අරුම_පුදුම_මල්

r runner

Member
May 12, 2015
2,396
781
0
අරුම_පුදුම_මල්

ස්වභාවධර්මයාගේ අරුම පුදුම මල් නිර්මාණයන්


ස්වභාවධර්මයාගේ අතිසුන්දර විස්මයජනක නිර්මාණයන් කොතෙකුත් වේ. ඒ අතරින් මේ ලිපියෙන් ගෙන එන්නේ එවැනි වූ විස්මයජනක මල් වර්ග කීපයක් පිළිබඳවයි. මේ ආකාරයේ විවිධ අපූරු මල් වර්ග අපගේ රටේද දක්නට ලැබේ.



01. Bleeding Heart


මේ මල පොපි මල් ගණයට අයත් වන්නකි. හදවතක් හා එයට සම්බන්ධ වතුර බිංදුවක හැඩය ගන්නා බැවින් මේ මල Bleeding Heart නමින් හඳුන්වනවා. මේ මල සම්පූර්ණයෙන්ම පිපී පිටත පෙති හොඳින් දිගහැරුණු පසු ඉතාමත් දැකුම්කළු වන අතර එවිට එය ‘lady in a bath’ නමින්ද හඳුන්වනවා. මේ මල සයිබීරියාවේ, උතුරු චීනයේ, කොරියාවේ හා ජපානයේ දකින්නට ලැබේ.





02. Parrot Flower


මෙය Impatiens Psittacina යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන balsam පවුලට අයත් ශාකයකි. දම් හා රතු මිශ්‍රිත පැහැයක් දරන මේ පුෂ්පය පැත්තකින් බැලූ විට පෙනෙන්නේ පියාසර කරන ගිරවෙකු සේය. මේ මල මුලින්ම නිරීක්ෂණය කර ඇත්තේ 1901දී බ්‍රිතාන්‍ය උද්භිද විද්යාඥයකු වන Sir Joseph Dalton Hookerයි. මේ දුර්ලභ ශාකය සොයා ගත හැක්කේ තායිලන්තය, බර්මා හා ඉන්දියාවේ සමහර ප්‍රාන්තයන්හිදීය.





03. Ballerina Orchid


ඕස්ට්‍රේලියාවේ වැඩෙන මේ ශාකයේ පිපෙන මල හරියටම බැලේ නර්තනයේ යෙදෙන ශිල්පිණියකගේ හැඩරුවින් යුක්ත වනවා. මෙය භෞමික උඩවැඩියා විශේෂයක් වේ.





04. Duck Orchid


භෞමික උඩවැඩියා කුලයට අයත් ශාක විශේෂයක පිපෙන මේ මල ඉගිලීමට සැරසී සිටින තාරාවෙකුගේ වෙස් ගනී. මෙය රතට හුරු දුඹුරු පැහැති හෝ දුර්ලභව අඳුරු තිත් සහිත කොළ පැහැයක් ගනී. මෙය ඕස්ට්‍රේලියාවේ හා ටැස්මේනියාවෙන් සොයාගත හැක.





05. Snapdragon and its Skull



යුරෝපයේ, ඇමෙරිකාවේ හා උතුරු අප්‍රිකාවේ දක්නට ලැබෙන මේ Antirrhinum ශාකයේ dragon flower නැත්නම් snapdragon නමින් හඳුන්වන අමුතු විධියේ මලක් පිපේ. මේ මලේ පෙති මඟින් ලබාදෙන්නේ මකරෙකුගේ වැනි පෙනුමකි. මලේ පෙති හැළුණු පසු ඉතිරි වන බීජය මඟින් හිස් කබලක් පෙන්නුම් කරයි. ඈත අතීතයේ යම් යම් සංස්කෘතීන් අතර මේ මලට යම් ආශ්චර්යමත් බලයක් ඇතැයි විශ්වාසයක් පැවතිණ.





06. Dove Orchid/Holy Ghost Orchid



Peristeria නමැති මේ උඩවැඩියා මල දකුණු ඇමරිකාවේ, පැනමාවේ, ට්‍රිනිඩැඩ් හා කොස්ටා රිකා හි බෙහෙවින් දක්නට ලැබේ. පෙති අතර වාඩි වී හිඳින පරෙවියෙකුගේ හැඩයක් දරන නිසයි මේ මලට මේ නම ලැබී ඇත්තේ.





07. Naked Man Orchid



Orchis italica නමැති ශාකයේ පිපෙන මේ මල තද රෝස හා සුදු පැහැයෙන් යුතු වේ.





08. Monkey Orchid



ඉක්වදෝරයේ හා පේරු රාජ්‍යෙය් වනාන්තර වල පිපෙන මේ දුර්ලභ මල් විශේෂය Dracula Simia , the Monkey Orchid හා the monkey-like Dracula යන විවිධ වූ නම් වලින් හඳුන්වනු ලබනවා. මේ මල් ඉදුණු දොඩම් වල වැනි සුවඳකින් යුක්ත වේ .





09. Hooker’s Lips



මෙහි විද්‍යාත්මක නාමය වන්නේ Psychotria Elata,යි. මධ්‍යම සහ දකුණු අප්‍රිකාවේ නිවර්තන වැසි වනාන්තර වල පිපෙන මේ මල තද රතු පැහැති කාන්තා තොල් සඟලක ආකාරය දක්වයි.





10. Swaddled Babies



Angloua Uniflora නම් වන මේ උඩවැඩියා විශේෂය කොළොම්බියාවේ දක්නට ලැබේ. මේ මල ළදරු ඇතිරිල්ලකින් ඔතන ලද ළදරුවෙකු සේ දිස්වේ.



ලස්සන දෙයක් දැක්කොත් බෙදාගන්න එකහොද දෙයක්නේ...:D ඉතින් අයිත්ය අන්සතුයි.. :D:Dබම්ප්ස් රෙප්ස් ඇතොත් ඒවා මා සතුයි හොදේ...:yes::yes::yes:
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ei ban matakada ara podi gedi jatiyakut tienne eka eka patin mal tiyena.e gedi sudda kalama ate nikan mini oluwak wage.katu tiyena panduraka hedenne.issara api iskoole yanakota owa kana ban.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    TFS!