න පුලුවන්.. :)
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    :yes:
    11.gif
    :yes:

    This is Sinhalese Majority Forum.. So what good of talking about other religion's bullshits and its useless :yes:.. if you have real guts, find some people and go tho the Fort railway station and protest against islam,
    11.gif
    that would be really helpful to spread hatered against Islam otherwise shouting in a online community is totaly waste.:angry:

    If you love your religion talk about your religion that would be very helpful for others and other religion people's also and they would know about your religion :yes::cool:

    I think this person wants to be a "pora" in a community like this doing such gonparts to attract community members to him :lol:
     
    Last edited:
    පුලුවන් මචන්... open forum එකේ ඕන දෙයක් ගැන කතා කරන්න පුලුවන්.. :)

    ඔව් මචං open forum එකක ඕනම දෙයක් කතා කරන්න පුළුවන්. ඒකත් ප්‍රශ්නයක් තමයි.
    දැං බලන්න මෙතන අපේ රටේ defence, current affairs, economy, UN stuff, LTTE වගේ මාතෘකාවල් ගැන ගොඩක් මත පළ වෙලා තියෙනවා. ඒත් ඉතිං හැම දෙයක් ම පල වෙන නිසා මේ වගේ මාතෘකා යට යනවා. එතකොට අළුතින් එන කෙනෙක්ට හරි ඒ ගැන දෙයක් දැන ගන්න හරි ඒ කට එකතු කරන්න හරි තියෙන චාන්ස් එක නැති වෙනවා.
    ඒ හින්දා එළකිරි යේ වෙනම සෙක්ෂන් එකක්ක තිබ්බොත් හොඳයි මේ වගේ ඒවා ගැන කතා කරන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    This is Sinhalese Majority Forum.. So what good of talking about other religion's bullshits and its useless ..

    This may be a Sinhala majority forum but not every Sinhalese practice Buddhism. So this should be open to everyone who’s mothertoungue is Sinhala. What is useless to you may be useful to another.

    if you have real guts, find some people and go tho the Fort railway station and protest against islam, that would be really helpful to spread hatered against Islam otherwise shouting in a online community is totaly waste.

    You have misunderstood me. I have actually pointed out the futility of shouting against Islam in a forum and asking the members here to put this into better use. Don’t you understand Sinhala?

    If you love your religion talk about your religion that would be very helpful for others and other religion people's also and they would know about your religion

    I haven’t talked about any religion here, actually I have questioned the constant bashing of other religions here. Actually I am asking you to talk about issues that are IMPORTANT to our country at the moment. Do any of you realize we as a country is in a dangerous situation now?

    I think this person wants to be a "pora" in a community like this doing such gonparts to attract community members to him

