අරුම පුදුම ලොන්ඩ්රි මෑන්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේවගේ පොල්කටු ඉස්තිරික්කයක් දැකල තියනවද? මේකෙන් මදින්න ලේසි නැ හැබැයි, රස්නේ වැඩි උනොත් ඇදුම් පිච්චෙනවා. ඉස්සර අපේ අල්ලපු ගෙදර එකක් තිබ්බ, කරන්ට් නැති උනාම එකෙන් මදිනවා දැකල තියනවා,

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,743
    113
    Gampaha
    අපේ ගෙදරත් තියෙනව...
    කරන්ට් කපන කාලෙ මරු... අපේ ගෙවල් කිට්ටුව වෙඩින් එකක් තිබුණ.. ඊට කලින් දවසෙ රෑ කරන්ට් එක නෑ... වෙඩින් එකට යන්න ඉන්න අහල පහල උන් සේරම අපේ ගෙදර...
    එකෙක් ශර්ට් එකකුත් පුච්ච ගත්ත, පිටිපස්සෙ අඟුරු පත්තු වෙනවද කියල බලන්න තියෙන කෑල්ල ඇරගෙන මැදල, ඒකෙන් අඟුරු වැටිල...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපේ ගෙදරත් තියෙනව...
    කරන්ට් කපන කාලෙ මරු... අපේ ගෙවල් කිට්ටුව වෙඩින් එකක් තිබුණ.. ඊට කලින් දවසෙ රෑ කරන්ට් එක නෑ... වෙඩින් එකට යන්න ඉන්න අහල පහල උන් සේරම අපේ ගෙදර...
    එකෙක් ශර්ට් එකකුත් පුච්ච ගත්ත, පිටිපස්සෙ අඟුරු පත්තු වෙනවද කියල බලන්න තියෙන කෑල්ල ඇරගෙන මැදල, ඒකෙන් අඟුරු වැටිල...
    පොටෝ එකක් දාන්න කෝ.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,700
    30,976
    113
    අපායෙ දොරකඩ
    මේවගේ පොල්කටු ඉස්තිරික්කයක් දැකල තියනවද? මේකෙන් මදින්න ලේසි නැ හැබැයි, රස්නේ වැඩි උනොත් ඇදුම් පිච්චෙනවා. ඉස්සර අපේ අල්ලපු ගෙදර එකක් තිබ්බ, කරන්ට් නැති උනාම එකෙන් මදිනවා දැකල තියනවා,

    පොල්කටු ඉස්තිරික්කෙ. අපෙ ගෙදරත් එකක් තියෙනව තාම. තාත්තල පොඩිකාලෙ ඒකලු පාවිච්චි කලේ.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,700
    30,976
    113
    අපායෙ දොරකඩ
    පොටෝ එකක් දාපන් ඉතින් බලන්න.

    ඉස්ටෝරු කාමරේ දාල තිබ්බෙ. ඒක ඇතුලෙ බඩුවක් හොයන එක අම්මගෙ බෑග් එකෙන් හදිසියකට පෑනක් හොයනවට වඩා අමාරුයි. උඩින් පොඩ්ඩක් බලල තිබ්බොත් pic එකක් දාන්නන්.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මං හිතුව මූ කියලා
    1709644267087.png
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පිත්තල එකක් ගෙදර තිබුන. ඉස්සර කරන්ට් ගියොත් උවමනාම වුනොත් තාත්ත පාවිච්චිකරා. විදුලි ඉස්තිරික්කයේ පුරුද්දට ඕක වැරදිලා හිටවල තියන්න හදනවා. 🤣පිටිපස්සේ පොඩි විවරයක් තියෙනව පිඹින්න, එතන හරියට වහල තිබුනේ නැත්තං ගිනි අඟුරු වැටිලා ඇඳුම් පිච්චෙනවා. මට මතකයි තාත්තා ඇඳුම් පුච්චගන්නවා. ඊට හපං තිබුන නයින් හාට්ස් ඉස්තිරික්කේ. එහෙම පිට්න්ම යකඩ ගොඩක්. බැරිවෙලාවත් අත ගෑවුනොත් පිච්චෙනවට අමතර කරන්ට් එක වදිනවා චූ යන්න🤣
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පිත්තල එකක් ගෙදර තිබුන. ඉස්සර කරන්ට් ගියොත් උවමනාම වුනොත් තාත්ත පාවිච්චිකරා. විදුලි ඉස්තිරික්කයේ පුරුද්දට ඕක වැරදිලා හිටවල තියන්න හදනවා. 🤣පිටිපස්සේ පොඩි විවරයක් තියෙනව පිඹින්න, එතන හරියට වහල තිබුනේ නැත්තං ගිනි අඟුරු වැටිලා ඇඳුම් පිච්චෙනවා. මට මතකයි තාත්තා ඇඳුම් පුච්චගන්නවා
    අඩෝ පට්ටනේ බන්. මම දැකපු ඒවා නම් පිත්තලද කියල මතක නම් නැ. දැන් මේවා ඇන්ටික් නිසා වට්නවා ඇති නේද ගොඩක්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ පට්ටනේ බන්. මම දැකපු ඒවා නම් පිත්තලද කියල මතක නම් නැ. දැන් මේවා ඇන්ටික් නිසා වට්නවා ඇති නේද ගොඩක්.
    පිත්තල එක පොශ් එක කියල අම්ම කිව්වා🤣 මලකඩ කන්නේ නෑ, කුණු ගෑවෙන්නේ නෑ, දිරන්නේ නෑ, ඉක්කනට රත්වෙනවා වගේ වාසි ගොඩයි.

    ඒවා එක්ක බලද්දී දැන් ජීවිතේ මාර පහසුයි.

    ඕකක් සල්ලිවලට නං රුපියල් සීයක් දෙසීයක් වෙයි 😐
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    කටුගස්තොට රාහුල එක ගාව හිටියා ඕකෙන් මදින වයසක ජෝඩුවක්, දැන් නම් මැරිලා ඇති,
    අපේ aththammala ගෙදරත් තිබ්බ එකක්.