දකුණේ ගැම්ම බ්‍රෝ ආඩම්බරයිනම් සේයා කරන්න .
සැබෑ නිදහස නම් මෙයම නොවේද ?
මාතර වල්ගම ප්‍රදේශයේ නිවසක වසර 14 ක් තිස්සේ කිසිසේත් පිටතට පැමිණීමට නොහැකි ලෙස සදාකාලිකව සිරගත කර සිටි බල්ලා පිළිබඳව
Nadeeka Samanmalee
අක්කා විසින් ලබා දුන් පණිවිඩය අනුව එම සිර කුටියක් බඳු කුඩුවෙහි වහල කොටස කඩා ඉවත් කර බල්ලා ඉන් පිටතට ගෙන මිදිගම
Animal SOS Sri Lanka
ආයතනය වෙත ප්‍රතිකාර සඳහා යොමු කරන ලදි.නිවැසියන් පැවසූ පරිදි බල්ලා රැගෙනවිත් තිබෙන්නේ සුනාමි ව්‍යසනයට මසකට පෙරයි.පසුව නිවසියෙකු සහ අසල්වාසියෙකු සපා කෑමට ලක් කිරීමේ චෝදනාව මත සදාකාලික සිර දඩුවමකට ලක් කර ඇත.ඊට පෙරාතුවද රැගෙන ආ මුල් දින සිට දම්වැලකින් බැඳ දමා තිබී ඇත.මුලින් ලෑලි කූඩුවක සිර කළ මෙම සතා පසුව වසර කිහිපයකට ඉහත නිවසේ මංගල උත්සවයක් පැවැත්වීම නිසා ලෑලි කූඩුව වටා ස්ථිරව බදාම යොදා බ්ලොක් ගලින් තව කූඩුවක් නිර්මාණය කර ඇත.මොහුට කෑම ලබා දීම සඳහා කුඩා කවුලුවක් ( පිඟානක් ඇතුලට තල්ලු කර හැකි පරිදි ) සාදා ඇති අතර මළ පහ හෝ මුත්‍රා ඉවත් කිරීමක් නොමැත.මතක් වූ දිනයක නෑවීම සිදු කර ඇත්තේ වහලේ සෙවිලි තහඩුවක් ඔසවා වතුර බාල්දියක් බල්ලා කූඩුව තුළ සිටියදීම ගැසීමෙනි.ඔවුන් එතරම් රෞද්‍ර දරුණු යයි කී මේ සතා අප එහි ගොස් මුදවා ගන්නා තෙක්ම බිරුවේ වත් නැත.මෙතරම් අකාරුණික මිනිසුන් අද සමාජයේ වෙසෙනවාද යන්න සිතීමට පවා නොහැක.නිවසේ ඇති දැඩි කරන බල්ලා මෙවන් හිරිහැර සහගත දිවියක් ගෙවන නමුත් ඔවුන්ට එය ගාණක් වත් නොවුනි.කුඩා දරුවන් කිහිපදෙනෙකුද සිටි එම නිවසේ වැඩිහිටියන් සිහියේ තබා ගත යුතු කරුණ නම්,දරුවන්ට ඔවුන් ලබා දෙන ආදර්ශය මෙය නම් ඒ දරුවන් දිනක ඔවුන් බලු කූඩුවක සිර ගත කර මෙසේ තැබුවාට වරදක් ඇතිද යන්නයි...නිදහස් දිනයේ සැබෑ නිදහස ලැබු බල්ලා ඔහුයි...

Last edited:

hard to believe ! great work if it's true !!!