    I don’t need to be a Pora here, if I need there are far easier methods to do that in this forum. I just have to copy stuff from anti Islamic stuff and paste here.
    I just wanted to create a political consciousness and some sort of knowledge sharing on our current issues that is beneficial to everyone.
    We can debate, argue on a rational manner on Lankan issues and be more vigilant citizens. That was my intention. I thought there would be other people who would be interested in such topics, as I believe elakiri members come from different academic backgrounds.
    Racism, bashing other religions are the Last things I want here.
    Please read what I typed again.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කතාව හරි මචන් Start ඒකයි අවුල...
    1).අරුණ කරන දේ හරි වැ‍රැද්ද කරන දේ වෙලාව මත වෙනස් වෙනවා.හොඳයි කියන ගොඩකුත් හොඳ නැතැයි කියන පිරිසකුත් ඉන්නවා.අරුණව බෑන් කලා කියලා කිසි වෙනසක් වෙන්නේ නෑ..(මොකද ඔය දේ ඉදිරියට ගෙනියන්න අර හොඳයි කියන වගේම නරකයි අරුණ එපා කියන දෙගොල්ලොම උත්සාහ කරනවා..):P:P
    2).ඇඩ්මින් ගැන නොදනී.
    3).ඇත්ත කොච්චර නම් දේවල්තියෙනවද..කොච්චර නම් දේවල් ලියලා තියෙනවද..දවසකට ඔය නරකයි කියන ත්‍රෙඩ් වගේම ඔය කියන වගේ..දැනුම අලුත් දේවල් සම්බන්ධයෙන් දැනුවත් වෙන ත්‍රෙඩ් ඉස්සර තරම් නැති උනත් එක දෙක් වැටෙනවා..ඒවා වැටිලා පැයක් දෙකක් යන්න කලින් තිබ්බ දිහාවක් වත් නෑ හොයා ගන්න..වරද කාගෙද...:oo:
    4).රටක දේශපාලනය කතා කරයුතු දෙයක්.අපේ රටේ කතා නොකල යුතු දෙයක්..මොකද ඇතුලේ එකෙක්ටවත් බෑ ඕක නිර්වචනය කර ගන්න..මම දන්න විදියට දැන් අර්ථ දැක්වීම තියෙන්නේ..(හැකිතාක් කඩා ගනු..බිඳක් වත් අපේ නොයනු..)
    5).අපේ රට දියුණු වෙයි රටේ උන්ව මකවලා ගත්ත දවසකට..අපි තව පැයක්
    රට වෙනුවෙන් වැඩ කරමුද කියුවොත් අපේ උන් කරයි ද..රට ගැන ලොවෙත් තැකීමක් නෑ ..තැකීමක් තියෙනවද කියන එක බලා ගන්න තියෙන හොඳම දර්ශකය තමා පොදු දේපල.:nerd::nerd:
    6)අර කතාවත් ඇත්ත කොරියාවට අපට වඩා සංවර්ධන දර්ශකයෙ පස්සෙන් හිටියේ..2000 වෙනකනුත් අපි ඉස්සරහින් හිටියේ..(ඒ වෙද්දිත් රටේ යුද්ධෙ නම් තිබ්බා...) අවු 10ක් ඇතුලත අපි හිටිය තැන හිටියනම් මැලේසියාව තියෙන ගානටවත් ඉන්න ඕන..
    අවු.10කදී ඒ රටවල් ඉස්සරහට යනකොට අපි අවුරුදු 4ක් විතර පස්සට ගිහින් තියෙනවා හිටි තැනින්..
    අද හෙටම ඉන්දුනීසියාවත් ලංකාව ඉස්සර කරනවා. ඉන්දියාවට නම් ටිකක් අමාරු වෙයි. සංවර්ධන දර්ශකය ගත්තම දියුණුව හැම අතින්ම එක මට්ටමකින් තියා ගත්තොත් තමා රට ඉහලට යන්නේ..මහා මාර්ග වල සංවර්ධනය රටකට වැදගත්..ඒත් අපේ රටට මෙච්චර වාහන ඕන ද?මේ වාහන මොකටද..කෝ පොදු ප්‍රවාහනය.ඇයි ඒවගේ මිනිස්සු නොයන්නේ..ඕවා තමා ප්‍රශ්න..
    7)කොහොමත් කම්පියුටරේ ඉස්සරහ ඉඳන් කතා කරලා වැඩක්ම නෑ..එලියට බහින්නේ නැතිව..අඩුව ගානේ එළකිරියේ ඉන්න ඔය ලක්ෂ ගානකගෙන් 5,000 ක් වත් එකා වගේ හිතලා වැඩ කලොත් ඒ 5,000 ම මලත් රට ගොඩ යනවා.

    ඒ වෙනුවෙන් උත්සාහ කරන උන් ඕන තරම් ඉන්නවා නැඟිටින එකාට පයින් ගහන උන් අතරේ ඉඳලා හිටල අත දෙන එකා ගේ අතින් ඇදලා ඌව බිම දාලා උගේ කර පිටින් නොයන සමාජයක් හැදුන දාකට මේ රටට හරි යයි..

