අරුම පුදුම සිද්දි

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,736
    2,780
    113
    මම office එකේ වැඩ වගේකට ටිකක් ලොකු positions වල ඉන්න අය කීප දෙනෙක් meet වෙන්න ගියා. ඒ ගිහින් ආපු හැම දවසකම ඒ අයව මට fb suggestions වලට පෙන්නුවා. මම ඒ අයව ඒට කලින් දැකලවත් තිබුනෙ නෑ. mutual friend කෙනෙක්වත් නෑ.

    location service eken wenna puluwan. umbai e set ekai eka langa location wala hitapu eka track wenna athi.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    :shocked::shocked: පූරුවෙ පිනක් පලදුන්න කියල හිතාගනින් කුකුළෝ.......... ඔහොම දෙයක් පත්තුවුනා කියන්නේ සොරි.කොම්

    පස්සේ ටිකක් සැර අඩු වෙලා පත්තු වුනා :sorry::sorry:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,321
    49,690
    113
    සේදවත්ත
    ඕව මොනාද බන් මරා දිනයි කියල හිතන් ඉන්නකොට පොලෙවන් ආපු එකෙක් දිනල අරුව වවුලෙක් වගේ ජනේලෙක එල්ලිලා බෙරිහන් දෙන ලයින් එකට මරාට වැඩ සිද්ද කොරල අද ලංකාව පාවෙන ලයින් එක්කට ගෙනාව එකම පුදුම දෙයක් නෙමෙයිද බන්:D:P:D:P:lol::lol::lol:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :P:P:P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේක එචර ලොකු සින් එකක් නෙමෙයි, NIBM: DCSD කරපු එවුන් දන්නවා ඇති ඉස්සර මොනාහරි assignment එකක් දීල ඕක කරලා ඉවර එඋන් ට කියනවා අර ළමයි 200ක් විතර ඉන්න තැන ඉස්සරහට ඇවිල්ල බෝඩ් එකේ කරන්න කියල, (විලි ලැජ්ජයි) දවසක් මට උදේ ලෙක්චර්ස් යන්න නැගිට්ටාම හිතුන අද මට ඕක සෙට් වෙයිද දන්නේ නැ කියල, කොහොම හරි ප්‍රශ්න වගයක් දුන්න ලෙක්චරර් ගැනී. එකී මට කතා කරලා මම දැක්කේ න, මගේ එහා පැත්තේ එක මට කිව්වා අන්න උබට කතා කරනවා කියල. එකී ඇහුව වැඩේ කරලා ඉවරද කිය්ය, මම ඉවරයි කිව්වම එහෙනම් ගිහින් බෝඩ් එක හදන්න කිව්වා. ට හුකනවා.

    ඉතින් යකෝ වැඩේ ඉවර නෑ කියන්න එපැයි :angry:
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    නංගි ඇහුවා නේද ඇයි මේ මීහරක් දෙන්නෙක් ඉන්න පොටෝ එකක් මට පෙන්නන්නේ කියලා

    නංගිට මාවයි මිහරකයි අදුන ගන්න බැරි වෙලා හිටියේ පස්සේ මම අත තියලා පෙන්නුවාමයි අදුන ගත්තේ:sorry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මම office එකේ වැඩ වගේකට ටිකක් ලොකු positions වල ඉන්න අය කීප දෙනෙක් meet වෙන්න ගියා. ඒ ගිහින් ආපු හැම දවසකම ඒ අයව මට fb suggestions වලට පෙන්නුවා. මම ඒ අයව ඒට කලින් දැකලවත් තිබුනෙ නෑ. mutual friend කෙනෙක්වත් නෑ.

    ඕක මැජික් එකක් නෙමෙයි බන් උඹ මීට් වෙන්න ගියපු උන් උඹව සර්ච් කරලා
    සාමාන්‍යෙන් දැන් ඕන එකෙක් ගැන නිකමට ෆේස්බුක් සර්ච් එකක් දාල බලනවනේ

