අලියා සත50යි හෙන්ඩුව රුපියලයි!
ආණ්ඩුව වාහන බද්ද අඩුකර පෙන්වූ මැජික් එක පිළිබඳව පුංචි මිනිහා හෙවත් පොදු ජනයා ඒ තරම් තැකීමක් කළේ නැත. හේතුව සාමාන්‍ය මිනිහා දාහක් ප්‍රශ්න අතර සිටීමය. එහෙත් ධනවත් අය නම් එහි ප්‍රතිඵල හොඳට නෙලා ගත්හ.
ඇතා අඩුවට දී හෙණ්ඩුවට ඇතුන් දෙදෙනෙකුගේ මිල නියම කරන්නාක් සේ බස්නාහිර පළාත් සභාව වාර්ෂික වාහන බලපත් ගාස්තුව ඉහළ නංවා තිබේ.
මේ පීඩනය සෘජුවම පොදු ජනයාගේ වාහනවලට එල්ල වී තිබේ. යතුරුපැදිය හා ත්‍රිරෝද රිය වැඩිපුරම භාවිත කරන්නෝ හුදී ජනයාය. අද ඒවා සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රියම ප්‍රවාහන මාර්ග බවටද පත්ව ඇත. එහෙව් රටේ ජනතා ඡන්දයෙන් පත්වූ පළාත් සභාව ඒ ජනතාවට කෘතගුණ සළකන්නේ එහෙම දැයි අපට නම් නොතේරේ.
ආදායම් බලපත්‍රය යනු වාහනය ලියාපදිංචි කිරීම සඳහා රජයට ගෙවන බද්දකි. වාහනය මිලදී ගැනීමට මෙන්ම එය මහා මාර්ගයේ රැගෙන යාමටද එම වලංගු මුදල ගෙවා බලපත්‍රයක් ගත යුතුය. ඒ හැර රක්ෂණයට ද වෙනම මුදලක් ගෙවිය යුතුය.
යතුරුපැදියක් ලයිසන් කිරීම වෙනුවෙන් මෙතෙක් වසරකට අය කළේ රුපියල් තුන්සියයකි. අද සිට එය රුපියල් හාරසීයක් බවට පත්ව තිබේ. එහි වැඩිවීම රුපියල් සියයකි. ත්‍රිරෝද රථයක් ලයිසන් කිරීමට මෙතෙක් වැය කළ රුපියල් 275 රුපියල් 500 දක්වා වැඩිවී තිබේ. ත්‍රිරෝද හිමියන්ගේ බඩට ගැසූ ඒ පහර නම් සුළුපටු නැත.
තාර බර කිලෝ 762 කට අඩු කාර්වලද ලයිසන් ගාස්තු වැඩිකර ඇත. එය පෙට්‍රල් කාරයක් නම් රුපියල් 900 සිට 1200 දක්වා රුපියල් 300 කින්ද ඩීසල් කාරයක් නම් රුපියල් 2000 සිට 2200 දක්වා රුපියල් 200 කින් වැඩි කර ඇත.
ආණ්ඩුවේ සිටින විට ඕනෑම අයෙක් කියන්නේ රට ගෙන යැමට බදු වුවමනා බවය. ඒ අයම විපක්ෂයට ඇවිත් කියන්නේ බදු බර ජනතාවට පටවා ආණ්ඩුවේ උදවිය සුර සැප විඳින බවය. අපගේ අදහස වන්නේද කියන පුද්ගලයා වෙනස් වුවත් විපක්ෂය කියන කරුණ ඇත්ත බවය.

oya allanne adu karapuwa hodata