අලියා සත50යි හෙන්ඩුව රුපියලයි!

අලියා සත50යි හෙන්ඩුව රුපියලයි!

ආණ්‌ඩුව වාහන බද්ද අඩුකර පෙන්වූ මැජික්‌ එක පිළිබඳව පුංචි මිනිහා හෙවත් පොදු ජනයා ඒ තරම් තැකීමක්‌ කළේ නැත. හේතුව සාමාන්‍ය මිනිහා දාහක්‌ ප්‍රශ්න අතර සිටීමය. එහෙත් ධනවත් අය නම් එහි ප්‍රතිඵල හොඳට නෙලා ගත්හ.
ඇතා අඩුවට දී හෙණ්‌ඩුවට ඇතුන් දෙදෙනෙකුගේ මිල නියම කරන්නාක්‌ සේ බස්‌නාහිර පළාත් සභාව වාර්ෂික වාහන බලපත් ගාස්‌තුව ඉහළ නංවා තිබේ.
මේ පීඩනය සෘජුවම පොදු ජනයාගේ වාහනවලට එල්ල වී තිබේ. යතුරුපැදිය හා ත්‍රිරෝද රිය වැඩිපුරම භාවිත කරන්නෝ හුදී ජනයාය. අද ඒවා සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රියම ප්‍රවාහන මාර්ග බවටද පත්ව ඇත. එහෙව් රටේ ජනතා ඡන්දයෙන් පත්වූ පළාත් සභාව ඒ ජනතාවට කෘතගුණ සළකන්නේ එහෙම දැයි අපට නම් නොතේරේ.

ආදායම් බලපත්‍රය යනු වාහනය ලියාපදිංචි කිරීම සඳහා රජයට ගෙවන බද්දකි. වාහනය මිලදී ගැනීමට මෙන්ම එය මහා මාර්ගයේ රැගෙන යාමටද එම වලංගු මුදල ගෙවා බලපත්‍රයක්‌ ගත යුතුය. ඒ හැර රක්‍ෂණයට ද වෙනම මුදලක්‌ ගෙවිය යුතුය.

යතුරුපැදියක්‌ ලයිසන් කිරීම වෙනුවෙන් මෙතෙක්‌ වසරකට අය කළේ රුපියල් තුන්සියයකි. අද සිට එය රුපියල් හාරසීයක්‌ බවට පත්ව තිබේ. එහි වැඩිවීම රුපියල් සියයකි. ත්‍රිරෝද රථයක්‌ ලයිසන් කිරීමට මෙතෙක්‌ වැය කළ රුපියල් 275 රුපියල් 500 දක්‌වා වැඩිවී තිබේ. ත්‍රිරෝද හිමියන්ගේ බඩට ගැසූ ඒ පහර නම් සුළුපටු නැත.

තාර බර කිලෝ 762 කට අඩු කාර්වලද ලයිසන් ගාස්‌තු වැඩිකර ඇත. එය පෙට්‍රල් කාරයක්‌ නම් රුපියල් 900 සිට 1200 දක්‌වා රුපියල් 300 කින්ද ඩීසල් කාරයක්‌ නම් රුපියල් 2000 සිට 2200 දක්‌වා රුපියල් 200 කින් වැඩි කර ඇත.
ආණ්‌ඩුවේ සිටින විට ඕනෑම අයෙක්‌ කියන්නේ රට ගෙන යැමට බදු වුවමනා බවය. ඒ අයම විපක්‍ෂයට ඇවිත් කියන්නේ බදු බර ජනතාවට පටවා ආණ්‌ඩුවේ උදවිය සුර සැප විඳින බවය. අපගේ අදහස වන්නේද කියන පුද්ගලයා වෙනස්‌ වුවත් විපක්‍ෂය කියන කරුණ ඇත්ත බවය.
 

elaballa

Member
Oct 16, 2009
5,402
161
0
Sandanaya.com
rata diunu wenakan imu :)
17166_255096607685_187843542685_3420277_4613161_n.jpg
 