    ස්මාට් ෆෝන් එකක් යූස් කරනවා නම් උඹ යන එන තැන් වලිනුත් ඩිටෙක්ට් කරනවා ඇති

    ඕවා AI Based නේ ඒක නිසා උන් ලස්සනට ගැලපෙන එවුන් සජේස්ට් කරනවා අපි හිතන්නත් කලින්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ අද වෙච්ච සීන් එකක් කියන්නම්. අම්ම මගේ වයිෆ්ට දීපු වාසගමේ මුල අකුර දාපු රත්තරං පෙන්ඩන්ට් එකක් තිබුන. අද පොඩි විශේෂ වැඩකට පින්තූර ටිකක් ගන්න කොල්ලට මාලෙට ඔය පෙන්ඩන්ට් එක දාල ලොකු ග්‍රවුන්ඩ් එකක තියෙන චිල්රන්ස් පාක් එකකට ගියා. පාක් එකටම හිටියේ අපි හා ෆොටෝග්රැෆර් විතරයි වැඩ ටික ඔක්කොම ඉවරවෙලා රස්නෙයි කියල ටීෂර්ට් එක ගලවනකොට මාලේ තියෙනවා පෙන්ඩන්ට් එක නැ......... . හෙව්වා කියන්නේ අක්කරේක විටර තණකොළ පිට්ටනියේ පැය හතරක් හෙවුවා......... සල්ලි වලට වඩා අම්මා දුක්විදලා උගන්නල හොයපු සල්ලි වලින් තෑගී දීපු දෙයක් නිසාත්, එහෙම එකක් කොහෙවත් නැති එකෙක්ට හම්බෙයි කියන දුකටත්. වයිෆුයි මායි පැය 4ක් අවුවේ රොස් වුණා. ඇතිමවෙලා බඩුටික වාහනේට පටවන් මට මේක හම්බෙන්නේ නෑ අම්මේ පන යනකන් හෙවුවා ළමයින්ට මහන්සියි මම හෙදර යනවා කියන් ගෙදර එන්න වාහනේ හරවනකොටම වාහනේට ෆ්ලෑෂ් වුණා කියපන්කො රත්තරන් පාට එළියක්. වාහනේ දාල දිව්වා යකෝ.......... මැරිච්ච අම්ම පෙන්නුවා වගේ ඒකනං. වයිෆුයි මගෙයි ඇස්වල කදුළු........
    පෙන්ඩන්ට් එක තිබුනේ ගහක් යට අඳුරේ....... අතරින් පතර පොලවට වැටෙන ඉර එළියක් විතරයි තිබුනේ...........
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඒක තමයි පුදුමේ කියන්නේ.
    1 අහම්බෙන් බිම තිබිලා හම්බුනේ,
    2 ඒ පෑන නැතිවුන එකත් මගේ නම + වාසගම තිබුන කෙනෙක්.
    3 ඉස්කෝලේ යාලුව පෑන ඉදිරුවේ නැත්නම් මම අදටත් දන්නේ නෑ ඒක විශේෂ පෑනක් කියලා
    හිතාගන්න බෑ තමයි ඒත් පන්තියේ යාලුවෝ සාක්ෂි

    පැරරල් වර්ලඩ් :yes::love:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මේ අද වෙච්ච සීන් එකක් කියන්නම්. අම්ම මගේ වයිෆ්ට දීපු වාසගමේ මුල අකුර දාපු රත්තරං පෙන්ඩන්ට් එකක් තිබුන. අද පොඩි විශේෂ වැඩකට පින්තූර ටිකක් ගන්න කොල්ලට මාලෙට ඔය පෙන්ඩන්ට් එක දාල ලොකු ග්‍රවුන්ඩ් එකක තියෙන චිල්රන්ස් පාක් එකකට ගියා. පාක් එකටම හිටියේ අපි හා ෆොටෝග්රැෆර් විතරයි වැඩ ටික ඔක්කොම ඉවරවෙලා රස්නෙයි කියල ටීෂර්ට් එක ගලවනකොට මාලේ තියෙනවා පෙන්ඩන්ට් එක නැ......... . හෙව්වා කියන්නේ අක්කරේක විටර තණකොළ පිට්ටනියේ පැය හතරක් හෙවුවා......... සල්ලි වලට වඩා අම්මා දුක්විදලා උගන්නල හොයපු සල්ලි වලින් තෑගී දීපු දෙයක් නිසාත්, එහෙම එකක් කොහෙවත් නැති එකෙක්ට හම්බෙයි කියන දුකටත්. වයිෆුයි මායි පැය 4ක් අවුවේ රොස් වුණා. ඇතිමවෙලා බඩුටික වාහනේට පටවන් මට මේක හම්බෙන්නේ නෑ අම්මේ පන යනකන් හෙවුවා ළමයින්ට මහන්සියි මම හෙදර යනවා කියන් ගෙදර එන්න වාහනේ හරවනකොටම වාහනේට ෆ්ලෑෂ් වුණා කියපන්කො රත්තරන් පාට එළියක්. වාහනේ දාල දිව්වා යකෝ.......... මැරිච්ච අම්ම පෙන්නුවා වගේ ඒකනං. වයිෆුයි මගෙයි ඇස්වල කදුළු........
    පෙන්ඩන්ට් එක තිබුනේ ගහක් යට අඳුරේ....... අතරින් පතර පොලවට වැටෙන ඉර එළියක් විතරයි තිබුනේ...........

