මම ඊයේ පොඩි ගමනක් ගියා. එනකොට ආවේ කඩුගන්නාව පැත්තේන්. එන ගමන් මොනවා හරි ගෙදර අරගෙන යන්න ඕන නිසා අපේ ගෙදර කස්ටිය අලිගැට පේර වලට ආසත් නිසා පල්ලමේ යන ගමන් පළතුරු කඩයක් ලග නැවැත්තුවා..
පට්ටම ලස්සනයි අලිගැට පේර එහෙම. කිසි වංචාවක් නෑ කපලා බලලානේ දෙන්නේ. රු.100 ට ගෙඩි 3ක් දෙනවා. මමත් ඉතින් ගත්තා ලෝබ නැතුව රු.1000 ක.ටිකක් අමුවා එහෙමත් ගත්තා ඉදෝලා කන්න පුලුවන්නේ. එතන තිබුන හොදම ඒවයින් තෝර තෝර ගත්තේ ඒකටම ගියා පැය භාගයක් විතර..මාත් එක්ක තව පොරක් ගියා ඌත් ගත්තා 300 ක විතර.
ඊයේ රෑ තමා ගෙදර ආවේ. රෑ හින්දා කෑවෙ නෑ. අද උදේ කපලා බැලුවා කිසි අවුලක් නෑ. සාමාන්‍ය විදියට කෑලි අරගෙන දීසියකට දාන්න යද්දි ඒවා නිකං වතුර වගේ බං. කෑලි තැලෙනකොට වතුර බේරෙනවා.
ඒත් කමක් නෑ කියමුකෝ දාලා හදාගෙන කන්න හදද්දි මෙලෝ රහක් නෑ බං වතුර රහක් එන්නේ පට්ටම අප්පිරියයි. අනිත් ඒවත් කපලා බැලුවා ඒ ඔක්කොමත් එහෙමයි බං.. අමුයි කියලා ගත්තුවත් කපලා බැලුවා ඒවයෙත් වතුර වගේ බං.
මං හිතන්නේ දැන් මේවා ඉදවන්නත් මොකක් හරි අලුත් ක්‍රමයක් හොයා ගෙන වගේ. පොඩි කෙමිකල් රහක් එනවා හොදට තේරෙනවා. ගෙඩි වර්ගෙ අවුලක් නෙවෙයි ෂුවර්...
මට දුක රු.1000 ගැන නෙවෙයි ඔතන්ට එන කී දාහක් මිනිස්සු නම් ඕවට රැවටෙනවද. ඔතන ඉතින් දිග ඇරන් කාලා බලලා ගන්න පුලුවන් පළතුරකුත් නෙවෙයිනේ අනික..
මම ගන්නකොටත් ට්‍රිප් යන කට්ටියයි තව බර සෙනගක් හිටියා එතන පළතුරු ගන්න. ඔය පළතුරු කඩවල ගොඩක්ම තියෙන්නේ අලිගැට පේර තමා..
අන්තිමට හිතෙන්නේ මොනවද මේ ලංකාවට වෙලා තියෙන්නේ කියලා.
උබලත් පරිස්සමෙන් ඔය වගේ තැනකින් පළතුරු ගනිද්දි..

Last edited: