සර්ගෙ කතාව.. සැකෙවින්..
1. මා හට පාලනය කළ නොහැකි හේතු මත..
2. මේ අර්බුදය මා විසින් නිර්මාණය කළ එකක් නොවේ. මේක කරපු අය තමයි දැන් තැන තැන උද්ඝෝෂණ කරන්නේ..
3. ණය වාරික, ස්වෛරී බැඳුම්, වෙළෙඳ ශේෂ හිඟය, බ්ලා බ්ලා බ්ලා...
4. රුපියල නම්‍යශීලී කළාට පසු..
5. ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා..
6. IMF සමඟ ඊයෙ පැවැත්වූ සාකච්ඡාව තුළින් වසරකට අප ගෙවිය යුතු ණය වාරික...බ්ලා බ්ලා බ්ලා..
7. IMF සමඟ තවදුරටත් කටයුතු කිරීමට මා තීරණය කර තිබෙනවා.
8. මං ගත්ත තීරණ නිසා ගොඩක් හොඳ දේවල් වුණා..
9. ලෝක වෙළෙඳපොළේ තෙල්මිල දෙගුණයකට වඩා වැඩි වී තිබෙනවා. අපෙත් තෙල් වැඩි ඒ නිසයි. ලයිට් වලටත් තෙල් ඕනේ. ඒකයි මම දිගින් දිගටම ආයතන උනන්දු කළා.
10. තෙල් හා විදුලිය භාවිතය හැකිතාක් සීමා කරලා මට පිහිට වෙන්ඩ.
11. සංචාරකයො වැඩිවෙලා..
12. විදේශ ආක්‍රමණ, සාගත, ස්වභාවික විපත්, ත්‍රස්තවාදී උවදුරුවලට අපි මූණ දුන්නා ඩෝ..
13. ජාතියක් වශයෙන් එකවෙන්ඩ..හ්
14. සුරක්ෂිත රටක්, දූෂණයෙන් තොර, දරුවන්ට හොඳ අනාගතයක් , ලබා දීම මගේ අරමුණයි.
15. අවුරුදු දෙකක්ම මම කොවිඩ් නිසා වැයකළා. ඉතිරි කාලය මම දරුවන්ට හොඳ රටක් ලබාදෙන්න වැය කරනවා. ඇමතිලාස්, රාජ්‍ය සේවකයෝස්.. මට උදව් කරන්ඩ...හ්.
16. මම දේශපාලනයට ආවේ ඔබේ ආරාධනයෙන්...
17. තෙරුවන් සරණයි!! ( මේ කතාව Only for Buddhists හරිය? )
පසු සටහන :
මම මගේ මට මම මම මම මම මම මම මම මම මම මම