    :love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ අද වෙච්ච සීන් එකක් කියන්නම්....................//

    උඹ ඔය ඇත්තමද කියන්නේ?අඩෝ...මේ වගේ සිද්ධි කොහොමද බන් තේරුම් ගන්නේ? මේවට අපිට උත්තර නෑනේද?:shocked:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ ඔය ඇත්තමද කියන්නේ?අඩෝ...මේ වගේ සිද්ධි කොහොමද බන් තේරුම් ගන්නේ? මේවට අපිට උත්තර නෑනේද?:shocked:

    Reddak ahanava, marichcha amma dala boru kiyanne mokatada ban. gedara apu gaman bogak dana gaman type kale. Dan aye eliyata yanava. Aye ee park ekata yanne ne kiyala hithan car ekata nagge:( patta sathutuyi vuna de ta.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Reddak ahanava, marichcha amma dala boru kiyanne mokatada ban. gedara apu gaman bogak dana gaman type kale. Dan aye eliyata yanava. Aye ee park ekata yanne ne kiyala hithan car ekata nagge:( patta sathutuyi vuna de ta.

    මම බැලුවා බෑඩ් ස්මෙල් එකක් එන්නෙ කොහෙන්ද කියලා:confused::confused:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    mama dawasak polonnaruwe indan enawa bike eken paandara, 3ta vithara habaranata kittu karala..magadi mata pahu unaa katina peraharak, mama aapu wegeta eeka pahu unaa...aayeth harawagena gihin athe thibba Rs100 pooja kara..ethana perahare hitapu godaak aya...theruwan saranai, budusarai kiyala aashirwaada kara...kisi kenek naha paare, perahare yana aya vitharai.

    6-7 wenakota gedarata kittu karaa, paare wanguth tikaka thiyenawa...maara nidimathai paya 4k vithara eka digatama bike eke aawa...mata as2 piyawenawa wage mathakai laawata,...ehemama as piyaagena ninda gihin bike eke 500-600 m vithara enna athi...wam paththen paren pahala (2-3mm wage) alak yanawa..eka paaratama ala paththata yana gaman..2-3- m thiyeddi aharuna..chutten..iwarai mama....aharuna gaman mathak une katina peraharedi una de....adatath eeka mathak wenawa....

    kala honda naraka enawa api passen...beranawa ape jeevithe ..oonema welaawata...