ආණ්‌ඩුව - විපක්‍ෂය කියා භේදයක්‌ නැතුව තීරු බදු වාහන බෙදා ගන්නා රටක සාමාන්‍ය ජනතාවගේ දුක ඒ තරමින් හෝ විපක්‍ෂයට දැනීමද අගය කළ යුතුය. මේ බදු බර නිසා ත්‍රිරෝදකරුවාත් යතුරුපැදි හිමිකරුවාත් පත්වන තත්ත්වය අපි දනිමු. අද උතුරේ මෙන්ම දකුණේද පොදු වාහනය යතුරුපැදියයි. ඊළඟට ත්‍රිරෝද රියයි.
සීතල කාමරවල ඉන්නා නිලධාරීන්ට කොහොමටත් පොදු ජනතාවගේ ප්‍රශ්න ගැන වැටහීම අඩුය. ජනතාවගේ මුදලින් තමන්ට ලැබෙන සියලුම ප්‍රතිලාභ භුක්‌ති විඳින ඔවුන්ගෙන් වැඩි දෙනා බැට දෙන්නේද ඒ පොදු ජනතාවටමය. මේ වර්ගයේ නිලධාරීන්ට හෙණ ඉල්ලුවත් ඒ හෙණ පාත්වන්නේද බොහෝවිට නැති බැරි එකාටමය.
ශ්‍රී ලංකාවේ ජන ජීවිතය කියන තරම් සුන්දර නැත. බිරිඳක්‌, දරුවන් සිටින පියකුට නම් මේ ප්‍රශ්න අමුතුවෙන් කියාදිය යුතු නැත. එනිසා අප නම් සිතන්නේ බස්‌නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ ඒ. කේ. ආර්. අලවත්ත මහතා ඇතුළු පිරිස විසින් ගෙන ඇති තීරණයෙන් තැලෙන මිනිසා තවත් තැලෙන බව අපට විශ්වාසය.
මේ අතර තාර බර කිලෝ 400 ට වැඩි වෑන් රථ සහ මෝටර් කෝච් වාහනවල ලයිසන් ගාස්‌තු අඩුකර ඇති බවද කියති.
වාහන ආනයන බද්දෙන් සියයට පනහක්‌ අඩු කළ ප්‍රවෘත්තිය දැන් පරණය. ආනයන බද්ද සියයට පනහකින් අඩු කළ පළියට වාහනවල මිලෙන් සියයට පනහක්‌ අඩු කළා සේ කෑ ගැසූ අය දැන් නිහඬය. රටක්‌ පවත්වාගෙන යැමට බදු අය කළ යුතු බව සැබෑය. නමුත් මේ ජනතාව පීඩනයට ලක්‌ කර, ජනතාව තලා පෙළා ඔවුනගේ ජීවිත සරල, සුගම කර අය කරන බදු පිළිබඳ පාලකයෝ කල්පනා කළ යුතුය.