    නැවත රිප්ලයි නොකරමි..
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    This may be a Sinhala majority forum but not every Sinhalese practice Buddhism. So this should be open to everyone who’s mothertoungue is Sinhala. What is useless to you may be useful to another.

    You have misunderstood me. I have actually pointed out the futility of shouting against Islam in a forum and asking the members here to put this into better use. Don’t you understand Sinhala?

    I haven’t talked about any religion here, actually I have questioned the constant bashing of other religions here. Actually I am asking you to talk about issues that are IMPORTANT to our country at the moment. Do any of you realize we as a country is in a dangerous situation now?

    I don’t need to be a Pora here, if I need there are far easier methods to do that in this forum. I just have to copy stuff from anti Islamic stuff and paste here.
    I just wanted to create a political consciousness and some sort of knowledge sharing on our current issues that is beneficial to everyone.
    We can debate, argue on a rational manner on Lankan issues and be more vigilant citizens. That was my intention. I thought there would be other people who would be interested in such topics, as I believe elakiri members come from different academic backgrounds.
    Racism, bashing other religions are the Last things I want here.
    Please read what I typed again.

    :lol::lol::lol: i talked about aruna
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    This may be a Sinhala majority forum but not every Sinhalese practice Buddhism. So this should be open to everyone who’s mothertoungue is Sinhala. What is useless to you may be useful to another.

    what i mentioned there was insulting non sinhala people in sinhala majority form is useless. instead of that it is better talk about their own religion

    I haven’t talked about any religion here, actually I have questioned the constant bashing of other religions here. Actually I am asking you to talk about issues that are IMPORTANT to our country at the moment. Do any of you realize we as a country is in a dangerous situation now?

    but aruna's target is Islam that is why i mentioned islam

    I don’t need to be a Pora here, if I need there are far easier methods to do that in this forum. I just have to copy stuff from anti Islamic stuff and paste here.
    I just wanted to create a political consciousness and some sort of knowledge sharing on our current issues that is beneficial to everyone.
    We can debate, argue on a rational manner on Lankan issues and be more vigilant citizens. That was my intention. I thought there would be other people who would be interested in such topics, as I believe elakiri members come from different academic backgrounds.
    Racism, bashing other religions are the Last things I want here.
    Please read what I typed again.