    මචං විශ්වාස කරහන් මේ හා සමානම සිදුවීමක් මටත් වෙලා තියෙනවා මීට ගොඩක් කාලෙට කලින්, මේ සිද්දිය වෙද්දී මම 10හෝ 11වසරෙ හිටියෙ,ඉතින් ඔය කාලේ බාලදක්ෂ කරා, කරාතේ කරා ඔය වගේ ලස්සන මතක එක්ක තමයි මගේ ජිවිතේ ගෙවුනේ, දවසක් අපි කරපු scout camp එකක් තිබිලා එවරවෙන දවසේ රෑට තියෙනව මචං fire night එකක්, ඉතින් ඕක එවර වෙද්දී රෑ10විතර වුනා, ඉතින් ඕක එවරවෙලා camp side එකේ හදපු tent අනම්මනම් ඔක්කොම ගලවල school ground එක පිරිසිදු කරල තමයි scoutsල යන්න ඕනි, ඉතින් ඔක්කොම දේවල් එවර වෙලා පොඩි එවුන් හැමෝම යවල අපි සෙට් එක ගෙවල් වල යන්න එද්දී කොහොමහරි 12/1 වගේ time එකක් galle roadඑකේ මෙලෝ බල්ලෙක් නෑ :sorry: මම ඉතින් බයිසිකලේට නැගල, camp එකට ගෙනාපු දාන වලට උයන තඩි ඇලුමිනියම් බාගේ හට්ටියකුත් එකේ එල්ලගෙන අමාරුවෙන් දෙපැත්ත පැද්දී පැද්දී බයිසිකලේ පාග පාග ටික දුරක් ආවා, මගක් එද්දී පන්සලක කටිනයක් යනව දැක්ක ඉස්සරහින්, ඉතින් ඕක ලගින් පොඩ්ඩක් ඉස්සරහට පාස් කරන් ගිහින් නවත්තල අර තඩි හට්ටියයි, බැග් එකයි මුල ඉදන් බිමින් තියල කොහොමහරි කටිනෙට අතගැහුව :) රුපියල් 10ක්ද කොහෙද දැම්මේ :sorry: ඒ දවස්වල ඉතින් ගෙදරින් දෙන budget එකනේ, කොහොමහරි කටිනෙටත් අතගහල හට්ටි මුට්ටි බෑග් එල්ලගෙන ටික දුරයි ආවේ ගෙවල් වලට 1km විතර තියල බයිසිකලේ චේන් එක පැන්න බන් මහ මූසලම පොට් එකකදී :sorry: මුසලයි කියන්නෙ ඔය හරියේ සුනාමියෙන් ගොඩක් මිනිස්සු මැරුණා, කළුවරයි , පාරෙන් එහාපැත්තෙ මුහුද තියෙන්නේ, රැල්ල ඇවිත් ගල්වල දඩාන් ගාල සද්දෙන් වදිනවා ටහිකෙන්නම මට කෙලවිලා බයවෙලා තිබුනේ ඒ වෙලේ, ඒ මදිවට ලයිට් එලියකුත් හරියට නෑ බස් එකක් වගේ ගියහම තමයි ලොකු එළියක් වදින්නේ :sorry: බය වෙලා හිටියෙ කියන්නෙ මචං එදා තරම් බයක් දැනුනේ නෑ කවදාවත්, විස්වාස කරහන් මගේ වෙලාවේ හොද කම කියන්නේ චේන් එක පැනල විනාඩි දෙකක් ගියේ නෑ මෝටර් බයික් එකක ආපු කොල්ලො දෙන්නෙක් ලිස්සගෙන ගිහින් වැදුනා වැටක කම්බි කණුවක එකෙක්ගේ ඔලු කටු කුඩුවෙන්නම :sorry: හරියටම උන් දෙන්න වැදුනේ මගේ චේන් එක පැන්නේ නැතුව එක දිගට මම ගියානම් ඒ යන අතර මග හරියෙ :sorry: පෙර පිනකට හරි මොනයම් හෝ හේතුවකට අවුලක් නැතුව ආපු බයිසිකලේ චේන් එක පැන්න මචං මහ අමුතුම විදියට, මොකද ගියර් බයිසිකල් වල චේන් එක පනින්නේ ඇතුල් පැත්තට, එහෙම පනිද්දී ආයේ පිටිපස්සට පැඩල් එක කරකවද්දී චේන් එක ගොඩක් වෙලාවට හරියනවා,ඒත් එදා චේන් එක පැනලා දැටි රෝද අස්සෙ තදටම හිරවුණා අඩියක්වත් ඉස්සරහට යාගන්න බැරිවෙලා නැවතුනා, එදා ඒ චේන් එක ඒ විදියට පැන්නේ නැත්නම් අර ආපු එවුන් දෙන්න යටකරගෙන යන්නේ මාව :sorry::sorry: ජිවිතේ පලවෙනි වතාව මනුස්සයෙක් මැරෙනවා live දැකපු සහ ජිවිතේ දෙවැනි වතාව මම මරණෙන් බේරුණු

    පලවෙනි එකත් කියලම යන්නම් :)

