අර දොස්තර...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය


    සනාථ කළ නොහැකි ආකාරයට අසීමිතව වත්කම් උපයාගත් මොහොමඞ් ෂාෆි ෂිහාබ්දීන් නමැති දොස්තර මහතා කුරුණෑගල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලදුව සෙනසුරාදා සවස් වන විට කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන එන ලදී. එතුමා නාරිවේද වෛද්‍යවරයකු වන අතර සිසේරියන් සැත්කම් 8000 කට වඩා කළ කර්මාන්ත කරුවකු බවද එම සැත්කම්වලදී සිංහල බෞද්ධ කාන්තාවන් සුවිශාල පිරිසක් වඳ භාවයට පත්කර ඇති බවද කියනු ලැබේ. අප එතුමා කර්මාන්තකරුවකු ලෙස හඳුන්වන්නේ මේ තරම් සැත්කම් ප‍්‍රමාණයක් සිදුකරමින් නිෂ්පාදන ඵලදායිතාවයන් දිය හැක්කේ පාන් බේකරි, ලියවන පට්ටල්, ලීමෝල් වැනි බ්ලොක්ගල් වැඩපළවල් යනාදියට පමණක් නිසාය. සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කමක් ආරම්භය සහ අවසානය අතර කාලය පැය එකහමාරක් දෙකක් අතර වේ. අපගේ ශල්‍ය වෛද්‍යතුමා එක සැත්කමක් සඳහා පැය කාලක් හෝ පැය භාගයක් පමණක් ගත කරන කාර්යක්‍ෂම උතුමෙකි. එවැනි උතුමන් සැත්කම් සිදුකරන මැෂින් සේ සළකා මහජන උපහාරය පිණිස ගෝල්ෆේස් පිට්ටනියට යැවිය යුතුය. කෙසේ හෝ වේවා මේ උතුමා සිංහල කාන්තාවන් දහස් ගණනක් වඳ භාවයට පත්කළ බවට ඇති ආරංචිය නම් ඉතා නරකය. කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළ ගැබිනි කාන්තාවන් විසින් ප‍්‍රසූත කරන ලද දරුවා වෙනත් කාන්තාවකට වංචනික ලෙස විකිණීමට තැත්කළ බවටද මෙතුමා සැකයට භාජනය වී ඇත. ඊළඟට එන්නේ එතුමා විසින් අතිවිශාල ලෙස වත්කම් උපයාගෙන තිබීම පිළිබඳ සැකයයි. ඒ අනුව බලන විට මේ දොස්තර සැක

    ගෝනියකි. එතුමා සිංහල කාන්තාවන්ට වඳ සැත්කම් කර සිංහල ජාතිය අඩු කිරීම සඳහා ස්වෙච්ඡුාවෙන් කැපවූයේ මක්නිසාද යන්නත් කවර දිව්‍ය ලෝකයකින් කවරාකාර කන්‍යාවන් තොගයක් ලබාගනු පිණිසද යන්නත් සොයා බැලීම දැනට පරලෝසැපත්ව සිටින මොහොමඞ් සහරාන්ගේ වගකීමය. මොහොමඞ් ෂාෆි ෂිහාබ්දීන් මැතිතුමාගේ මෙරට අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඉදිරි දින කිහිපයේදී පාර්ලිමේන්තුව තුළ තරගයක් ඇති වන බව අපි විශ්වාස කරමු. එම තරගයට රිෂාඞ් බදුර්දීන් ඉදිරිපත් නොවන බවද ඔහුගේ ඡුන්ද කුට්ටිය කඩා ගැනීම සඳහා කෙළ හලන බංකොලොත් කාරයන් ඉදිරිපත් වන බවද අපට පැහැදිලිය. ඒ බංකොලොත්කාරයන්ට ජය වේවා!