    I referred "this person" as aruna
     
    කතාව හරි මචන් Start ඒකයි අවුල...
    1).අරුණ කරන දේ හරි වැ‍රැද්ද කරන දේ වෙලාව මත වෙනස් වෙනවා.හොඳයි කියන ගොඩකුත් හොඳ නැතැයි කියන පිරිසකුත් ඉන්නවා.අරුණව බෑන් කලා කියලා කිසි වෙනසක් වෙන්නේ නෑ..(මොකද ඔය දේ ඉදිරියට ගෙනියන්න අර හොඳයි කියන වගේම නරකයි අරුණ එපා කියන දෙගොල්ලොම උත්සාහ කරනවා..):P:P
    2).ඇඩ්මින් ගැන නොදනී.
    3).ඇත්ත කොච්චර නම් දේවල්තියෙනවද..කොච්චර නම් දේවල් ලියලා තියෙනවද..දවසකට ඔය නරකයි කියන ත්‍රෙඩ් වගේම ඔය කියන වගේ..දැනුම අලුත් දේවල් සම්බන්ධයෙන් දැනුවත් වෙන ත්‍රෙඩ් ඉස්සර තරම් නැති උනත් එක දෙක් වැටෙනවා..ඒවා වැටිලා පැයක් දෙකක් යන්න කලින් තිබ්බ දිහාවක් වත් නෑ හොයා ගන්න..වරද කාගෙද...:oo:
    4).රටක දේශපාලනය කතා කරයුතු දෙයක්.අපේ රටේ කතා නොකල යුතු දෙයක්..මොකද ඇතුලේ එකෙක්ටවත් බෑ ඕක නිර්වචනය කර ගන්න..මම දන්න විදියට දැන් අර්ථ දැක්වීම තියෙන්නේ..(හැකිතාක් කඩා ගනු..බිඳක් වත් අපේ නොයනු..)
    5).අපේ රට දියුණු වෙයි රටේ උන්ව මකවලා ගත්ත දවසකට..අපි තව පැයක් රට වෙනුවෙන් වැඩ කරමුද කියුවොත් අපේ උන් කරයි ද..රට ගැන ලොවෙත් තැකීමක් නෑ ..තැකීමක් තියෙනවද කියන එක බලා ගන්න තියෙන හොඳම දර්ශකය තමා පොදු දේපල.:nerd::nerd:
    6)අර කතාවත් ඇත්ත කොරියාවට අපට වඩා සංවර්ධන දර්ශකයෙ පස්සෙන් හිටියේ..2000 වෙනකනුත් අපි ඉස්සරහින් හිටියේ..(ඒ වෙද්දිත් රටේ යුද්ධෙ නම් තිබ්බා...) අවු 10ක් ඇතුලත අපි හිටිය තැන හිටියනම් මැලේසියාව තියෙන ගානටවත් ඉන්න ඕන..
    අවු.10කදී ඒ රටවල් ඉස්සරහට යනකොට අපි අවුරුදු 4ක් විතර පස්සට ගිහින් තියෙනවා හිටි තැනින්..
    අද හෙටම ඉන්දුනීසියාවත් ලංකාව ඉස්සර කරනවා. ඉන්දියාවට නම් ටිකක් අමාරු වෙයි. සංවර්ධන දර්ශකය ගත්තම දියුණුව හැම අතින්ම එක මට්ටමකින් තියා ගත්තොත් තමා රට ඉහලට යන්නේ..මහා මාර්ග වල සංවර්ධනය රටකට වැදගත්..ඒත් අපේ රටට මෙච්චර වාහන ඕන ද?මේ වාහන මොකටද..කෝ පොදු ප්‍රවාහනය.ඇයි ඒවගේ මිනිස්සු නොයන්නේ..ඕවා තමා ප්‍රශ්න..
    7)කොහොමත් කම්පියුටරේ ඉස්සරහ ඉඳන් කතා කරලා වැඩක්ම නෑ..එලියට බහින්නේ නැතිව..අඩුව ගානේ එළකිරියේ ඉන්න ඔය ලක්ෂ ගානකගෙන් 5,000 ක් වත් එකා වගේ හිතලා වැඩ කලොත් ඒ 5,000 ම මලත් රට ගොඩ යනවා.

    ඒ වෙනුවෙන් උත්සාහ කරන උන් ඕන තරම් ඉන්නවා නැඟිටින එකාට පයින් ගහන උන් අතරේ ඉඳලා හිටල අත දෙන එකා ගේ අතින් ඇදලා ඌව බිම දාලා උගේ කර පිටින් නොයන සමාජයක් හැදුන දාකට මේ රටට හරි යයි..

    නැවත රිප්ලයි නොකරමි..

    PESSIMISM at BEST

    උඹ දන්නවා ද කොරියාව, ඉන්දියාව නැග්ගේ කොහොමද කියලා? ඒකේ මිනිස්සු මුන් එක්ක හරියන්නේ නෑ කියලා හොටු හූර හූර අඬ අඬ හිටියේ නෑ. වැඩක් කරා...........
    අඳුරට බැණ බැණ ඉන්න වෙලාවේ එක පහනක් වත් පත්තු කරන්න ඕනි. අපේ රටේ හය කියන තරම්ම නරක ප්‍රශ්න නැහැ. හැබැයි දැන් රට තියෙන්නේ තීරණාත්මක මොහොතක! ඒ වෙලාවේ වත් අපි දැනුමින් සන්නදද විය වුතුයි.