    සුනාමිය දවස හරියටම පෝය දවසක් මචං, එදා දහම්පාසලේ අනිවා සිල් ගන්න යන්න හිටපු දවසක්, වෙනදට මචං සිල්ගන්න නොගියොත් ලොකු හාමුදුරුවොන්ගෙන් අනිවා ගුටි කන්න වෙනවා ඒ නිසා ඒ බයට සිල් ගන්න යනවා, වෙනදට අපි තුන්දෙනා එක්කගෙන යන්නේ තාත්තා, කොහොමහරි සුනාමි දවසට ඉස්සෙල්ල දවසේ රෑ අම්ම අපිව සිල් ගන්න යවන එක ගැන මොකක්හරි තාත්තා එක්ක කතාකරල දෙපැත්තට ඇදී ඇදී ඉදල කොහොමහරි එදා යන්න වුනේ නෑ සිල් ගන්න, එදා පෝය දවසේ කොහොමහරි 8.30 - 9.00 අතරේ සුනාමි ඇවිත් හැමදේම විනාස වුනා, :sorry::sorry: අපේ දහම්පාසලේ සිල් ගත්තු සිල් ඇත්තෝ 165න් ඉතුරු වුනේ සිල් ඇත්තෝ 36දෙනයි මචං, පන්සල එහාපැත්තෙ මුහුද තියෙන්නේ :sorry: මගේ දහම්පාසලේ යාලුවෝ ගොඩක් ගියා එදා වතුරපාරට :sorry: අපි පොඩි නිසා එදා ඔය බේරුන බේරිල්ල ලොකුවට දැනුනේ නෑ අපි තුන්දෙනාට, ඒත් අදටත් අම්මයි තාත්තයි ඕක ගොඩක් වෙලාවට මතක් කරනවා එදා එයාලට ඒ අමුත්ත නොදැනුනනම් අපි තුන්දෙනා එවරයි කියන එක

    එදා මගේ බයිසිකලේ චේන් එක හිරවුනෙත් හරියටම ඔන්න ඔය පන්සල පාස් වෙලා ටික දුරක් යද්දී :sorry: එකයි ටහිකෙන්නම බයවුණේ මොකද සුනාමියට මැරිච්ච මිනිස්සු බැකෝ වලින් එකතු කරන් ඇවිත් ගොඩ ගැහුවේ ඔන්න ඔය පාලු හරියේ :sorry::sorry:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මචං විශ්වාස කරහන් //දැකපු සහ ජිවිතේ දෙවැනි වතාව මම මරණෙන් බේරුණු

    පලවෙනි එකත් කියලම යන්නම් :)

    සුනාමිය දවස හරියටම පෝය දවසක් මචං, //
    එදා මගේ බයිසිකලේ චේන් එක හිරවුනෙත් හරියටම ඔන්න ඔය පන්සල පාස් වෙලා ටික දුරක් යද්දී :sorry: එකයි ටහිකෙන්නම බයවුණේ මොකද සුනාමියට මැරිච්ච මිනිස්සු බැකෝ වලින් එකතු කරන් ඇවිත් ගොඩ ගැහුවේ ඔන්න ඔය පාලු හරියේ :sorry::sorry:

    :shocked::shocked:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall

    සුනාමිය දවස හරියටම පෝය දවසක් මචං, එදා දහම්පාසලේ අනිවා සිල් ගන්න යන්න හිටපු දවසක්, වෙනදට මචං සිල්ගන්න නොගියොත් ලොකු හාමුදුරුවොන්ගෙන් අනිවා ගුටි කන්න වෙනවා ඒ නිසා ඒ බයට සිල් ගන්න යනවා, වෙනදට අපි තුන්දෙනා එක්කගෙන යන්නේ තාත්තා, කොහොමහරි සුනාමි දවසට ඉස්සෙල්ල දවසේ රෑ අම්ම අපිව සිල් ගන්න යවන එක ගැන මොකක්හරි තාත්තා එක්ක කතාකරල දෙපැත්තට ඇදී ඇදී ඉදල කොහොමහරි එදා යන්න වුනේ නෑ සිල් ගන්න, එදා පෝය දවසේ කොහොමහරි 8.30 - 9.00 අතරේ සුනාමි ඇවිත් හැමදේම විනාස වුනා, :sorry::sorry: අපේ දහම්පාසලේ සිල් ගත්තු සිල් ඇත්තෝ 165න් ඉතුරු වුනේ සිල් ඇත්තෝ 36දෙනයි මචං, පන්සල එහාපැත්තෙ මුහුද තියෙන්නේ :sorry: මගේ දහම්පාසලේ යාලුවෝ ගොඩක් ගියා එදා වතුරපාරට :sorry: අපි පොඩි නිසා එදා ඔය බේරුන බේරිල්ල ලොකුවට දැනුනේ නෑ අපි තුන්දෙනාට, ඒත් අදටත් අම්මයි තාත්තයි ඕක ගොඩක් වෙලාවට මතක් කරනවා එදා එයාලට ඒ අමුත්ත නොදැනුනනම් අපි තුන්දෙනා එවරයි කියන එක

