ළිදකට වැටෙන සද්දයක් ආවා..
1. බුදු දහමේ ශාස්තෘන් වහන්සේ දානය "කරන්න" කියලා අනුමත කරලා තියෙනේ. ඒ නිසා ඕනෑම බෞද්දයෙකුට "විනය පිටකයට " පටහැනි නොවන ඕනෑම දෙයක් ඕන තරමක් සංඝයාට පුජා කරන්නත් පුළුවන්. දානයට දෙන්නත් පුළුවන්.
2. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ බුදු, පසේ බුදු, මහා රහත් ඇතුළු සඟ රුනවනට කරන දානය පෘතග්ජන මිනිස්සුන්ට දෙන දනයට වඩා මහත්පලයි මහානිසංසයි ශේෂ්ටයි කියලා..
ඒ නිසා බෞද්ධයෝ කරන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියන එක මිසක්
උප්පැන්නේ බෞද්ධ කියලා ලියලා තියන, තමන් බෞද්ද කියලා හිතාගෙන ඉන්න මිනිස්සු*,
මිත්යා දෘෂ්ටික අනියගමිකයන්*
හෝ atheistsලා *
කියන එක නෙවේ!
(* = තිසරණය නැති අබෞද්ධයන්)
මිත්යා දෘෂ්ටික අනියගමිකයන් හෝ atheistsලට කැමති අදහසක් දරන්න පුළුවන් එකෙන් බෞද්දයන්ට ගානක් වත් නෑ! වගේ වගකුත් නෑ කිසි ප්රශ්නෙකුත් නෑ!
බෞද්ධයෝ සරණ ගිහින් ඉන්නේ බුදු රජාණන් වහන්සේ, බුද්ධ දර්මය හා ආර්ය මහා සංඝ රත්නය කියන තුනුරුවන මිසක් "අසරණයෝ, හිඟන්නෝ, දුප්පත් පවුල් ..etc " නෙවේ! ඒ නිසා කිසි වෙලාවක බෞද්ධයෙකුට තුනුරුවනට වඩා අසරණයෝ හිඟන්නෝ ප්රමුඛ වෙන්නෙත් නෑ, තුනුරුවනට නොදෙන දෙයක් දෙන්නෙත් නෑ, තුනුරුවනට දෙන්න කලින් දෙන්නෙත් නෑ! තුනුරුවන No 1. හොඳේ?
බෞද්ධයෙක් හැසිරෙන්නේ එහෙම. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එහෙම.
දැන් ඔයා කියනවා ඒක නොකර, හිඟන්නන්ට, අසරණයන්ට දෙන්නලු!
එතකොට තමන්ගේ ශාස්තෘන් වහන්සේ දේශනා කරපු එක විසි කරලා තමන්ගේ බෞද්ධ කම නැති කරගෙන "ඒත් අපි මුස්ලිම් ආක්රමනය ගැන කියවමින් කල් මරන්නේමය" ගගා ඔයා රකින්න කියන්නේ මොකද්ද?
සිංහල ජාතියයි සංස්කෘතියයි, බුදු දහමයි දෙකක්! සිංහල ජාතියයි සංස්කෘතියයි බුදු දහම ඇසුරෙන් නිර්මාණය උනාට, බුදු දහම සිංහල ජාතියයි සංස්කෘතියයි කියන එකෙන් ස්වායත්තයි! තේරුණා ද?
ඔය ඇති කිඋවා. ඉතුරු ටික මෙතන...
http://www.elakiri.com/forum/showthread.php?t=1685881

කාලෙකින් මේ එකෙක් ලිදේ වැටුන ත්රෙඩ් එකකට ආවෙ. කම්මැලියි බන් මේව ටයිප් කරන්න.. යන්තම් උබ ඔක්කොම කියල දීල..