    මම කියන්නේ නෑ අපි පාරට බහින්න ඕනි කියලා. ආණ්ඩුව පෙරලන්න මම කියන්නේ නෑ. ඒක අවශ්‍යත් නෑ. අපි රටේ මිනිස්සු හැටියට මේ දේවල් ගැන දැනුවත් වෙන්න ඕනි.
    දැනුවත් කම නැතිවීම --------වැරදි තිරණ වලට ඒමට හේතු වේ.

    උඹ මැලේසියාව ගැන කිව්ව නිසා කියන්නේ,
    ලංකාවේ ආයෝජනය කරලා කර්මාන්තශාලා පිහිටුවන්න හිටියා ජපාන සමාගම් 5ක්. (සෝනි වගේ) සේරම ලෑස්ති කරලා අත්සන් කරන්න විතරයි තිබ්බේ.
    ඒක ආවා නම් ලංකාව කොච්චර ඉස්සරහට යනවාද?
    1983 දී ආවා කළු ජූලිය..............වෙන්න යන දේ ඉවෙන් තේරුම් ගත්ත ජපනා යන්න ගියා.
    ඒ කාලේ මහතීර් මොහොමඩ් හිටියා මැලේසියාවේ....ඒ චාන්ස් එක උන් ගත්තා.
    දැන් කොහොමද මැලේසියාවයි ලංකාවයි!
    එදා කළු ජූලිය වලක්වා ගත්තා නම් මේක වෙන්නේ නෑ නේද?
    දැනුවත් සමාජයක මේ දේ වෙන්නේ නෑ නේද?
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කතාව හරි මචන් Start ඒකයි අවුල...
    1).අරුණ කරන දේ හරි වැ‍රැද්ද කරන දේ වෙලාව මත වෙනස් වෙනවා.හොඳයි කියන ගොඩකුත් හොඳ නැතැයි කියන පිරිසකුත් ඉන්නවා.අරුණව බෑන් කලා කියලා කිසි වෙනසක් වෙන්නේ නෑ..(මොකද ඔය දේ ඉදිරියට ගෙනියන්න අර හොඳයි කියන වගේම නරකයි අරුණ එපා කියන දෙගොල්ලොම උත්සාහ කරනවා..):P:P
    2).ඇඩ්මින් ගැන නොදනී.
    3).ඇත්ත කොච්චර නම් දේවල්තියෙනවද..කොච්චර නම් දේවල් ලියලා තියෙනවද..දවසකට ඔය නරකයි කියන ත්‍රෙඩ් වගේම ඔය කියන වගේ..දැනුම අලුත් දේවල් සම්බන්ධයෙන් දැනුවත් වෙන ත්‍රෙඩ් ඉස්සර තරම් නැති උනත් එක දෙක් වැටෙනවා..ඒවා වැටිලා පැයක් දෙකක් යන්න කලින් තිබ්බ දිහාවක් වත් නෑ හොයා ගන්න..වරද කාගෙද...:oo:
    4).රටක දේශපාලනය කතා කරයුතු දෙයක්.අපේ රටේ කතා නොකල යුතු දෙයක්..මොකද ඇතුලේ එකෙක්ටවත් බෑ ඕක නිර්වචනය කර ගන්න..මම දන්න විදියට දැන් අර්ථ දැක්වීම තියෙන්නේ..(හැකිතාක් කඩා ගනු..බිඳක් වත් අපේ නොයනු..)
    5).අපේ රට දියුණු වෙයි රටේ උන්ව මකවලා ගත්ත දවසකට..අපි තව පැයක්
    රට වෙනුවෙන් වැඩ කරමුද කියුවොත් අපේ උන් කරයි ද..රට ගැන ලොවෙත් තැකීමක් නෑ ..තැකීමක් තියෙනවද කියන එක බලා ගන්න තියෙන හොඳම දර්ශකය තමා පොදු දේපල.:nerd::nerd:
    6)අර කතාවත් ඇත්ත කොරියාවට අපට වඩා සංවර්ධන දර්ශකයෙ පස්සෙන් හිටියේ..2000 වෙනකනුත් අපි ඉස්සරහින් හිටියේ..(ඒ වෙද්දිත් රටේ යුද්ධෙ නම් තිබ්බා...) අවු 10ක් ඇතුලත අපි හිටිය තැන හිටියනම් මැලේසියාව තියෙන ගානටවත් ඉන්න ඕන..
    අවු.10කදී ඒ රටවල් ඉස්සරහට යනකොට අපි අවුරුදු 4ක් විතර පස්සට ගිහින් තියෙනවා හිටි තැනින්..
    අද හෙටම ඉන්දුනීසියාවත් ලංකාව ඉස්සර කරනවා. ඉන්දියාවට නම් ටිකක් අමාරු වෙයි. සංවර්ධන දර්ශකය ගත්තම දියුණුව හැම අතින්ම එක මට්ටමකින් තියා ගත්තොත් තමා රට ඉහලට යන්නේ..මහා මාර්ග වල සංවර්ධනය රටකට වැදගත්..ඒත් අපේ රටට මෙච්චර වාහන ඕන ද?මේ වාහන මොකටද..කෝ පොදු ප්‍රවාහනය.ඇයි ඒවගේ මිනිස්සු නොයන්නේ..ඕවා තමා ප්‍රශ්න..
    7)කොහොමත් කම්පියුටරේ ඉස්සරහ ඉඳන් කතා කරලා වැඩක්ම නෑ..එලියට බහින්නේ නැතිව..අඩුව ගානේ එළකිරියේ ඉන්න ඔය ලක්ෂ ගානකගෙන් 5,000 ක් වත් එකා වගේ හිතලා වැඩ කලොත් ඒ 5,000 ම මලත් රට ගොඩ යනවා.