    එදා මගේ බයිසිකලේ චේන් එක හිරවුනෙත් හරියටම ඔන්න ඔය පන්සල පාස් වෙලා ටික දුරක් යද්දී :sorry: එකයි ටහිකෙන්නම බයවුණේ මොකද සුනාමියට මැරිච්ච මිනිස්සු බැකෝ වලින් එකතු කරන් ඇවිත් ගොඩ ගැහුවේ ඔන්න ඔය පාලු හරියේ :sorry::sorry:

    මටත් සුනාමිය සම්බන්ධව අත්දැකීමක් තියෙනවා, සිද්ධිය මම කෙටියෙන් කියන්නම්. අපි සුනාමිය දාට කලින් දා කතරගම යන්න දාගෙන හිටියේ. දෙසැම්බර් 25 පාන්දර අපි නැගිටලා ඔක්කම බඩු එහෙම ලැස්ති කරන් වාහනයට නගින්න යනකොට, හොදට තිබ්බ වාහනයේ එක රෝදයක හොදටම හුලන් බැහලා. කට්ටිය ඉතින් මූණ ඇබුල් කරගෙන ටයර් එක මාරු කරා. අපි කතරගමට පිටත් වෙනකොට කොහොමහරි එලි වෙලා. ආය පුදුමේ කියන්නේ අපි කට්ටිය වාහන දෙකක ගියේ, අපේ අනිත් වාහනය ඇබිලිපිටියෙදි පොඩ්ඩක් හැප්පිලා ආය එතන අපි පරක්කු උනා. කොහොමහරි කතරගමට යනකොට ගොඩක් හවස් උනා. ඊට පස්සේ අපි ඉක්මනට නාල කරලා දේවාලේ රෑ පූජාවට ගියා, ඉස්කොලේ නිවාඩු කාලේ නිසා පුදුම සෙනගක් හිටියේ. කොහොමහරි පෝලිමේ ඉදලා ඔක්කොම ඉවරකරලා එද්දි ගොඩාක් රෑ උනා, ඒ අතර අපේ එක වාහනයක් පාලු තැනකදි ඩීසල් නැතුව නතර උනා. ඔය වගේ පුදුම විදියට අපිට බාධා උනා. ඊලග දවසේ පාන්දර අපි හික්කඩුවේ කොරල් බලන්න යන්න හිතාගෙන නිදාගත්තා, වැඩි වෙලා නිදාගන්න හම්බුනේ නෑ මට සහ අපේ නඩයේ කීපදෙනෙක්ට දරුණු බඩේ අමාරුවක් හැදුනා. ඔය ඔක්කොම කර ගෙන කොහොමහරි අපි පිටත් වෙද්දි උදේ නවය විතර උනා. අපි හම්බන්තොට ලුණු ලේවාය කිට්ටුවට එද්දි ආරංචි උනා මුහුද ගොඩ ගලලා කියලා. අපි දැක්කා වාහනවලට මිනි පටවගෙන ගොඩබිම පැත්තට වාහන එනවා. ඒවෙලාවේ පළමු රැල්ල විතරයි ඇවිල්ලා තිබ්බේ. මිනිස්සු වාහනවල නැගලා පොරකාගෙන මුහුද ගොඩගලනවා බලන්න ගියා, අපිත් යන්න පොරකෑවා නමුත් අපේ අම්මා ඇතුලු පිරිස බෑම කිව්වා. බොහොම දුකෙන් අපි වාහන හරවාගෙන ආය කතරගම පැත්තට ආවා. එනකොට අපිට වාහන 1000 ක් විතර හම්බුනා මිනිස්සු මුහුද ගොඩගලනවා බලන්න යන, අපි ඒ වාහන සමහරකට කිව්වා යන්න එපා කියලා, නමුත් ආය මේ වගේ දකින්න වෙන්නේ නෑ කියලා ඒ වාහන මුහුද පැත්තට ගියා. ගොඩක් අය මුහුද ගොඩගලනවා බලන්න ගිහින් නැති උනා. අපි අපේ ගමන සැලසුම් කර විදියට ගියා නම් අපි උදේ නවය විතර වෙද්දි හික්කඩුවේ ඉන්න ඕනේ. අදත් මේ සිද්ධි මතක් වෙද්දි අපිට පුදුම හිතෙනවා.
     