    ගැහැනුන් හෝ පිරිමින් ඔවුන්ගේ අනුදැනුමින් හා එකඟත්වයකින් තොරව හෝ බලහත්කාරයෙන් වඳ බවට පත් කිරීම තහනම්ය. වසර 2014 මැයි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය, UN WOMEN සංවිධානය, ඒඞ්ස් රෝගය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වැඩසටහන, UNDP, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, UNICEF යනාදී ආයතන එක්ව පුද්ගල අනුමැතියෙන් තොරව හෝ බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණය තහනම් කරමින් සාමූහික ප‍්‍රකාශයක් නිකුත් කළහ. එයට හේතුව ඒ වනවිට රටවල් ගණනාවකම බලහත්කාර වන්ධ්‍යාකරණය සිදුවන බවට වාර්තා නිකුත් වීමය. මෙවැනි සිදුවීම් නිතරම හෙළිදරව් කරන්නේ මාධ්‍ය ආයතන මගිනි. කිසියම් රටක මාධ්‍ය ආයතනයක් එසේ කළැයි කියා ඒ ඒ රටවල පාර්ලිමේන්තු තුළ රිළා නැටුම් නටන ලද බවක් අප කවදාවත් අසා නැත. කිසියම් දොස්තර කෙනෙක් කාන්තාවන් හාර දහසකට වඳ සැත්කම් කළ බවට දිවයින වාර්තා කළ විට ඇතැම් ඔටුවන් කළේ මේ අපරාධය කළ අය ගැන සෙවීම නොව සැත්කම් 4000 කිරීමේ ක‍්‍රමවේදය කුමක්දැයි කල්පනා කරමින් අපේ මවුවරුන් සිහිකිරීමය. මෙය සමාන වන්නේ මිනීමරුවා පැත්තකින් තබා මිනීමැරුම සිදුකළ පිහිය සැ¥ කොම්පැනිය ගැන පරීක්‍ෂණ පැවැත්වීමටය. ඇඟිල්ල දිගු කර හඳ පෙන්වන විට හඳ දෙස නොව ඇඟිල්ල දෙස බැලීමටය. කෙසේ වුවද අවසානයේදී රිළා නැටුම් බලන අතරම දොස්තර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගෙනෙන අයුරු දැකීමටත් අපට හැකිවිය. ඉදිරියේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළදීත් රිමාන්ඞ් හිර ගෙදර තුළදීත් දොස්තරට අලූත් මිතුරු කැලක් ලැබෙනවා ඇත. මාකඳුරේ මධුෂ් සහ කන්ජිපානි ඉම්රාන් ඒ මිතුරන් අතර සිටින බව සියයට සියයක්ම ෂුවර් ය.


    Copied from Divaina "Kathu Wekiya" on 27-05-2019
     
    • Like
    Reactions: TMR72

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සමාජ මාධ්‍ය බ්ලොක් කරල බෝම්බ පුපුරණ එක නතරකරන රටේ ඕක මොකද්ද...?
    "මේක බෞද්ධ රටක් නෙවෙයි" කියල ප්‍රශ්න විසඳන රටක් මේක...
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මන් හිතන්නේ දිවයින මේක මිනිස්සුන්ගේ අවධානෙ ගන්ඩ කරපු වැඩක් අපේ එවුන්ට් ඕක වඳ කරේ 100 200 කිව්වත් ගානක් නෑ 4000 කිව්වම තමා රත් උනේ, අනිත් එක පරීක්ෂණ ඉවර වෙන්ඩත් කලින් මේකේ ඉන්න එවුන් ඩොකා නිදහස් කරලත් ඉවරයි. එක මිනිහෙක් මැරුවත් 100 මැරුවත් වැරැද්ද වැරැද්දමයි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සංහිදියාව කියන කඩතුරාවට මුවා වෙලා උන් උන්ගේ ටාගට්වලට යනවා... අපේ උන් කෙලගන්නවා...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    සමහර උන් පාර්ලිමේන්තුවේ මු වෙනුවෙන් අඩන්නේ නිකන් උන්ගේ අම්ම අප්පා වැරද්දක් නොකර පොලිසියෙන් කුදලන් ගියා වගේ