    ඒ වෙනුවෙන් උත්සාහ කරන උන් ඕන තරම් ඉන්නවා නැඟිටින එකාට පයින් ගහන උන් අතරේ ඉඳලා හිටල අත දෙන එකා ගේ අතින් ඇදලා ඌව බිම දාලා උගේ කර පිටින් නොයන සමාජයක් හැදුන දාකට මේ රටට හරි යයි..

    නැවත රිප්ලයි නොකරමි..

    උබලා වගෙ එලකිරියට ආදරය කරන උන්ට තැනක් දෙන්න තම්යි බන් අපි පන්නන්න හදන්නෙ ඔය අරුණලාව:) ඉස්සර මිගා අයියලා මොන තරම් හොද ත්‍රෙඩ් දැම්මාද අනිකා කුල් ලයිෆ් අයියා තව ගොඩාක් හිටියා මචන් මෙකට කුනුහරප ගොඩාක්රියක් ඇවිල්ලා එ ඔක්කොම විනාශ උනා:( මෙක පරණ තත්වෙට ගමු මචන්ලා:) පුලුවන් තරම් හොද ත්‍රෙඩ් වලට බම්ප් කරලා හරි සප් එක දෙමු උන්ව දිරිමත් කරමු :)
     
    • Like
    Reactions: GuneBhai

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබලා වගෙ එලකිරියට ආදරය කරන උන්ට තැනක් දෙන්න තම්යි බන් අපි පන්නන්න හදන්නෙ ඔය අරුණලාව:) ඉස්සර මිගා අයියලා මොන තරම් හොද ත්‍රෙඩ් දැම්මාද අනිකා කුල් ලයිෆ් අයියා තව ගොඩාක් හිටියා මචන් මෙකට කුනුහරප ගොඩාක්රියක් ඇවිල්ලා එ ඔක්කොම විනාශ උනා:( මෙක පරණ තත්වෙට ගමු මචන්ලා:) පුලුවන් තරම් හොද ත්‍රෙඩ් වලට බම්ප් කරලා හරි සප් එක දෙමු උන්ව දිරිමත් කරමු :)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලා වගෙ එලකිරියට ආදරය කරන උන්ට තැනක් දෙන්න තම්යි බන් අපි පන්නන්න හදන්නෙ ඔය අරුණලාව:) ඉස්සර මිගා අයියලා මොන තරම් හොද ත්‍රෙඩ් දැම්මාද අනිකා කුල් ලයිෆ් අයියා තව ගොඩාක් හිටියා මචන් මෙකට කුනුහරප ගොඩාක්රියක් ඇවිල්ලා එ ඔක්කොම විනාශ උනා:( මෙක පරණ තත්වෙට ගමු මචන්ලා:) පුලුවන් තරම් හොද ත්‍රෙඩ් වලට බම්ප් කරලා හරි සප් එක දෙමු උන්ව දිරිමත් කරමු :)
