අල්ලපු රටේ කතාවක්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    දකුණේ ගැම්ම බ්‍රෝ ආඩම්බරයිනම් සේයා කරන්න .


    සැබෑ නිදහස නම් මෙයම නොවේද ?
    මාතර වල්ගම ප්‍රදේශයේ නිවසක වසර 14 ක් තිස්සේ කිසිසේත් පිටතට පැමිණීමට නොහැකි ලෙස සදාකාලිකව සිරගත කර සිටි බල්ලා පිළිබඳව
    Nadeeka Samanmalee
    අක්කා විසින් ලබා දුන් පණිවිඩය අනුව එම සිර කුටියක් බඳු කුඩුවෙහි වහල කොටස කඩා ඉවත් කර බල්ලා ඉන් පිටතට ගෙන මිදිගම
    Animal SOS Sri Lanka
    ආයතනය වෙත ප්‍රතිකාර සඳහා යොමු කරන ලදි.නිවැසියන් පැවසූ පරිදි බල්ලා රැගෙනවිත් තිබෙන්නේ සුනාමි ව්‍යසනයට මසකට පෙරයි.පසුව නිවසියෙකු සහ අසල්වාසියෙකු සපා කෑමට ලක් කිරීමේ චෝදනාව මත සදාකාලික සිර දඩුවමකට ලක් කර ඇත.ඊ⁣ට පෙරාතුවද රැගෙන ආ මුල් දින සිට දම්වැලකින් බැඳ දමා තිබී ඇත.මුලින් ලෑලි කූඩුවක සිර කළ මෙම සතා පසුව වසර කිහිපයකට ඉහත නිවසේ මංගල උත්සවයක් පැවැත්වීම නිසා ලෑලි කූඩුව වටා ස්ථිරව බදාම යොදා බ්ලොක් ගලින් තව කූඩුවක් නිර්මාණය කර ඇත.මොහුට කෑම ලබා දීම සඳහා කුඩා කවුලුවක් ( පිඟානක් ඇතුලට තල්ලු කර හැකි පරිදි ) සාදා ඇති අතර මළ පහ හෝ මුත්‍රා ඉවත් කිරීමක් නොමැත.මතක් වූ දිනයක නෑවීම සිදු කර ඇත්තේ වහලේ සෙවිලි තහඩුවක් ඔසවා වතුර බාල්දියක් බල්ලා කූඩුව තුළ සිටියදීම ගැසීමෙනි.ඔවුන් එතරම් රෞද්‍ර දරුණු යයි කී මේ සතා අප එහි ගොස් මුදවා ගන්නා තෙක්ම බිරුවේ වත් නැත.මෙතරම් අකාරුණික මිනිසුන් අද සමාජයේ වෙසෙනවාද යන්න සිතීමට පවා නොහැක.නිවසේ ඇති දැඩි කරන බල්ලා මෙවන් හිරිහැර සහගත දිවියක් ගෙවන නමුත් ඔවුන්ට එය ගාණක් වත් නොවුනි.කුඩා දරුවන් කිහිපදෙනෙකුද සිටි එම නිවසේ වැඩිහිටියන් සිහියේ තබා ගත යුතු කරුණ නම්,දරුවන්ට ඔවුන් ලබා දෙන ආදර්ශය මෙය නම් ඒ දරුවන් දිනක ඔවුන් බලු කූඩුවක සිර ගත කර මෙසේ තැබුවාට වරදක් ඇතිද යන්නයි...නිදහස් දිනයේ සැබෑ නිදහස ලැබු බල්ලා ඔහුයි...



     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අඩෝ ඒ මූන බලපන්.
    😢

    ගෙවල ඉවර කරන්න බැරි පවක්, ඔහොම එවුන් තමා කවද හරි අත පය නැතුව උපදින්නෙ.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මනුස්සයෝ කවුද තිරිසන්නු කවුද කියලා හිතාගන්න බැරි කාලයක්. අසරණ සතාව නිදහස් කරගන්න දායකවෙච්ච සියළුම දෙනාට පිං 👍👍
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,188
    1
    100,998
    113
    34
    Kalutara
    මොන මගුලකටද බන් එහෙම ඇති කරපු එකේ තේරුම. එක්කෝ හපපු දවසෙම ගෙදරින් යවන්න ඕන. එතකොට ඌ කොහේ හරි ගිහින් ඉන්නවනේ. මෙහෙම තියාගෙන හිටියේ මොන මගුලකටද මන්දා.

    අනික අවුරුදු 14ක් එහෙම ජීවත් වුන එකත් පුදුමයි. අපේ බල්ලෙක් හැදුවොත් උපරිම අවුරුදු 6-7යි.