    • Like
    Reactions: HSW and Pessimist

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මේ කතාව අපේ අම්මගෙ අම්මට අපේ ආච්චිට උන දෙයක්. මට මෙවා ලස්සනට ලියන්න තේරෙන්නේ නෑ. පුළුවන් ලස්සනට දාන්නම්.

    ආච්චිට අයිති ඉඩමක් තිබිලා තියෙනව එයා තරුණ කාලෙදි වගේ. මේ ඉඩම ලඟින් හවසට යන කොට එයට පේනවා ලු සාමාන්‍ය හොඳ පෙනුමක් තියෙන මනුස්සයෙක් එයාට අඩ ගහනවා. ලඟට යනකොට මේ මනුස්සයා ව උස ගිහින් නොපෙනී යනවා ලු. මේක වෙන කටවත් පේන්නේ නැ ලු. කොහොම හරි ආච්චී ලොකු උනාම ඔය හේතුව නිසාම ඉඩම ගමේම කෙනෙක් ට විකුණුවා ලු.

    මෙතැනින් පස්සේ උන දේවල් නම් වෙන අය කියන කතා. කොහොම හරි මේ ඉඩම ගත්ත කෙනා තව කෙනෙක් එක්ක ගෙයක් හදන්න පාදම කපන්න පටන් ගත්තම බෙර සද්ද එහෙම ඇහෙන්න පටන් අරන්. තව පහළට කපාගෙන යනකොට ගඩොල් මතු උනා ලු. කොහොම හරි ඉට පස්සෙ එ කෙනාට එතැන තිබිලා රත්තරන් බුදු පිළිමයක් හම්බ උනා කියනවා. එතකොට ම මේ දැන් ඉඩම අයිති කෙනා එය එක්ක හිටපු අනිත් කෙනාව වල ඇතුලට තල්ලු කරලා තියෙනව. එ මනුස්සයාට එදායින් පස්සේ පිස්සු හැදිලා ටික කාලයක් ගිහින් මැරිලා. ඉඩම ආයිත් කෙනා නම් ඒක පාරටම කඩේ කුත් හැදුවා ලු. මෙක මට ආච්චී ම කිව්ව කතාවක්.
     
    • Like
    Reactions: Pessimist

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    තෝ කැරි මෝඩයෙක් යකෝ
    ඇයි බන් එහෙම කියන්නෙ...:shocked:

    location service eken wenna puluwan. umbai e set ekai eka langa location wala hitapu eka track wenna athi.
    මම location on කරන්නෙ නෑ බන් ඕන උනේ නැත්නම්. මට හොදටම sure ඒ වෙලාවෙ location ඔන් කරල හිටියෙ නෑ කියලා.

    ඕක මැජික් එකක් නෙමෙයි බන් උඹ මීට් වෙන්න ගියපු උන් උඹව සර්ච් කරලා
    සාමාන්‍යෙන් දැන් ඕන එකෙක් ගැන නිකමට ෆේස්බුක් සර්ච් එකක් දාල බලනවනේ

    ස්මාට් ෆෝන් එකක් යූස් කරනවා නම් උඹ යන එන තැන් වලිනුත් ඩිටෙක්ට් කරනවා ඇති

    ඕවා AI Based නේ ඒක නිසා උන් ලස්සනට ගැලපෙන එවුන් සජේස්ට් කරනවා අපි හිතන්නත් කලින්

    මම වෙනදටත් ඒ office එකට යනව බන්. ඒත් අර කියපු කෙනෙක්ව meet උනොත් විතරයි fb එකේ පෙන්නන්නෙ. මමත් මුලින් ඕක ගනන් ගත්තෙ නෑ.නිතර වෙද්දි තමයි මීටර් උනේ.