    ඇත්ත මිගාර හොද තෙර්ඩ් දාපු කෙනෙක් :yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    තමන්ගෙ ප්‍රශ්න විසදගන්න බුදුදහම්යි කුනුහරපයි යොදා නොගත්ත නම් හිටපු පිරිස තාමත් ඉන්නව.... මම නම් තාමත් ඉන්නෙ එදා මතේම තමා.. හම්බයා කියල පොල්ගෙඩි අකුරෙන් හැමතිස්සෙම community එකක කෑගහන එකාට ඇත්තටම බුදුදහම ගැන තඹ සතේකවත් කැක්කුමක් නෑ.. ඊට වඩා කැකුමක් මේකෙ ඉන්න හමේශ්, ඉදුල, etc ලට තියෙනව.. ඒ මිනිස්සු ඒබව පෙන්නේලත් තියෙනව.. :yes:
    කවදහරි ඒ මිනිස්සුන්ට විරුද්දව ත්‍රෙඩ් වැටුනොත් මොනා උනත් අපිත් උන් එක්ක ඉන්නව. :D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    PESSIMISM at BEST

    උඹ දන්නවා ද කොරියාව, ඉන්දියාව නැග්ගේ කොහොමද කියලා? ඒකේ මිනිස්සු මුන් එක්ක හරියන්නේ නෑ කියලා හොටු හූර හූර අඬ අඬ හිටියේ නෑ. වැඩක් කරා...........
    අඳුරට බැණ බැණ ඉන්න වෙලාවේ එක පහනක් වත් පත්තු කරන්න ඕනි. අපේ රටේ හය කියන තරම්ම නරක ප්‍රශ්න නැහැ. හැබැයි දැන් රට තියෙන්නේ තීරණාත්මක මොහොතක! ඒ වෙලාවේ වත් අපි දැනුමින් සන්නදද විය වුතුයි.

    මම කියන්නේ නෑ අපි පාරට බහින්න ඕනි කියලා. ආණ්ඩුව පෙරලන්න මම කියන්නේ නෑ. ඒක අවශ්‍යත් නෑ. අපි රටේ මිනිස්සු හැටියට මේ දේවල් ගැන දැනුවත් වෙන්න ඕනි.
    දැනුවත් කම නැතිවීම --------වැරදි තිරණ වලට ඒමට හේතු වේ.

    උඹ මැලේසියාව ගැන කිව්ව නිසා කියන්නේ,
    ලංකාවේ ආයෝජනය කරලා කර්මාන්තශාලා පිහිටුවන්න හිටියා ජපාන සමාගම් 5ක්. (සෝනි වගේ) සේරම ලෑස්ති කරලා අත්සන් කරන්න විතරයි තිබ්බේ.
    ඒක ආවා නම් ලංකාව කොච්චර ඉස්සරහට යනවාද?
    1983 දී ආවා කළු ජූලිය..............වෙන්න යන දේ ඉවෙන් තේරුම් ගත්ත ජපනා යන්න ගියා.
    ඒ කාලේ මහතීර් මොහොමඩ් හිටියා මැලේසියාවේ....ඒ චාන්ස් එක උන් ගත්තා.
    දැන් කොහොමද මැලේසියාවයි ලංකාවයි!
    එදා කළු ජූලිය වලක්වා ගත්තා නම් මේක වෙන්නේ නෑ නේද?
    දැනුවත් සමාජයක මේ දේ වෙන්නේ නෑ නේද?