පෙට්‍රල් වෙනුවෙන් වැඩිම බදු මුදලක්‌ ගෙවන ජනතාවක්‌ ලෝකයේ සිටීනම් ඒ ශ්‍රී ලාංකික ජාතියය. යතුරුපැදිකරුවන්ද, ත්‍රිරෝද රථ හිමියන්ද පෙට්‍රල් මත විශාල බද්දක්‌ ගෙවන බව නොරහසකි. යතුරුපැදි මත අය කරන බද්ද ද පෙරට වඩා දැන් වැඩිය. ඉන්දියාවේ නිෂ්පාදිත යතුරුපැදි මෙරටට නොආවේ නම් යතුරුපැදි පාවිච්චි කරන්නන්ගේ ගණන සියයට පහ පමණ දක්‌වා අඩු වන බවද කිව යුතුය. ත්‍රිරෝදය ඉන්දියාවෙන් මෙරටට නොගෙනාවේ නම් මේ රටේ දුප්පතාට පාපැදිය නොව යන්නට එන්නට වෙන්නේ බරකරත්තෙනි. අප පසුකරගෙන ආවේ ඒ බරකරත්ත යුගයය. මේ ගත කරන යුගයට වඩා බරකරත්ත යුගය හොඳ යෑයි කෙනකුට සිතීමට පුළුවන. ඒ ජීවිතය සරලය. සුන්දරය, නමුත් ශ්‍රී ලාංකික ජනතාවට ආපසු ඒ යුගයට යා නොහැකිය. මේ සමය වූ කලී ගෝලීයකරණය නමැති අබුද්දස්‌ස යුගයය. එනිසා ජනතාව අසීමිත ආශාවන්ගෙන් පෙළේ. අසීමිත අවශ්‍යතා සොයා යන්නට පටන්ගෙන තිබේ. එනිසා අප කියන්නේ මසකට රුපියල් දහ පහළොස්‌දහසින් මෙපමණ බදු ප්‍රමාණයක්‌ දුප්පතුන්ට ගෙවීමට නොහැකි බවය. පරිසරය නසන්නේ යතුරුපැදිකරු නොවන බව පිළිගත යුතුය. පරිසරය නසන්නේ ත්‍රිරෝදය නොවන බවද වටහාගත යුතුය. පරිසරය නසන්නේ බස්‌රථ හෝ ලොරි, වෑන් ආදිය ද නොවන බව වටහාගත යුතුය. පරිසරය නසන්නේ මහාපරිමාණ කර්මාන්ත නිසාය. කැලෑ පාලුවන් නිසාය. විදුලිබලාගාර නිසාය. මේවායේ අයිතිකරුවන් ධනපතියන් මිස දුප්පතුන් නොවන බවද වටහාගත යුතුය. පරිසරය රකිනු වස්‌ වාහන දුම් පරීක්‍ෂාවක්‌ හඳුන්වාදී ඒ වෙනුවෙන් අමතර මුදලක්‌ ගනිද්දී අනෙක්‌ පසින් ආදායම් බලපත්‍ර (ලයිසන්) ගාස්‌තු වැඩි කිරීම අසාධාරණ යෑයි යතුරුපැදි සහ ත්‍රිරෝද හිමියන් ඇතුළු වාහන හිමියන් පවසන්නේ එනිසාය.

බදු බර ජනතාවට මේ වර වැඩිය. සාමයේ ප්‍රතිලාභ ජනතාව අපේක්‍ෂා කරද්දී ජනතාවට මේ ලැබෙන්නේ සාමයේ අලාභ දැයි අපි නොදනිමු.
(දිවයින)
 

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඕව මේකෙ ඉන්න හරක්ට කිව්වට තේරෙන්නේ නෑ.තව ටිකකින් කුණුහරපෙන් විපක්ෂෙට ** දෙනව කියල බනින්ඩ පටන් ගනී.

    ඇයි ඔයිට අමතරව බස්නාහිර පලාතේ දුම් පරීක්ෂනයට යන වියදම.ඒකටත් ගෙවන්ඩ එපායැ.ලංකාවට යමක් කරනවන්ම් ලොක්කෝ ඉස්සෙල්ලම බලන්නේ තමන්ගේ මල්ලට කීයක් ලැබෙනවද කියල.කරන වැඩ ඔක්කොම තියෙන්නේ මීඩියා වලින් විතරයි.

    දුන්න නම් තව අවුරුදු 6ක් ඉවසන එකයි තියෙන්නේ....
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මේ දේ මෙතන ඉන්න ගොඩක් දෙනෙක්ට(රටෙත් එහෙම නමයි) තේරෙන්නේ නෑ...මේක රටේ පාලකයන්ට තේරෙන්නෙත් නෑ...දැන් ඉතින් කරන්න දෙයකුත් නෑ..කොහොම හරි ඉවසන් ඉන්න තමයි තියෙන්නෙ..coz ආඩම්බරකාර තාත්තට දැන් ළමයි ගැන සිහියක් නෑ...