    කැත නැතිව රිප්ලයි කරනවා කියහන්කෝ..

    කොරියාව දියුණු උනේ (ද.කොරියාව) ඇමරිකාවේ සප් එක සයිඩ් එකෙන් යම් අගයකට වැදුණ නිසා වගේම ඊට සමානුපාතිකව රටක් විදියට මිනිස්සු තුළ රට වෙනුවෙන් වැඩ කල යුතුයි කියන හැඟිම තිබුණ නිසා..ඒ රටෙත් ඇති වෙන්න හොරකම් හුරගෙන කාපු උන් හිටියා..ඒත් ඒ මිනිස්සු නැඟිට්ටා..දැන් එයාලා ට්‍රැක් එකට වැටිලා ඉවරයි..දැන් කාටවත් ඒ දියුණුව නවත්තන්න බෑ..අපේ රටෙන් එ රට ගිහින් වැඩ කරන සහෝ ලා ඒ රට ගැන කියයි..මිනිස්සුන්ට ඉ‍ඟෙන ගන්න මාරම උනන්දුවත් තියෙන්නේ.කොරියාව චීනෙත් ඉස්සර කරනවා.එහෙම උන ගමන් ඇමරිකාව චීනෙන් ගේම ඉල්ලයි....:P:P

    ඉන්දියාවේ තමා මේ ලොකෙ ඉන්න සුපිරිම බුද්ධිමතු පිරිසක් ඉන්නේ..වගේම ලෝකේ වැඩිම සල්ලියක් තියෙන වගේම ලොකේ සුපිරිම ආයෝජකයෝ පිරිසකුත් ඉන්නේ ඒත් ඒ රටේ තියෙන තවත් ප්‍රශ්න වගයක් නිසා ඒ රට සංවර්ධිත කියන තැනට අරන් එන්න ගොඩක් අමාරුයි.ඒත් දියුණු වෙනවා..
    ලංකාව දියුණු කරන්න පුලුවන් අර ට්‍රැක් එකට වැටෙන්න විතරයි තියෙන්නේ..ලෝක හොරු පගා කාරයෝ හිටියත් ට්‍රැක් එකට දා ගන්න පුලුවන්...ඒක ඉන්දියාවත් දන්නවා..අපේ රට තාම අරාජික අප්‍රිකා ගණයට වැටිලා නෑ..රටේ මිනිස්සුත් දුවනවා..පොඩි වෙනසක් විතරයි වෙන්න ඕන..
    ඉන්දියාව කවම දාවත් ලංකාවට සංවර්ධිත කියන තැනට එන්න දෙන්නේ නෑ...රටක් විදියට තනියම නැගිටගෙන කන බොන දේවල් ටිකවත් හරියට රටේ හදා ගත්ත දාට අපේ රටට තනියම දෙයක් කර ගන්න පුලුවන් වේවි.

    මම ඔයා කියන දේ වැරදී කියුවේ නෑ..ඒකෙත් ගත යුත්තක් තියෙන නිසා..මිනිස්සුන් සමහර දේ ගැන දකින්නේ නෑ..ඒවා වැඩක් නෑ අපිට මොකද..අපිට ඕවගෙන් වැඩක් නෑ නේ.. අනේ අපි අපේ පාඩුවේ ඉන්නවා..
    ඒත් අපේ මිනිස්සු නොදකින දෙයක් තමා අද රටේ ඕන තැනක බලය්ක් නැතිව යන්න පුලුවන් එකම මිනිහා කවුද අපිම විතරයි. ඇමතිලා පොලිස් ලොක්කෝ මැර රජාලා ඔක්කොම යන්නේ පිරිවර එක්ක..කාට බයේද..